Header Ads

ඔබත් නිදාගෙන නැගිට්ට ගමන් ඔබේ ඇද ලස්සනට හදන්න පුරුදුවෙලා නේද ඉන්නේ. ඔබ එහෙම කරොත් ඔබට වෙනදේ මෙන්න. අනිවා දැනගන්න.


 ඔබත් නිදාගෙන නැගිට්ට ගමන් ඔබේ ඇද ලස්සනට හදන්න පුරුදුවෙලා නේද ඉන්නේ. ඔබ එහෙම කරොත් ඔබට වෙනදේ මෙන්න. අනිවා දැනගන්න.

පුංචිම කාලේ ඉදින් අපි හැමෝටම අම්මා උගන්වන්වපු  හොද පුරුද්දක් තමයි උදේ නැගිට්ටාම නිදාගත්ත ඇද තිබුණු විදිහට හදන එක. මතක ඇතිනේ අම්මා කොයි තරම් මේ දේ පුරුදු කරන්න මහන්සි උනාද කියලා. ඒත් නවතම අධ්‍යනයකින් සොගෙන තිඛෙන විදිහට ඔබ තවදුරටත් මේ පුරුද්ද පවත්වාගෙන යාම ඔබේ සෞඛ්‍යට එතරම් හොද දෙයක් නෙමෙයි.


එයට හේතු වශයෙන් ඔවුන් දක්වන්නේ, ඔබ උදෑසනින්ම ඇද අසුරන විට සාමාන්‍යයෙන් මුලින්ම කරන්නේ ඔබේ පොරවනය අකුලන එකයි. ඔබ නොදැනම ඔබ නමා තැබූ පොරවනය තුල මිලියන ගණනක් දූවිලි මයිටාවන් ජීවත්වන බවයි ඔවුන් කියන්නේ. ඔබේ සමේ මැරුණු සෛල හා දහඩිය ආදිය අහාරයට ගනිමින් සිටින මෙම මයිටාවන් නිසා ඇදුම සහ ආසාත්මිකතා ඇති වන බව සොයාගෙන තිඛෙනවා. නමුත් උදෑසනම ඇද අසුරන්නේ නැතිව තිඛෙන විට මයිටාවන් නැවුම් වාතයට සහ හිරු එළියට නිරාවරණය වීමෙන් විනාශ වී යනවා.




පරීක්ෂණ කණ්ඩායම මෙයට විසදුමක් විදහට කියන්නේ උදෙන්ම ඇදෙන් නැගිට්ට වෙලාවේම ඇද අසුරන් නැතිව උදෑසන ආහාරය ගෙන ඔබේ වැඩ කටයුතු සදහා සූදානම් වීමෙන් පසු ඇද සකසනවා නම් එය හොද පුරුද්දක් කියලයි. ඔවුන් තවදුරටත් කියන්නේ සති දෙකකට වරක්වත් ඔබේ ඇද ඇතිරිලි, පොරවන සහ කොට්ට උර සෝදා පිරිසිදු කිරීමෙන් මයිටාවන්ගෙන් වන සෞඛ්‍ය ගැටළු අඩු කරගන්න පුළුවන් බවයි.


අන්තර්ජාලයෙන් උපුටා ගැනීමකි

 

No comments:

Powered by Blogger.