Header Ads

පිළිකා නසන විශ්මිත කහකුඩු ඔසුවේ සැගවුන රහස් මෙන්න පිළිකා වලින් බේරිලා ඉන්න මෙන්න මේ ඔසුව ගැන දැනුවත් වෙන්න


පිළිකා නසන විශ්මිත කහකුඩු ඔසුවේ සැගවුන රහස් මෙන්න පිළිකා වලින් බේරිලා ඉන්න මෙන්න මේ ඔසුව ගැන දැනුවත් වෙන්න.


පිළිකා සෛල වර්ධනය සීමා කිරීමේ හැකියාව කහ කුඩු වලට ඇතැයි ඇමරිකාවේ ලුයිස්විල් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෝ පිරිසක් කියති.පිළිකා සෛල ආසාදනයව සිටි මීයන් ඔවුන් තම පර්යේෂණයන් සදහා භාවිතා කර තිබේ.


කහ කුඩු විවිධ මාත‍්‍රා වලින් එම සතුනට ලබා දී ඇත.ඔවුන් මාස 4 ක් පුරා ඔවුන්ගේ සිරුරු වල පිළිකා සෛල වර්ධනය කෙසේ වන්නේදැයි නිරීක්ෂණය කර ඇත.කහ කුඩු ලබාදීමත් සමග පිළිකා සෛල වල වර්ධනය සීමා වූ බව නිරීක්ෂණය කිරීමට හැකිවූයේ යැයි පර්යේෂක පිරිස පවසති.

ඔවුන් පවසන ආකාරයට කහ කුඩු පිළිකා සෛල වර්ධය පාලනය කරන රහස ඇත්තේ වෙනතැනකය.පිළිකා සෛල වර්ධනයට හේතු වන හෝමෝන නිපදවීම කහ කුඩු වලින් සීමා කරනු ලැබීම නිසා මෙසේ පිළිකා සෛල වර්ධනය සීමා වන්නේයැයි ඔවහු කියති.


කහ කුඩු වල පිළිකා සෛල නැසීමේ ගුණයක් ඇතැයි බොහෝ පර්යේෂණයන් වලින් හෙළිවී ඇති කරුණකි.එසේ වන්නේ යැයි කියා කහ කුඩු බදුන් පුරා අනුභව කිරීම හෝ ආහාර වලට ඉහළින්ම යොදා අනුභව කිරීම හෝ ඵලදායී නොවන බව පර්යේෂකයෝ කියති.කහ කුඩු ආහාර ජීර්ණ කි‍්‍රයාවලියේදී ඉක්මනින්ම බිද වැටෙන බැවින් සිරුරට අවශෝෂණය වන්නේ සුළු ප‍්‍රමාණයකින් වීම මීට හේතුව ලෙස ඔවුහු පෙන්වා දෙති.

මෙනිසා මෙම පර්යේෂක පිරිස රුධිර නාල වලට සෘජුව ඇතුළු කළ හැකි කැප්සියුලයන්ට කහ කුඩු වල අන්තර්ගත රසායනයන් යොදා ගෙන භාවිතයට ගෙන තිබේ.මෙමගින් අදාළ සංයෝගයන් ක්ෂ‚කයෙන් රුධිරයට අවශෝෂණය වන අතර තම පර්යේෂණයේ සාර්ථකත්වයට හේතුව වූයේත් එයම යැයි ඔවුහු පවසති.


මිනිසුන්ට මෙය කෙසේ බලපානු ඇත්දැයි සොයාබැලීම ඔවුන්ගේ මීළග අරමුණයි.විශේෂයෙන් පියයුරු පිළිකා වැනි තත්ත්වයන් පාලනය කිරීම සදහා කහ කුඩු භාවිතා කළ හැකිවනු ඇතැයි ඔවුහු කියති.


අන්තර්ජාලයෙන් උපුටා ගැනනීමකි

 


No comments:

Powered by Blogger.