Header Ads

කුඹින්ගෙන් කරදරද? මෙන්න කුඹින් මරන්නේ නැතුව මට්ටු කරන්න හොඳම විදිය


කුඹින්ගෙන් කරදරද? මෙන්න කුඹින් මරන්නේ නැතුව මට්ටු කරන්න හොඳම විදිය


කුඹීයා අහිංසක වුනත් අපිට දෙන කරදර නම් ඉතා දරුණුයි. ගෙදර දොරේ කුඹී කරදර නැති කෙනෙක් නම් නැතුව ඇති. කොච්චර කරදර කරත් විෂ රසායන ගහල කුඹි මරණ එකත් හොද දෙයක් නෙමෙයිනේ. අනික ඔය රසායන පහසුවෙන්ම අපේ

ඇඟටත් ඇතුල් වෙන්න පුළුවන්. වඩා හොදම දේ තමයි ස්වභාවික ද‍්‍රව්‍ය වලින් කුඹීන් පලවා හැරීම. ඉතින් අපි හොයා ගත්තා සරල වට්ටෝරුවක්. ඔන්න දැන් ඔයාලටත් පුළුවන් කුඹීන් මරන්නේ නැතුව එළවලා දාන්න. හදල බලල කියන්නකෝ.





අවශ්‍ය දේ

- දොඩම් ගෙඩි 2ක්

- ගේ‍්‍රප්පෘට් 1ක් (සුපිරි වෙළඳසැල් වල ඇත)

- ලෙමන් ගෙඩි 1ක්

- විනාකිරි මේස හැදී කාලක්

- බෝතලයක් සහ ඉසිනයක්


හදන විදිය

දොඩම් සහ ගේ‍්‍රප්පෘට් මිරිකා යුෂ ලබාගන්න. මෙයට විනාකිරි එකතු කර සති 2-3 ක කාලයක් නොසොල්වා තබන්න. ඉන් පසු පෙරා ජලය වෙන්කර ගන්න. මෙම ජලය ඉසිනයට දමා කුඹීන් සිටින තැන්වලට ස්පේ‍්‍ර කරන්න.


උපුටා ගැනීමකි



No comments:

Powered by Blogger.