Header Ads

ඔබත් උදෑසනම පලතුරු ආහාරයට ගැනීමට පුරුදු උනොත්. ඔබටත් මෙන්න මේ වාසි අනිවාරයෙන්ම ලැඛෙනවා.


ඔබත් උදෑසනම පලතුරු ආහාරයට ගැනීමට පුරුදු උනොත්. ඔබටත් මෙන්න මේ වාසි අනිවාරයෙන්ම ලැඛෙනවා.


දවසේ වඩාත් වැදගත් වන උදෑසන ආහාර වේල ගැන ඔබ දෙවරක් සිතිය යුතුමයි. පලතුරු උදේ ආහාරයට එක් කර ගැනීම ඔබේ පුරුද්දක් නොවෙන්නත් ඇති, නමුත් ඉන් ඔබේ ශරීරයට ලැඛෙන පෝෂණ ගුණය ගැන ඔබ දන්නවාද?


 

සම පිරිසුදු වීම




සම පිරිසුදු කරන කෘත්‍රිම ආලේපන කොතරම් ගැල්වුවත් ඇතුළාන්තයෙන්ම පිරිසුදු වීමට නම් ඔබේ ආහාර රටාවත් බලපානවා. පෝෂණයක් නොමැති ආහාර ගැනීම නිසා සම වියළි වී අවපැහැගැන්විය හැකියි. දවස ආරම්භ කිරීමට වඩාත් සුදුසු වන්නේ පෝෂŒය පලතුරු කිහිපයකි. පලතුරුවල අඩංගු විස හරණ ගුණය නිසාම සිරුරේ විස සෝදා හැරීමට සමත්ය. හොඳින් පිරිසුදු වී නිරෝගී පැහැපත් බවක් ලබා ගන්න මෙය කදිම පිළියමක්.


 

 සවිමත් නිය පෙළක්




නිය පෙළ සවිමත්ව තබා ගන්න නම් කැල්සියම් හා විටමින් නිසි පමණට ලබා ගැනීම වැදගත්. ස්ට්‍රෝඛෙරි, ‍දොඩම් වැනි පැඟිරි කුලයේ පලතුරු ඔබේ නිය පෙළ ශක්තිමත් කර එහි වර්ධනයට උපකාරි වෙයි.


 

 සමේ රැලි ගැන්වීම පාලනය




පලතුරුවල අඩංගු කොලජන් සමේ ඇතිවන රැලි ස්වභාවය නැතිකර පිරිපුන් බවක් ගෙනදීමට සමත්ය. දිනපතා පලතුරු ආහාරයට එක් කර ගන්නා ඔබට එය අත්විඳින්න හැකි වෙයි.


 

 දිගු වරලසක්




හොඳින් වැඩුණු පලූ‍දු නොවූ නිරෝගී කෙස් කලඹක් උරුම වීම කාන්තාවන්ගේ සිහිනයක්. දිනපතා පලතුරු ගන්නා ඔබට නම් මෙය සැබෑවක්. හිසකෙස් වර්ධනය වීමට අවශ්‍ය බයොටින් අඩංගු කොමඩු, ඇපල්, කෙසෙල් වැනි පලතුරු නිතර ගැනීම වැදගත් වන්නේත් මේ නිසයි. ඔබේ හිසකෙස් වියළි කැරලි ස්වභාවයක් ගනියි නම් අලිගැටපේර ආහාරයට එක් කර ගැනීම වැදගත්.


 

 තරබාරුකම පාලනය




පර්යේෂණ මඟින්ද පෙන්වා ඇත්තේ පලතුරු ආහාරයට ගැනීමෙන් කුසගින්න අඩු කරවන බවයි. එමඟින් විවිධ කෙටි කෑමවලට ඇති රුචියද පහව යයි. තරබාරුකමට හේතු වන ක්‍ෂ‚ක ආහාරවලින් ඈත්ව ගුණදායි පලතුරු ආහාරයට ගැනීමට හැකිවීම ඔබට වාසියක්. කෙඳි සහිත පලතුරු මඟින් ආහාර ජීර්ණ ක්‍රියාවලිය විධිමත් කරන අතර සිරුර තුළ ඇති අනිසි දේවල් බැහැර කරවයි.


මෙලෙස සිරුර හොඳින් පිරිසුදු කිරීමෙන් සම නිරෝගිවී ප්‍රබෝධවත් වෙයි. දවසම ක්‍රියාශීලීව ගත කිරීමටද පලතුරු එක් කරගත් උදෑසන ආහාර වේල වැදගත් වෙයි. මානසික ආතතියටද මෙය ඉතා ගුණදායකයි. දවස ආරම්භ කිරීමට වඩාත්ම සුදුසු වන්නේ පලතුරු ආහාරයකි. රෝගාබාධවලින් අත්මිදී ප්‍රබෝධවත්ව දවස ගත කරන්න නම් ඔබත් උදෑසන ආහාරයට පලතුරු එක්කර ගන්න.


උපුටා ගැනිම -- මව්බිම පුවත් පත











No comments:

Powered by Blogger.