O/L A/L වලට සාර්ථකව මුහුණු දෙන්න මේ වටිනා කරුණු ගැන අනිවාර්යෙන්ම ඔබ දැනගෙන යන්න
O/L A/L වලට සාර්ථකව මුහුණු දෙන්න මේ වටිනා
කරුණු ගැන අනිවාර්යෙන්ම ඔබ දැනගෙන යන්න.
මෙවර Meet Your doctor වැඩසටහනට සහභාගී වූයේ විශේෂඥ මනෝ වෛද්‍ය සුසිල් කුලතිලක මහතායි.
දරුවන් විභාග සමඟ විශාල කැපකිරීම් ප්‍රමාණයක් සිදු කරනු ලබනවා.
ලංකාව තුළ පැවැත්වෙන විභාග නීතිරීති අනුව සාමාන්‍ය පෙළ විභාගයේදී දරුවන්ට තෝරා බේරා ගැනීමක් නොමැතිව සියලුම විෂයන්ට මුහුණ දීමට සිදු වේ. එසේ වුවත් උසස් පෙළ විභාගයේදී දරුවා විසින්ම තෝරා ගැනීමක් සිදු කළ යුතු වෙනවා පමණක් නොව විෂයන් ප්‍රමාණය ද අවමයි. උසස් පෙළ විභාගයේදී මෙසේ තෝරා ගන්නා විෂයන් වඩාත් නිවැරදි තෝරා ගැනීම ඉතාමත් වැදගත් වේ. මේ සඳහා තමාගේ කැමැත්ත හා දක්ෂතාව මත පදනම් වී දෙමාපියන්, ගුරුවරුන් සහ වැඩිහිටියන් යන සියලුමදෙනා එකමුතු වී මේ තීරණය ගත යුතු වේ. නමුත් ඇතැම් දෙමාපියන් තමාට නොහැකි වුණු දේ දරුවා ලවා ඉටු කර ගැනීමට සිතා ඔවුන් අඩු හැකියාවක් ඇති විෂය ධාරාවකට යොමු කරනු ලැබේ. මේ නිසා දරුවන් විභාගයේදී අසාර්ථක මට්ටමට පත් වේ. ඇතැම්විට ඔවුන්ගේ ඉදිරි ජීවිත පවා යම් ආතතිමය, තත්ත්වයකින් ගත කළ හැකියි.
මීට අමතරව දරුවන් තමන්ගේ ආකල්පය නිවැරදිව පවත්වාගෙන යාම ඉතා වැදගත්. යම් දරුවෙක් සාමාන්‍ය පෙළ ඉහළ ප්‍රතිඵලයක් ගත් පමණින් උසස් පෙළ විභාගයේත් තමාට උසස් ප්‍රතිඵලයක් ලබාගත හැකි යැයි යම් අයෙක් සිතනවා නම් එය තරමක් වැරදි ආකල්පයක්.
සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ඔබගේ ආත්ම අභිමානය ඉහළ දැමීමත් උසස් පෙළ විභාගයත් ඒ අයුරින්ම ඔබට ඉහළින්ම සමත් විය හැකි යැයි බලාපොරොත්තු නොවිය යුතුයි. එසේ සමත් වීමට නම් ඒ සඳහා දැඩි ආශාවක්, උනන්දු වීමක්, තිබෙනවා නම් ඒ ඉලක්කය ඔබට සපුරා ගත හැකියි. මෙය උත්සාහය මත පදනම් වී ලැබෙන ත්‍යාගයක් වශයෙන් සැලකිය යුතුයි.
උසස් පෙළ විභාගයට මුහුණ දීමේදී දරුවෙකුට මුහුණ දීමට සිදුවන ගැටලුකාරී තත්ත්වයන් මොනවාද?
කාලය, තමාට ලැබී ඇති සම්පත් කළමනාකරණය ඉතා වැදගත්. අපි අතරින් සිදුවන ප්‍රධාන ගැටලුව වන්නේ හොඳින් සවන් නොදීමයි. බොහෝ දරුවන් අධ්‍යාපනය ලබන අතරතුර නිදිකිරීම, නිසිලෙස සවන් නොදී පසුවට කල්තබා පාඩම් හැදෑරීම, ජංගම දුරකථනය ක්‍රියා කරවීම ආදිය සිදු කරනු ලැබේ.
නමුත් මෙසේ සිදුකිරීමෙන් තමාගේ පන්ති කාමරය තුළදී ඉගෙන ගැනීමට අවශ්‍ය බොහෝ දේවල් සක්‍රීයව සවන් නොදීම නිසා නොඑසේ නම් පන්තිකාමරය තුළ ගත කරන සජීවී කාලය තුළ සවන් නොදීමෙන් විශාල දැනුම් ප්‍රමාණයක් අපතේ හැරීමක් ඔබ සිදු කරගනු ලැබේ. මෙය බොහෝ අය අතින් සිදුවන වරදක්. ඒ නිසා ඔබ උසස් පෙළ විභාගයට මුහුණ දෙන දරුවන් ලෙස සක්‍රීයව සවන්දීම ව්‍යායාමයක් ලෙස පුහුණු කිරීම, ව්‍යායාමය සඳහා දැනුම එක්රැස් කිරීමට මූලික සුදුසුකමකි.
පාඩම් කළාට මතක හිටින්නේ නැහැ. මීට හේතුව කුමක්ද?
අප විසින් සක්‍රීය ලෙස සවන් දී මතකය තුළ තැන්පත් කරගන්නා දැනුම් සම්භාරය විවිධ අයුරින් පසුව ප්‍රයෝජනයට ගනු ලැබේ. මතකය ලෙසින් හැඳින්වෙන්නේ ඉතාම සංකීර්ණ ක්‍රියාවලියක්. එහි ප්‍රධාන අවස්ථා 3කි. අපි විසින් පංච ඉන්ද්‍රියයන් තුළින් ලබා ගන්නා සංවේදන මොළයේ ගබඩා කර ගැනීමට අවශ්‍ය වන පරිදි යම් සකසා ගැනීමක් කර ගනු ලැබේ. එනම් කේතයන් බවට එම සංවේදන පරිවර්තනය කර ගැනීමක් සිදු කරනු ලැබේ. එම කේතකරණය කර දත්ත ගබඩා කර ගැනීමක් සිදු කරනු ලැබේ. පසුව ඒවා ආපස්සට මතකයට ගනු ලැබේ. එය මතකයට අදාළ ප්‍රධාන ක්‍රම 03යි.
ඒ වගේම මතකයන් වර්ග කිහිපයක් පිළිබඳව ද කථාබහ කරනු ලැබේ. තත්ත්පරයකට අඩු කාලයක් තුළ සිදුවන මතක ක්‍රියාවලියක් තිබේ. මෙහිදී මොළයේ විද්‍යුත් පරිපථ ආශ්‍රිත මතකයන් ඇති වී ඉතා කෙටි කලකින් නැවත ආහෝසි වි යනු ලැබේ.
කෙටිකාලීන මතකය නමින් ද මතකයන් තිබෙන අතර තත්ත්පර කිහිපයක සිට විනාඩි කිහිපයක් දක්වා යම් දෙයක් අපගේ මතකයේ රඳවා ගත හැකියි. කෙසේ වෙතත් විභාග අවස්ථාවකදී අපට වැදගත් වන්නේ ඉහත සඳහන් කළ මතක යුගළයන් නොවේ.
ඒ අනුව විභාගය සඳහා වැදගත් වන්නේ දිගුකාලීන මතකයයි.
දිගුකාලීන මතකය සීමාවක් නොමැති මතකයකි. කෙටිකාලීන මතකයට යම් සීමාවක් තිබුණත් දිගුකාලීන මතකයේ ඇති ධාරිතාව මේ තරම් යැයි දැක්විය නොහැකි වේ. මේ මතකය යම් අයෙකුගේ මරණය දක්වා පැවතිය හැකියි.
යම් දෙයක් දිගුකාලීන මතකයට යොමු කරන්නේ කෙසේද?
දිගුකාලීන මතකයට, අපි අධ්‍යයනය කරන දෙයක් නැවත නැවත පුනරීක්ෂණය මෙන්ම ඉතා හොඳින් අවබෝධය තුළින් ලබන අධ්‍යාපනය දිගුකාලීන මතකයට හේතුවක්. ඒ වගේම සිහිය පිහිටුවා ගැනීමත් ඉතා වැදගත්.
