Header Ads

ඔබට මළපහ කරන්න වැඩිපුර වේලාවක් වැසිකිළියේ ඉන්න වෙනවානම් අනිවාර්යෙන්ම මේ ලිපිය කියවන්න.


ඔබට මළපහ කරන්න වැඩිපුර වේලාවක් වැසිකිළියේ ඉන්න වෙනවානම් අනිවාර්යෙන්ම මේ ලිපිය කියවන්න.
 

“පොඩි පුතා ඉස්කෝලේ යන්න කලින් හැමදාම උදේ වැසිකිළියේ ඉන්දවලා තියෙනවා. හදිසියේ ඉස්කෝලෙදිවත් යන්න වුණොත් කියලා හිතට බයයි” වැසිකිළි යන වැඩේ නම් මහා ප්‍රශ්නයක් තමයි.... අපේ ළමයි ඔය වැඩේට හුරු කර ගන්නත් හරිම අමාරු වුණා”

හැම ගෙදරකම වාගේ උදේ ඉස්කෝලේ යන්න ලෑස්තිවෙන දරුවෝ ඉන්නකොට මේ වගේ කතා බහ අඩුවක් නැතිව අහන්න පුළුවන්.

වැසිකිළි යාමේ පුරුදු, මළපහ කිරිමේදී ඇතිවන අපහසුතා, මළපහ කරනවිට ලේ යාම, සීදම් යාම හෝ වේදනාවක් දැනීම ඇතුලු පුංචි පුංචි ගැටලු බොහෝදෙනෙක් අත් බෙහෙත් කර ගනිමින් සුව කරගන්න උත්සාහ කරන්නේ වෛද්‍යවරයෙක් ළඟට ගොස් විස්තර කියන්න තියෙන ලැජ්ජාව නිසාමයි.

මේ නිසා සමහරවිට සුව කළ හැකි තත්ත්වයේ පවතින ඇතැම් රෝග මඟහැරී යනවා. ඒ වගේම දරුණු තත්ත්වයේ රෝග හඳුනා ගැනීම පමා වීමට ඉඩක් තිබෙනවා. එහෙයින් තමන්ගේ එදිනෙදා ඇවතුම් පැවතුම්වල වෙනසක් හෝ මළපහ කිරීමේදී දැනෙන වෙනසක් ඇත්නම් වෛද්‍යවරයකු ලවා පරීක්ෂා කරවා ගැනීම නුවණට හුරුයි.

මේ පිළිබඳව තොරතුරු ගෙන එන්නේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශල්‍ය වෛද්‍ය විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පේරාදෙණිය ශික්ෂණ රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය එච්.එම්.එස්.ආර්.බී. කොටකදෙණිය මහතායි. “මළපහ කිරීම පිළිබඳව බොහෝදෙනාට ඇතිවන ගැටලුවක් වන්නේ, උදෑසනින් එම කාර්යය ඉටු නොවීමයි. ඒ නිසාම බොහෝවිට ළමයි පමණක් නොවෙයි වැඩිහිටියන් පවා වැඩිපුර වේලාවක් වැසිකිළියේ ඉඳගෙන ඉන්න පුුරුදු වී තිබෙනවා.

මළපහ කිරීමේ කාර්යය කාලසටහනකට අනුවම සිදුවේ යැයි බලාපොරොත්තු වෙන්න බැහැ.

බොහෝ වෙලාවක් වැසිකිළියේ ඉඳගෙන තැටමීමෙන් අහිතකර බලපෑම් ඇතිවෙන්නට පුළුවන්. මේ මඟින් ගුද මාර්ගයේ ඇතුලත බිත්තිය පහත් වීමටත් අපි “අර්ශස්” යනුවෙන් හඳුන්වන තත්ත්වය වැඩිි වීමටත් හේතු වෙන්න පුළුවන්.

වැසිකිලි යාමේදී වේදනාවක් රහිතව ලේ පිටවීම සහ ගුද මාර්ගය ආශ්‍රිතව “ගෙඩියක්” ඇතිවීම මේ රෝග තත්ත්වයේදී සුලබවම දක්නට ලැබෙන ලක්ෂණයි. තමන්ට ඇත්තේ අර්ශස් රෝග තත්ත්වය යැයි තමන්ම රෝග විනිශ්චයකට පැමිණ සිටින කෙනෙකුට බඩවැල් ආශි‍්‍රතව ඇති වෙනත් දරුණු රෝගී තත්ත්වයක් මඟහැරීමේ අවදානමක් ඇති වෙනවා. එය අවාසිදායක තත්ත්වයක්.

ඒ නිසාම අර්ශස් සහ වෙනත් රෝග වෙන් වෙන්ව හඳුනාගැනීම නුවණට හුරුයි.

අර්ශස්

ගුද මාර්ගයේ ඇතුල් බිත්තියේ Anal cushions නම් රුධිර වාහිනී සහ තන්තුමය පටකවලින් සෑදුන විශේෂිත වූ පටක කොටසක් තියනවා. බටහිර වෛද්‍ය විද්‍යාවේදී අර්ශස් (haemorrhoids) වශයෙන් හඳුන්වන්නේ ප්‍රමාණයෙන් විශාල වූ ඒ වගේම ගුද මාර්ගයේ පහළට තල්ලු වන මේ Anal cushions වලටයි.

මේ රෝගයේ මුල් අවස්ථාවේදී මළපහ කිරීමේදී ගුද මාර්ගයෙන් පිටතට පැමිණෙන “අර්ශස් ගෙඩි” එම කාර්යය අවසානයේ නැවත ඉබේම ඉහළට යනවා. රෝග තත්ත්වය වැඩිවන විට එම කොටස අතින් තල්ලු කළ විට ඇතුළතට යනවා. තවදුරටත් මෙය වැඩි වූ විට එම “අර්ශස් ගෙඩි” ගුද මාර්ගයෙන් පිටත දිගටම පවතිනවා. එය ඉතා වේදනාකාරී තත්ත්වයක්.

මෙම තත්ත්වය වළක්වා ගැනීමට ගත හැකි මූලික පියවරක් වන්නේ අලුත් එළවළු හා පලතුරු දිනපතා ආහාරයට එක්කර ගැනීම සහ පිරිසිදු ජලය ඇති තරම් පානය කිරීමයි. අර්ශස් තත්ත්වයට බටහිර වෛද්‍ය විද්‍යාවේ ප්‍රතිකාර ක්‍රම ගණනාවක්ම තියනවා. මුල් අවස්ථාවේදී එන්නතක් මඟින් මේ තත්ත්වය පාලනය කළ හැකියි. එය සායනයකදී කළ හැකි වේදනාවක් නැති නොවන ක්‍රමයක්.

ඊට අමතරව වෙනත් ප්‍රතිකාර ක්‍රම ගණනාවක් මේ සඳහා යොදා ගැනෙනවා. ඒ සියල්ල අසාර්ථක වුවහොත් ශල්‍යකර්මයක් මඟින් මෙම තත්ත්වය සුවකළ හැකියි.

මේ හැරුණු කොට අර්ශස් වලට සමාන රෝග ලක්ෂණ ඇති අනෙකුත් රෝග ගණනාවක් තියෙනවා.

* ගුද මාර්ගයේ සමේ ඇතිවන සුළු “පිපිරුමක්” හෝ තුවාලයක් (Anal Fissure)

* ආහාර මාර්ගයේ පහළ කොටසේ ඇතුලු බිත්තියේ ඇතිවන තුවාල (Ulcerativecolitis)

* ගුද මාර්ගය අවට විසරගෙඩි ඇති වී ඒවායින් නැවත නැවත ස්‍රාවය පිටවන තුවාල ඇතිවීම. (Anal Fistula)

* ඉන් වඩාත් වැදගත් වන්නේ ගුදයේ හෝ මහාන්ත්‍රයේ ඇතිවන පිළිකායි. (ඛ්ධතධපඥජබචත ජචදජඥප)

එබැවින් රෝග ලක්ෂණ ලෙස

* කෙටිකලක සිට මළපහ කිරීමේදී ඇතිවන අක්‍රමිකතා

* මළපහ කිරීමේ වාර ගණනේ වෙනසක්.

* මළපහ ස්වභාවය/ වර්ණය වෙනස් වීම.

* සීදම් හෝ ලේ මිශ්‍ර වී යාම.

* කඩින් කඩ මළපහ කිරීමේ අවශ්‍යතා ඇතිවීම

ආදී තත්ත්වයන් ඇති වුවහොත් වෛද්‍යවරයෙකු ලවා පරීක්ෂා කර ගැනීම සුදුසු වන්නේ එය ඇතැම් විට පිළිකා තත්ත්වයක් විය හැකි නිසයි.

මහ බඩවැලේ පහළ කොටසේ ඇති වියහැකි පිළිකා තත්ත්වයකදී,

* නිතරම වැසිකිලි යාමේ වුවමනාව ඇතිවීම

* මළ බද්ධය

* ලේ හා සීදම් පිටවීම

* මළපහ කුඩා කැබලි ලෙස පිටවීම හෝ වෙනදා ස්වභාවයට වඩා වෙනස් වීම

වැනි රෝග ලක්ෂණ ඇතිවිය හැකියි.

පවුලේ ළඟ ඥාතියෙකුට, මහ බඩවැල් ආශි‍්‍රත පිළිකාමය තත්ත්වයක් ඇතිව තිබුණේ නම්, පරීක්ෂණ මඟින් තමන්ගේ බඩවැල්වල තත්ත්වය පරීක්ෂා කරවා ගැනීම සුදුසුයි.

එසේ පරීක්ෂා කරවා ගැනීමේ ඇති වාසිදායි තත්ත්වය නම්, කලින් හඳුනා ගැනීමේදී පිළිකාමය තත්ත්වයක් ඇතිබව සනාථ වුවහොත් එය සම්පූර්ණයෙන්ම සුවකර ගත හැකි වීමයි.  culcerative colitis හෙවත් සමේ පිපුරුමක් ඇතිවන අවස්ථාවක නම් රෝග ලක්ෂණ වන්නේ, තද වේදනාවක් පැවතීම සහ ලේ පිට වී යාමයි.

ජභතජඥපචබඪමඥ ජධතඪබඪඵ හෙවත් මහ බඩවැලේ ඇතුල් බිත්තියේ ඇතිවන තුවාල තත්ත්වයේදී ලේ යාම සහ සීදම් යාම වැනි රෝග ලක්ෂණ පෙන්වයි. ගුද මාර්ගය අවට විසර ගෙඩි පුපුරා තුවාල සෑදීම Anal Fistula තත්ත්වයේදී, නැවත නැවත තුවාල ඇතිවීම සැරව යාම වැනි රෝග ලක්ෂණ ඇතිවෙයි. ලැජ්ජාව සහ නොදැනුවත්කම නිසා වෛද්‍යවරයකු වෙත නොයා සිටීමෙන් බරපතල රෝගී තත්ත්වයන් හඳුනාගත නොහැකි වෙනවා. එය අපරාධයක්. නිරෝගී ලෙස ජීවත්වීමට ඇති ඉඩ අහුරා ගැනීමක්.

 සමන්ති වීරසේකර


අතර්ජාලයෙන් උපුටා ගැනීමකි




No comments:

Powered by Blogger.