Header Ads

ලේ විෂ වෙලා ඔබටත් මේ වගේ චර්ම රෝග හැදෙනවානම් අනිවාර්යෙන් මේ ගැන දැනුවත් වෙන්න මෙය මාරාන්තික රෝගයක් වෙන්න පුළුවන්.


ලේ විෂ වෙලා ඔබටත් මේ වගේ චර්ම රෝග හැදෙනවානම් අනිවාර්යෙන්  මේ ගැන දැනුවත් වෙන්න මෙය මාරාන්තික රෝගයක් වෙන්න පුළුවන්.


ලේ විසවීම හා චර්ම රෝගයන් යනු ඉතා සමීප සම්බන්ධතාවයන් පවත්වන රෝගී තත්වයන් දෙකකි’අභ්‍යන්තර රෝගී තත්වයන් නිසා ඇතිවෙන චර්ම රෝග සඳහා කිසිම අවස්තාවකදී බාහිරින් ප්‍රතිකාර කිරීම සාර්ථක නොවේ’එබැවින් රෝගය කුමක්දැයි නිවැරදිව හදුනාගෙන එය අභ්‍යන්තර රෝගයක් නිසා ඇති වූවක්ද නැත්නම් බාහිරින් ඇතිවුවක්ද යන්න ප්‍රත්‍යක්ෂ කරගැනීමට අනිවාර්යෙන්ම වෛද්‍යවරයෙකු වෙත යොමු විය යුතුයි’ඔබ විසින් සිදු කරන්නාවූ බාහිර ප්‍රතිකාරයන් නිසා රෝගය තවත් උග්‍ර විය හැකියි’

චර්ම රෝගයන් ඇතිවීම හා පැතිරීම සඳහා ඉවහල් විය හැකි කරුණු පහත ආකාර වේ

⦁ ශරීරය ඉතා උෂ්ණාධික වීම
⦁ ශරීරයට අධික ලෙස දහදිය දැමීම
⦁ ඉතා උෂ්ණ මෙන්ම තෙල් අධික ආහාරයන් නිතර නිතර ආහාරයට ගැනීම
⦁ සිරුර නිසි ආකාරයෙන් පිරිසිදුව පවත්වා නොගැනීම
⦁ චර්ම රෝග ඇති තවත් රෝගීන් අසල ගැවසීම
⦁ මත්ද්‍රව්‍ය නිතර ගැනීම

ලේ විසවීමක් නිසා ඇතිවිය හැකි චර්ම රෝගයක් නම් ඒ සඳහා විශේෂිත වූ රෝග ලක්ෂණයන් පවතී’

⦁ චර්ම රෝගය ඇති ප්‍රදේශයන් අදුරු පැහැ වීම සහ ඉදිමීම
⦁ මුත්‍රා දැවිල්ල
⦁ සන්දි වල ඇතිවන දැඩි වේදනාව
⦁ ආහාර ගැනීමට ඇතිවෙන අකමැත්ත
⦁ මල බද්ධය හා යම් අවස්තාවන් වල පාචනය පවා ඇතිවිය හැකියි’
⦁ බඩේ දැවිල්ල
⦁ දිවෙහි මැලියම් බැඳීම

ලේ විසවීම මගින් ඇතිවෙන චර්ම රෝගයන් මුල් අවස්ථාවේදීම හදුනාගෙන ප්‍රතිකාර කිරීමෙන් නිට්ටාවටම සුව කරගත හැකි අතර එය පමාවීම මගින් රෝගය දැඩි ලෙස උත්සන්න විය හැකියි’එම නිසා ඔබටත් ඉහත සඳහන් රෝග ලක්ෂණයන් තිබේ නම් වහාම වෛද්‍යවරයෙකු වෙත යොමු වන්න’

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි



No comments:

Powered by Blogger.