Header Ads

හොරි, දද, කුෂ්ඨ සදහටම නැති කරගන්න මෙන්න මේ බෙහෙත් වට්ටෝරු භාවිතා කරන්න.


හොරි, දද, කුෂ්ඨ සදහටම නැති කරගන්න මෙන්න මේ බෙහෙත් වට්ටෝරු භාවිතා කරන්න.සිංහල ඔන්ලයින් අපේ page එකට like එකක් දාලා  අනිත් අයටත් දැන ගන්න share කරන්න.


සොබා දහමේ අපූර්ව නිර්මාණය මිනිසා වුවත් ඔහුගේ පැවැත්මක් රඳා පවතිනුයේ මේ අපූර්ව වෙනත් නිර්මාණයක් මත යැයි කීවොත් එය නිවැරදි ය. සොබා සෞන්දර්යය දනවන පරිසරය තුළම නොයෙක් විෂමතා පදනම් කොටගෙන එහි සම හෝ අසමතුලිතතා මත ගැටෙන මිනිසාට පාරිසරික හා ශාරීරික සංකුලතාවලට මුහුණපාන්නට වෙයි.


එය හොඳටත් මෙන් ම නරකටත් බලපානු ලබනවා. එසේ නරකට බලපාන අවස්ථාවල දී විවිධ රෝග කාරකයන් ඔබ හමුවට එයි. ජීවිතය සුන්දරව ගත කළත් මේ රෝග කාරකයන් ගෙන් බේරීමට ස්වභාවධර්මයා අපට උදව් කරන්නේ පරිසර සමතුලිතතාවයන් රැකෙන පරිදි ය. පරිසරයෙන් ම ලැඛෙන බොහෝ දේ අතරට මේ රෝග බීජ ඇතුළත් ය. එසේ අප ශරීරයට එකතු වන රෝගයන් අපගේ ශරීර දුර්වලතාවන්ට බොහෝ සේ බලපානු ලබනවා. විශේෂයෙන් සිරුරේ පිටතින් ම ඇති සම කෙරෙහි මේ පාරිසරික බලපෑම් ඇති කරනු ලබනවා.


සමෙහි ඇතිවන දද, කුෂ්ඨ වැනි රෝග සිරුර තුළ කිඳා බැසීමට විෂම වූ පරිසරය බලපානු ලබනවා. ඒ අනුව ඔබගේ අසනීප තත්ත්ව විවිධ හේතුන් නිසා ව්‍යාප්ත වී සමාජය අඳුරට ගිල ගැනීම වැඩි ඈතක නොවන්නේ වඩාත් සුපරීක්‍ෂාකාරී නොවුව හොත් පම‚. ඒ සඳහා මේ සුදුසුම කාලය බැව් අපට වැටහුණ බැවින් ඒ සඳහා වෛද්‍ය උපදෙස් පැතුවේ ආයුර්වේද වෛද්‍ය ශ්‍යාමා පෙරේරා මෙනවිය ගෙන් ය.


හොරි, දද, කුෂ්ඨ වැනි සමෙහි රෝග ගැන සැලකුවහොත්?

මේවා සම මතුපිට ඇතිවන වඩා වේගයෙන් ව්‍යාප්ත වන රෝගී තත්ත්වයන් ය. මේවා නොසලකා හැරියොත් අවලස්සන මෙන්ම වඩාත් උග්‍ර වීමට ද පටන් ගන්නවා. මනා සෞඛ්‍ය පිළිවෙත් නොපිළිපැද්දොත් මෙහි අශෝබන බව එනම් පිළිකුල් සහගත තත්ත්වයක් බවට පත් විය හැකි වෙනවා.


රෝගයේ පැතිරීම තදබල බව අනුව තමයි කැසීම වැනි ලක්‍ෂණ ඇතිවෙන්නෙ. සමහර විට දැවිල්ලක්, කැසිල්ලක්, ශ්‍රාවය වීම් නැතිව හෝ පොතු ගැලවෙන්නෙ නැතිව දද වැනි දේවල් එන්න පුළුවන්. මෙවැනි තත්ත්ව රෝගය අනුව නිර්නයවීමකට ලක් කළ හැකියි.


