Header Ads

ඔබ වයසට වඩා වයස පාටද? මෙන්න ඔබෙ තරුණ පෙනුම රැකගන්න නිවසේදීම කල හැකි සත්කාර


ඔබ වයසට වඩා වයස පාටද? මෙන්න ඔබෙ තරුණ
පෙනුම රැකගන්න නිවසේදීම කල හැකි සත්කාර.

අපේ සම වයසට යන එක පටන් ගන්නේ අපි උපන් දා ඉඳන්මයි. ඒත් සම වයසට යන එක පේන්න ගන්නේ අවුරුදු 30- 35 පැන්නමයි. හැබැයි ඊට කලින් ඉඳන් සම ගැන සැලකිලිමත් වීම වැදගත්. ඔබ ඔබේ සම ගැන වැඩි සැලකිල්ලක් දැක්වුවොත් වැඩි කාලයක් සමේ තරුණ පෙනුම රැකගන්න පුළුවන් වේවි.

අපි අද අනිවා බියුටි ටිප්ස් වලින් කියන්න යන්නේ තරුණ පෙනුම වැඩි කාලයක් තියාගන්න ඔබේ සමට ඔබ කලයුතු සත්කාර කීපයක් ගැන. නිවසේදීම ඔබට ඔබේ තරුණ පෙනුම රැකගන්න කල හැකි සත්කාර කීපයක් අපේ මේ ලිපියේ ඇතුලත්. කියවලම බලන්න ඔබේ තාරුණ්‍ය පවත්වාගෙන යන්න කරන්න ඕනෙ මොනවද කියල.



1. හැමදාම වගේ මුලින්ම පිරිසිදුකම ඉතා වැදගත්

ඔබේ සමේ පිරිසිදුකම සහ පැවැත්ම ගැන තමයි මුලින්ම සැලකිලිමත් වෙන්න ඕනෙ. දවසකට දෙපාරක්වත් මුහුණ ෆේස් වොශ් එකකින් පිරිසිදු කරන්න. සතියකට වතාවක් ස්ක්‍රබ් කර මැරුණු සම ඉවත් කරන්න. මේ දේවල් ඉතාම වැදගත්. දිනපතා සමේ රැඳෙන කුණු දූවිලි ඉවත් කර මැරුණු සම ඉවත් කර ගැනීමෙන් ඔබේ සම වඩාත් නැවුම්ව තබාගන්න පුළුවන්.



2. දවසට දෙවරක් මොයිස්චරයිසර් කරන්න

උදේ සහ රාත්‍රී නින්දට පෙර මුහුණ බෙල්ල සහ අත් පා වලට ඔබේ සමට ගැලපෙන මොයිස්චරයිසර් එකක් ආලේප කරන්න. හම වයසට යන විට වියළීමට බලනවා. ඔබේ හමේ තෙතමනය රඳා පවත්ව ගන්න තරමට සමේ තරුණ පෙනුම රැකගත හැකියි.



3. නිවැරදි නිෂ්පාදන තෝරාගන්න

හැමවිටම ඔබ තොරාගන්න මේකප්, ක්‍රීම්, ෆේස් වොෂ් වගේ දේවල් ඔබේ සමට ගැලපෙන ඒවාදැයි හොඳින් සොයා බලා මිලදී ගන්න. ඔබේ හම කුමන වර්ගයේ සමක් දැයි දැනගැනීමට මේ ලින්ක් එක උදව් වේවි.



4. 25න් පස්සෙ ඔබේ සමට ගැලපෙන දේවල්

වයස වුරුදු 25න් පස්සෙ ඔබේ සමට වඩාත් ගැලපෙන්නෙ Retinol, Peptides සහ Antioxidants අඩංගු නිෂ්පාදන. Retinol වලින් සමේ ඇදෙන සුලු ස්වභාවය පවත්වා ගෙන සම රැලි වටීම වැලැක්වීමට උදව් වෙනවා. Peptides සමට අවශ්‍ය ප්‍රෝටීන් නිෂ්පාදනයට උදව් වෙනව වගේම හමේ සෛල නැවත සැකසීමට උදව් වෙනව. Antioxidants වලින් ඔබේ සමට හිරු රශ්මියෙන් වෙන හානිය අඩු කරන අතරම එම හානිය සුව කිරීම ඉක්මන් කරවනවා. ඉතින් මේ දේවල් අඩංගු නිෂ්පාදන ඔබේ සමට භාවිතය වඩා වාසි දායකයි.



5. හිරුගෙන් සම ආරක්ශා කරගන්න

අනිවාර්යෙන් එලියට යන විට SPF 15 හෝ ඊට වැඩි Sunscreen එකක් පාවිච්චි කල යුතුමයි. UV කිරණ වලින් ඔබේ සමට වන හානිය නිසා සම වයසට යාම ඉක්මණ් විය හැකියි. වැසි දිනයක වුවත් එළියට යාමට පෙර සමේ නිරාවරණය වන තැන් වලට ගල්වන්න.



6. නින්ද සහ මානසික විවේකය


නින්ද හුඟක්ම වැදගත්. ඔබ ඔබේ වයසට ගැලපෙන සුව නින්දක් ලබාගත යුතුමයි. වැඩිහිටියෙකු ලැබිය යුතු අවම නින්ද පැය 7ක්. ඔබේ සිරුරට සහ මනසට විවේකයක් ලබා දීමට මේ පැය ගණන නිදා ගැනීම අනිවාර්යයි.

මානසික සුවතාවය පවත්වා ගන්න. භාවනා කිරීම හෝ පොතක් පතක් කියවීම වැනි දේක නිරත වෙන්න. ඔබ මානසික ආතතියෙන් පෙලෙන අයෙක් නම් ඒ සඳහා ප්‍රතිකාර ලබාගන්න. මානසික ආතතිය ඔබට ඉක්මණින්ම මහලු පෙනුමක් ලබා දීමට බලපානව.



7. ව්‍යායාම වල නිරත වීම

ඒ වගෙම දිනකට විනාඩි 30ක් වත් ඔබ ව්‍යායාම වල නිරත වන්න. මෙය ඔබේ ශාරීරික සුවතාවයට වගෙම මානසික සුවතාවයටත් බලපානවා. දිවීම, ඇවිදීම, නැටීම, බයිසිකල් පැදීම විතරක් නෙවෙයි වත්තේ පිටියේ වැඩක හෝ නිවසේ ඇඟ මහන්සි වෙන වැඩක නිරත වීම ප්‍රමාණවත්.



8. අභ්‍යන්තර පෝශණය

අවශ්‍ය පමණ වතුර බොන්න. සමේ තෙතමනය රැක ගැනීමට ඔබේ දෛනික ජල අවශ්‍යතාවය සැපිරීම වැදගත්.

එළවළු, පළතුරු සහ හිතකර මේදය සහිත ආහාර කෑමට එක් කරගන්න. අභ්‍යන්තර පෝශණය සමේ පෝශණයට හා නිරෝගීකමට බලපානව.



9. නිවසේදීම කල හැකි පහසු සත්කාර

දෙහි යුශ මේස හැන්දක්, බිත්තර සුදු මද මේස හැන්දක්, කිරි මේස හැන්දක් මිශ්‍ර කර මුහුණේ තවරා විනාඩි 20ක් තබා මද රස්නය ඇති වතුරෙන් සෝදා හරින්න. සතියකට දින 3ක් කිරීම ප්‍රමාණවත්.
උකු පොල් කිරි මුහුණෙ, බෙල්ලේ සහ අත් වල තවරා විනාඩි 20ක් තබා මද රස්නය ඇති වතුරෙන් සෝදා හරින්න. දිනපතා කිරීම වඩා සුදුසුයි.
හොඳින් ඉදුණු ගස්ලබු පල්පයක් සේ පොඩි කර මුහුණේ තවරා විනාඩි 15ක් තබා මද රස්නය ඇති වතුරෙන් සෝදා හරින්න. සතියකට 3 වරක් කිරීම ප්‍රමාණවත්.
රෝස වතුර තේ හැඳි 3කට ග්ලිසරින් බින්දු 3-4ක්, දෙහි යුශ තේ හැඳි 1/2ක් එක් කර නින්දට පෙර මුහුණේ තවරා පසු දා සීතල වතුරෙන් සෝදා හරින්න.
මී  කිරි කප් 1/2කට ග්‍රේට් කරගත් පිපිඥ්ඥ තේ හැඳි 2ක් එක් කර මුහුණේ තවරා විනාඩි 20ක් තබා මද රස්නය ඇති වතුරෙන් සෝදා හරින්න. මෙම ප්‍රතිකාරය ඇස් යට කළු වීම සහ Eye Bags වලට සුදුසුයි.


අතර්ජාලයෙන් උපුටා ගැනීමකි







No comments:

Powered by Blogger.