පිපිඤ්ඤා පෙත්තෙන් අල පෙත්තෙන් ඇසට කරන සත්කාර මෙන්න.

පිපිඤ්ඤා පෙත්තෙන් අල පෙත්තෙන් ඇසට කරන සත්කාර මෙන්න.
දෑස් කියන්නේ මුහුණේ ඇති සංවේදීම අංගයයි. දෑස්වලට කරන ස්වාභාවික රූපලාවණ්‍ය ප්‍රතිකාර ක්‍රම ගැන ඔබ වඩා සැලකිලිමත් විය යුත්තේත් මෙනිසයි.
ඇස්වලට ප්‍රතිකාර කරන හේතු,
• ඇස් වටා කළු පැහැවීම.
• නිදිවැරීම නිසා දෑස් වියපත් වීම.
• පාඩම් කිරීමේදී ඇස් වෙහෙසීම.
• නින්ද නොයන ඔෟෂධ නිසා.
• ඔෟෂධ නිසා විඩාපත් වන දෙනෙතට
වඩාත් සුදුසු ස්වාභාවික ද්‍රව්‍ය
පිපිඤ්ඤා, තක්කාලි, අල පෙති හා තම්බා ගත් තේ කොළ, රෝස සාරය සීන්නක්කාරම් ආදිය ඇස් සඳහා ඉතා සුදුසුයි.
දෑසට සත්කාර:-
• මුලින්ම මුහුණ සෝදා පිරිසුදු කරගන්න.
• මනසින්ද සැහැල්ලු වෙමින් දෑස් වටා මෘදු ඇඟිල්ල භාවිත කර මෘදුව විනාඩි 10ක් පමණ සම්බාහනය කරන්න.
පිපිඤ්ඤා පෙති:-
• මුලින්ම පිපිඤ්ඤා ගෙඩියේ උඩ පොත්ත කපා ඉවත් කරන්න.
• දෙවැනි පොත්ත කපා සිසිල් වතුර ඉස හෝ රෝස වතුර ස්වල්පයක් ඉසගෙන විනාඩි 20ක් පමණ දෑස් මත තබා සිටින්න.
අල පෙති:-
අල පෙත්තක් කපා එයට කෝමාරිකා යුෂ හෝ රෝස වතුර පොඟවා දෑස් මත විනාඩි 20ක් පමණ තබා සිටින්න. (එය රෙදි පටියකින් තරමක් තදකර වෙළා ගන්න.)
තේ කොළ:-
එක් වරක් තම්බා ගත් තේ කොළ ගෝස් කෑල්ලක් හෝ කපු රෙදි කැබැල්ලක ඔතා එයට සිසිල් ජලය හෝ රෝස වතුර ස්ප්‍රේ කර පෙර මෙන් පටියකින් වෙළා දෑස් මත මඳ වේලාවක් තබා සිටින්න.
සත්කාරවලින් පසු,
ඉහත කී සත්කාරවලින් පසුව කෝමාරිකා යුෂ යොදාගෙන සියුම් සම්බාහනයක් කරන්න. මෙය සතියකට දින 3ක් වත් සිදු කිරීමෙන් වඩා සාර්ථක ප්‍රතිඵල අත්කර ගත හැකියි.
අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
No comments: