Header Ads

විශ්වාස කරනවනම් විශ්වාස කරන්න, වතුරට කරන්න පුලුවන් විජ්ජා 7ක් තියෙනවා මෙන්න ඒවා ඔබත් දැනගන්න.


විශ්වාස කරනවනම් විශ්වාස කරන්න, වතුරට කරන්න පුලුවන් විජ්ජා 7ක් තියෙනවා මෙන්න ඒවා ඔබත් දැනගන්න.

වතුර කෙට්ටු වීමට බෙහෙතකි.

ඔබත් බර අඩුකිරීමට උත්සාහ කරනවාද? ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාකාරීත්වය වැඩි කර, වතුර ඊට උදව් වේවි. ඒ වගේම වතුර නිසා බඩ පිරී නිතරම ඇතිවන බඩගින්න නැති වේවි. ශක්තිජනක වෙනත් බීම වෙනුවට වතුර ආදේශ කර සිරුරට එකතු වන කැලරි ප්‍රමාණය අඩු කරගන්න. ඒ වාගේම කෑම වේලකට පෙර වතුර වීදුරුවක් ගත්තොත්
බඩ ඉක්මනින් පිරී ගන්නා ආහාර ප්‍රමාණය අඩු වේවි.
වතුර වැඩිපුර ගත් විට පරිවෘත්තීය පද්ධතියද වැඩියෙන් ක්‍රියාත්මක වෙයි. විශේෂයෙන්ම බිවූ වතුර සීතල නම් වතුර ප්‍රශස්ත මට්ටමට රත් කර ගැනීමට තවත් කැලරි ටිකක් වැඩියෙන් දහනය කිරීමට සිදුවේ.

වතුර ඔබේ ජවශක්තිය වැඩි කරයි.

ඔබ ඈලි, මෑලි දුබල ගතියකින් පෙලෙන්නේ නම්, ගන්න වතුර වීදුරුවක්. එය හොඳම ශක්තිජනක පානයකි. විජලනයයි ඔබ බොහෝ ලෙස තෙහෙට්ටු බව දැනීමට හේතුව.
ලේ මගින් ඔක්සිජන් මෙන්ම අනික් අත්‍යාවශ්‍ය පෝෂක ද්‍රව්‍ය ප්‍රවාහනයට වතුර උදව් කරයි.
ඔබ අවශ්‍ය තරම් වතුර ගන්නේ නම් හදවතටත් එතරම් වෙහෙසකින් තොරව ක්‍රියා කර සිරුර පුරා ලේ විහිදුවා හැරිය හැක.

මානසික ආතතිය අඩු කිරීමට වතුර

මිනිස් මොළය 85%ක කොටසක් ජලය යි. ඔබ විජලනයෙන් පසු වන විට සිරුරත්, මනසත් ආතතියට ලක්වී පවතී.
ඔබට තිබහක් දැනෙනවිටදී ඇත්තටම ඔබ සුලු වශයෙන් විජලන තත්වයක පසුවෙයි.
එනිසා ආතතිය අඩු කිරීමට මේසය මත වතුර වීදුරුවක් තියා ගෙන උගුරු කිහිපයක් නිතරම බොන්න.

නියම මාංශ පේශි වර්ධනයට ජලය අත්‍යාවශ්‍යයි

වතුර බීම පේශි කෙණ්ඩා පෙරළීම වලක්වන අතරම හන්දි ස්නේහන ස්‍රාවය මගින් හොඳින් ලිස්සා යෑමට සලස්වයි.
වතුර බී යහපත් සජලන තත්වයකින් සිටින විට ඔබට වඩාත් දිගු වේලාවක් හොඳින් වෙහෙසී ව්‍යායාම කිරීමට හැකි වෙයි.

ජලය සම පෝෂණය කරයි.

හමේ රැළි වැටීම වඩාත් වැඩියෙන් විජලනය වූ අවස්ථා වලදී පෙනේ.
වතුර බොන විට සජලනය වූ සමේ සෛල, මහත් වී ඔබේ මුහුණට වඩාත් තරුණ පෙනුමක් ලබාදෙයි. ස්වභාව ධර්මයා විසින් නිපදවන ලද හොඳම සම රැක ගැනීමේ ආලේපනය ජලයයි.
ඒ වගේම සමේ ඇති අපවිත්‍රතාවන් ඉවත් කර, සමේ රුධිර පරිවහනය වැඩිකර මුහුණට පිරිසිඳු, පැහැපත්, දීප්තිමත් බවක් ලබා දෙයි.

වතුර බොන්න, මල බද්ධයෙන් වලකින්න.
තන්තු සහිත ආහාර අනුභවය හැරුණු විට මල බද්ධය වැලක්වීමට එලෙසම වැදගත් වන්නේ වතුර වැඩිපුර බීමයි. වතුර ආහාරවල බහිස්‍රාවීය අතුරුඵල දියකර ආහාර මාර්ගය දිගේ පහසුවෙන් යෑමට සලස්වයි.
විජලන අවස්ථාවකදී සිරුර සියලු වතුර අවශෝෂණය කර, මහා අන්ත්‍රය වියළී මල බැහැර කිරීම අපහසු කරයි.

වතුර මුත්‍රා ගල් අඩු කරයි.

ප්‍රමාණවත්ව ජලය පානය නොකිරීම නිසා, ළමයින්ට පවා වේදනාකාරී මුත්‍රා ගල් ඇති වීමේ ප්‍රවණතාවය වැඩි වෙමින් පවතී.
මුත්‍ර ගල් සෑදීමට හේතුවන මුත්‍ර වල ඇති ඛණිජ හා ළවණ ද්‍රව්‍ය, වතුර මගින් තනුක කරනු ලැබේ.
මුත්‍ර ගල් තනුක මුත්‍ර වල සෑදීමට ඉඩ නැති නිසා, වතුර බීමෙන් මුත්‍ර ගල් අඩුකරගන්න.

ඔබ ප්‍රමාණවත් තරම් වතුර බොනවාද?

සාමාන්‍යයෙන් දවසකට වතුර වීදුරු 8ක් පමණ බීමට සුදුසු බව පෝෂණවේදීන්ගේ පොදු මතයයි.
ඔබ ව්‍යායාම කරනවා නම් හෝ දැඩි දහඩියට ලක්වන්නේනම් මීට වැඩි වතුර ප්‍රමාණයක් අවශ්‍ය වනු ඇත. ඔබ වෙනත් බීම නිතර පානය කරන්නේ නම් වතුර අඩු ප්‍රමාණයක් ඇතිවේ.

අන්තර්ජාලයෙන් උපුටා ගැනීමකි




No comments:

Powered by Blogger.