Header Ads

මාලබේ සිසුවකුට පහර දීමේ නඩුවට වාස්‌ හා පුත්‍රයා 19 දා කොළඹ මහාධිකරණයට.


මාලබේ සිසුවකුට පහර දීමේ නඩුවට වාස්‌ හා පුත්‍රයා 19 දා කොළඹ මහාධිකරණයට.

ඒ. ඡේ. ඒ. අබේනායක

මහාධිකරණය විසින් මරණීය දණ්‌ඩනය නියම කර සිටින හිටපු නියෝජ්‍ය පොලිස්‌පති වාස්‌ ගුණවර්ධන මහතාව හා ඔහුගේ පුත් රවිඳු ගුණවර්ධන යන අයව ලබන 19 වැනිදා මහාධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු පද්මිණි. එන්. රණවක ගුණතිලක මහත්මිය ඊයේ (05 දා) නියෝග කළාය.

2009.08.08 හා 2009-08.21 වැනිදා කාලය අතරතුරදී මාලබේ තොරතුරු තාක්‌ෂණ ආයතනයේ සිසුවකුව සිටි නිපුන රාමනායක නමැත්තාව බල හත්කාරයෙන් පැහැර ගෙන ගොස්‌ පහරදී තුවාල කිරීම ඇතුළු අධිචෝදනා යටතේ නීතිපතිවරයා පවරා ඇති නඩුqව කැඳවූ අවස්‌ථාවේදී රජයේ ජ්‍යෙෂ්ඨ අධි නීතිඥ ශනිල් කුලරත්න මහතාගේ කරුණු දැක්‌වීමක්‌ සලකා බැලූ විනිසුරුවරිය එම නියෝගය කළාය.

හිටපු නියෝaජ්‍ය පොලිස්‌පති වාස්‌ ගුණවර්ධන, ඔහුගේ පුත් රවිඳු ගුණවර්ධන, ශ්‍යාමලි ප්‍රියදර්ශනී පෙරේරා ඇතුළු අට දෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබූ නඩුව ඊයේ කොළඹ මහාධිකරණ විනිසුරු පද්මිණි එන්. ගුණතිලක මහත්මිය හමුවේදී කැඳවිණි. එම නඩුවේ 5 හා 7 වන විත්තිකරුවන් හැර සෙසු විත්තිකරුවෝ 6 දෙනාම ඊයේ මහාධිකරණය හමුවේ පෙනී සිටියහ.

පෙර කී විත්තිකරුවන් වන වාස්‌ ගුණවර්ධන මහතා හා රවිඳු ගුණවර්ධන මහතා මේ වන විට ඔවුනට එරෙහිව මහාධිකරණය විසින් මොහොමඩ් ෂියාම් ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් නියම කළ මරණීය දණ්‌ඩන තීන්දුවට එරෙහිව අභියාචනා ගොනු කර ඇති බවත් ඔවුන් මේ වන විට වැලිකඩ බන්ධනාගාර භාරයේ රඳවා ඇති බවත් රජයේ ජ්‍යෙෂ්ඨ අධි නීතිඥවරයා එහිදී අධිකරණයට පෙන්වා දුන්නේය. නීතිඥ දර්ශන කුරුප්පු, නීතිඥ මොහොමඩ් නසාර් හා නීතිඥ චින්තක උඩදෙනිය යන මහත්වරුන් විත්තික රුවන් වෙනුවෙන් පෙනී සිටියහ.


උපුටා ගැනීම
දිවයින පුවත් පත



No comments:

Powered by Blogger.