Header Ads

ජපන් ගැහැනු මහත් වෙන්නෙත් නැහැ වයසට යන්නෙත් නැහැ මෙන්න එකට හේතු අනිවා හැමෝම කියවන්න.


ජපන් ගැහැනු මහත් වෙන්නෙත් නැහැ වයසට යන්නෙත් නැහැ මෙන්න එකට හේතු අනිවා හැමෝම කියවන්න.



නයෝමී මාරියම් කියන්නේ ලෝ ප්‍රකට රචිකාවක් සහ ද ටයිම්ස් පුවත්පතේ මාධ්‍යවේදිනියක්. ඇගේ අලූ‍ත්ම පොත හරහා තරුණ කාන්තාවන්ට අලූ‍ත්ම කතාවක් කියනවා. ඒ අනුව ජපානයේ කාන්තාවන් ලස්සන වීමට, අධික ලෙස තරබාරු නොවීමට සහ දීර්ඝායුෂ ලැබීමට ප්‍රධානතම හේතුව ජපාන වැසියන්ගේ ආහාර රටාව බව මාරියම්ගේ අදහසයි.


මාළු එළවළු ධාන්‍ය

ජපාන වැසියන් සතුව ප්‍රධාන වශයෙන් ගතයුතු ආහාර හෝ ආහාර කාණ්ඩ තිඛෙනවා. ඒ අනුව ඔවුන් සෑම දිනම මාළු, එළවළු, ධාන්‍ය, සෝයා අඩංගු ආහාර, නූඩ්ල්ස්, තේ (බොහෝ විට කොළ පාට තේ) ආහාර කාණ්ඩ සහ වර්ග ආහාර ලෙස ගන්නවා. මිසෝ සුප් සහ ටොෆු ඒ අතරින් සුවිශේෂයි.


ලූ‍ණු අඩුවෙන්

ජපානයේ සෑම නිවෙසකම කුස්සියේ, කැනෝලා තෙල්, ධාන්‍ය, ලුනු කැරට් නම් වරදින්නෙම නෑ. ඒ වගේම උම්බලකඩත් ජපානයේ ප්‍රියතම ආහාරයක්. —හජිකී˜ ඔවුන් පෝෂණය උදෙසා වැඩි වශයෙන් ආහාරයට ගන්නවා. රතු සහල් හෙවත් නිවුඩ්ඩ සහිත සහල් ආහාරයට ගන්නා ජපාන වැසියන්, සෝඩියම් සුළු ප්‍රමාණයක් අඩංගු සෝයා සෝස් යොදා ගන්නේ ආහාර රසවත් කිරීමටයි.


බර වැඩි වෙන්නෙ නැහැ

මාරියම් තම පෞද්ගලික ජීවිතය තුළින්ම එය පෙන්වා දෙන්නේ ඇමෙරිකානු ආහාර රටාවකට හුරු වී සිටි ඇගේ සැමියා අධික තරබාරුව නිසා බොහෝ අපහසුතාවන්ට පත් වූ බවකි.

නමුත් ජපන් ආහාර පුරුදු ක්‍රම අනුගමනය කළ නිසා මාරියම්ගේ සැමියා රාත්තල් 35කින් පමණ බර අඩුකර ගත්තා. ඒ නිසාම ජපාන ආහාර රටාව සෞඛ්‍ය සම්පන්නයි කියලා මාරියම් සාක්‍ෂි දරනවා.


ආහාර පාලනය

වෛද්‍ය විද්‍යා විශේෂඥයන්ට අනුව හොඳ සෞඛ්‍ය සම්පන්න දිවි පෙවෙතක් පවත්වාගෙන යෑමට, ආහාර පාලනය ඉතාම වැදගත්. එහිදී යහපත් සෞඛ්‍යයක් සඳහා ආසියානු ආහාර රටාව විශේෂයෙන් ජපානයේ ආහාර රටාව උදවු වන බවත් එම විශේෂඥ විශ්ලේෂකයන් පවසනවා.


විශේෂඥ මතය

ඩ්ඥචතබඩ නපධථධබඪධද චදඤ ජධථථභදඪජචබඪධද නමින් හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ පෝෂණවේදී අධ්‍යයන අංශයට අයත් පාඨමාලාවේ ප්‍රධාන මහාචාර්ය ලිලියන් චෙයුන්ග් ජපානයේ ආහාර රටාව පිළිබඳ මෙලෙස අදහස් පළ කළා.


තෙල් අඩුයි

—ජපාන වැසියන්ගේ ආහාර රටාවේ තෙල් භාවිතය හරිම අඩුයි. ඒ වගේම ඔවුන් ලූ‍ණු භාවිතයත් අවම කර තිඛෙනවා. සෑම විටම ආහාරයට ගන්නේ නිවුඩ්ඩ සහිත රතු හාල්ම පමණයි. කිසිම විටෙක සුදු සහල් ආහාරයට ගන්නේ නැහැ. සුද්ධ කරන ලද සුදු සහල් වෙනත් රෝග සඳහා හේතුවනවා. එයින් විවිධ හෘද රෝග සහ දියවැඩියාව ඇති වෙන්නත් පුළුවන්.

බොහෝ දෙනෙක් ජපාන ආහාර රටාවට වැඩි කැමැත්තක් දක්වනවා. මාරියම්ගේ මේ කෘතියත් ඔවුන්ට තම ආහාර පුරුදු වැඩිදියුණු කරගැනීමට විශාල පිටිවහලක් සපයනු ඇති˜ යනුවෙන් ලිලියන් චෙයුන්ග් වැඩිදුරටත් පවසනවා.

No comments:

Powered by Blogger.