දරුඵල නැතිවෙන්න හේතුව සහ ප්‍රතිකාර මෙන්න ඔබත් මේ ගැන දැනුවත් වෙන්න

පසුගිය දා සීනිගම දේවාලයේ පැවති ශාන්ති කර්මයක් සඳහා දහස් ගණනින් පිරිස් සහභාගී වී සිටිනු දක්නට ලැබුණා. මේ ශාන්ති කර්මය පැවත් වී තිබුණේ දරුඵල අහිමි කාන්තාවන්ට දරුඵල පතා දෙවියන්ට කන්නලව් කිරීම වෙනුවෙනුයි.
දෙවියන්ට කන්නලව් කිරීමෙන් දරුවන් ලැබිය හැකිද යන්න වෙනම ම කතා කළ යුතු මාතෘකාවක්. එහෙත් නිසරුභාවය වර්තමානයේ බොහෝ පිරිසක් මුහුණ දෙන සෞඛ්‍ය ගැටලූවක් බවට පත් වෙලා. පුංචි කිරිකැටියකුගේ සුරතල් දැකීම විවාහක යුවළකගේ ලොකුම ප්‍රාර්ථනාවක්. මේ හේතුව නිසාම දරුඵල ප්‍රමාද පිරිස් දරුවන් ලබා ගැනීම වෙනුවෙන් තමන්ට කළ හැකි උපරිම දේ කිරීමට පෙලඹී සිටිනවා. මේ නිසාම නිසරුභාවය පිළිබඳ අවබෝධයක් ලබා දීම වඩා සුදුසුයි කියලා හිතුවා. ඒ වෙනුවෙනුයි මේ සටහන.
නිසරුභාවය ලෙස හඳුන් වන්නේ ලිංගික ක්‍රියාවලින් පසුව වසරක් ගතවෙන තුරුත් දරුවන් නොමැති වීමයි.
නිසරු බව කොටස් දෙකකට බෙදෙනවා
x ප්‍රාථමික නිසරු බව
විවිධ හේතු නිසා සදහටම දරුඵල අහිමි වීම.
x ද්විතීයික නිසරු බව
විවිධ හේතු නිසා හදිසියේ දරුඵල අහිමි වීමේ තත්ත්වයක් ඇති වීම
මුල්කාලීනව නිසරුභාවයට කාන්තාව පමණක් හේතු වන බවට මතයක් පැවතුණා. නමුත් දැන් කාන්තාව පමණක් ඒ සඳහා බලනොපාන බව විද්‍යාත්මකව තහවුරුව තිබෙනවා. නිසරුභාවය සඳහා බලපාන ගැටලූවලින් තුනෙන් එකක් පිරිමියාගේ ගැටලූ නිසාත් තුනෙන් එකක් ගැහැනියගේ ගැටලූ නිසාත් ඉතිරි එක දෙදෙනාගේම ගැටලූ නිසාත් ඇති වෙන බව පැවසෙනවා.
දරුවෙක් පිළිසිඳ ගැනීම
පිරිමියකුගේ ශුක්‍රාණු සෛල කාන්තාවකගේ ප්‍රජනන පද්ධතියේ පහළින් තැන්පත් විය යුතුයි. ඒ වගේම කාන්තාවට සාමාන්‍ය පරිදි ඩිම්බ මුදාහැරීමක් සිදු විය යුතුයි.
ඒ සඳහා පහත ක්‍රියාවලිය සම්පූර්ණ විය යුතුයි.
x ගැබ්ගෙල ප්‍රදේශයේ ශ්ලේෂ්ම ශුක්‍රාණු සඳහා යෝග්‍ය විය යුතුයි.
x තැන්පත් වූ ශුක්‍රාණු ගර්භාෂය හරහා පැලෝපීය නාල වෙත ගමන් කළ යුතුයි.
x ඩිම්බ මෝචනය හරහා ඩිම්බ පහළට ගමන් කිරීමත් සිදුවිය යුතුයි.
x ඩිම්බ සෛල සහ ශුක්‍රාණු සෛල එක්වීමෙන් පස්සෙ ශුක්‍රාණු සෛලවලට ඩිම්බ සෛල සිදුරු කරගෙන යාමේ හැකියාව තිබිය යුතු වෙනවා.
x ශුක්රාණ සෛල විශාල ප්‍රමාණයක් පිට වුණත් ඩිම්බ සමඟ සංසේචනය සිදු වන්නේ එක් ශුක්‍රාණුවක් පමණයි.
ඊට පස්සේ සංසේචනය වූ ඩිම්බය ගර්භාෂයට ගොස් ගර්භාෂයේ අභ්‍යන්තර පටලයේ තැන්පත් විය යුතු වෙනවා. මේ පියවරයන් එකක් හෝ නිසි පරිදි සිදු නොවේ නම් පිළිසිඳ ගැනීම සම්බන්ධ ගැටලූ ඇති වෙනවා.
කාන්තාවකගේ නිසරුභාවයට බලපාන හේතු
x ඩිම්බ මෝචනය වී පැලෝපීය නාලය හරහා ගමන් කර සංසේචනය වීමේ ක්‍රියාවලිය ආශ්රිත ගැටලූ
x හෝර්මෝන අසමතුලිතතා හේතුවෙන් ඩිම්බ පිට නොවීම
x ඩිම්බ සෛලය ගර්භාෂය තුළ තැන්පත් නොවී ගබ්සා වීම.
පැලෝපීය නාලවල සිදු වන තාවකාලික සහ දිගුකාලීන අවහිරතා.
x ගර්භාෂයේ ගෙඩි
x ගැබ්ගෙල ආසාදන
x මානසික පීඩනය
පිරිමි නිසරුභාවයට හේතු
සාමාන්‍යයෙන් එක මිලිලීටරයකට ශුක්‍රාණු ලක්ෂ දෙකක් පමණ තිබෙනවා. නමුත් සමහර අයගේ මේ ප්‍රමාණය අසාමාන්‍ය ලෙස අඩු වීම නිසරුභාවයට බලපානවා.
x වෘෂණ කෝෂ නිසි පරිදි වර්ධනය නොවීම
x කුඩා අවදියේ කම්මුල්ගායට ගොදුරු වීම
x දුම්පානය, මත්ද්‍රව්‍ය සහ මත්පැන් භාවිතය
x තයිරොයිඞ් ග්‍රන්ථිය, පිටියුටරි ග්‍රන්ථිය ආශ්රිත ගැටලූ
x දියවැඩියාව, ගොනෝරියා, බරවා ආදී රෝග නිසා ශුක්‍ර නාලවල ඇති වෙන ගැටලූ
x විකිරණයන්ට ගොදුරු වීම
සාමාන්‍යයෙන් සංසර්ගයක් සිදුවිය යුත්තේ කාන්තාවකගේ ඩිම්බ පිටවන කාලයටයි. විවිධ හේතු නිසා වගේම නොදැනුවත් බව නිසා පිරිමියාට ඒ කාලයේ දී සංසර්ගයේ යෙදිය නොහැකි වෙන්න පුළුවන්.
ප්‍රතිකාර
අවුරුදු 35ට අඩු කාන්තාවක් හෝ අවුරුදු 40ට අඩු පිරිමියෙක් නිසරු බවෙන් පීඩා විඳී නම් ප්රතිකාරවලින් තොරව ඔවුන්ට කෙටි කාලයක් ලබා දෙනවා. නමුත් එම වයස පහු කර සිටී නම් වෛද්‍ය ප්‍රතිකාර ඉතා ඉක්මනින් ඇරඹිය යුතු වෙනවා.
ප්‍රතිකාර ඇරඹීමට පෙර ශාරීරික ගැටලූවක් ද නැතිනම් ලිංගික ක්‍රියාකාරම්වල ගැටලූවක් ද නැතිනම් මානසික ගැටලූවක් ද කියන කාරණය අවබෝධ කර ගත යුතු වෙනවා. එහෙම ගැටලූවක් නැතිනම් කාන්තාව සහ පිරිමියා විවිධ පරීක්ෂණ සඳහා යොමු කිරීම සිදු කෙරනවා. කාන්තාවකගේ ගර්භාෂය ආශ්රිත ගැටලූ සඳහා වෙනමත් ශුක්‍රාණු ගැටලූ සඳහා වෙනමත් ඖෂධ ප්‍රතිකාර පවතිනවා. එසේ නොමැතිව දෙදෙනාගේම ගැටලූ තිබෙනවා නම් නවීන තාක්ෂණය ඒ සඳහා පිළියම් සපයන්න සූදානම්. ඒ සඳහා නල දරු උපත් සිදු කිරීම, ශුක්‍රාණු බැංකු, ඩිම්බ පරිත්‍යාග කිරීම් හරහා සිදු වන ප්‍රතිකාර ක්‍රියාත්මකයි.
තමන්ට දරුවන් ලැබීමේ ප්‍රමාදයක් පවතී නම් කළ යුතු හොඳම දෙය වන්නේ ළඟම ඇති මූලික රෝහලේ සිටින ප්‍රසව හා නාරිවේදය සම්බන්ධ වෛද්‍යවරයෙකු මුණ ගැසීමයි.
ජී.ජී. චමල් සංජීව
නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ
හම්බන්තොට

No comments: