Header Ads

ඔබත් මෙන්න මේ දේවල් කරන කෙනෙක්නම් ඔබේ මොළයේ ස්නායු පද්දතියට හානි ඇතිවෙන බව ඔබ දන්නවද?


ඔබත් මෙන්න මේ දේවල් කරන කෙනෙක්නම් ඔබේ මොළයේ ස්නායු පද්දතියට හානි ඇතිවෙන බව ඔබ දන්නවද?




ඔබේ මොළයේ නිරෝගී කම පවත්වා ගැනීමට ආහාර රටාවේ හා ජීවන රටාවේ ඔබ කරනා දේවල් බලපානවා. සමහර ඔබේ පුරුදු නිසා ස්නායු පද්දතියට හානි ඇතිවෙනවා. අප ඇති කරගන්නා පුරුදු කොටස් තුනකිනුයි ඇතිවෙන්නේ. පළමුව ඔබ ඇති කරගන්නේ මොන පුරුද්දක්ද කියා ඔබ තෝරා ගන්නවා. මෙය කිරීමට පටන් ගන්නා විට ඔබ එය පුරුද්දක් ලෙස කරනවා කියා තීරණනය නොකරන්න පුළුවන්. දෙවැනිව ඇති වෙන්නේ පුරුද්දයි. උදාහරණය වශයෙන් ඔබ වාහනය පදවන එක ඉදිරිපත් කරන්න පුළුවන්. ඔබ වාහනේ දොර ඇර ඇතුලට ගොස්, යතුර දමා, වාහනයේ ගියර් එක නියුටර් කර, වාහනය පණ ගන්වනවා. මේ ඔබට පුරුද්දක් ලෙස ඇතිවෙන කොට, ඔබ හිතන්නේ නැතිවම දේවල් ඉබේටම වගේ සිදුවෙනවා. එය තමයි පුරුද්ද කියන්නේ.


ඔබ කරන පුරුද්ද නිසා ඔබට යමක් පහසුවෙන් හා ඉක්මනින්ම කරන්න පුළුවන්. ඔබ ගමන පටන් ගත් තැන සිට අවසානය දක්වා ඔබ ආරක්ෂිතව ගමන් කරනවා. නමුත්, ගැටළුව වන්නේ මෙය නෙමයි. ගැටළුව වන්නේ අපි නරක පුරුදු ඇති කර ගැනීමයි. එනම්, ශරීරයට අහිත කරන පුරුදු. පුරුදු ඇතිවීමේ ගැටළුව වන්නේ, පුරුද්දක් වශයෙන් ඔබ වැරදි කරනා විට ඒ කරන්නේ වැරැද්දක් බව නොතේරීමයි. මේ නිසා, නරක පුරුදු ඇති කර නොගැනීමට වග බලා ගන්න.

 උදෑසන ආහාරය මග හැරීම: උදෑසන ආහාරය ඉතා වැදගත්වෙන වෙලකි. කාර්යටබහුල ජීවන රටාවන් නිසා, ගොඩ දෙනෙක් මෙම වේල මග හරින්න පුරුදුව සිටිනවා. වේලාවට රාජකාරියට ගිය විට ඔබට සතුටක් දැනෙන්න පුළුවන්. නමුත්, උදේ ආහාරය නොගැනීමෙන් ඔබට ඇතිවෙන ගැටළු

නම් අනන්න්තයි. හිස් බඩක් ඇතිවිට ඔබේ මොළය නිසි ආකාරයෙන් ක්රිදයා කරන්නේද නැත. මොළයට අවශ්ය පෝෂණ කොටස් මින් අඩුවෙන් තමයි ලැඛෙන්නේ.

 සීනි ආහාර වැඩි වශයෙන් ගැනීම: බොහෝ දෙනෙක් දැන් මෙම පුරුද්දට පුරුදු වෙලා. ඔබේ වයස හා ජීවන රටාව අනුව තමයි ඔබ ගත යුතු ආහාර ප්රාමාණය තිරණය වෙන්නේ. සීමාව ඉක්මවා ආහාර ගැනීමෙන් මේදය තැන්පත් වී තරබාරු වෙනවා. අධික මේදය නිසා ඇතිවෙන අවධානම ගැන

ඔබ හොඳින්ම දන්නවා. මොළයට අමතරව, ඔබේ මුළු ශරීරයටම මින් ගැටළු තමයි ඇතිවෙන්නේ. ඉතින්, ඔබත් මේ ගැන පරීක්ෂාකාරී වන්න.


ෆ දුම් පානය: ප්රකධානම නරක පුරුද්දකි. අද මේ නරක පුරුද්ද නිසා වසරකට ලොව මිනිසුන් මිලියන ගණනක් මරණයට පත්වෙනවා. ඒත්, මේ පුරුද්ද නම් මිනිසුන් අත්හරීනේම නෑ. ඔබේ පෙනහළු විනාශ කර දමයි. මොළයට පවා මින් දැඩි බාදා ඇතිවෙනවා.


ෆ එක වර වැඩ කීපයක් කිරීම මඟින් මොළය අධික ලෙස වෙහෙසට පත්වෙනවා. එක වර වැඩ ගොඩක් කිරීමට හැකිවීමෙන් ඔබ සතුටට පත්වෙන්න පුළුවන්. නමුත්, මින් ඔබේ මොළයට තමයි හානි ඇතිවෙන්නේ.


අන්තර්ජාලයෙන් උපුටා ගැනීමකි




No comments:

Powered by Blogger.