බෝවීමේ ප්‍රවණතාවය වැඩි ගතියක් මේ රෝගවල දැකිය හැකි තවත් ලක්‍ෂණයක්. විශේෂයෙන් අපිරිසිදු බව, තදබල මානසික හේතු මේවා උද්ගත වීමේ ලක්‍ෂණ වශයෙන් පෙන්වාදිය හැකියි. ආහාර පාලනයක් වීමක් සිදුවුවහොත් එවැනි තත්ත්ව අඩුකර ගත හැකියි. ඒ අනුව උෂ්ණ අධික ආහාර ගැනීමෙන් වැළකීමට සිදු වෙනවා.


එකිනෙකට විරුද්ධ ආහාර ගැනීම ද සුදුසු නැහැ. (එනම් උෂ්ණ හා සීතල ආහාර වශයෙන්). ඒ විතරක් නෙවෙයි මේ සමේ රෝගවලට තුඩු දෙන තවත් කාරණයක් ලෙස අන් අයගේ ඇඳුම් පැළඳුම් භාවිතය නිසා ද සිදුවීමට ඇති ඉඩකඩ වැඩියි.


දේශගු‚ක බලපෑම් ද මෙවැනි රෝගී තත්ත්වයන්ට බලපානවා. පරම්පරාවෙන් පරම්පරාවට ද මේ දද, හොරි වැනි තත්ත්ව විකසනය වීමට පුළුවන්. ඇදුම රෝගීන්ගේ දියර ගලනවා වගේ දැකිය හැකියි. එවිට කුෂ්ඨ ඒමට ඇති ප්‍රවණතාවය වැඩියි. මේවායින් වැළකීමට අප ගත යුතු අත් ඛෙහෙත් කිහිපයක් මෙලෙස දැකිය හැකියි.


සේදීමට 

ඇත්තෝර කොළ, පින්න කොළ, කොහොඹ කොළ, අහු කොළ, හීන් නිදි කුම්බා, අමු කහ, වෙනිවැල් ගැට, 
 තම්බපු ඳ  වතුරින් සෝදන්න.

අරළු, බුළු, නෙල්ලි, තම්බපු වතුරින් සෝදන්න.

කරවිල කොළ, අමු කහ සමඟ තම්බපු වතුරින් සෝදන්න.
අමුකහ කොහොඹ කොළ තම්බපු වතුරින් සෝදන්න.

ආලේපන 

 ඒ සඳහා ගත හැකි තෙල් වර්ග කිහිපයක් මෙසේ යි.

 නීල්‍යාදී, පිණ්ඩ, සර්ව විෂාදිය, සීතෝදි, තල තෙල් හා එළඟිතෙල්.

 අමු කහ කොහොඹ කොළ අඹරා ගාන්න.

  ගොටු කොළ අඹරා තල තෙලෙන් මලවා බඳින්න.

  
මදුරුතලා කොළ අමු කහ කොටා බඳීන්න.
 
  ඇත්තෝර කොළ දෙහි ගැට මද සුදු ලුණු, දෙහි ඇඹුලින් අඹරා ගාන්න. (මෙය විශේෂිත වන්නේ දද හා පණු කැවිලි වලටයි.)


සැරව ගලනවිට
 
අමු ගස්ලබු, තම්බා පොඩිකර අඹරා ගාන්න.
 
පාං විස්කෝතු උණු වතුරින් පොඟවා බඳින්න. එවිට සැරව ටික සේරම ඇදිල එන්නට පටන් ගනී.


දුම් ඇල්ලීමට

  අත්තන ගෙඩියේ මද එළබටු ගෙඩියේ බටු එක පමණ ගෙන කොහොඹ තෙලෙන් අඹරා පොල් කටු අගුරු මත දමා දුම්   ඇල්ලීම.

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි


No comments:

Powered by Blogger.