දිනකට රටඉදි තුනක් ඔබත් ආහාරයට ගන්න පුරුදුවෙන්න ඒ ඇයි කියලා ඔබ ඇසුවොත් පුදුමවෙවී.

රටඉදි ලෝකයේ විවිධ රටවල බහුලව ආහාරයට ගනු ලබන අතර එය බොහෝ ආසියාතිකයන්ගේ ආහාරවේල් වල අංගයක් බවට පත්වී තිබේ. එය වියලි අවස්ථාවේදී ආහාරයට ගනු ලබන නමුත් එහි සෞඛ්‍යමය ප්රතිලාභ වල කිසිදු වෙනසක් නැති බව වෛද්‍ය මතයයි.
රටඉදි වල සෞඛ්‍යමය ප්රතිලාභ පහතින් දැක්වේ.
එහි අඩංගු වැදගත් පෝෂක නිසා එය නිර්මාංශ ආහාර ගන්නා අය සදහා වඩාත් සුදුසු වේ. එම පෝෂක අතර විටමින්, සෙලිනියම්, මැග්නීසියම්, කොපර්, පොටෑසියම්, මැන්ගනීස් හා කෙදි වර්ග අඩංගු වේ.
මෙහි අඩංගු ඉතා ඉහල සෙලිනියම් ප්‍රමාණය නිසා එය පිලිකා සෛල විනාශ කිරීමට මගින් පිළිකා අවධානම අවම කිරීමටද සමත් ආහාරයකි. තවද එමගින් පිළිකා සෛල වර්ධනය පාලනය කිරීම,ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරමින් හදවත් රෝග වලින් හා විවිධ ආසාදන වලින් ශරීරය ආරක්ෂා කිරීමද සිදුකරයි. මීට අමතරව සෙලිනියම් තයිරොයිඞ් උත්තේජකයක් ලෙස ක්‍රියා කරන අතර සෙලිනියම් ශරීරය තුල අවම වීමෙන් ඇතිවන හෝර්මෝන වෙනස් වීම් වලින් ඔබව ආරක්ෂා කරනු ලබයි.
ලූටෙයින් හා සීසැන්තීන් යන කරෝටිනොයිද මෙහි අඩංගු වන අතර එමගින් හිරු එළියේ ඇති අධිශක්ති තරංග ආයාම පෙරීමකට ලක්කර එම අධිශක්ති තරංග ආයාම මගින් ඇසෙහි දෘෂ්ටිවිතානයට ඇතිවිය හැකි හානි අවම කිරීමට සමත්කම් දක්වයි. වසර 2007 දී කල අධ්‍යයනයකින් හෙළිවී ඇත්තේ වයස්ගත වීමේදී ඇසෙහි අදුරු ලප ඇතිවීම පාලනයටද රටඉදි ආහාරයට ගැනීමෙන් හැකිවන බවයි.
මීට අමතරව රටඉදිවල අඩංගු පොස්පරස්, මොලයේ ක්‍රියාකාරිත්වයේ වැඩි කර එය උත්තේජනය කිරීමට සමත්කම් දක්වන අතර එම නිසා බුද්ධිය සම්බන්ධ ක්‍රියාකාරකම් වල යෙදෙන අය සදහා වටිනා ආහාරයක් ලෙස නිර්දේශ කර ඇත. තවද මෙහි අඩංගු සුක්රෝස්, ග්ලූකෝස් හා ෆ්රක්ටෝස් වැනි කාබෝහයිඩරේට මොලයට හා මාංශපේශීන්ට අවශ්‍ය ශක්ති ලබාදෙන අතර එහි අඩංගු ක්ලෝරීන් දත්වල ගෙවීයාම් අඩුකර දත් ආරක්ෂා කිරීමටද සමත්කම් දක්වයි.
ඉදුණු රටඉදි වල විටමින් හා නියැසීන් අඩංගු අතර ලවණ වර්ග වන සෝඩියම්, මැග්නීසියම්, කැල්සියම් හා යකඩද අඩංගු වේ. මෙහි අඩංගු යකඩ ශරීරයේ ලේ අඩුකමට හොද පිලියමක් වන අතර දිනක අවශ්‍යතාවයෙන් 10% ක් රටඉදි ග්රැම් 100 කින් ලබාගත හැක.
අන්තර්ජාලයෙන් උපුටා ගැනීමකි

Nice
ReplyDelete