ලක්ෂ 20 ක කොකේන් සහ මත්කුඩු සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට
ලක්ෂ 20 ක කොකේන් සහ මත්කුඩු සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ඥනතිස්ස ජයවර්ධන බොරලැස්ගමුව
කොළඹ, ආමර්වීදිය මහල් නිවාස ප්‍රදේශයේදී රුපියල් ලක්ෂ විස්සකට අධික වටිනාකමින් යුත් කොකේන් සහ මත්කුඩු සමඟ සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට කොළඹ දිසා දූෂණ මර්දන අංශයේ නිලධාරීහු කණ්ඩායමක් පෙරේදා (04 වැනිදා) සමත් විය.
මෙහිදී එක් සැකකරුවකු මත්කුඩු ග්‍රෑම් 201 ක් සමඟ අත්අඩංගුවට ගත් අතර ඔහුගෙන් කරන ලද ප්‍රශ්න කිරීමේදී අනෙක් සැකකරු තොටළඟ ප්‍රදේශයේදී මත්කුඩු ග්‍රෑම් 100 ක් හා කොකේන් ග්‍රෑම් 70 ක් සමඟ කොටුකරගෙන තිබේ.
31, 34 යන වයස්වල පසුවන මොවුන් කාලයක සිට මත්කුඩු ජාවාරමේ නිරත වී ඇතැයි හෙළිවූ බවද එම අංශය කියයි.
කොළඹ දිසා භාර නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතාගේ අධීක්ෂණය යටතේ කොළඹ දිසා දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක වජිර ධනපාල මහතාගේ උපදෙස් මත උපපොලිස් පරීක්ෂක ධනුෂ්ක, පොලිස් සැරයන්වරුන් වන කමල් (21858), ප්‍රසන්න (27328), පොලිස් කොස්තාපල්වරුන් වන පැතුම් (60892) රේවත (40878) ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකරනු ලැබූහ.
සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
අංක 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13, ශ්‍රී ලංකාව.
උපුටා ගැනීම
දිවයින පුවත් පත

No comments: