Header Ads

බඩ යාම සමඟ බඩේ වේදනාව තියෙනවනම් මේ රෝග ලක්ෂණ සැහැල්ලුවට නම් ගන්න එපා.


 බඩ යාම සමඟ බඩේ වේදනාව තියෙනවනම් මේ රෝග ලක්ෂණ සැහැල්ලුවට නම් ගන්න එපා.

එදිනෙදා ජීවිතයේදී අපට වැළඳෙන ඇතැම් රෝග පිළිබඳව ඇතැමුන් දැඩි අවධානයක් නොදැක්වීම හේතුවෙන් රෝගය උත්සන්න වී ජීවිතයට පවා සමුදෙන්නට සිදුවූ අවස්ථා එමටය. මේවා බොරු ලෙඩ, මානසික ප්‍රශ්න, ගණන් ගන්නට එපා යැයි ඇතැමුන් පැවසුව ද රෝගයේ බැරෑරුම්කම් දැනෙන්නේ රෝගියාටය. ඇතැම් රෝගීන් තමාට වැළඳී ඇති රෝගය පිළිබඳව එතරම් දැනුවත් කමක් නොමැති හෙයින් රෝගයට ප්‍රතිකාර නොගෙන රෝගය උත්සන්න වනතුරු සිටිති. එබැවින් පහත සඳහන් රෝග ලක්ෂණ ඔබට ඇත්නම් වහාම වෛද්‍යවරයෙකු වෙත ගොස් ප්‍රතිකාර ගැනීම හෝ ළඟම ඇති රජයේ රෝහල වෙත යාම අතිශයින් වැදගත්ය

 උණ ශරීර උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 102.2 හෝ සෙන්ටිග්‍රේඩ් අංශක 39 ට වැඩි නම්
වෙනත් රෝග ලක්ෂණ අසනීප ගතිය සමඟ ශරීර උෂ්ණත්වය අංශක 100.4ට හෝ සෙන්ටිග්‍රේඩ් අංශක 38ට වැඩි නම්.

උණ සමඟ බෙල්ලේ තද ගතියක් (බෙල්ල නැවීමේ අපහසුතාවක් හෝ බෙල්ල ඉහළ නැවී ඇත්නම්) සහ තද හිසරදයක් පවතී නම් එය මොළයේ උණ (මෙනින්ජයිටීස්) වීමට පුළුවන.

ශරීර උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 95ට හෝ සෙන්ටිග්‍රේඩ් අංශක 35 ට අඩු නම් හා සම සීතල නම් රෝගියාට නිදිබර ගතිය ඇති නම්, උද්යෝගිමත් ගතිය නැවතී ගොස් ඇති නම් මෙය කෑම විෂ වූ තත්ත්වයකි.

උණ අඩු වී ගොස් නැවත එක්වර ඉහළ යනවා නම් (මැලේරියාව, උණ සංනිපාතය, ඩෙංගු උණ විය හැකිය) දින 3 කට වඩා වැඩි කාලයක් ශරීර උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 100.4 හෝ සෙන්ටිග්‍රේඩ් අංශක 38 ට වඩා ඉහළ ගොස්  තිබේ නම්.

 බඩ බුරුලට යාම, බඩයාම, පාචනය (පැය 6කට වඩා කාලයක් දරුවාට බඩයාම පවතින්නේ නම්)
බඩ යාම සමඟ බඩේ වේදනාව, උණ හෝ වෙනත් රෝග ලක්ෂණයක් මතුවන්නේ නම්,

 වමනය - දරුවාට පැය 6 කට වැඩි කාලයක් දිගටම වමනය පවතින්නේ නම්, වමනය මුඛයෙන් විදින ස්වභාවයන් දිගින් දිගටම දැඩිව සිදුවන්නේ නම් (ආහාර විෂවීමක් විය හැක), වමනය සමඟ කැරකැවිල්ල ඔක්කාරය හා හිසරදය පවතින්නේ නම් (මොළයේ ආබාධයක් විය හැකියි.)
වමනය හා ඔක්කාරය සමඟ බඩේ දකුණු පැත්තේ වේදනාවක් හටගන්නේ නම් (ඇපැන්ඩිසයිටිස් විය හැක.)

 ඔබේ දරුවාගේ ආහාර ගැනීම එකවර නතර වුවහොත්, දරුවා වයස මාස හයට අඩු නම් සහ දරුවා වැඩෙන බවක් නොපෙනේ නම්, දරුවාට ආහාර රුචිය ඇතත් ආහාර ගැනීමට දක්වන නොකැමැත්ත
 වේදනාව හා වෙනත් අපහසුතාවයන් හිසරදය, ක්ලාන්තය හා කැරකිල්ල දැනේ නම්, පෙනීම අපැහැදිලි නම්, (විශේෂයෙන් දරුවාගේ ඔලුව යමක වේගයෙන් වැදුනා නම්)
උදරයේ, පපුවේ හෝ හිසේ විටින් විට මතුවන අධික කැක්කුම, මුත්‍රා පිට කිරීමේදී වේදනාවක් ඇති වේ නම්, දරුවා අඬනවා නම් හෝ මුත්‍රා දුඔුරු, කහ හෝ රතු පැහැයක් ගනී නම්,

ඳ හුස්ම ගැනීම - ස්්වසනය දරුවාගේ හුස්ම ගැනීමේ වේගය වැඩි නම් (අවුරුදු පහට අඩු දරුවෙකුගේ ස්වසන වේගය විනාඩියකට පනස් වතාවකට වැඩි නම්, හුස්ම ගැනීමේ අපහසුතාවක් තිබේ නම්, හුස්ම ගන්නා විට දරුවාගේ පපුවේ සම ඇතුළට ඇදෙයි නම් (නියුමෝනියා රෝගය විය හැක)




අතර්ජාලයෙන් උපුටා ගැනීමකි



No comments:

Powered by Blogger.