ESR පරීක්ෂණය කරොත් ඔබට මෙන්න මේ රෝග හඳුනා ගන්න පුළුවන්.
ESR පරීක්ෂණය කරොත් ඔබට මෙන්න මේ
රෝග හඳුනා ගන්න පුළුවන්.
යම්කිසි රෝගයක් වැළඳුණ පසු එය කුමන තත්ත්වයේ රෝගයක් දැයි සොයා ගැනීම වෛද්‍ය ප්‍රතිකාර සඳහා වඩාත් වැදගත් වන්නකි. එනිසා ESR පරීක්ෂණය බෙහෙවින් වැදගත් වන බව ජාතික රෝහලේ කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් කුමාරසිංහ මහතා පෙන්වා දෙනවා.
ESR (Erythrocyte Sedimentation Rate) පරීක්ෂණය අත්‍යවශ්‍යයෙන් සිදුකරන විවිධ අවස්ථා කිහිපයක් ඇත. ඒ අතර ප්‍රධාන තැනක් ගන්නේ විසබීජ හේතුවෙන් ඇතිවන ආසාදන හා පිළිකා තත්ත්වයන් මෙන්ම ආතරයිටීස් වැනි රෝග අවස්ථාවලදී ය. ඊට අමතරව ගර්භණී අවස්ථාවන්වලදී ද මෙම ESR අගය තරමක් ඉහළ යා හැකියි. තව ද රුධිරගත පිළිකා, සෙලියුලයිටීස්, උගුරේ ඇතිවන විෂබීජ ආසාදන, ක්ෂය රෝගය වැනි රෝග ඇති වූ අවස්ථාවල මෙකී පරීක්ෂණයේ දී අගය ඉහළයාමක් පෙන්නුම් කරයි.
කෙසේ වෙතත් මෙම ESR අගය මත යම් අයෙකුගේ ශරීරය තුළ තිබෙන යම් රෝග තත්ත්වයක් පිළිබඳ අනතුරු සංඥාවක් නිකුත් කරනු ලබන අතර එම පරීක්ෂණයෙන් පමණක් යම් රෝගයක් නිශ්චිතව තිබෙන බවට ප්‍රකාශ කිරීමට හැකියාවක් නොමැත. එසේම එම ESR අගය වැඩි වී ඇති රෝගියෙකුට මෙහිදී දැඩි අවධානයක් ලබාදිය යුතය. එසේම රෝගියාට ඇතිවී තිබෙන අමතර රෝග ලක්ෂණ අනුව අදාළ රෝගය නිවැරදිව නිර්ණය කර ගත යුතු බැවින් කළ යුතුව ඇති අනෙක් පරීක්ෂණවලට යොමු කළ යුතුයි. නමුත් මෙම ESR අගය සාමාන්‍ය මට්ටමක තිබෙනවා නම් ඒ පිළිබඳව අනියත බියක් ඇති කරගත යුතු වන්නේ නැහැ. එසේම විශේෂයෙන් ජනතාව මතක තබා ගත යුතු කාරණය වන්නේ ESR අගය මත පමණක්ම රෝගී තත්ත්වය කුමක්ද යන්න නිශ්චය කිරීමට නොහැකි බවයි.
මේ පරීක්ෂණයේ වැදගත්කමක් ඇතැයි වෛද්‍යවරයා සලකන්නේ රෝගියා පරීක්ෂාවට ලක් කළ පසු මෙහි අගය ඉහළ යාමක් සිදුවුවහොත් පමණි. මෙම පරික්ෂණ ක්‍රමය තරමක් පැරණි ක්‍රමයක් ලෙසින් සැලකෙන නමුත් රෝග පිළිබඳ නිර්ණය කිරීමේදී මුලික පරීක්ෂණ විධි ක්‍රමයක් ලෙස භාවිතයට ගනු ලැබේ. එම නිසා ESR පරීක්ෂණ යනු රෝගයක මූලික අවස්ථාවන් හඳුනාගෙන ඒ පිළිබඳ යම් අදහසක් ලබාගත හැකි පරීක්ෂණයක් ලෙස හඳුන්වාදිය හැකියි.
ESR පරික්ෂණයේ අගය පහළ යන අවස්ථා මොනවාදැයි හඳුනා ගනිමු. මෙවැනි රෝග අවස්ථා දැකගත හැක්කේ ඉතාමත් කලාතුරකිනි. ඇතැම් රෝග අවස්ථා නිසා රතු රුධිරාණු ප්‍රමාණය ක්‍රමයෙන් ඉහළ යන අතර එහිදී ESR අගය අඩු වේ. සාමාන්‍යයෙන් ESR අගය 10 - 15 අතර වේ. එය සාමාන්‍ය තත්ත්වයක් (Normal Rang) සැලකේ. නමුත් ඇතැම්විට ESR අගය 100ක් ලෙස පෙන්නුම් කිරීමක දී ඒ පිළිබඳ අනිවාර්යයෙන් අවධානයට ලක් කළ යුතුයි.
රුමටොයිඩ් ආතරයිටීස් වැනි රෝග අවස්ථාවලදී බොහෝදුරට මෙම අගය තරමක් ඉහළ මට්ටමක පැවතිය හැකියි. ESR පරීක්ෂණ මඟින් ශරීරයේ යම් තැනක ප්‍රදාහමය තත්ත්වයක් (Inflammation) ඇතැයි හඳුනාගැනීමට පහසු වේ. කෙසේ වෙතත් රතු රුධිරාණු ප්‍රමාණය ශරීරයේ අඩු වනවිට ESR අගය වැඩි විය හැකි අතර රුධිර ප්ලාස්මාවේ ප්‍රමාණය ද එවැනි අවස්ථාවක ඉහළ අගයක පැවතිය හැකියි. නමුත් පෙර පැහැදිලි කළ ලෙස රතු රුධිරාණු ප්‍රමාණය ඉහළ යනවිට ESR අගය අඩු විය හැකියි. කෙසේ වෙතත් ESR අගය පිළිබඳ කථාබහ කරන විට එහි අගය වැඩිවන අවස්ථා ප්‍රමාණය එහි අගය අඩු වන අවස්ථා ප්‍රමාණයට සාපේක්ෂව ඉහළ අගයක පවතියි. මෙම රුධිර පරීක්ෂණය සමඟ CRP නැමැති පරීක්ෂණයක් තිබෙන අතර එමඟින් පරික්ෂා කර බලන්නේ ද ESR වලට සමාන වූ තත්ත්වයන් පිළිබඳවයි.
බොහෝ අවස්ථාවල ESR වෙනුවට CRP නැමැති පරික්ෂණ ක්‍රමය භාවිතා වුවත් ඇතැම් රෝග සඳහා පරික්ෂණ ක්‍රම දෙකම එකවර සිදු කළහොත් එහි අගයන් අතර වෙනසක් ද දැකගත හැකිය.
දුමින්ද අලුත්ගෙදර
අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

No comments: