අර්ශස් රෝගය ගැන අපි නොදන්නා විශ්මිත රහස් මෙන්න.

සෘෂි වාග්භට මෙසේ කියයි.
අරිවත් ප්‍රාණීතෝ මාංශ තිලක විශන්තියක්
අර්ශාංසි කස්මා දුව්‍යතෝ ගුදමාර්ග නිරෝධක--
අ:හෘ:නිදාන යෙහි එන ශ්ලෝකයේ සිංහල තේරුම මෙයයි.
මාංශ තිලක ගුද මාර්ගය අවරෝද කර සතුරකු මෙන් මනුෂ්‍යයා නසන නිසා අර්ශස් නම යෙදී තිබේ.
අර්ශස් වැලඳීම පිළිබඳ තවත් සෘෂිවර ශ්ලෝකයක් මෙසේය.
අරිවත් ප්‍රාණාත් ශ්‍රැණාති හිනස්ති.
අර්ශස් හේතුවෙන් සමාජයේ බොහෝ දෙනා පීඩා විඳිති. පොදුවේ වෙනසක් නොමැතිව ස්ත්‍රීන්ටත් පුරුෂයන්ටත් වැලඳෙයි.
සතුරා යම් කිසිවකු පෙළන්නේ යම් සේද, අර්ශස් රෝගයද එම සතුරා ලෙසින් බොහෝ අය පෙළනු ලබයි. අර්ශස් හි තේරුම එයයි.
මේ සියල්ලෙන් එක් දෙයක් පැහැදිලි කරනු ලබයි. එනම් අර්ශස් යනු කෙබඳු අන්දමේ සතුරකුද යන්නයි. එය තවත් සරලව මෙසේ කිව හැකියි. එනම් අර්ශස් වැලඳුණු කල්හි වේදනා ගෙනදෙයි. එය මෙම ලෝකයේ ඇති දරුණුම දරුණු වේදනාව බව කියැවෙයි. සෑදුණු කල්හි සිටගෙන සිටිය නොහැකියි. වාඩිවී සිටිය නොහැකියි. නිදාගෙන සිටිය නොහැකියි. අවිදිය නොහැකියි. කෙසේවත් සිටිය නොහැකියි. එවිට මෙසේ කියැවෙයි. අර්ශස් හැර වෙනත් ඕනෑම වේදනාගෙන දෙන ලෙඩක් හැදුණානම් එය ඉහලිය හැකියි. එය ඉතා අගනේයි. එහෙත් පොදුවේ දතයුතු එක් කරුණක් තිබේ. ඒ සෑම ලෙඩක්ම වේදනාගෙන දෙන බවයි. එක් එක් රෝගයන්ට අදාළ වේදනා වෙනස්වන බවයි. වේදනා ගෙනදෙන ක්‍රම වෙනස්වන බවයි. වේදනාව අඩු වැඩි මඳ වශයෙන් වෙනස්වන බවයි.
අර්ශස් ප්‍රභේද වශයෙන් වර්ග දෙකකට වෙන් කෙරෙයි. ඒ සහජ අර්ශස් සහ නිව් අර්ශස් ලෙසිනුයි. සහජ අර්ශස් උපතත් සමඟම ඇතිවෙයි. නිව් අර්ශස් උපතින් පසු ඇතිවෙයි. සහජ අර්ශස්වලට හේතුව වනුයේ මාත්‍රැ පිත්‍රැජ අපචාරයි. නිව් අර්ශස්වලට හේතුව වනුයේ පූර්වකෘත කර්මයි. මෙම අර්ශස් වර්ග දෙකම චරක සෘෂිවරුනුත්, සුශ්‍රැත සෘෂිවරුනුත් අනුමත කර තිබේ.
ආයුර්වේද නියමයන්ට අනුව සියලු අර්ශස් වර්ගදෝෂ අනුබන්ධතාව අනුව වාතජ, පිත්තජ, කච්ජ, දිවන්දවජ, සන්නිපාතජ ලෙසින් බෙදීමකට ලක්වෙයි.
ච:වි.අ. 14 ශ්ලෝකය මෙසේ කියයි.
