වැරදි විදිහට ග්‍රීන් ටී පාවිච්චි කලොත් කෙට්ටු වෙනවා බොරු.මෙන්න මේ කරුණු 9 දැනගෙනම බොන්න.

ග්‍රීන් ටී කියන්නෙ ලංකාවෙ අපි අතරත් ඉතාම ජනප්‍රිය පානයක්. දියවැඩියාව,පිළිකා නැසීම, කොලෙස්ටරෝල් පාලනය වැනි සෞඛ්‍යමය වාසි රැසක් අඩංගු වුවත් අපේ අයනම් වැඩිපුරම ග්‍රීන් ටී බොන්නෙ කෙට්ටු වෙන්න හිතාගෙනයි.
ග්‍රීන් ටී බිවුව පලියට හැමෝම විශාල වශයෙන් බර අඩු කරගන්නෙ නෑ. ඒ සඳහා පිළිපැදිය යුතු තවත් දේවල් තිබෙනවා. විශේෂයෙන් ව්‍යායාම සහ ආහාර පාලනය වැනි දේවල් වලටත් යොමු විය යුතු වනවා. ඒත් එක්කම ග්‍රීන් ටී භාවිතයෙන් ශරීරයේ බර අඩු කරගැනීමට සහ අනෙකුත් වාසි අත්කරගැනීමට නම් ඔබ ග්‍රීන් ටී ගැන දැනගත යුතු දේවල් කිහිපයක්ම තිබෙනවා. මේ දේවල් දැනගැනීමෙන් සහ පිළිපැදීමෙන් ඔබ බොන ග්‍රීන් ටී එකේ බලය වෙනදාටත් වඩා වැඩියෙන් අත්පත් කරගැනීමේ හැකියාව ඔබට හිමිවෙයි.
1. වඩා හොඳ තේ කොළද? Tea bags ද?
අපි සුපිරි වෙළඳසැල් වලට ගියාම බහුල වශයෙන් ගන්න තියෙන්නෙ ග්‍රීන්ටී බෑග්ස් තමයි. මේ කුඩා තේ පැකට්ටු ගෙදරදී හදාගන්න හරිම ලේසියි. ඒ උනාට ග්‍රීන් ටී වල ඇති ගුණදායී බව වැඩිපුරම ලබාගන්න ඕනෙ නම් බෑගයේ නැතිව ලූස් එන තේ කොළය සහිත ග්‍රීන් ටී වර්ගයක් පාවිච්චි කිරීම තමයි හොඳ.
ටී බෑග් වල ඇසිරීමේදී තේ කොළය කැබලි හෝ කුඩු කරගන්න වෙනව. එහෙම කරද්දි ග්‍රීන් ටී වල තිබෙන වැදගත්ම රසායනයක් වන කැටචින් කියන ද්‍රව්‍යය ප්‍රමාණය අඩු වෙනව. ඒ වගේම තමයි අපි ටී බෑග් එකක් තම්බා ගනිද්දි එහි ඇති කැටචින් වලින් කොටසක් බෑගයටත් උරාගන්නා නිසා එහි ඇති ගුණාත්මක බවේ අඩුවීමක් සිදුවෙනව.
ඒ නිසා පිළියෙල කරන්න ටිකක් කරදරකාරී උනත්. ග්‍රීන් ටී බෑග් නැතිව කොළ මිලදී ගෙන පානය කිරීමෙන් තමයි හොඳම ප්‍රතිඵල අත්කරගන්න පුලුවන් වෙන්නෙ.
2. ග්‍රීන් ටී බොන්න සුදුසු කොයි වෙලාවටද?
ඔබ ග්‍රීන් ටී බොන්නෙ බර අඩුකරගැනීමේ පරමාර්ථයෙන්නම්, ඔබ ආහාර ගන්න ගමන් ග්‍රීන් ටී බීම තමයි වඩාත්ම සුදුසු වෙන්නෙ. හැබැයි ගැස්ට්‍රයිටිස් වැනි තත්ත්වයන්ගෙන් පීඩා විඳින කෙනෙක්නම් ආහාරත් සමගම ග්‍රීන් ටී පානය කිරීම එතරම් සුදුසු නැහැ.
බර අඩු කරගන්නම නැතිව පිළිකා, දියවැඩියා වැනි ලෙඩ රෝග වළින් වැලකීමට සහ මොලයේ වර්ධනය ගැන හිතල ග්‍රීන් ටී බොන පුද්ගලයෙක්නම්, ආහාර ගැනීමෙන් පැය දෙකකට පමණ පසු ග්‍රීන් ටී පානය කිරීම වඩාත් සුදුසුයි.
3. නිවැරදිව ග්‍රීන් ටී එකක් සකස්කරන ආකාරය
විවිධ වර්ග වල තේ කොළ වලට අනුව ග්‍රීන් ටී සකස් කිරීමේදී පාවිච්චි කල යුතු ජලයේ උෂ්ණත්වය සහ තැම්බිය යුතු කාලය වෙනස් වෙනවා. ඒ නිසා ඔබ ගන්නා ග්‍රීන් ටී වර්ගයේ අසුරනයේ උපදෙස් භාවිතා කිරීම වඩා ආරක්ෂිතයි.
ග්‍රීන් ටී බීමේදී සීනි හෝ කිරි එයට එක්කර නොගැනීමෙන් වඩාත් හිතකර ප්‍රතිඵල ළගාකරගන්න පුලුවන්. විශේෂයෙන්ම කිරි එකතු කරගැනීමෙන් එහි ඇති ප්‍රති ඔක්සිකාරක ගුණය නැසෙන්නට පුලුවන්.
