Header Ads

ආදරයට නිරුවත් photo ලග තියන් ඉන්න අයට වෙන අලුත්ම වින්හැයිය මෙන්න ආදරවන්තයෝ අනිවා මෙය දැන ගන්න.


ආදරයට නිරුවත් photo ලග තියන් ඉන්න අයට වෙන අලුත්ම වින්හැයිය මෙන්න ආදරවන්තයෝ අනිවා මෙය දැන ගන්න.

ආදර සබඳතාවක් තුල ඇති ආදරය, සෙනෙහස මෙන්ම එකිනෙකා කෙරෙහි ඇතිවන සරාගය ආදී මේ සියළුම දේවල් ඉතාම සුන්දර මානුෂීය හැඟීම්. තමන් ආදරය කරන කෙනාගේ ඡායාරූපයක් තමන් ළඟ නිතරම තබා ගන්න ඕනෑම කෙනෙක් කැමතියි. තාක්ෂණයේ වේගවත් දියුණුව මෙන්ම බහුතරයක් තරුණ තරුණියන්ගේ අතට smart phones පැමිණීම නිසා තමන් ගත කරන සුන්දර මෙන්ම විශේෂ අවස්ථා එසැණින් තම ප්‍රේමවන්තයා/ප්‍රේමවන්තිය වෙත යැවීමට නවීන පරම්පරාවට පුළුවන්.

මේ නිසා බිහිවී තිබෙන එක් ප්‍රවණතාවක් ලෙස තමන්ගේ අද නිරුවත් හෝ අඩ නිරුවත් ඡායාරූප, විශේෂයෙන්ම නිරුවත් selfie ප්‍රේමවන්තයා හෝ ප්රේමවන්තියට යැවීමට කටයුතු කිරීම දක්වන්නට පුළුවන්.

මෙම ප්‍රවණතාව නිසා යහපතකට වඩා සිදුවන්නේ අයහපත් දේවල්ම බව ඔප්පු කර පෙන්විය හැකි ඕනෑ තරම් උදාහරණ පසුගිය කාලය පුරාවට මාධ්‍ය මගින් අසන්නට දකින්නට ලැබුණා. එම නිසා එවන් ඡායාරූප එවන ලෙස ඉල්ලා සිටීමට මෙන්ම ඒවා ජංගම දුරකථන මෙන්ම ස්කයිප් හරහා යැවීමට පෙරපහත දෑ පිලිබඳ යලි යලිත් සිතා බලන්න.ඒ ඔබේ යහපත උදෙසාමයි.

ඔබ යවන ඡායාරූපය වැරදීමකින් වෙනත් අයෙකුගේ අංකයට send වුවොත්?
කවුරුන් හෝ ඔබේ ජංගම දුරකථනය සොරකම් කළහොත්?
ජංගම දුරකථනය අලුත් වැඩියා කිරීමකට බාර දුනහොත්?
ඔබේ අවසරයකින් තොරව ඔබේ ජංගම දුරකථනය කවුරුන් හෝ පරිහරණය කළහොත්?
ඉහත දක්වා ඇති සෑම අවස්ථාවකදීම ඔබේ පෞද්ගලික ඡායාරූප තුන්වෙනි පාර්ශවයක් අතට පත්විය හැකියි. ඔවුන් ඒවා කුමන අරමුණු සඳහා යොදාගනිවිද කියා ඔබට කලින් උපකල්පනය කිරීමට හැකිද? ඔවුන් ඒවා තවත් අය අතට පත් නොකරාවි යැයි ඔබට තිබෙන සහතිකය කුමක්ද? එසේ වුවහොත් ඔබේ ප්‍රතිරූපයට සිදුවන්නේ කුමක්ද? අවසානයේදී ඔබට සිදුවන්නේ අනවශ්‍ය ප්‍රශ්න හා කරදර බොහොමයක් විසඳාගැනීම වෙනුවෙන් ඔබේ කාලය නාස්ති කිරීමට සිදුවීමයි. එය කොතරම් මානසික වශයෙන් හිරිහැරයක්ද කියා අමුතුවෙන් කිව යුතු නැහැ.

අනෙක් අතට පැවසිය යුතු තවත් ඉතාම වැදගත් කාරණයක් තිබෙනවා. සම්බන්දතා ඇති වීම හා නැති වී යාම සාමාන්‍ය මෙන්ම ස්වාභාවික දෙයක්. ජීවිතයේ ස්වභාවය එයයි. අප හා මේ මොහොතේදී ආදරයෙන් සිටින පුද්ගලයා යම් යම් හේතූන් මත අපෙන් ඈත් වීම සිදු විය හැකියි. ඉතින් එවන් අවස්ථාවක ඉහතින් සඳහන් කළ ආකාරයේ අතිශය පෞද්ගලික ඡායාරූප නිසා සිදු විය හැකි හානිය ඇති විශාලයි. අන්තර්ජාලයේ විශේෂයෙන්ම ෆේස්බුක් අඩවිය තුල ඇති ඇතැම් ඡායාරූප අඩංගු පිටු හා ගිණුම් දෙස බැලූ විට මා මේ කියන්නේ අසත්‍යයක් නොවන බව ඔබටම වටහා ගත හැකියැයි සිතනවා.

ඒ වගේම මේ ලිපියේ අරමුණ වන්නේ ඔබ විසින් අනෙක් පාර්ශවය සැක කළ යුතු බව පැවසීම නෙවෙයි. ප්‍රේම සම්බන්ධතාවක් සඳහා එකිනෙකා කෙරෙහි විශ්වාසය තැබීම අත්‍යාවශ්‍යයි. එහෙත් එම විශ්වාසය ඔප්පු කර පෙන්වීමට නම් ඔබේ නිරුවත් හෝ අද නිරුවත් ඡායාරූප එවිය යුතුයැයි යමෙකු ඔබට පවසනවානම් එම ඉල්ලීම තුළ සැබවින්ම ඇත්තේ ආදරයද නැත්නම් වෙන කිසිවක්ද යන්න සිතා බැලීම ඔබට බාරයි.

එමෙන්ම ඔබ දෙදෙනා කොතරම් නිවැරදි වුවත් එවන් ඡායාරූප නොහොබිනා අරමුණු ඇති තුන්වන පාර්ශවයක් අතට පත්වුවහොත් ඔබ දෙදෙනාගේ නිර්දෝශීභාවයෙන් කිසිදු පලක් වන්නේ නැහැ. එම නිසා එක් මොහොතක සතුට වෙනුවෙන්  අනවශ්‍ය කරදරවලට පැටලීමෙන් වැළකී සිටින්නට ඔබ කටයුතු කරනවානම් එයින් යහපතක් අත්වන්නේ ඔබටමයි.


අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

http://www.loveandsex.lk/ 



 

No comments:

Powered by Blogger.