විෂ්ටම් භොත්තස්‍ය ෙදාර්ඛල්‍යමකුෙක්‍ෂරා මෝපච්චව
කාර්ශ්‍ය මුද්ගාර බාහුල්‍යවිටි සක්ථි පාලේපට්ටික
ග්‍රහණිදෝෂ පාණ්ඩිවර්තෙරාසංකා චෝදර්යසච
පූර්වාරුපාණි නිර්දිෂ්ටාන්යර්ශසා මභිවෘද්දයේ
අර්ශස් රෝගයෙහි පූර්ව ලක්‍ෂණ ගැන කියැවෙන මෙම ශ්ලෝකය මෙසේ පැහැදිලි කරයි.
අර්ශස් වැලඳීමට පෙර ලක්‍ෂණ ලෙස විෂ්ටම්භය, අජීර්ණය, උදරයේ ආටෝප බව, ශරීරයේ කෘෂ බව, වෙහෙස දැනීම, උද්ගාර බහුලවීම, හෘදයේ දුර්වල බව, මල අල්ප බව, ග්‍රහණි රෝග, පාණ්ඩුකා, උදර රෝග ඇති වෙයි.
අර්ශස් රෝගයේ අසාධ්‍ය ලක්‍ෂණ වෛද්‍ය පුස්තකයන්හි සෘෂිවරයන් මෙසේ ලියා තිබේ.
හස්තේ පාදේ මුඛේ තාභ්‍යං ගුදේවෂණ යො-- කථා
ශෝථෝ හෘත් පාර්ශ්ව ශුලංච යස්‍යාසා ධේයාර්ශ සාංහි්‍ය--
හස්ත, පාද, මුඛ, නාභි, ගුද, ව්‍රෂණ යන ස්ථානවල ඉදිමුම, ශෘක් පාර්ශ්ව ශූල යන ලක්‍ෂණ අසාධ්‍ය ලක්‍ෂණයි.
හෘත් පාර්ශ්ව ශූලං සම්මෝහග් ජර්දිරංගස්‍ය රුග්ජ්වර--
තෘෂ්ණා ගුදස්‍ය පාකාශ්ච නිපාත්ත්‍යර් ගුදජාතුරම්.
හෘත්, පාර්ශ්ව ශූල, සම්මෝහ ජර්දි අවයන්ගේ වේදනාව, උණ, පිපාසය, උද්භිත ලක්‍ෂණ පෙන්නුම් කරයි නම් එම රෝගියා මියයයි.
සහජාති ත්‍රිදෝෂාණි, යානි, වාභ්‍යත්කරංවලිම්
ජායත්කෙර්ශාංසි සාංශ්‍රිත්‍ය තාන්‍යාසාධ්‍යාහි නිර්දේශේක්.
අභ්‍යන්තර වලියේ හටගත් ත්‍රිදෝෂත්වූත්, සහජවූත් අර්ශස්ද අසාධ්‍ය වෙයි. වර්ෂයක් කල් ගත වූද ද්වන්ද්වස් වූද අර්ශස් ක්‍රැචින්භාධ්‍ය වෙයි.
ද්වන්ද්වජාති ද්විතීයායාං වලෞ යාන්‍යාශි්‍රතානිච
කෘචිජුභාධ්‍යාති තාන්‍යාහ-- පරිසං වත්සරාණිච
යහසායං තු වලෞජාතා න්යෙකදෝෂෝල්ව ණතිච
අර්ගාංසි සුඛභාධ්‍යාතී චිරෝත්පතිනාචීච.
බාහ්‍ය වලියෙහි හටගත්තා වූද, ඒක දෝෂෝල්වග වූද, කල්ගත නොවූද, අර්ශස් සුබසාධව වෙයි.
අර්ශස් රෝග චිකිත්සා ශ්ලෝකය මෙසේ සඳහන් කරයි.
තෙෂාං ප්‍රශමනේ යත්තමාශු කුය¸ද් විචක්ෂණ--
තාත්‍යශු හි ගුදං බද්ධිවා කුර්යාද්බද්ධ ගුදෝදරම්.
අර්ශස් රෝගයෙන් පෙළෙන්නකුට වහ වහා ප්‍රතිකාර කළ යුතුයි. එසේ නොවීම තුළ ගුදයේ මලවාහී සොනස හෙවත් ගුද මාර්ගය අවරෝධ කර වහා බද්ධ ගුදෝදර රෝගය ඇති කරයි.
අර්ශස් රෝගය වැඩි වශයෙන් උපදිනුයේ වාතාදී රෝගයන් දුෂ්‍ය වීමෙන් බව ආයුර්වේදය දක්වයි. කුළු, නිකන, රළු, සීත රසයන් බහුලව අනුභව කිරීම අර්ශස් රෝගයට මඟ පාදයි. අධික මෙවුන්දම් සේවනයද අර්ශස් ඇති කරයි. අධික මහන්සිය, වාතය, අව්ව වැඩිපුර ස්පර්ශවීම වාතර්ශස්වලට බලපායි.
මේ පිත්තාර්ශස්වලට බලපාන හේතු සමූහයයි. තද, කුළු, අම්ල මෙන්ම උණ ද්‍රව්‍යයන් පාවිච්චියට ගැනීමෙන් අර්ශස් ඇතිවෙයි. අධික ව්‍යායාමයන්ද මෙම රෝගයට හේතුවෙයි. උෂ්ණ දේශගුණය මෙන්ම කේරා්ධයද, ඊර්ෂ්‍යාවද, සුරාපානයද අර්ශස් රෝග ඇති කිරීමට සමත් වෙයි. පිත් කෝපවීමද අර්ශස්වලට හේතු වෙයි.
මිහිරි, සීනිදු, සීත, ලුණු, අම්ල, බර රසගුණ බහුලව ගැනීමෙන්, ව්‍යායාම නොකිරීමෙන්, දහවල් නිදා ගැනීමෙන්, අධික සීතලට භාජන වීමෙන් කළුර්ශස් ඇතිවෙයි.
අර්ශස් රෝගය වැලඳීමට පෙර බොහෝ රෝග ලක්‍ෂණ ඇතිවෙයි. ඇතිවන්නාවූ එම සියලු රෝග ලක්‍ෂණ මිනිස් සිරුරට හානිදායක වෙයි. මනස මෙන්ම ගතද ඉමහත් පීඩාවට ලක්කරයි. ආයුර්වේදය දක්වා තිබෙන එම රෝගී ලක්‍ෂණ මෙසේය.
ආහාර නිසිලෙස නොපැසවයි. නිතර නිතර බඩ පිපෙයි. බඩෙහි ඇතුළත කැලඹිල්ලක් හට ගනියි. ගිරෝ රුබාව උපදියි. මල හීන වෙයි.
මල හීන වීම සිදුවනුයේ ගුදයේ මස්දලු ඇතිවීමෙනුයි. මෙහිදී ගුදය ඇහිරෙයි. එවිට අරුචිය හට ගනියි. බඩ පිපුම සමඟින් අජීර්ණය වර්ධනය වෙයි. මේ අර්ශස් රෝගයේ ප්‍රධාන ලක්‍ෂණයි. මෙම තත්ත්වයට හේතුව වනුයේ මල ශුද්ධ නොවීමයි.
ගුදයේ ඇතිවන්නාවූ මස්දලු විශේෂිත හැඩයක් ගනියි. එසේ වනුයේ මස්දලුවල මුල ඉඹුල් කටුවෙන් මහත්වීම හේතුවෙනුයි. මෙම මස්දලු දිගුයි. වට කුරුයි. සෙල නොවෙයි. මස්දලු සමාන කළ හැකි උදාහරණ දෙකක්ද තිබෙයි. ඉන් එක් උදාහරණයක් වනුයේ එළදෙනුන්ගේ තනපුඩුයි. අනෙක් උදාහරණය වනුයේ කොස් ඇටයි. මෙම මස්දලු නිතරම කැසීමකට ප්‍රිය වෙයි. ඉකිළිද තදවන බවක් දක්වයි. ගුදය, මුත්‍රාශය, වස්තිය ස්ථානයන්හි ශුලය හටගනියි.
අර්ශස් හේතුවෙන් අග්නිමාන්දය හටගනියි. මුත්‍රා කෘජ්වාවද හට ගනියි. මෙහිදී සිත අතිශය දුකට පත්වන රෝග තත්ත්වයක්ද ඇතිවෙයි. ඒ නෂ්ට කාමයයි. එමෙන්ම ආමයද, සීත ජවරද හටගනියි.