4. දවසට කී පාරක් බොන්න ඕනෙද?
ග්‍රීන් ටී වලින් යහපත් ප්‍රතිඵල ලබාගැනීමට නම් දිනකට ග්‍රීන් ටී කෝප්ප 3ක් පමණ බීම සුදුසු බවයි කියවෙන්නේ. කෝප්ප 5ක් හෝ 7ක් පමණ බීමෙන් බර අඩුවීමේ සීඝ්‍රතාවය වර්ධනය උනත් නින්ද නොයාම, ගැස්ට්‍රයිටිස් වැනි තත්ත්වයන් ඇතිවීමට ඉඩ තිබෙන නිසා දිනකට කෝප්ප තුනක් පමණ පානය කර ව්‍යායාම කිරීම වඩාත් සුදුසු වෙයි.
5. හිස්බඩ බොන්න එපා
උදෑසන අවදි වූ වහාම හිස්බඩ ග්‍රීන් ටී පානය කිරීම සිදු නොකල යුත්තක්. එසේ කිරීම මගින් ඔබගේ සිරුර විජලනයට පත් වී ගැස්ට්‍රික් අම්ලය මුදාහැරීමකට ලක්වන්න පුලුවන්. ක්ලාන්ත ගතිය, කැරකැවිල්ල වැනි ශාරීරික අපහසුතා දැනෙන්නටත් ඉඩ තිබෙනවා.
6. ව්‍යායාමයට පෙර ග්‍රීන් ටී
ග්‍රීන් ටී බීමෙන් විතරක් සීඝ්‍ර බර අඩු කරගැනීමක් කරගන්න එක අපහසු කාරණයක්. ඒ සඳහා ව්‍යායාමත් ඉතා වැදගත් වෙනවා.
ව්‍යායාමයට පෙර ග්‍රීන් ටී පානය කිරීමෙන් ඔබේ ව්‍යායාමවලින් ලැබෙන ප්‍රතිඵල තවත් වැඩි කරගන්න පුලුවන්. ග්‍රීන් ටී අපේ සිරුරේ පරිවෘත්තීය ක්‍රියාවලිය වේගවත් කරනවා. ඒ වගේම එහි ඇති කැෆීන් නිසා ඔබේ දරාගැනීමේ හැකියාව (Endurance) ඉහල නැංවී වැඩි වේලාවක් ව්‍යායාම කිරීමට ශක්තිය ඔබට ලැබෙනවා.
7. මොල කාරයෙක් වෙන්න බොන්න
ඇඟපත ෆිට් එකට තිබ්බට මොළේ කළඳක් නෑ කියල අහන්න උනොත් ලැජ්ජයි නේද?
ඔබ නිතර ග්‍රීන් ටී බොනවනම්, ව්‍යායාමයෙන් ඇඟපත් ෆිට් කරගන්න අතරේ ඔබේ මොලයේ ක්‍රියාකාරීත්වයත් ඉබේම වර්ධනය වෙනවා. නිතර ග්‍රීන් ටී බීම මගින් මොලයේ ප්‍රතික්‍රියා දැක්වීමේ වේගය, මතක ශක්තිය වර්ධනය හා මානසික රෝග වැළකීම ආදී ප්රතිලාභ අත්වෙන බවට නවතම පර්යේෂණ වලින් ඔප්පු වී තිබෙනවා.
8. මුඛ සෞඛ්‍යය වර්ධනය කරයි
බර අඩු කරගන්න විතරක් හිතාගෙන බිවුවට ඔයාගෙ හිනාව ලස්සන කරන්න ග්‍රීන් ටී වලට පුලුවන් කියල හිතුවද? නෑ නේද?
ග්‍රීන් ටී වල තියන කැටචින් වලට පුලුවන්කම් තියනවා ඔයාගෙ මුඛයේ තියන බැක්ටීරියා සහ වෛරස් විනාශ කරල දාන්න. ඒ නිසා දත්දිරායාම පාලනය කිරීමේ සුවිශේෂී හැකියාව ග්‍රීන් ටී වලට තියනව. ඒ විතරක් නෙමෙයි ඔබේ මුඛයේ දුර්ඝන්ධය වැළැක්වීමටත් උගුරේ ආසාදන වැළැක්වීමටත් ග්‍රීන් ටී වලට පුලුවන්.
9. හැමෝටම බොන්න හොඳද?
සෞඛ්‍යයට කොතරම් වාසි ගෙනාවත් ග්‍රීන් ටී බීමට නුසුදුසු තත්ත්වයනුත් තිබෙනවා.
ගැස්ට්‍රයිටිස් සහිත පුද්ගලයන් වැඩිපුර ග්‍රීන් ටී බීම මගින් ඔවුන්ගේ රෝග තත්ත්වය වැඩිදියුණු වන්නට පුලුවන්.
ඇනීමියා වැනි යකඩ ඌණතාවයෙන් පෙලෙන අයටත් ග්‍රීන් ටී නිර්දේශ කරන්නේ නැහැ. ග්‍රීන් ටී මගින් ආහාර වල ඇති යකඩ ශරීරයට උරාගැනීම අඩාල කිරීම මීට හේතුවයි.
ග්‍රීන් ටී බීමෙන් කුඩා දරුවන්ට ආහාරවලින් ලැබිය යුතු පෝෂණය හීන වීම නිසා කුඩා දරුවන් හටත් ග්‍රීන් ටී පානය එතරම් හිතකර වන්නේ නෑ.
ගර්භනී සහ කිරිදෙන මවුවරුනුත් ග්‍රීන් ටී පානයෙන් වැළකී සිටීම වඩාත් යෝග්‍යයි.
අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

No comments: