අවුරුදු තුනේ තවත් දියණියකට නරුම පියෙක් වධ දීලා පියාට වැඩ වැරදියි

මිනුවන්ගොඩ - ටෝනි කරුණානායක
නිසි සැලකිල්ලක් නොදක්වා වයස අවුරුදු 03 යි මාස 04 ක් වූ කුඩා දියණියට පහර දී කෲර වධහිංසා කළ පියෙක් ලබන 21 දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙසට මිනුවන්ගොඩ ප්රධාන මහෙස්ත්රාත් ශිලනි චතුරන්ති පෙරේරා මහත්මිය 08 වැනිදා නියම කළාය.
මිනුවන්ගොඩ උන්නාරුව ප්රදේශයේ තාවකාලික ලැගුම් හලක පදිංචිව සිටි තල්අරඹගේ නිශ්ශංක ප්රනාන්දු නමැති 26 හැවිරිදි එක්දරු පියකු මෙසේ රිමාන්ඩ් භාරයට පත් කෙරිණි.
දැරියගේ මව මීට වසර දෙකකට පමණ පෙර එම දැරියව සහ දැරියගේ පියාව අතහැර ගොස් ඇති බවත් නිසි ආරක්ෂාවක් නොමැතිව පදිංචියට නුසුදුසු ස්ථානයක දැරිය පදිංචිව සිටින හෙයින් දැරියට ආරක්ෂාවක් සැපයිය යුතු බවට දැරියව ද අධිකරණයට ඉදිරිපත් කරමින් මිනුවන්ගොඩ පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය අධිකරණයෙන් ඉල්ලා සිටියාය.
දැරිය සම්බන්ධව පරිවාස වාර්තාවක් කැඳවූ මහෙස්ත්රාත්වරිය රුපියල් ලක්ෂ දෙකක් වූ බැඳුම්කරයක් මත දැරියව ඇගේ බාප්පාට භාර කරන ලෙසට පොලිසියට නියෝග කළේය. දැරිය සම්බන්ධ පරිවාස වාර්තාව ලබන 21 දා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියම විය.
අතර්ජාලයෙන් උපුටා ගැනීමකිදිවයින පුවත් පත

No comments: