මන්ද මානසික දැරිය සීයයි පියයි වනසයි
මන්ද මානසික දැරිය සීයයි පියයි වනසයි
බිබිල - ඡේ. රත්නායක
තම දියණියට අතවර කළ පියෙක් බිබිල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන බිබිල මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
බිබිල මහෙස්ත්රාත් නදීරා බෝගස්දෙනිය මහත්මිය සැකකරු 14 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළාය. මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද්දේ බිබිල මැදිපිටිය වරකාලන්ද ප්රදේශයේ පදිංචි 50 වියෑති තිදරු පියෙකි.
දූෂණයට ලක්වූයේ 12 වියේ පසුවූ මන්ද මානසික දැරියකි. ඇය පවුලේ වැඩිමහල් දියණියද වෙයි.
සැකකරු නිතර බිමත්ව නිවසට පැමිණ දූෂණයට ලක්වූ දැරියගේ මවට පහරදීම ඇතුළු හිරිහැර කිරීම් නිසා ඇය නිවස හැර ගොස් සිටින බවටද පොලිස් පරීක්ෂණවලින් හෙළිවී තිබේ.
දූෂණයට ලක්වූ දැරිය මැදගම පොලිස්බල ප්රදේශයේ කොටබෝව, දිවුල්දෙන ප්රදේශයේ ඥාති සීයා කෙනකුගේ නිවසට ගොස් සිටියදී එහිදී ද සීයා අතින් ඇය දූෂණයට ලක්වී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් 67 වියෑති සීයාද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබිණි.
බිබිල පොලිස් ස්ථානාධිපති ප්ර. පො. ප. අජිත් කේ. බණ්ඩාර මහතාගේ උපදෙස් මත පො. සැ. දිසානායක (54580), පො. කො. වන්නිආරච්චි (5287). පො. කො. ජයවර්ධන (44801). යන නිලධාරීන් විසින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලදී.
අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
දිවයින පුවත් පත

No comments: