ලක්ෂ 412 වත්කම් නඩුවට මන්ත්‍රී රෝහිතගේ ඇඟිලි සලකුණු ගැනීමට නියෝග.

ඒ. ඡේ. ඒ . අබේනායක
දෙවසරක කාලයක් තුළදී සිය ආදායමෙන් හා දීමනාවලින් උපයාගත නොහැකි රුපියල් ලක්ෂ 412 ක වටිනා මුදල් හා දේපළවල හිමිකාරිත්වය දැරීම ඇතුළු අධිචෝදනා යටතේ පවරා ඇති නඩුවේ විත්තිකාර පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ ඇඟිලි සලකුණු ලබාගැනීම සඳහා ලබන 09 වැනිදා ඇඟිලි සලකුණු රෙජිස්ට්‍රාර් කාර්යාලයේ නිලධාරියකු මහාධිකරණයට කැඳවීමට පියවර ගන්නා ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා ඊයේ (05 දා) නියෝග කළේය .
විත්තිකාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ ඇඟිලි සලකුණු අධිකරණයේ නියෝගය පරිදි පෙර නඩු දිනයේදී අධිකරණ පොලිස් නිලධාරීන් විසින් ලබාගෙන ඇතත් ඒවා නිසි පරිදි නොමැති බවට ඇඟිලි සලකුණු දෙපාර්තමේන්තුව විසින් දන්වා ඇතැයි පෙන්වා දෙමින් ඉදිරිපත් වූ වාර්තාවක් සලකා බැලූ විනිසුරුවරයා එම නියෝගය කළේය.
එම විත්තිකාර මන්ත්‍රීවරයාට ලබන 24 වැනිදා සිට මසක කාලයක් විදේශ ගතවීමට අවසර ලබාදෙන්නැයි විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා එහිදී අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
එම ඉල්ලීම ලබන 09 වැනිදා අවශ්‍ය ලේඛන සමඟ මෝසම් පත්‍රයක් මඟින් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද විනිසුරුවරයා එහිදී විත්තියට දන්වා සිටියේය.
තම සේවාදායකයාට එරෙහිව පවරා ඇති නඩුවේ සාක්ෂි විභාගය ඊයේ (05 දා) දිනයේ පැවැත්වීමට නියමිත නමුත් පැමිණිල්ල ඒ සම්බන්ධයෙන් නිසියාකාරව කටයුතු කර නොමැති බව නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා එහිදී අධිකරණයට පෙන්වා දුන්නේය. පරිගණක මඟින් ජනනය කරවූ යම් සාක්ෂියක් අධිකරණය හමුවේ කැඳවීමට දින 45 කට පෙර විත්තියට ඒ බව නොතීසි මඟින් දැනුම් දිය යුතු නමුත් පැමිණිල්ල එය නිසියාකාරව සිදුකර නොමැති නිසා සාක්ෂි විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් තමා විරුද්ධ බව ජනාධිපති නීතිඥවරයා එහිදී අධිකරණය හමුවේ කියා සිටියේය.
ඒ සම්බන්ධයෙන් ලබන ඔක්තෝබර් 31 වැනි දින ලිත දේශන ගොනු කරන ලෙසට පැමිණිලිකාර අල්ලස් කොමිසම් සභාවට සහ විත්තියට මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.
උපුටා ගැනීම
දිවයින පුවත් පත

No comments: