Header Ads

ඔබේ ඇස් වටා කළු පැහැ ගැන්විලාද එහෙනම් මෙන්න කොපි කුඩු වලින් ඇස් වටා ඇති කලුපාට නැති කරන විස්මිත ක‍්‍රමය


ඔබේ ඇස් වටා කළු පැහැ ගැන්විලාද එහෙනම් මෙන්න කොපි කුඩු වලින් ඇස් වටා ඇති කලුපාට නැති කරන විස්මිත ක‍්‍රමය



හුගක් අයගේ ඇස වටා කළු පැහැ වීම දකින්නට පුළුවන්. විඩාබර රැකිරක්ෂා , ඇති තරම් නින්ද නොලැබීම ආදී කරුණු නිසා ඇස වටා කළු පැහැ ගැන්වීම ඇතිවිය හැකියි. මුලින් අඩුවෙන් පටන්ගෙන පැතිරීයන මෙම අවපැහ ගැන්වීම මිල අධික රුපලාවන්‍ය නිෂ්පාදන මගින්ද නැතිකර ගන්න අමාරුයි.


අද අපි කියලා දෙන ක‍්‍රමයෙන් ඔයාලට ඇස වටා ඇති මෙම අවලක්ෂණය නැතිකර

ගන්න පුළුවන්. අවශ්‍ය වන්නේද සරල අමුද‍්‍රව්‍ය කීපයක්




හදන විදිය

කුඩුකර ගත නැවුම් කොපි ටිකක් ගෙන එයට ගම්මිරිස් ටිකක් සහ පොල් තෙල් ටිකක් අත්ල මත මිශ‍්‍ර කර ගන්න. ඒක සමාන පරිමාවට ද‍්‍රව්‍ය මෙසේ ඇගිල්ලෙන් මිශ‍්‍ර කර ගන්න. මෙයටම අවසානයේ වතුර බින්දු කිඉපයක්ද එකතු කර ගන්න.


පාවිච්චිය

ඇස වටා තවරා ගන්න. මසාජ් කරන්න එපා. ඇස් පිය අසල තවරා නොගන්න වග බලා ගන්න. විනාඩි 5-10ක් විතර වෙලෙනකම් සිටින්න. එවිට එය සමට උරා ගනී. ඉන්පසු මෘදුව පොගවගත් රෙදි කැබැල්ලකින් පිසදා දමන්න. අතුල්ලන්න එපා. ඇස අසල සම මෘදු නිසා තුවාල වෙන්න පුළුවන්. ඕනි නම් අවසානයේ මොයිස්චරයිසර් එකක් පාවිච්චි කරන්න.


ගුණ

කැෆෙන් වල ඇති ගුණ මගින් මේද කැටිවිම අඩු කරයි. වර්ණය වෙනස්වීම නැති කරයි.

ගම්මිරිස් පෝෂක සහ ඔක්සිජන් සංසරණය වැඩිදියුණු කරයි.

කොපි සහ ගම්මිරිස් ඉතා ඉහල ප‍්‍රතිඔක්සිකාරක වේ.

පොල්තෙල් මගින් කොපි සහ ගම්මිරිස් ගුණ සමට උරා ගැනීම වැඩි කරයි.



අතර්ජාලයෙන් උපුටා ගැනීමකි



No comments:

Powered by Blogger.