අර්ශස්වල තවත් තත්ත්වයක් වනුයේ රක්තාර්ශස් තත්ත්වයයි. මෙම තත්ත්වය මතුපිටින් බැලූවිට සමානවනුයේ පිත්තාර්ශස් තත්ත්වයටයි. මෙහිදී ඇතිවන හැඩය නුග ගසක සෑදෙන නුග පුරුක්වලට සමාන වෙයි. පැහැයෙන් ඔළිඳ ඇටවල වර්ණය හා සමාන වෙයි. මෙහි අතිශය සුවිශේෂී තත්ත්වයක් දක්නට ලැබෙයි. එනම් රක්තය වහනය වීමයි.
ඍෂිවර පුස්තක කියනුයේ අර්ශස් සෑදීමට බොහෝ හේතූන් තිබෙන බවයි. ඒ සියල්ල සලකා බැලූවිට පෙනෙනුයේ අර්ශස් යනු තමන් විසින් බලහත්කාරයෙන් කැඳවා ගනු ලබන රෝගයක් වන බවයි. වෙද පොතේ එම හේතූන් මෙසේ දක්වා තිබේ.
බොහෝ කාලයක් මල බද්ධය පැවැතීම. අවේලාවෙහි ආහාර ගැනීම, අධික මද්‍ය පානය කිරීම, ආහාර ගැනීමේදී මිරිස් වැනි කුළුබඩු අධිකව යොදාගැනීම, නිතරම වාඩිවී සිටීම, මලපහ කිරීම අවශ්‍ය වූ විට එය නොකර සිටීම, මලපහ කිරීම අවශ්‍ය නොවන අවස්ථාවන්වල මලපහ කිරීමට උත්සාහ දැරීම, මෙම තත්ත්වය තුළ ගුදය ගොළුවී ශූල්‍ය ඇති වෙයි. මෙම තත්ත්වය තුළ සිත්හි තබාගත යුතු කරුණක් තිබේ. ඒ මෙසේ කිරීම තුළ කල්ගතවන විට මල නවතාගෙන සිටීමේ ශක්තිය රුඳුණු මාංශපේශීන් ලිහිල් වන බවයි.
ඉතා උස් හ¾ඩින් කතා කිරීම නිසා සහ ඇති වෙන මල බද්ධය හේතුවෙන් මලවල තිබෙන්නාවූ විස රුධිරයට එකතු වෙයි. මෙම තත්ත්වය ඇති කරනුයේ ශිරො රුබාවයි. මේ අතරට හෘදයේ වේදනාව ඇතිවෙයි. ආශ්වාස කිරීමේ අපහසුව දැනෙයි. එමෙන්ම අනෙකුත් ඉන්ද්‍රියන්ගේ පීඩාවද දැනෙයි.
මලපහ කිරීමේ අපහසුව කල්යෑමේදී මල සමඟ රක්තය මිශ්‍රව පිට කරන තත්ත්වයට පත්වෙයි. මලපහ නොවන අවස්ථාවන්හිදී බලෙන් මලපහ කිරීමට උත්සාහ දැරීම හේතුවෙන් පිටතට දැමෙන අර්ශස් ගෙඩිවල ශොථය වැඩි කරයි. පිටතට එන ගෙඩි මලපහ කිරීමෙන් පසු බොහෝ වේලාවක් යළි අභ්‍යන්තරයට නොගොස් එලෙසම පවතී. මෙය සිදුවනුයේ එක් හේතුවක් මතයි. එනම්, ගුද මාර්ගයේ ශිරාවල රුධිරය එක්රැස් වීමෙන්, ගුද මාර්ගයේ ඇතුල් පැත්තේ ඇති මෘදු සිවිය ගොළුවී ගැට මෙන් මතුවීමෙන් ගුද මාර්ගයේ ඇහිරීම සිදුවීමයි. මෙම තත්ත්වය අවස්ථා දෙකක් දක්වයි. ඒ බාහිර අර්ශස් සහ අභ්‍යන්තර අර්ශස් වශයෙනුයි. මෙම තත්ත්වය මත රක්තය වහනය වෙයි. අභ්‍යන්තරයෙහි ඇතිවෙන්නා වූ අර්ශස් එතරම් ශූලයක් ගෙන නොදෙයි.
මිනිස් ශරීරයට නිසියාකාර රුධිර ගමනය ඉතා වැදගත් වෙයි. එය නිසි ලෙස සිදුනොවීම බොහෝ රෝග තත්ත්වයන්වලට හේතුවෙයි. රුධිර ගමනය වැළැකීම තුළ ගුද මාර්ගයේ ශිරාවල ලේ කැටි ගැසීම ඇතිවෙයි. මෙම තත්ත්වය ගෙනදෙනුයේ වැරිකෝස් වේන්ස් නම් රෝගයයි.
මල බද්ධය හේතුවෙන් මල පිටිවීම නිසියාකාරව සිදු නොවෙයි. මේ හේතුවෙන් මල පිටවීමේදී මල කොටස රැඳීමකට ලක්වෙයි. රැඳුනා වූ එම මල කොටස් පල්වීමකටද ලක්වෙයි. එවිට ප්‍රදාහයක් ඇතිවෙයි. ඒ බඩවැල තුළයි. එමඟින් බඩවැලෙහි අභ්‍යන්තර සිවිය දියවීමකට ලක්වෙයි. එමඟින් ශ්‍රාවයක් ගලයි. එවිට වියළී තිබෙන මල බුරුල් වෙයි. මොළොක් ස්වභාවයක් ගනියි. මෙම තත්ත්වය මත වරින් වර මල ස්වල්ප වශයෙන් පිටවෙයි. මෙම රෝගී තත්ත්වය වැරැදියට උපකල්පනය කර අතීසාර තත්ත්වයකුයි වටහාගන්නා අවස්ථාද දක්නට ලැබෙයි. මෙම හේතුව මත නිතරම ගුදය තෙත් ගතියකින් යුක්ත වෙයි. යටට ඇඳි වස්ත්‍රද තෙත් ගතියක් ගනියි. සමහර අර්ශස් රෝගීන්ගේ මල පිටවනුයේ පැතලි ස්වභාවයකිනුයි. තවත් අර්ශස් රෝගීන්ගේ මල පිටවනුයේ මල කොටස්වලට කැඩෙමින් වියළි ස්වභාවයක් ගනුමිනුයි.
අර්ශස් රෝගීන්ට බරපතළ ලෙස පීඩා ගෙනදෙන තත්ත්වයක්ද තිබේ. ඒ මල පිටවුවත් එයින් සෑහීමකට පත් නොවීමයි. එයට හේතුව වනුයේ මල පිටවී අවසන් වුවද තවත් මල රැඳී තිබෙන බව දැනෙන සිතිවිල්ල ඇතිවීමෙනුයි.
අර්ශස් රෝගීන් විෂයෙහි පවත්නා තවත් සුවිශේෂී දෙයක් තිබේ. ඒ වාතය නිතරම උෟර්ධවගතව පැවැතීමයි. මෙම තත්ත්වය රෝග ලක්ෂණ කිහිපයක් පෙන්නුම් කරයි. එහිදී දැලවර ශූල්‍ය ඇතිවෙයි. සිහිමඳ බව පෙන්නුම් කරයි. ශරීර ගුලයද හටගනියි. තෘෂ්රනාව මෙන්ම ජීවරයද ගුදමඟ පැසවීමද සිදුවෙයි. අධික රුධිර ජර්දිය ශෝථය, එම රෝග ලක්ෂණවලින් අසාධ්‍ය බව පෙන්නුම් කරයි.
අර්ශස් රෝගය තවත් එක් විශේෂිත ලක්ෂණයක් ගැන කියයි. ඒ අර්ශස්හි තවත් එක් දුස්සාධ්‍යව අවස්ථාවක් පිළිබඳවයි.
එනම් අතෙහිද, පයෙහිද, ගුදය අණ්ඩකෝෂ දෙකෙහිද, නැබෙහිද, මුහුණෙහිද, අර්ශස් සම්බන්ධ යම් ශොථයක් සමඟ දැලවර ශුල්‍ය ඇතිවුවහොත් එය දුස්සාධ්‍ය වන බවයි. තවද ගුදය පැසවීම සිදුවීම යනු අසාධ්‍ය තත්ත්වයට මුහුණපාන බවයි.
අර්ශස් ඇතිවනුයේ වාතාදි තුන් ෙදාසුන්ගේ සන්නිපාතය හේතුවෙනුයි. එහෙත් වාතාදි දෝෂයන්ගේ ප්‍රවෘද්ධභාවය හේතුවෙන් ප්‍රබේද්‍ය ගණන් ගනු ලබන බව ව.වි.අ. 14 ශ්ලෝකය දක්වා සිටියි.
