Header Ads

ඕනෑම ඉන්නෙක් ස්වාභාවිකම සුව කරන්නේ මෙහෙයි ප්ලාස්ටරයක් සහ සුදුළුණු බික්කක් පමණයි අවශ්‍ය වෙන්නේ.


ඕනෑම ඉන්නෙක් ස්වාභාවිකම සුව කරන්නේ මෙහෙයි ප්ලාස්ටරයක් සහ සුදුළුණු බික්කක් පමණයි අවශ්‍ය වෙන්නේ.


බැන්ඩේජ් එකකට පොඩියට කපපු සුදු ළූණු දමා සිදු වූ දේ


තමන්ගේ සුන්දරත්වය පිළිබද ගැටළුවක් තිබුණු කාන්තාවක් මෙම රසවත් ලිපිය වෙබ් අඩවියක පල කරලා තිබුණා. අද අපි කතා කරන්න යන්නේ තමන්ගේ රුව වෙනස් කර ගත හැකි ආශ්චර්යමත් බීමක් ගැන නම් නෙමෙයි. අපි අද කතා කරන්න යන්නේ සමෙහි ඉන්නන් යවා ගත හැකි ගෙදරදීම සාදා ගත හැකි ඵලදායි පිලියමක් ගැන. අපි හැමෝම දන්නවා ඉන්නන් ඇගේ කොහේ තිබ්බත් එය ඉතාමත් අමිහිරිම අත්දැකීමක්. නිකන් හිතන්න නහයේ ඉන්නෙක් හිටියොත්? මුහුණේ ලොකු ඉන්නන් ඇති අය ගොඩක් හිතෙන් විදවනවා. ඒ වගේම තමන්ගේ ආත්ම ශක්තිය හා ආත්ම අභිමානයද හීන වෙනවා. ඒත් වාසනාවකට වගේ මේ ප්‍රශ්ණයට ස්වභාවික පිළිතුරක් නම් තිඛෙනවා.


ඉන්නන් කියන්නේ මොනවද ?

ඉන්නන් ඇති වන්නේ යමප්බදසා ච්චසකකදප වයිරසය හෝ ්‍යඡඪ මගිනි. ඉන්නන් බොහෝ විට දිස් වන්නේ අත හා කකුල් වලය. ඒත් ඉන්නන් මුහුණේ හෝ නහයේ ඇති වීමද සිදු විය හැක. ඉන්නන් ක්‍රම ක්‍රමයෙන් නැති වී යාමටද ඉඩ තිබේ. එත් සමහර වෙලාවට නැති වී නොයන අවස්ථාද තියෙනවා.


මෙම ලිපිය ලියල තියෙන කාන්තාවට අනුව එයාගේ නහයේ ඉන්නෙක් තිබිල තියෙනවා , බැලු බැල්මට මල් ගෝවා එකකට සමානව. එයා ඉතාමත් කණගාටුවට පත් වුනා මේක ගැන. ඒ විතරක් නෙමෙයි ඕනෙම ගානක් දීල හරි එයාට ඕනෙ වුනේ ඒක එයාගේ මුහුණෙන් අයින් කරගන්න. එයා එයාගේ යාලූ‍වෙකුට මේක ගැන කිව්වම එයාගේ යාළුවා කියලා බය වෙන්න එපා , විසදුමක් ගෙදරදීම හොයාගන්න පුළුවන් කියලා. මොකද ඉන්නන් නැති කරන්න පුළුවන් එයා දන්නා පැර‚ ක්‍රමයක් තියෙනවා කියල.


එයාගේ යාළුවා එයාට කිව්වා එයාගේ ආච්චි අම්මා අවුරුදු ගණනාවකට කලින් ඉන්නන් නැති කරගන්න ගෙදරදීම හදා ගන්න පුළුවන් ස්වභාවික පිලියමක් තියෙනවා කියලා. එයාගේ ආච්චි අම්මත් ඒක භාවිත කලාලූ‍ අවුරුදු කිහිපයක්ම , තමන් මවිත වන ප්‍රතිපල ලැබුනාලූ‍. මෙම සංවාදයට පසුව දෙන්නම සාමාන්‍ය කඩේකට ගිහින් සුදු ළූණු ගොඩක් අරගෙන. දෙන්නම ගෙදර ගිහින් එයාගේ යාළුවා එක සුදු ළූණු පෙත්තක් අරගෙන ඒක අඹරලා, ඒ අඹරපු සුදු ළූණු ටික පොඩි පුළුන් කෑල්ලක දාල ඒක අර නහය උඩ තියෙන ඉන්නගේ උඩ ගාලා ඒකට උඩින් බැන්ඩේජ් කෑල්ලක් තියල වහලා.


ඒ ඉන්නා දවස් 5 කට වගේ පස්සේ හිමිට මැකිලා යන්න පටන් අරගෙන. කොස්මික් සැත්කමකට මුහුණ දුන්නා නම් සති 2 ක් වත් නැවත තිබුණු තත්වෙට සම පත්වෙන්න කල් යනවා. ඇය තවමත් බයෙන් ඉන්නේ ආයෙත් ඒ ඉන්නා මතු වෙයි කියලා. ඒ හින්දා එයා හැමදාම එතන බලනවලූ‍ ආයෙත් ඇවිත්ද බලන්න, එත් දැන් මාස තුනක් පමණ ගත වෙලා මල් ගෝවා ඉන්නා එන පාටක් තාමත් නෑ. නැවත වයිරසය පැමිණෙන එක දුර්ලභ දෙයක් නම් නෙමෙයි. ඒත් ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත්ව තබා ගැනීම සදහා නිසි පෝෂණයක් සිරුරට ලැබිය යුතුයි. සුදු ළූණු , ස්වාභාවික , සෞක්‍යමත් ප්‍රති වයිරසයක් ,ප්‍රති දිලීරයක් සහ බැක්ටීරියා නාශකයකග ඔබගේ සිරුරට එන බොහෝ ලෙඩ රෝග වලට එරෙහිව සටන් වැදිය හැකි.


ඉන්නන් හේතුවෙන් පීඩා විදින සුවහසක් දෙනාගේ දැනගැනීම පිණිස මෙම ලිපිය ශෙයා කරන්න


අතර්ජාලයෙන් උපුටා ගැනීමකි




No comments:

Powered by Blogger.