වකුගඩු රෝගයෙන් බේරිලා ඉන්න ඕනෙනම් මෙන්න මේ වකුගඩු වලට හිතකර ආහාර කෑමට ගන්න පුරුදු වෙන්න.
වකුගඩු රෝගයෙන් බේරිලා ඉන්න ඕනෙනම් මෙන්න
මේ වකුගඩු වලට හිතකර ආහාර කෑමට ගන්න පුරුදු වෙන්න.
ආයුර්වේද වෛද්‍ය ක්රමයේ රස වෙදකම මැයින් එක් අංශයක් ඇත. එහිදී බෙහෙත් වර්ග සාදනුයේ උග්‍ර විෂ සහිත රසදිය රිදී, රත්තරන්, පාසානම්, යකඩ, තඹ, ගෙන්දගම්, පල්මානික්කන්, විවිධ රත්නවර්ග, නවරත්න, ඛනිජ වර්ග හා කණේරු, නියඟලා, වච්චනාවි, වැනි විෂ සහිත පැලෑටි වර්ග උපයෝගී කරගෙනය. මේ සෑම ද්‍රව්‍යයක්ම, ශෝධන හා මාරණ යන නමින් ක්‍රම දෙකකම ඒවායේ ඇති විෂ අයින් කරනු ලැබේ. එවිට ඒවා අමෘතය මෙන් ගුණදෙන බවද දක්වා ඇත. සුදු පාසානම්, කහ පාසානම් ආදී පාසානම්, වර්ග පහක් ඔසු පිණිස ගැනේ. ඒවා ශෝධන කර ගන්නේත්, පළමුවෙන් පුහුල් යුෂ වල හුමාලයෙන් තම්බා ගැනීමෙන් හා කරවිල ගෙඩිය තුළට දමා මැටි බැද උනු අලුපල්ලේ තබා ගැනීමෙන්ය. මෙසේ කීපවරක් කිරීමෙන්ම ඒවායේ විෂ පහවී යයි. පුහුල් යුෂයෙන් තම්බා ගන්නා ක්‍රමයට දෝලා යන්ත්‍රයෙන් තම්බා ගැනීම යෑයි ව්‍යවහාර කරති.
කරවිල ශරීරයේ විෂ නසයි. එසේම කරවිලවල තුවාල සුවකරන ගුණයද ඇත. එහෙයින් උදරයේ ක්ෂත (තුවාල) ඇතිවන අම්ල පිත්ත රෝගය ඇතිවිටදී (ගැස්ට්‍රයිටිස්) කරවිල පථ්‍යයක් වශයෙන් ගැනීමට උපදෙස් ලැබේ. කරවිල ශක්ති ජනකය, පිත සමනය කරයි. මල බුරුල් කරයි. ක්‍රිමි නසයි. මවු කිරි පිරිසිදු කරයි. එසේම බොහෝ විට ගම්බද පෙදෙස්වල රෑට කරවිල ආහාරයට නොගනී. ගම්බද නිතර සර්පවිෂට ලක්වන්නේ රාත්‍රී කාලයේදීය. සර්ප විෂට දෙන සමහර බෙහෙත් වර්ග ද විෂ සහිත ඒවාය. එසේ කරනුයේ විෂෙන්විෂ නැසීමේ න්‍යාය ධර්ම අනුවය. රෑට කරවිල ආහාරයට ගෙන තිබුණහොත් සර්ප විෂට දෙන බෙහෙත්වල විෂ නැතිවී එහි ක්‍රියාකාරිත්වය අඩුවේ යෑයි සිතන ගැමියන් අතර රෑට කරවිල නොකෑමේ සිරිතක් ඇත.
මදුමේහ රෝගයේදී සන්ධිගත වාත රෝගවලදී හා අක්මාවේ රෝගවලදී නිතර නිතර පාවිච්චි කිරීමෙන් විපුල ප්‍රයෝජන ලබාගත හැකිවේ. කරවිල රුධිරය පිරිසිදු කරයි. මුත්‍රා කාරකයි. එහෙයින් කුෂ්ට රෝගවලටත් ඉදිමුම ඇතිවිටත් ගුණදායකයි. කාමලා (සෙංගමාලය) අර්ශස් යන රෝගවලදීද පථ්‍යයක් වශයෙන් ගත හැකිවේ. රාත්‍රී කාලයේදී හීනියට කපාගත් කරවිල (තද කොළපාට නම් වඩාත් හොඳයි) වතුර වීදුරුවකට දමා රැයක් තබා උදේට සියල්ල අඹරා බීමෙන් රුධිරයේ සීනි ප්‍රමාණය අඩුවේ. මෙය දියවැඩියාවට සුදුසු ප්‍රතිකාරයකි.
විවිධ ඛනිජ හා විෂ ශරීරගතවීමේදීත් ප්‍රමේහ හා වකුගඩු ආශ්රිත රෝගවලදීත් ආයුර්වේද වෙදකමේ දක්වා ඇති විවිධ ඖෂධ වර්ග, ආහාර වර්ග හා ජලය පිරිසිදු කර ගැනීමේ ක්‍රම කිහිපයක් දැක්වීමත් ඒ ආහාර වර්ග නිතර ගැනීමෙන් හා බීමට ආහාර පිසීමට ගන්නා ජලය ඉතා සරල ක්‍රමවලින් පිරිසිදු කර ගැනීමේ උතුරුමැද පළාත හා රජරට වෙළාගෙන ඇති මේ වකුගඩු උවදුරට තරමක හෝ සහනයක් ලැබේ යෑයි සිතා මේ අදහස් ඉදිරිපත් කරමි.
රස බෙහෙත් යෙදීමේදීත් ආයුර්වේද වෛද්‍යවරු කරවිල, කෙසෙල්, පුහුල් ආදිය ගැනීම සුදුසු නැති බව කියයි. මේ ද්‍රව්‍යවලට ආයුර්වේදයේ කකාරාදී ඝනය යෑයි හඳුන්වනු ලැබේ. එහි අර්ථය zකZZ යන්නෙන් පටන් ගන්නවා යනුයි. කාරවේල්ල (කරවිල කදලි (කෙසෙල්) කුෂ්මාණ්ඩ (පුහුල්) යනාදී වශයෙන් කෙසෙල් වර්ගවලින් විශේෂයෙන් අලුකෙසෙල් ආදිය ආහාර පිණිස ගැනීමෙන් ශරීරයේ විෂ නසා ශරීරයේ වකුගඩු ක්‍රියාකාරිත්වය ආරක්ෂා කරගත හැකිවේ. අළු පුහුල්වල ද විෂ නැසීමේ ගුණයත්, මුත්‍රකාරක ගුණයක් පවතී. වකුගඩු පිරිසිදු කිරීමේ ගුණයත් මුත්‍රා මාර්ගය ආශ්රිත මුත්‍රා ගල් (අශ්මරී) රෝගයක් නැති කිරීමේ ගුණයත් පුහුල්වල ඇති බැවින් එය හොඳ ඖෂධයකි.
යම්යම් පළාත්වල බහුලව ඇතිවන රෝගවලට ඒ ඒ පළාත්වල බහුලව වැවෙන දෙයින් ඒ රෝග ව්‍යසනයට සුදුසු ඖෂධ ලබාගත හැකි බව ආයුර්වේදයේ දක්වා ඇත. වියළි ප්‍රදේශවල පුහුල්, කොමඩු, වට්ටක්කා, පිපිඤ්ඤා, කැකිරි, තියඹරා, දේවදාලි (වැල්රඹුටන්), ගොකටු, නීරමුල්ලිය, කෝමාරිකා, අක්කපාන, මුරුංගා ආදිය හොඳින් වැවේ. ඉහතකී සියලුම වර්ග වකුගඩුවලට හා මුත්‍රා මාර්ගයේ රෝගවලට හිතකරය. විශේෂයෙන්ම මේවායේ ඇටවර්ග මුත්‍රාකාරකය, මුත්‍රා අශ්මරී (මුත්‍රා ගල්) පිරිමින්ගේ පෞරුෂ ග්රන්ථ ඉදිමීම හා පිළිකා ඇතිවීමේ අවස්ථාවලදී ගුණදේ. මුත්‍රා පිරිසිදු කිරීමද කරනු ලැබේ. විවිධ ප්ර්රමේහ රෝගවලදීත් දියවැඩියා රෝගයේදීත් මේවා ගුණදායකය. පැණි පුහුල් සීනි කැකිරි ආදි පැණි රස අධික වර්ග දියවැඩියා රෝගීන්ට අහිතකරය. තියඹරා ගෙඩියේ ඇට අඹරා ඇඹුල් වර්ගයක් (සියඹලා වැනි) සමග මිශ්‍රකර ව්‍යංජනයක් රජරට පැත්තේ උයනු ලැබේ. එයද වකුගඩු රෝගවලට හොඳ ආහාරයකි. මෙම සෑම ද්‍රව්‍යයකම ඇට වර්ග වකුගඩුවල රැඳී ඇති වැලි (සීකතා) ගල් (අශ්මරී) ආදිය පක්ෂ කිරීමට හොඳ ඖෂධය, අක්‍රීය වූ වකුගඩු ක්‍රියාත්මක කර සුවපත් කිරීමේ ගුණයද ඇත.
වතුරේ ඇති කාරම් ගතිය නැති කිරීමට ක්‍රම කිහිපයක්ම ඇත. නැවුම් කළයකට වතුර ගෙන උතුරවා ඒ තුළට නෑඹිලියේ හා පිටපොත්ත ඉවත්කර ගත් ඉඟිනි ඇට කීපයක් දමා තබාගෙන එම වතුර බීමට ගැනීම, එසේම පැසුණු මුරුංගා ඇට කිහිපයක් හොඳින් අඹරා කළය තුළට දමා තබා ගැනීම සුදුසුය. මුරුංගා ඇටවල විශේෂයෙන්ම ජලය පවිත්‍ර කරන ගුණය පවතී. බොහෝ අප්‍රිකානු රටවල ජලය පිරිසිදු කිරීමට මුරුංගා ඇට යොදා ගැනේ. එසේම මුරංගා කොළ සහ කතුරුමුරුංගා කොළ පොල් සමග මලවා කෑමෙන් එහි ඇති යකඩ ශරීරයට උරා ගනු ලැබේ. වකුගඩු රෝගය සමගම ඇතිවන පාණ්ඩු රෝගයට (නීරක්තය) මෙය ගුණදේ. රජරට හා උතුරු මැද ගර්භණී මවුවරු වැඩි ප්‍රමාණයක් නීරක්තයෙන් පෙළේ. ඔවුනට මෙය හොඳ ආහාරයකි.
රජරට පළාත් අධිකව කරවල පරිභෝජනයට ගැනේ. කරවල වල ඇති අධික ලවණ වකුගඩු රෝගවලට අහිතකරය. එසේම ශරීරයේ ඉදිමුව ඇති විටද අධික ලුණු ගැනීම අහිතකරය. නීරමුල්ලිය (ඉකිරි), ගොකටු, පොල්පලා ආදිය නිතර තම්බා බීමෙන්ද ආයුර්වේදයේ විශේෂ ඖෂධ දෙක් වන චන්ද්රප්ර්රභාවටී සහ ගෞක්ෂරාදී ගුගුලු වටීද වෛද්‍ය උපදෙස් පිට දිනකට දෙතුන්වරක් ගැනීමෙන්ද වකුගඩු ආශ්රිත රෝගවලදී විපුල ප්‍රතිඵල ගෙන දෙන බව ප්රත්යක්ෂයෙන් දනිමු. මෙම ඖෂධ වකුගඩු ආශ්රිත රෝගවලදී විවිධ ප්‍රමේහ හා දියවැඩියා රෝගාදියෙන් විවිධ අනුපාන සමග පාවිච්චි කරනු ලැබේ. වකුගඩු රෝගවලදී නම් ගොකටු සහ නීරමුල්ලිය තම්බාගත් වතුරෙන් හෝ නෙල්ලි රසකිඳ තම්බාගත් වතුරෙන් ගැනීම සුදුසුය.
අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

No comments: