Header Ads

මිතුරකුගේ නිවසට ගෙන ගොස්‌ පෙම්වතියට අතවර කළ පෙම්වතා අත්අඩංගුවට .


මිතුරකුගේ නිවසට ගෙන ගොස්‌ පෙම්වතියට අතවර කළ පෙම්වතා අත්අඩංගුවට .
බඩල්කුඹුර- රවිඳු ගුණතිලක

දාහතර හැවිරිදි තම පෙම්වතිය මිතුරෙකුගේ නිවසකට කැඳවාගෙන ගොස්‌ ලිංගික අතවර කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පහළොස්‌ හැවිරිදි පාසල් ශිෂ්‍යයෙකු මොනරාගල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

අතවරයට ලක්‌වූ දැරිය මොනරාගල නගරයේ පාසලක නවය වසරේ ඉගෙනුම ලබන අතර අපරාධය සිදු කළ ශිෂ්‍යයා වැදිකුඹුqර ප්‍රදේශයේ පාසලක දහය වසරේ ඉගෙනුම ලබති.

දැරියගේ මව මියගොසිනි. පියා වෙනත් විවාහයක්‌ කරගෙන සිටී. දැරිය රැක බලාගෙන ඇත්තේ ආච්චි අම්මාය.

සති දෙකකට පමණ ඉහතදී කතරගම ගිය අවස්‌ථාවකදී දෙදෙනා හඳුනාගෙන ඇත. පසුව සැප්තැම්බර් 2 දා තම පෙම්වතිය මැදගම මිතුරෙකුගේ නිවසකට කැඳවාගෙන ගොස්‌ දින දෙකක්‌ අඹුසැමියන් ලෙස හැසිරී ඇති බව පරීක්‌ෂණවලදී හෙළි වී තිබේ. මොනරාගල පොලිසිය පරීක්‌ෂණ පවත්වයි.





උපුටා ගැනීම
දිවයින පුවත් පත



 

No comments:

Powered by Blogger.