අර්ශස් රෝගයට ප්‍රතිකාර කිරීමේදී පළමුව කළ යුතු වනුයේ අර්ශස් රෝගයේ රෝග අවස්ථාව හඳුනා ගැනීමයි. ප්‍රතිකාර කළයුතු වනුයේ ඒ අනුවයි. අර්ශස් රෝගයට කරනු ලබන ප්‍රතිකාරයන්ට ස්වේද, ප්‍රලේප, අනුවාසන සහ නිරූහ, යෝග, පිච්ඡා වස්තිය ඇතුළත් වෙයි.
ඉපැරැණි ආයුර්වේදය සහ හෙළ වෙදකම දක්වා සිටිනුයේ ඉපැරැණි හෙළ සහල් වර්ග නිතර අර්ශස් රෝගීන් ආහාරයට ගතයුතු බවයි. මෙහිදී රත්ගුල්, මහහැල්, ගැටදා සහල් වර්ග අර්ශස් රෝගීන්ට වඩාත් ගුණදායක බව දක්වා තිබේ.
අර්ශස් වැලඳීම වළක්වා ගැනීම වාංගල ආනූප, මත්ස්‍ය මාංස අධිකව ගැනීම වැළැක්වීමෙන් අධි උෟෂ්ණයෙන් වැළකීමත්, විශේෂයෙන් මද්‍යපාන සහ ගව මස් ගැනීමෙන් වැළකී සිටීමත් කළයුතු බව දක්වාලයි.
අර්ශස් රෝගයට ප්‍රතිකාර කිරීමේදී සිත්හි තබාගත යුතු වැදගත් කරුණක් ඉසිවර වෙද පුස්තකවල දක්වාලයි. මෙය නියමයක් බව සිතිය යුතුය. ඒ මෙම නියමයයි.
අතීසාරය, ග්‍රහණි අවස්ථාවන්හිදී අග්නි දීප්තිය ඇතිකරනු ලබන ක්‍රම අනුගමනය කළ යුතුයි. මෙහිදී කළයුතු එක් දෙයක් වනුයේ වාතය අනුලෝමනය වන පරිදි පිළියම් කිරීමයි. නමුත් වියළි අර්ශස්වලදී යෙදිය යුතු වනුයේ තීක්ෂණ ප්‍රලේපයි. රක්තාර්ශස්වලදී යෝග වනුයේ රක්තපිත්ත චිකිත්සාවයි. නමුත්, මෙහි මුල් අවස්ථාවේදී ලේ නවත්වන ප්‍රයෝග නොයෙදිය යුතුයි. එයට හේතුව ලෙස දක්වා තිබෙනුයේ දූෂිත වූ රුධිරය නැවැත්වීම තුළ ශූල්‍ය බඩ පිපුම, රක්තකෝෂය, ඇතිවීම හේතුවෙන් විසප්පු ආදිය හටගැනීම නිසයි.
අර්ශස් වැලඳුණු කල වහ වහා ඉක්මන් ප්‍රතිකාර ගැනීම වඩ වඩා වැදගත් වෙයි. ඒ අර්ශස් රෝගය මරණයේ වේදනාව ඉක්මවා යන නොමැරෙන වේදනාවන් ජීවිතයට ගෙන දෙනු ලබන නිසයි.
(සීතාවක රාජසිංහ රජුට වෙදකම් කළ වෙද පරපුරේ දහහතර වැනි පරම්පරාවේ පාරම්පරික වෛද්‍ය අල්හාජ් එම්.එම්.එම්. ඉර්ෂාඩ් මහ වෙදෑදුරු 036-4270192 දුරකතන අංකයෙන් සහ පොහොය දින වරුවක් සමඟ සතියේ සම්පූර්ණ දින හයක් අවිස්සාවේල්ල, තල්දුව පාරම්පරික ඔෟෂධාලයේදීත්, සිකුරාදා දින පමණක් රත්නපුර, ධර්මපාල මාවතේ අංක 08 පාරම්පරික ඔෟෂධාලයේදීත් හමුවිය හැකිය.)
අරුණඩේල් විජේරත්න
අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

No comments: