Header Ads

මාරාන්තික රෝගවලට පවා අත්දුටු අමරෝලි ප්‍රතිකාරය ගැන ඔබත් අදම දැනගන්න


මාරාන්තික රෝගවලට පවා අත්දුටු අමරෝලි ප්‍රතිකාරය
 

අග්ග මහා පණ්ඩිත ආනන්ද මෛත්‍රෙය මහ නාහිමි දේශිත ප්‍රතිකාර විධියක්
මේ වන විට රට පුරා ශීඝ්‍රයෙන් පැතිර යන පිළිකා, දියවැඩියා, වකුගඩු, හෘදය හා රුධිර ධාවන රෝග සඳහා තවමත් බටහිර විද්‍යාවෙන් නිත්‍ය ප්‍රතිකාර සොයා ගෙන නැති අතර, ‍ෙම් මාරාන්තික රෝගවලට පමණක් නොව සාමාන්‍ය රෝගවලට පවා සුදුසු ප්‍රතිකාරයක් වශයෙන් බුදු රජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද “පූතිමුත්ත භේසජ්ජය” කෙරෙහි දැන් දැන් ජනතාවගේ අවධානය යොමු වෙමින් පවතී.

ප්‍රතිමූත්ත භේසජ්ජය යන්නෙහි “පූති” යන වචනයේ ඇති ගඳගහන, නරක් වූ, හිරිකිත යන අරුත මෙතෙක් භාවිත කළ ද ඊට හාත්පසින් වෙනස් වූ අරුතක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය එච්.එම්. ගුණතිලක මහතා විසින් අප වෙත දන්වා ඇත. එසේ ම බටහිර ගැති බොහෝ දෙනා ස්වමුනු අපද්‍රව්‍යයන් ලෙස ප්‍රතික්ෂේප කරන නමුත්, සමහර ප්‍රධාන පෙළේ විශේෂඥ වෛද්‍යවරුන් පවා දැන් මෙම ප්‍රතිකාරයේ විස්මිත ගුණය නිර්භයව ප්‍රකාශ කිරීම සතුටට කරුණක්ව ඇත.

මහාචාර්ය එච්.එම්. ගුණතිලක මහතා අප වෙත එවූ ලිපියේ මෙම අමරෝලි ප්‍රතිකාරයේ ඇති ආධ්‍යාත්මික ශක්ති වර්ධනය ද රෝග සුවතාවට බලපාන ආකාරය ද විස්තර කැර ඇත.

“බුදු රජාණන් වහන්සේ එක වචනයක්වත් අනවශ්‍ය පරිදි භාවිත කළ කෙනෙක් නොවෙයි. “පූතිමූණ” වචන යෙදීමේ විශේෂ අර්ථයක් තිබිය යුතුයි. බුදු රජාණන් වහන්සේ “පූතිමුත්ත” යැයි දේශනා කළ යෙදුමේ “පූති” කියන වචනයට ආප්තේ ගේ සංස්කෘත ඉංග්‍රිසි අකාරාදියේ Purification (පවිත්‍රීකරණය) යන වචනයක් දී ඇත. ඒ නිසා මගේ අදහස නම් “අපවිත්‍ර මූත්‍ර” කියනවාට වඩා “පවිත්‍ර මූත්‍ර” යන අර්ථය ගැළපෙන බවයි. එහි පවිත්‍ර කියන්නේ මුලයි අගයි අතහැර පවිත්‍ර වුණු මුත්‍ර කියන එක යැයි සිතන්නට පුළුවනි. ’’

ඒ වගේ ම මේ අමරෝලි ප්‍රතිකාරය පිළිබඳ මගේ හිතවතුන් කීප දෙනෙකුට ම දැනුම් දුන් අතර දියවැඩියාව - හෘදයාබාධ වැනි බටහිර ප්‍රතිකාරවලින් සුව නොවුණු රෝගවලින් පෙළුණු ඒ අය එයින් සුවපත් වූ බව දැනුම් දෙන්නේ සතුටිනි.

විශේෂයෙන් ම ඒ අය මහායානික බෞද්ධ ප්‍රතිපත්තිවල යෙදෙන අය නිසා ඔවුන්ට ස්වමුත්‍ර පිළිබඳ පිළිකුල් හැඟීමක් ඇති වන්නේ ද නැත. ඒ අය එදිනෙදා ජීවිතයටත් මහායාන ක්‍රම භාවිත කරන බැවින් ජීවිතයේ ගැඹුරු තැන දකින නිසා ඔවුන් මේ ප්‍රතිකාරය එක් හිතින් ම පිළිගෙන ඇත.

එසේ ම බෞද්ධ ප්‍රතිපත්තිවල සීලයට ප්‍රධාන තැනක් හිමි වන අතර මහ බෝසතාණන් වහන්සේ ද සමාදන් වූ ආජීව අට්ඨමක සීලය සමාදන් වූ රෝගියා ගේ එයින් ගොඩ නැගෙන මානසික ශක්තිය කායික රෝග මර්දනයට හේතුවන බව පැහැදිලියි. සීලයේ ඇති වැදගත්කම මේ ප්‍රතිකාරයට අත්‍යවශ්‍ය හා වැදගත් නිසාම මෙය බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට නියම කළා විය යුතුයි. එහෙත් ප්‍රතිපත්ති ගරුක ගිහියන්ට ද මෙයින් ප්‍රතිඵල ලැබීමට හැකිය.

‍ඒ වගේ ම මේ ප්‍රතිකාරයේ සඳහන් “උපවාසය” ද දිගින් දිගට මානසික හා කායික සුවය ලබා දෙන ක්‍රමයකි. මහාචාර්යවරයා අදහස් දක්වා ඇත.

මිනිසාට යමක් කරන්නට හෝ කියන්නට මනසට සිතෙයි. සිතෙන ක්ෂණයේ ම ශරීරයේ ඇති රූප (කාය විඤ්ඤත්ති - වාචී විඤ්ඤත්ති) වහා ක්‍රියාත්මකව ඊට අදාළ ක්‍රියාව කරවයි. වචන ප්‍රකාශ කරවයි. මේ මානසික ක්‍රියාවකි. ඒ මානසිකත්වය මැනවින් ක්‍රියාත්මක කරන්නේ ආධ්‍යාත්මීය සංවර්ධනතාව මත බව අභිධර්මයට අනුව පැහැදිලි කළ හැකිය. කය වචන සංවර වූ පුද්ගලයා තුළ වැඩෙන මෙත්‍රී, කරුණා. මුදිතා, උපේක්ෂා ගුණ මහා බලසම්පන්න ශක්තීන් ය. රූපී - අරූපී - බ්‍රහ්ම තලවලට පවා යැවිය හැකි ශක්තීන් ය.

මාරාන්තික රෝගවලට පවා මේ අමරෝලි ප්‍රතිකාරය අත්දුටු බෙහෙතක් බවට කොළඹ මහ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ (හිටපු) විශේෂඥ වෛද්‍ය රාණි ප්‍රනාන්දු මහත්මියට මීතිරිගල තිස්සරණ වන සේනාසනාධිකාරී පූජ්‍ය උඩ ඊරියගම ධම්මජීව මාහිමිපාණන් වහන්සේ මෙම අමරෝලි (ස්වමුත්‍ර) ප්‍රතිකාරය පිළිබඳ පැරැණි තොරතුරක් පවසා තිබුණි. එම තොරතුර මම ද දුකතනයෙන් එතුමිය අමතා තහවුරු කැර ගතිමි. ඒ සිද්ධිය මෙසේ ය.

“මගේ සීයා ගේ නම ජෝර්ජ් පෙ‍ෙර්රා කුරුණේරු. පදිංචිව සිටියේ මාගාල්ලේ. සීයා අවුරුදු 106ක් ජීවත් වුණා. 1981 දීය මිය ගියේ. මේ සිද්ධිය 1925 පමණ සීයා තරුණ කාලේ සිද්ධ වූ දෙයක්. මා සමඟ පැවසුවේ සීයා ම ය. සීයා රැකියාව වශයෙන් කළේ විදේශ වෙ‍ෙළඳාම, රේන්ද, රන් රිදියෙන් හා කැස්බෑ ලෙලිවලින් නිෂ්පාදනය කළ අරුමෝසම් බඩු රැගෙන නැව් මඟින් සිංගප්පූරුව, මැලේසියාව, පීනෑං, සැන්සිබාරය වගේ රටවලට ගොස් වෙළෙඳාම් කළා. දකුණේ අය ඒ කාලෙ ගාලු වරායෙන් නැව් නැග පිටරටවලට ගොස් මේ වගේ වෙළඳාම් කළා.

ඉතින් එක වතාවක් මේ වගේ මුහුදු ගමනක යෙදෙන කොට නැවේ සිටිය කෙනෙකුට වසූරිය රෝගය වැලඳිලා ඔහුගෙන් මගේ සීයාටත් බෝ වෙලා. මේ මාරාන්තික රෝගය නැව පුරා බෝ වුණොත් සියලු දෙනා ම මැරෙනවා. නැවේ කපිතාන්වරයා ඒ නැවේ ගමන් කළ අයත් නැවේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාත් රැස් කොට උපදෙස් දී තිබෙනා. ඒක උපදෙසකට වඩා තද අවවාදයක්. නියෝගයක්.

