දරුවාගේ කිරි දත් රැක ගැනීම ඉතා වැදගත් වන්නේ මේ හේතු නිසා. මව්වරු අනිවාරයෙන්ම මේ ගැන සැළකිලිමත් වෙන්න ඕනේ.

පොඩිත්තාගේ මුවෙහි කිරි දත් මෝදු වන විට මවකට දැනෙන්නේ කිව නොහැකි තරම් සතුටක්. දරුවාගේ දත් මතුවීම පිළිබඳව එසේ සතුටට පත්වන්නා හා සේම එහි ආරක්ෂාව පිළිබඳව විමසිලිමත්ව කටයුතු කිරීමත් මවකට පැවරෙන වගකීමක්.
දරුවාගේ දත් මෝදුවන විට ඒ බව හඳුනා ගන්නේ කොහොමද?මෙහිදී දරුවන් තම අතට හසුවන යම් යම් දේ මුව තුළ රුවාගෙන එය සැපීමට උත්සහ කරන බවක් දක්නට පුළුවන්. එයට හේතුව හනු ප්‍රදේශවල කිසියම් පොපියන සුළු බවක් දරුවාට දැනෙන්නට පටන් ගැනීමයි. මෙම අවධියේදී අතට හසුවන සෑම දෙයක්ම කටේ දමා ගැන්මට දරුවා පෙළඹෙන නිසා මවක් කල්පනාකාරී විය යුතුයි.දත් මෝදුවන දරුවන්ට හැපීම සඳහා පහසුවන ආකාරයෙ ප්ලාස්ටික් වලින් රවුම්ව තනා ඇති උපකරණයක් වෙළෙඳ පොළේ තිබෙනවා. මෙවැන්නක් දරුවාට ලබාදීම යෝග්‍යයයි. මෙය භාවිතයේදී මතක තබා ගත යුතු දෙයක් තිබෙනවා. එනම් එහි පිරිසුදුකමයි.තම අතට හසුවන දේ නිතර බිම දැමීම කුඩා දරුවන්ගේ සිරිතක්. ඉහත කී උපකරණය බිම දැමූ විට එහි දුහුවිලි කුණු ආදි විසබීජ තැවරිය හැකියි. දරුවා එය නැවත රැගෙන මුව තුළ රුවා ගතහොත් එම විෂබීජ ශරීරයට ඇතුළු වී දරුවාට යම් යම් බලපෑම් ඇති වන්නට පුළුවන්. එම නිසා යම් හෙයකින් එය බිමට වැටුනහොත් හොඳින් සෝදා පිරිසුදු කර නැවත එය දරුවාට ලබා දෙන්නට සැලකිලිමත් වන්න. කිසි විටෙකත් ඇදිවතෙන් පිසදමා හෝ අතින් පිසදමා හෝ නොසෝදා එය දරුවාට දීමෙන් වළකින්න.දරුවාට දත් මෝදුවන අවධියේදී ඇතිවන ඇතැම් ලක්ෂණ රෝග තත්ත්වයන් ලෙස සිතා ඇතැම් වැඩිහිටියන් කලබලයට පත් වනවා. දත් මොදු වන විට දරුවාගේ කට කොනින් නිතර සෙම වැගිරෙන්නට පුළුවන්. එපමණක් නෙවෙයි මඳ වශයෙන් උණක් ඇතිවිය හැකියි. දත් එන කාලයේදී සමහර විට දරුවාට බඩ බුරුල් කර යන ගතියක් ඇති වුවහොත් (වෙනත් රෝග තත්ත්වයක් නොමැති නම්) එයද බියට පත්විය යුතු තත්ත්වයක් නොවෙයි. මෙහිදී වෙනදාට වඩා දියර වර්ග ලබාදිය යුතුයි. උණ ගතියක් වෙත්නම් වෛද්‍යවරයකුගේ උපදෙස් මත පැරසිටිමෝල් වැනි දෙයක් ලබා දෙන්නට පුළුවන්.
