Header Ads

ගෑණු ළමයි තනපට ඇඳගෙන රෑට නිදාගත්තොත් මොකද වෙන්නේ දන්නවද ?


ගෑණු ළමයි තනපට ඇඳගෙන රෑට නිදාගත්තොත් මොකද වෙන්නේ දන්නවද ? සිංහල ඔන්ලයින් අපේ page එකට like එකක් දාලා  අනිත් අයටත් දැන ගන්න share කරන්න.

රාත‍්‍රී නින්දට යාමේදී බ්‍රෙසියර් භාවිතය පිළිඹදව කාන්තාවන් අතර විවිධ මත පවතී. මෙයින් වඩාත්ම කතාබහට ලක්වන කරුණ වනුයේ, රාත‍්‍රියේදී බ්‍රෙසියර් භාවිතය පියයුරු පිළිකා සඳහා හේතුකාරක වන බවට ඇති මතයයි. මෙම අදහස, මුල්වරට මීට දශක දෙකකට පමණ ඉහතදී මතවාදයට තුඩු දෙනු ලැබූවක් වූවද, වර්තමානය වනතුරුම එම මතය ඔප්පු කිරීම සඳහා සාධක ඉදිරිපත්වී නොමැත.

මේ පිලිබඳව පර්යේෂණවල නිරතවු විද්වතුන්ගේ අදහස වී තිඛෙන්නේ මෙම කරුණ, පියයුරු පිළිකා කෙරෙහි එකහෙළා බලපෑමක් ඇති නොකරන බවයි. ඒ පිලිබඳව ඔවුන් දක්වන්නේ මෙවන් අදහසක්ත්‍ව. එක් කාන්තාවක් හට රාත‍්‍රී නින්දට බ්‍රෙසියර් භාවිතය සුවපහසු නින්දකට හේතු වන අතර, තවත් අයෙකුට එය අපහසුතාවයක් ලෙස හැගෙන්නට පුලූවන. මේ අනුව,


 මෙම කරුණ එක් එක් කාන්තාවගේ උවමනාව, පුරුද්ද හා සුවපහසුව මත පදනම් වූවක්. එනම් එය භාවිතය අනිවාර්යයි හෝ භාවිතා කිරීම නුසුදුසු යැයිද හෝ කීම නිවැරැුදි නොවේ. එය ඔබේ රුචි අරුචිකම් මත වෙනස් විය හැක.

නමුත් රාත‍්‍රියේදී බ්‍රෙසියර් භාවිතයට ගන්නේ නම්, ඔබ සිහිතබා ගතයුතු කරුණු කිහිපයකි. එනම්, අනවශ්‍ය ලෙස හිර, පැලද සිටීමට අපහසු (වයර් යෙදු, ඝනකම කප් සහිත බ්‍රෙසියර් භාවිතය රාත‍්‍රිය සඳහා අනුමත කල නොහැක. මීට අමතරව, නයිලෝන් හෝ සිල්ක් රෙද්දෙන් මසා නිමකල විසිතුරු බ්‍රෙසියර්ද රාත‍්‍රී භාවිතයට නුසුදුසුවේ. මෙවැනි බ්‍රෙසියර් භාවිතය නිසා පහත පෙන්වාදී ඇති ගැටලූ වලට ඔබට මුහුණදීමට සිදුවිය හැක. පියයුරු සඳහා වන රුධිර සැපයුම


 සීමාකාරීවීම. අධික දහඩිය නිසා සමේ කැසීම් සහ පලූ දැමීම් ඇතිවීම. අධික ලෙස පීඩනයට ලක්වන / වයර් යෙදු ප‍්‍රදේශවල සම දුර්වර්ණ වීම. වසා නාල පද්ධති අවහිරවීම නිසා පියයුරු ඉදිමුමට ලක්වීම. රුධිර හා වසා පද්ධති මෙන්ම පියයුරු ආශ‍්‍රිත අනෙකුත් පටකද අනවශ්‍ය තෙරපුමකට ලක්වීම නිසා, පිළිකාකාරී නොවන ගෙඩි හෝ කැටිති ඇතිවීමට ඇති හැකියාව ඉහළයාම. වරින්වර ඇතිවන අපහසුතා නිසා සුවබර නින්දක් අහිමිවීම.

ඔබත් සාමාන්‍යයෙන් රාත‍්‍රියේදී බ්‍රෙසියර් භාවිතයට හුරුවූවෙක් නම්, මෙම ගැටලූකාරී තත්වයන් මහහැරීම සඳහා පහසු, අධික තෙරපුමකින් තොර, කපු රෙද්දකින් මසා නිමකල බ්‍රෙසියර් ඒ සඳහා තෝරා ගත හැක. එමගින් අනවශ්‍ය සැකයකින් තොර, ගැටලූකාරී නොවන, සුවබර නින්දක් ලබාගැනීමට ඔබටත් හැකිවේවි




අතර්ජාලයෙන් උපුටා ගැනීමකි



No comments:

Powered by Blogger.