මේ නැවේ සිටින හැම කෙනෙක් ම මේ මොහොතේ පටන් තමන් විසින් පිට කරනු ලබන තමන්ගේ ම මුත්‍ර බිඳුවක් පවා ඉවත නොදා තමන් ම පානය කළ යුතුයි. එසේ නොකරන කෙනෙක් සිටිනවා නම් ඔහු අල්ලා මුහුදට දමන බවටත් දැඩි ලෙස අවවාද කැර තිබුණා. වසූරිය එයින් ම සුව වුණා. තවත් කිසි කෙනෙකුට බෝ වුණෙත් නැහැ.” කියා මගේ සීයා මා සමඟ කීවා යැයි ද රාණි ප්‍රනාන්දු මහත්මිය කීවා ය.

මේ ස්වමුත්‍ර පානයේ ඖෂධීය ගුණය 1925 වන විටත් විදේශීය නැව් සමාගම්වල කපිතාන්වරු පවා දැනුවත්ව සිටි රහස් ඖෂධයක් බව එයින් පැහැදිලි වෙයි.

බටහිර වෛද්‍ය ක්‍රමය උගත් එසේ ම ශ්‍රී ලංකාවේ මහා රෝග්‍යශාලාවේ අධ්‍යක්ෂවරියක ලෙස සේවය කරමින් වෛද්‍ය රාණි ප්‍රනාන්දු මහත්මිය නොපැකිළව, අවංකව, මෙසේ ප්‍රකාශ කිරීම පිළිබඳ ගෞරව කරමු. ඒ ධර්මයේ ආනුභාවයයි.

නාවල රාජගිරිය පාරේ විසූ ඇම්. අඹේපිටිය මහතා ස්වමුත්‍ර ප්‍රතිකාරය පිළිබඳ “සුබසෙත” පත්‍රයට 2000 වර්ෂයේ සැපයූ ලිපි පෙළකින් ඒඩ්ස් රෝගය පවා සුව කළ හැකි බව සනාථ කරයි.

ප්‍රතිශක්ති ඌනතාව යනුවෙන් හැඳින්වෙන ඒඩ්ස් රෝගය මේ සියවසේ ලෝකයට එල්ල වූ පිළිකාව වැනි ම තවත් බරපතළ තර්ජනයකි. ප්‍රතිශක්ති වර්ධනය කිරීමේ විස්මිත ශක්තියක් ස්වමුත්‍ර වලින් ගොඩනැ‍ඟෙන බව මාතා ක්‍රිස්ටර් නමැති විද්වතෙක් විද්‍යාත්මක පරියේෂණයකින් 1994 දී ලියා ප්‍රසිද්ධ කළ “ඔබගේ ශ්‍රේෂ්ඨ ඖෂධය” නමැති ග්‍රන්ථයෙන් අඹේපිටිය මහතා කෙටියෙන් ඉදිරිපත් කැර ඇති තොරතුරු කීපයක් මෙසේය.

1. ඒඩ්ස් රෝගියා පිරිමියෙකි

ඔහුගේ සිරුරේ කපෝසිසර් කෝමා නමැති පිළිකා රෝග වෛරසය තිබී ඇත. තවත් ආසාධිත රෝග බැක්ටීරියා සමූහයක් ද තිබුණු බව පරීක්ෂණ වලින් හෙළි වී ඇත. මේ රෝගියා මුත්‍ර ප්‍රතිකාර ක්‍රමය පිළිනොගත් අතර ඊට උපහාසයෙන් සිනා සෙන්නට ද විය.

කෙසේ නමුත් ඔහුගේ පාදයක තිබූ සුව නොවන දදයක් මත මුත්‍ර ආලේප කිරීමෙන් එය දින තුනකදී සුව වී ඇත. ඒ හේතුවෙන් මේ ප්‍රතිකාර ක්‍රමය පිළිබඳ ඔහු තුළ විශ්වාසයක් ගොඩ නැඟුණි. මේ ප්‍රතිකාරය ආරම්භ කිරීමෙන් පසු ඔහුගේ මුඛයේ තිබූ පිළිකාව සුව වී ඇත. ලිංගාශ්‍රිතව තිබූ විසර්ජයන් ද සුව වී ශරීරයේ ඊ සෛල වර්ධනය වී ඇත.

2. ඒඩ්ස් රෝගියා වයස 38ක් වූ පිරිමියෙකි.

ඔහුගේ පිටේ ලොකු ගෙඩියක් සෑදී තිබුණු අතර ‍වෙහෙස ගතියකින් පෙළෙන්නට විය. මුත්‍ර ප්‍රතිකාරය ආරම්භ කොට පැය 48කදී ගෙඩි කුඩා වී ඇත. දින කීපයකින් එතෙක් ශරීරයට දැනුණු වෙහෙස ගතිය ද අඩු වී ගියේය. සති දෙකකදී පිටේ තිබුණු ගෙ‍ඩිය අතුරුදහන් විය. මෙට්‍රසයික්ලීන්වලින් සුව නොවුණු දේ මුත්‍ර ආලේපයෙන් ඉටු විය.

එහෙත් අතරමඟ දින දෙකක් අමරෝලි පානය නතර කළ විට ගෙඩිය හා වෙහෙස නැවත ඇති විය. යළිත් මුත්‍ර ප්‍රතිකාරය ආරම්භ කිරීම නිසා ක්‍රමයෙන් නැවත සුවපත් විය. නියමිත ප්‍රතිකාර විධිය දිගට ම නොකඩවා සිදු කිරීමෙන් ස්ථිර සුවය ලැබෙන බව එයින් පැහැදිලිය. අවුරුදු බොහෝ ගණනක් දිනපතා එක දිගට බටහිර ප්‍රතිකාර ලබමින් පෙති ගිලින රෝගීහු මෙවැනි පහසු ප්‍රතිකාරයකින් දින දෙක තුනකින් සුවය අපේක්ෂා කිරීම අමනෝඥය.

මේ ස්වමුත්‍ර ප්‍රතිකාරය පිළිබඳ සිංහල භාෂාවෙන් ලියැවුණු ප්‍රථම පොත “භාරත රෝග නිවාරණ ක්‍රම” නමින් පූජ්‍ය රාජකීය පණ්ඩිත මඩබාවිට විජය සෝම හිමියන් ලියූ පොතයි.

බළන්ගොඩ ආනන්ද මෛ‍ෙත්‍රය මහා නාහිමිපාණන් වහන්සේ ඒ භාරත රෝග නිවාරණ පොතට ලියූ පෙරවදනෙහි (1977) දරුණු විෂට පවා ස්වමුත්‍ර ප්‍රතිකාරයෙන් සුවය ලබා දුන් අත්දැකීමක් පිළිබඳ සටහනක් තබා ඇත.

‘‘මෙයට අවුරුදු හතළිහකට පමණ පෙර බළන්ගොඩ ශ්‍රී ධර්මානන්ද පරිවෙණාධිපතිව මා සිටින අවදියෙහි ස්වල්ප උන්මාද ගතියක් ඇති ධීරගජ්ජ නම් මිනිහෙක් එහි ආරාම වත්ත හෙළි කිරීමෙහි යෙදී විසීය. වත්ත අද්දර වල් පැළෑටියෙන් වැසුණු කොටසෙක දෙරියනක් පමණට බඳනා දෙබර වදයෙක් වීය. එය අහලට නොයන්නට පිරිවෙනෙහි වූසු කවුරුත් පරිස්සම් වූ. දවසක් එය අසල ධීරගජ්ජයා වත්ත උදලු ගානු දැක මම එහි ගියෙමි. දෙබරයට කිට්ටු නොවන ලෙස මම ඔහුට කීමි. එපා යැයි කියන දේ ම කරන ඔහු දෙබරයට උදැල්ලෙන් ගසන්නට සැරසුණේ ය. එය නවතා ලන්නට කොතෙකුත් වෑයම් කළ ද මේ උමතු පුද්ගලයා දෙබරයට ගැසීය. මම පහත පන්සලට දුව ගොස් එහි උන් අයට කාරණය දන්වා වත්ත උඩහට නො යන්නැයි කීමි.

උමතුවා උඩහ ශාලාවට දුවනවා දුටිමි. මඳ වේලාවකින් අපි එතැනට ගියෙමු. ඒ උමතු පුද්ගලයා බිම පෙරළී සිහි නැතිව හොත්තේ ය. ඇඟ පුරාම දෙබරුන් දෂ්ට කොට තිබුණි. සෙස්සෝ බෙහෙත් සාදන්නට පහත පන්සලට ගියහ.

මම වහා ම ශාලාව පිටුපසට ගොස් පොල් කටුවකට මුත්‍රා කොට ගෙනැවිත් ලෙඩාට පෙවීමි. ඇඟ සැම තැන ම මුත්‍ර ගෑවෙමි. පැය කාලක් යන්නට පෙර හේ නැගී සිටියේ ය. බෙහෙත සාදන්නට ගිය අය මොනවාදෝ සාදා ගෙන ආහ. එයට කලින් ලෙඩා සුවපත් විය. නරමුත්‍රයෙහි විෂ නසන ශක්තියක් හෙළිි කරන නිදස්නෙකි, මෙය. නරමුත්‍රය තවත් බොහෝ රෝගවලට ප්‍රත්‍යක්ෂ ගුණදායී බෙහෙතකැයි මා අසා ඇත.’’


No comments:

Powered by Blogger.