පාඩම් කිරීමේදී යම් ඉලක්කයක් නම් කරගෙන පාඩම් කිරීම ඉතා වැදගත්. මේ විෂය අධ්‍යයනයේදි පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර අධ්‍යයනය ප්‍රශ්නවලට පිළිතුරු සෙවීම හරහා ඔබ පාඩම් කරන විට ඔබගේ දිගුකාලීන මතකයට විෂය කරුණු කා වැදීමට එය හේතුවක් වේ.
දරුවෙක් විභාගයක් සම්බන්ධව අධෛර්යමත් වුණොත්?
මේ තත්ත්වය මන්දෝත්සාහි වීම ලෙස හඳුන්වයි. එම දරුවන් පාඩම් කිරීමට කම්මැලි, වැඩමඟහරින, දවසින් දවස විෂය කරුණු ගැටලු ගොඩ ගැසේ. එවිට විභාගයට මුහුණ දීම ඕනෑවට එපාවට සිදු කළ හැකියි. මේ තත්ත්වය මුල සිට වළක්වා ගත යුත්තකි. මේ සඳහා ඔබ කළ යුතු දේ වන්නේ කාලය කලමනාකරණය, සක්‍රීයව සවන් දීම, තමා සතු සම්පත් නිසිලෙස ප්‍රයෝජනයට ගැනීම ආදියයි.
කාලය කලමනාකරණයේදී සිල්ලර කාලය ලෙස සංකල්පයක් හැඳින්වේ.
මෙහිදී ඔබ පෞද්ගලික පන්තියකට සහභාගී වූවා කියා සිතන්න. ගුරුවරයා පැමිණීමට ප්‍රමාද වීම නිසා හෝ වෙනයම් හේතුවක් නිසා ඔබට විනාඩි 10ක පමණ කාලයක් ලැබුණොත් එවිට යහළුවන්ට විහිලු කරමින් නිකරුනේ කාලය අපතේ දැමුවොත් ඉන් කිසිදු ප්‍රයෝජනයක් අත් වන්නේ නැහැ.
ඒ වගේම එය දවස් ගණනාවක් නොඑසේ නම් විභාගය පැවැත්වෙන අවුරුදු දෙක පුරාම සිදු වුණොත් මාස ගණනක කාලයක් අපතේ යැවීමක් සිදු විය හැකියි. නමුත් එම සුළු වේලාව තුළ ඔබ යම් කෙටි සටහනක් පාඩම් කරනවා නම් එය ඉතාමත් හොඳ කාර්යයක්. ඒ වගේම ගුරුවරයා පන්තියට පැමිණෙන්නට පෙර සූදානමක් වශයෙන් ද එම අවස්ථාව සැලකිය හැකියි. ඔබට නිදිමත, විවිධ කල්පනාවන් ඇති වුණත් ගුරුවරයාට හොඳ අවධානයක් ලබා දි සක්‍රීයව ඇහුම්කන් දීම ඉතාමත් වැදගත්.
එමෙන්ම නිවැරදිව සටහන් එකතු කර ගැනීමත් ඉතා වැදගත් තමා දන්නා නිවැරදි දේ විභාගයේදී සටහන් කිරීම වැදගත්. තමා දන්නා දැනුම නිවැරදිව සටහන් කිරීම පුරුදු විය යුතු වනවා වගේම තමා ලැබූ දැනුම අදාළ කාලය තුළ විභාගයේදි තමා දන්නා දේ නිවැරදිව කොළය තුළ සටහන් කිරීම ඉතා වැදගත්. තමා අධ්‍යාපන කටයුතු කරනවා වගේම ඒ සඳහා ඒ සඳහා සමූහ අධ්‍යාපනය වැනි ක්‍රම භාවිතා කළ හැකි නම් එය වඩාත් වැදගත්. එම කණ්ඩායමට එක් අයෙක් දෙදෙනෙක් වුවත් ප්‍රමාණවත් වේ. එමඟින් එම සමූහ අධ්‍යාපනය කණ්ඩායම් අධ්‍යාපන මඟින් නිර්දේශිත ග්‍රන්ථවල ඇති ගැඹුරු කරුණු සරල ඒවා බවට පරිවර්තනය කළ හැකි වීම තමා නොදන්නා දේ අනෙක් තැනැත්තාගෙන් පැහැදිලි කර ගැනීමේ අවස්ථාව ද හිමි වේ.
නිදා ගැනීම ආහාර ගැනීමේ ඇති වැදගත්කම උසස් පෙළට මුහුණ දෙනවිට නිදාගන්නා කාලය පිළිබඳ බොහෝවිට ප්‍රශ්න ඇති කරනු ලැබේ. මේ සඳහා ඇමරිකානු පරීක්ෂණ ආයතනයක් විසින් සිදු කරනු ලැබූ පරික්ෂණයට අනුව අවම වශයෙන් උසස් පෙළ කරන දරුවෙකු පැය 06කවත් අවම නින්දක් ලබා ගත යුතු බව සඳහන්. නමුත් එය එක් අය අනුව විවිධාකාර විය හැකියි. නමුත් ඔබ නිදාගන්නා කාලය අඩුවෙන් යොදා ගතහොත් පසුදා ඔබගේ ශරීරයට යම් යම් අපහසුතා දැනුනොත් ඉන් අදහස් වන්නේ ඔබට ලැබුණු නින්ද ප්‍රමාණවත් නොවන බවයි. ඒ වගේම නින්ද යනු කිසිදා කාලය අපතේ හැරීමක් ලෙස නොසැලකිය යුතුයි.
ඒ අනුව නින්ද මඟින් ඔබ විසින් පාඩම් කළ දේ දිගුකාලීන මතකයට යාමක් සහ එය සකසා ගැනීමක් සිදු වේ. ඒ වගේම පාඩම් කිරීම ආදී අනෙකුත් සක්‍රීය ක්‍රියාවන්ට ද නින්ද අවශ්‍යයි. එමෙන්ම විවිධාකාර හෝර්මෝන ක්‍රියාකාරීත්ව රාශියක් සිදු කරනු ලැබේ. ඔබට නින්ද යන්නේ නැත්නම් එය වෛද්‍ය ප්‍රතිකර්මයක් මත හෝ ලබාගත යුතු බව මතක තබාගන්න. එසේ නොමැතිව ඔබට හොඳ නින්දක් නොලැබුණොත් පසුදා ඔබ මුහුණ දෙන අභියෝගාත්මක කාලයේදි සක්‍රීයව නැවත මතකයට නැඟීමක් සිදු කිරීම ගැටලුකාරී විය හැකියි. අවම තරමේ පැය 06ක වත් නින්දක් විභාගයට ආසන්න මාසවලදී ලබා ගත යුතුයි.
විභාගයක් සඳහා සූදානම් වන දරුවකු සිටින පවුල් පරිසරය
ගෙදර ඇතිවන අඩ දබර, බීමත්කම, ආදී නිවස ආශි‍්‍රත පරිසරය දරුවන්ට ගැටලු ඇති කරයි. දරුවාට අවශ්‍ය පරිසරය ඇති කරදීම දෙමාපියන් සතු වගකීමකි.
පෝෂණය පිළිබඳ කථාබහ කළොත්
නින්ද වගේම ශරීරයට අවශ්‍ය පෝෂණයක් ඉතා වැදගත්. මතකය තබා ගන්න ඖෂධ පවා ලබා ගනු ලැබේ. නමුත් එවැනි ඖෂධ මත යැපීම ඉතාමත් වැරදියි. අපට අපගේ රට තුළ ඕනෑ තරම් පෝෂණය තිබෙන නිසා ඒවා ලබා ගැනීමට හැකියාව ලැබේ.
මීට අමතරව මානසික අවපීඩනය නිසාද දරුවාට මතක නොසිටිය හැකියි. මේ විෂාද තත්ත්වය ශරීරය අප්‍රාණික බව, කම්මැලි බව, ආදී රෝග ලක්ෂණ සතියක් දෙකක් පමණ තිබේ නම් මව්පියන් ඒ පිළිබඳ කථාබහ කළ යුතුයි. ඒ පිළිබඳ අවධානයෙන් කටයුතු කළ යුතු වේ.
- නුවන්ති කුලරත්න
අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

No comments: