Header Ads

ඔබටත් මෙන්න මේ නිසි ප්‍රතිකාරයක් නැති චර්ම රෝගය හැදෙන්න කලින් දැනුවත් වෙන්න


 ඔබටත් මෙන්න මේ නිසි ප්‍රතිකාරයක් නැති චර්ම රෝගය හැදෙන්න කලින් දැනුවත් වෙන්න


 

සතර දෙසින්
සුව කිරීමට සඳහා මෙතෙක් නිසි ප්‍රතිකාර ක්‍රමයක් සොයානොගත් චර්ම රෝගයක් දිවයින පුරා ශීඝ්‍රයෙන් පැතිර යමින් තිබෙන බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ මහාචාර්ය එස්.එම්.කුලරත්න මහතා පැවසීය.

පරිසරය තුළ බහුලව හමුවන කෘමියකු මඟින් මේ චර්ම රෝගය පැතිර යන බවත් මුලින් සමේ කැළලක් වශයෙන් ආරම්භ වී පසුව ශරීරය පුරා පැතිර යාමක් සිදුවන බවත් ඒ මහතා කීය.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ මෙහෙයවීමෙන් ගැටඹේ පැවැති නිවර්තන කලාපීය වෛද්‍යවරුන්ගේ සමුළුව නිමිත්තෙන් පැවැති මාධ්‍ය හමුවේදී මහාචාර්යවරයා මේ බව කීය.

ලෙයිෂ්මැනියාෂිස් ( Leishmaniasis) ලෙස හදුන්වන මෙම රෝගය වැලි මැස්සා (sand flies) නම් කෘමියා මගින් සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන බවත් මුල් අවධියේදී මෙරට නැගෙනහිර මුහුදු කලාපයෙන් මේ රෝගය වාර්තාවී ඇති බවත් කුලරත්න මහතා කීය.

අසල්වැසි ඉන්දියාවේ පවතින මේ රෝගය ශ්‍රී ලංකාව තුළ පැතිර යමින් ඇති බවත් එය වයස් භේදයෙන් ‍තොරව ඕනෑම අයකුට වැළදීමේ අවදානමක් පවතින බවත් මහාචාර්යවරයා අවධාරණය කළේය. ඡායාරූපය-අසේල කුරුළුවංශ 




අන්තර්ජාලයෙන් උපුටා ගැනීමකි



No comments:

Powered by Blogger.