දරුවා මවුකුස තුළ කළලයක් ලෙස වැඩීම ආරම්භ වී සති 4 – 6 ක් පමණ වන විට දරුවාගේ දත් කැකුළු නිර්මාණය වීම සිදුවනවා. මෙහි මුල්ම දත දරුවාගේ වයස මාස 6 ක් 7 ක් ගිය විට උඩු ඇන්දේ හෝ යටි ඇන්දෙ ඉදිරිපසින් කෘන්තක දත් ලෙසින් මතුවනවා. වයස අවුරුදු 2 – 2 1/2 වන විට එක හනුවක කෘන්තක දත් 4 ක් රදනක දත් 2 ක් චාර්වක දත් 4 ක් වශයෙන් දත් 10 ක් මතුවන අතර ඇඳි දෙකෙහිම දත් 20 ක් වෙයි.බබාගේ දත් ඒමට ප්‍රමාදවීම ඇතැම් විට මවුවරුන්ට ගැටලුවක් වන අවස්ථා තිබෙනවා. නමුත් දරුවාට දත් මතුවිය යුත්තේ හරියටම මේ මාසය තුළදීම යැයි කියා නියමයක් නැහැ. පාරම්පරික හේතු සහ පෝෂණීය හේතු මත අප මෙහි දක්වා ඇති සාමාන්‍ය වයස් වකවානුවලට කලින් හෝ පසුව හෝ දත් මතුවීමක් සිදුවිය හැකියි. මෙහිදී මුල්ම ස්ථිර දත් වයස අවුරුදු 6 දී පමණ මතුවෙයි.ආහාර කැබැලි කර හපා කෑමට, කතා කරන විට වචන නිසි පරිදි උච්චාරණය කිරීමට දත් ඇන්ද නිසි පරිදි වර්ධනය වීම මෙන්ම පසු කලෙක මතුවන ස්ථිර දත්වලට නිසි මඟ පෙන්වීමටද කිරි දත් වඩාත් ඉවහල් වනවා. එම නිසා වයස අවුරුදු 7 ක් 8 ක් වනතුරු ඉතා හොඳින් දරුවාගේ කිරි දත් රැක ගැන්ම අවශ්‍යයි.දරුවාගේ කිරි දත් පසු කලෙක හැලී යන අස්ථිර දත් වශයෙන් සැලකෙන නිසා බොහෝ වැඩිහිටියන් දරුවාගේ කිරිදත් වල ආරක්ෂාව පිළිබඳව එතරම් තැකීමක් නොකරන බවක් දක්නට ලැබෙනවා. මේ නිසා කුඩා දරුවන් වැඩි පිරිසකගේ මුඛයෙහි දිරාගිය කිරිදත් කැබැලි මෙන්ම සම්පූර්ණයෙන් කිරි දත් දිරා ගොස් ඇති ආකාරයක් දැකිය හැකියි.
ඒ අයුරින් අකාලයේ දරුවාගේ කිරිදත් හැලී යාමෙන් එය පසු කලෙකදී මතුවන ස්ථිර දත් වලට බලපාන්නට පුළුවන්. හැලී ගිය දතෙහි හිඩැස දෙසට දෙපැත්තේ කිරිදත් ලංවීම නිසා ස්ථිර දතට මතුවීමට ඉඩක් නොමැතිව අක්‍රමවත් ආකාරයෙන් වැරැදි තැනකින් දත මතුවීමට බලයි. ඉන් සිදුවන්නේ දත් ඇන්දේ ලස්සන නැති වී යාම පමණක් නොව එහි නිසි ප්රයෝජනයද නොමැති වී යාමයි. එම නිසා කිරි දත් නිසි ආකාරයට හැලී යන තෙක් ප්‍රවේශමෙන් රැක ගැන්ම අත්‍යවශ්‍යයි.දරුවාගේ කිරි දත් රැක ගත යුතු නම් නිතර නිතර පැණිරස ආහාර දීමෙන් වැළකෙන්න. ටොෆි, චොක්ලට්, අයිස්කී්රම් වැනි පැණිරස කෑම ප්‍රධාන ආහාර වේලට පසුව පමණක් දීමට පුරුදු වන්න. ඒ අතර තුර වරින් වර පැණිරස දේ දරුවාට දෙන්නට එපා.පලතුරු යුෂ, කිරි ආදිය දෙන විට සීනි යොදා දීමෙන් වළකින්න. මෙවන් පාන වර්ග වලට සීනි මුසුකර බෝතලයට දමා දීමෙන් එය වැඩි වේලාවක් දරුවාගේ මුව තුළ රැඳීමත් නිසා දත් දිරායාම පහසුවෙන් සිදුවිය හැකියි. සූප්පුව සහිත කිරි බෝතලය මුව තුළ තිබියදීම නින්දට යාමට දරුවා පුරුදුව සිටියි නම් වහාම එය නවත්වන්න. දත්වලට හානිකර බලපෑම් ගෙන දීමට එයද ප්‍රධන හේතුවක්.දරුවාගේ මුවෙහි දතක් හෝ දෙකක් තිබුණත් එය පිරිසුදු කිරීම අනවශ්‍යයැයි සිතන්නට එපා. තෙමාගත් පුළුන් කැබැල්ලක් ඇඟිල්ල වටා ඔතා ඉන් උදේ හවස දරුවාගේ දත් පිරිසුදු කරන්න. මුව තුළ හොඳින් දත් වැඩී තිබේනම් මෘදු කෙඳි සහිත බුරුසුවකින් දත් මැද පිරිසුදු කළ යුතුයි. දරුවාගේ දත් මැදීමේදී මව දරුවාගේ හිස තමා දෙසට සමීපව හේත්තු කර ගනිමින් දත් මදින්නේ නම් දරුවා එයට වඩාත් සතුටක් දක්වාවි.
අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

No comments: