Header Ads

හෘද රෝග ඔබටත් හැදෙන්න කලින් දිය ලබුවලින් මෙන්න මේ ඔසුව හදාගන්න


හෘද රෝග ඔබටත් හැදෙන්න කලින් දිය  ලබුවලින් මෙන්න මේ ඔසුව හදාගන්න



දියලබු කියන්නේ එළවළුවක්. ගොඩක් ගෘහ‚යන් අතර ප‍්‍රචලිත එළවළුවක්. දියලබු ශාකයේ ආරම්භයක් ගැන කිසිම සඳහනක් නැහැ. ඒ තරමටම මේ ශාකය ඉපැරැු‚යි. නරියා සහ දියලබු කිරිබත් කතන්දරයත් කොයි කාලෙ සමාජගත වුණාද කියලා තොරතුරක් නැහැනේ. එළවළුවක් වගේම අතුරුපස හදන්නත් දියලබු ගෙඩි භාවිත කරනවා. දියලබු ගැන මම ඔබට කියන්න යන්නෙ ඊට වඩා වෙනස් කතාවක්.


අපේ දේශීය වෙදකමේ අගනා ඔසුවක් තමයි දියලබු. වේද කාලයේ සිටම මෙය ඖෂධයක් ලෙස භාවිත කරලා තිඛෙනවා. කෞටිල්‍යය අර්ථ ශාස්ත‍්‍රය, අථර්වවේද වගේ වේද ග‍්‍රන්ථවල ඒ පිළිබඳ සඳහන්. ඒ වගේම චරක සංහිතාව, සුශ‍්‍රැත සංහිතාව වැනි දේශීය වෛද්‍ය ග‍්‍රන්ථවලත් සඳහන් වෙනවා. විවිධ ඖෂධ පිළිබඳ සඳහන් නිඝණ්ඩු ග‍්‍රන්ථවලත් සඳහන් වන දියලබු වල්ලීඵල ගණය යටතේ විස්තර කෙරෙනවා. සුශ‍්‍රැත සංහිතාවේ සඳහන් විදියට දියලබු කියන්නේ මවුකිරි වඩවන ඖෂධීය ආහාරයක්. ඇත්තටම දියලබු කියන්නේ —ස්තන්‍යජනන˜ ද්‍රව්‍යයක්. (මවු කිරි වඩන) ද්‍රව්‍යයක්ය.

දේශීය වෙදකමේදී නිද්‍රාකාරක ද්‍රව්‍යයක් ලෙස ප‍්‍රචලිත දිය ලබු ස්නායු පද්ධතිය ශාමක කරන ද්‍රව්‍යයක්. ඒ කියන්නේ ශරීරය ශාන්ත කිරීමේ හැකියාවක් මෙයට පවතිනවා. දිය ලබු ශාකයේ පත‍්‍ර, ඇට සහ ගෙඩිය ඖෂධ පි‚ස ගනු ලබනවා. දියලබු ආයුර්වේදයේ විවිධ නම්වලින් හඳුන්වනවා. කුම්බා, අලාබු සහ තුම්බී යන අන්වර්ථ නාමවලින් හඳුන්වන දියලබු අයත් වන්නේ ඛ්භජචපඡුඪබචජඥචඥ හෙවත් කේෂාතකී කුලයට. ඹ්චඨඥදචපඪච ඵඪජඥපචපඪච කියන්නෙ මෙහි උද්භිද විද්‍යාත්මක නාමය.


හැඩය අනුව ලබු වර්ග කෙරෙනවා. ඒ තමයි දීර්ඝ ලබු සහ වටකුරු ලබු යනුවෙන්. ඒ වගේම රසය අනුවත් ලබු ප‍්‍රභේදගත කෙරෙනවා. මිහිරි ලබු සහ තිත්ත ලබු ලෙස ඒ ප‍්‍රභේද දෙක හඳුන්වන්න පුළුවන්. ලංකාවේ සෑම ප‍්‍රදේශයකම රෝපණය වන දිය ලබු ඉන්දියාව, පිලිපීනය, තායිලන්තය, මැලේසියාව සහ ඉන්දුනීසියාව වැනි රටවලත් දක්නට ලැඛෙනවා.


දියලබු වැලක්. ළා කොළ පාට ගෙඩි සහ කොළවලින් සමන්විත දියලබු වැලේ පත‍්‍ර රවුම් හැඩයෙන් යුක්තයි. කොළවල සියුම් බූවක් දක්නට ලැඛෙනවා. දිගටි හැඩයෙන් යුත් දියලබු ගෙඩිය තරමක් ලොකුයි. ආහාරයක් ලෙස වගේම දියලබු පැසුණු ගෙඩිවල මැද මදය ඉවත් කර ඒ කටුව වතුර දමන්නත් භාවිත කරනවා. ඒ වගේම අතීතයේ මී පැ‚ දමන්නත් මේ දිය ලබු බඳුන භාවිත කර තිඛෙනවා. ඒ වගේම වියළි දිය ලබු කට්ට සංගීත භාණ්ඩ සෑදීමටත් යොදා ගන්නවා.


ආයුර්වේද චිකිත්සාවේ දූෂිත රුධිරය ඉවත් කිරීමේ ප‍්‍රතිකර්ම සඳහාත් දිය ලබු කට්ට යොදා ගන්නවා. එය හඳුන්වන්නේ ˜‍අලාබු භාවිතයෙන් සිදුකරන රක්ත මෝක්ෂණ ප‍්‍රතිකර්මය˜‍ කියලයි. පුද්ගල ශරීරයේ බාහිර සහ අභ්‍යන්තර ප‍්‍රතිකාර ක‍්‍රමවේද රැුසකදී දියලබු ගෙඩි, බීජ සහ පත‍්‍ර යොදා ගන්නවා. දිය ලබු බාහිර ප‍්‍රතිකාරයක් ලෙස ශරීරය දැවිල්ල නැති කරන්න එය ඉතාමත්ම ගුණදායකයි. අභ්‍යන්තරව ගත්තොත් ස්නායු පද්ධතිය ශාමක කිරීමට (ශාන්ත කිරීමට) දිය ලබු අගනා ඖෂධයක්.

දියලබු ඖෂධයෙන් ප‍්‍රතිකාර කරන ආකාරය පිළිබඳ පැවැසීමට පෙර එක් විශේෂ දෙයක් කිව යුතුමයි. ඔබ ඖෂධ පි‚ස දිය ලබු ගෙඩියක් ගැනීමට පෙර ඒ දිය ලබු ගෙඩියෙන් කෑල්ලක් කපා රස බලන්න. එය තිත්ත රසයි නම් කිසිම ඖෂධයක් සඳහා ඒ ගෙඩිය භාවිත කරන්න එපා. එහෙම වුණොත් යම් අහිතකර තත්ත්වයක් ඇති වීමේ අවදානමක් පවතිනවා. ඖෂධ පි‚ස ගැනීමේදී තිත්ත රස නැති දිය රහ ඇති දිය ලබු ගෙඩි භාවිත කිරීම ඉතා සුදුසුයි. තිත්ත රස දිය ලබු ගත්තොත් වමනය යෑම, ක්ලාන්තය ඇති වීම ආදී අතුරු ආබාධ ඇති වෙන්න පුළුවන්.


දිය ලබු කියන්නේ හෘද වස්තුවේ විවිධ රෝග සඳහාත් සුවය සලසන ඖෂධයක්. ඔබ දිය ලබු වෑංජනයක් දින කිහිපයකට වරක්වත් ආහාරයට ගත්තොත් හෘදයට ශක්තිමත් බවක් ගෙන දෙනවා. හෘද රෝගවලින් පීඩා විඳින අය ලබු ගෙඩියක ඇට ඉවත් කර මදය අරගෙන හොඳින් අඹරා මිරිකා ගත් යුෂ පානය කරන්න. එමඟින් හෘදය ආශි‍්‍රත රෝග සුව වෙනවා. ඒ ඖෂධීය පානය හෘදයට ඉතා හිතකරයි.

නිතර නිතර මල බද්ධය, අර්ශස් අවස්ථාවලදී දිය ලබු එළවළුවක් ලෙස ආහාරයට ගැනීම ඉතා යෝග්‍යයි. දිය ලබු කියන්නේ කෙඳි ගතිය වැඩි ආහාරයක්. ඒ නිසා මල බද්ධයට, අර්ශස්වලට ඉතාමත් ගුණදායකයි. දිය ලබු වෑංජනයක් සමඟ ආහාර ගත්තොත් ඉක්මනින් බඩ පිරෙනවා. නමුත් මෙහි කැලරි ප‍්‍රමාණය ඉතා අඩුයි. ඒ නිසාම තරබාරුකමින් පෙළෙන බර අඩු කරගන්න අවශ්‍ය අයට මෙය ඒ සඳහා ඉතාමත් සුදුසු ඖෂධයක්. ඔබ කළ යුත්තේ සතියට වේල් කිහිපයක් දිය ලබු වෑංජනයක් සමඟ ආහාර ගැනීම පමණයි.


ස්නායු ආශි‍්‍රත රෝග නිසා අපේ සමාජයේ බොහෝ දෙනෙක් පීඩාවට පත්ව සිටිනවා. මානසික ආතතිය නැති කරන්න ස්නායු රෝග දුරලන්න ඔබ කළ යුත්තේ දිය ලබු වෑන්ජනයක් ලෙස ආහාරයට ගැනීම හෝ දිය ලබු යුෂ වීදුරුවක් දිනපතා බීම පමණයි. ගී‍්‍රස්ම කාලයේදී අපට අවශ්‍ය ලවණ පදාර්ථ ශරීරයෙන් පිටවනවා. එයට කදිම විසඳුමක් තමයි දිය ලබු. තද බල පිපාසය මඟ හරින්නත් දිය ලබු යුෂ වීදුරුවකට සීනි ස්වල්පයක් මිශ‍්‍රකර පානය කිරීම වැදගත්. මේ ඖෂධීය පානය ගත්තොත් ශරීරයට දැඩි සිසිල් බවකුත් ලැඛෙනවා.


ඔබ දියලබු වෑංජනයක් පිසීමට පෙර හෝ දිය ලබු ඉස්ම ගැනීමට පෙර ගෙඩියේ ඇට හොඳින් ඉවත් කරන්න. දිය ලබු ඇටත් සමඟ ඖෂධ පි‚ස හෝ ආහාර පි‚ස ගත්තොත් වමනය, ඔක්කාරය වැනි ගතියක් ඇති වෙන්න පුළුවන්. දිය ලබු ඇට වටේ ඇති මදය වැනි ස්වභාවය නිසා එවන් තත්ත්ව ඇතිවෙන්න පුළුවන්. ඒ නිසා ඒ පිළිබඳ සැලකිලිමත් වීමත් වැදගත්.


තද බල හිසදරය පවතින විට දිය ලබු කොළ කිහිපයක් හොඳින් අඹරා (ඇල්දිය සමඟ) නළලෙ ආලේප කරන්න. දිය ලබු මල් කහ පාටයි. තරමක විශාල මලක්. දිය ලබු මල් කෂාය කර බීමෙන් සර්ප විෂ, ගෝනුසු විෂ ශරීරයෙන් මාරණය කරන්නත් පුළුවන්. ඒ වගේම මුත‍්‍ර බද්ධ අවස්ථාවලදීත් දිය ලබු මල් කෂායක් ලෙස දින කිහිපයක් පානය කරනවා නම් ඉතාමත්ම ගුණදායකයි. ආහාර මාර්ග පද්ධතිය නිරෝගීව පවත්වා ගන්න පුළුවන් ඔබ දිය ලබු යුෂ වීදුරුවක් උදෑසන පානය කරනවා නම්. එහෙමත් නැති නම් දිය ලබු වෑංජනයක් ලෙස ගැනීමත් යෝග්‍යයයි. එමඟින් උදරයේ ආම්ලික ගතියත් අඩු කෙරෙනවා. ගැස්ට‍්‍රයිටිස්, උදරාබාධ, උදරය ආශි‍්‍රත තුවාල හටගත් අයටත් මේ වෑංජනය ඉතාමත් සුදුසුයි.


දිය ලබු ඇට ශරීර අභ්‍යන්තරිකව වමනය වැනි තත්ත්ව ඇති කළත් බාහිරින් එය හොඳ ඖෂධයක්. දිය ලබු ඇට හොඳින් තම්බා සියුම්ව අඹරා ඒ ද්‍රාවණය පැසවූ විසර ගෙඩිවල ආලේප කරන්න. එවිට විසර ගෙඩි පුපුරා විස බීජ ඉවත් වී ඉක්මන් සුවතාවක් ලබා ගන්න ඔබට පුළුවන්. තුවාලය සුව වනතුරු දිනපතා මේ ආලේපය භාවිත කිරීම වැදගත්.


දිය ලබුවල බහුල වශයෙන් යකඩ, කැල්සියම්, පොස්පරස් සහ විටමින් ආදී පෝෂ්‍ය පදාර්ථ පවතිනවා. සමහර රටවල දිය ලබු දලු‍ විවිධ ආකාරයට සාදාගනිමින් ආහාර සඳහා භාවිත කරනවා. දිය ලබු දලු‍ එළ කිරිවලින් හෝ පොල් කිරිවලින් තම්බා ආහාරයට ගන්නවා නම් එයත් රසවත් වගේම ගුණවත් ආහාරයක්.

මෙහිදී විශේෂයෙන් පැවැසිය යුතුයි ඔබ ආහාර සඳහා හෝ ඖෂධ සඳහා දිය ලබු ගෙඩි, කොළ, දලු‍, ඇට යන ඒවා ගැනීමේදී සෑම විටම නැවුම්ව ගන්න. එමඟින් ඖෂධීය ගුණය වගේම රසවත් බවත් නැවුම්ව ලැඛෙනවා. අක්මාව ආශි‍්‍රත රෝග සුව කිරීමට ලබු කොළ ඉස්ම කෂාය ඉතාමත් ගුණදායකයි. ලබු කොළ මිටකට වතුර පත හතක් මිශ‍්‍ර කර එය පත එකක් ලෙස සිඳවා ඒ පත එකට සීනි ස්වල්පයක් මිශ‍්‍රකර උදේට පත භාගයයි, සවසට පත භාගයයි බැගින් දින කිහිපයක් බොන්න. මෙය අක්මා රෝගවලට ඉතා අගනා ඖෂධයක්. නිතරම මත් පැන් පානය කිරීම නිසා බොහෝ දෙනකුගේ අක්මා හානිය වැඩියි. නමුත් දිය ලබු කොළ කෂාය පානය කරන අතරතුරේ යළිත් මත් පැන් බොනවා නම් එය කනගාටුවට කරුණක්.


අද පවතින කාර්යබහුල සමාජයේ බොහෝ දෙනෙක් මුත‍්‍රා හිතලම පිට කරන්නෙ නැහැ. එය දීර්ඝකාලීනව සිදුවීමෙන් මුත‍්‍රා ආසාදන ඇතිවන්න පුළුවන්. මුත‍්‍රා අම්ල ගතිය වැඩි වීමත් ඒ හරහා සිදුවනවා. එවන් මුත‍්‍රා ආසාදන ඇති අය නිරන්තරයෙන්ම දිය ලබු ආහාරයට ගැනීම සුදුසුයි. මුත‍්‍රා රෝගවලට එය කදිම ඔසුවක්. මුත‍්‍රා දැවිල්ල විට ලබු ඉස්ම අරගෙන එයට දෙහි යුෂ ස්වල්පයක් මිශ‍්‍රකර දිනපතා උදෑසන හිස් බඩට එය පානය කරන්න. දින කිහිපයකින් යහපත් සුවතාවක් ඔබට දැනේවි.

හිසකේ හැලී යෑම, හිසකේ පැළීම වැනි විවිධ ශීර්ෂ රෝගවලින් පීඩා විඳින අය දිනපතා එක් වරක් දිය ලබු ඉස්ම ස්වල්පයක් හිසේ ආලේප කරනවා නම් හිසකේ ආශි‍්‍රත ගැටලු‍වලින් මිදෙන්න පුළුවන්. නිරෝගී කෙස් කලඹක් ලබන්නත් මෙය අගනා ඖෂධයක්.


නින්ද නොයන අයට නින්ද ලබා ගැනීමටත් දිය ලබු ඖෂධය ගුණදායකයි. දිය ලබු ඉස්ම ස්වල්පයක් අරගෙන එයට තල තෙල් ස්වල්පයක් මිශ‍්‍රකර රාත‍්‍රියට හිසේ ගා සම්බාහනය කරන්න. නින්ද නොයෑම නැති වී සාර්ථක නින්දක් ලබන්නත් එය අගනා ඖෂධයක්.


නින්දෙන් ඇති වූ උළුක් නිසා හෝ වෙනත් නහර ආශි‍්‍රත ආබාධයක් නිසා ඛෙල්ල හැරවීමේ අපහසුතා ඔබට එක් වරක් හෝ දැනිලා ඇති. එවන් අවස්ථාවකදී දිය ලබු කොළ ස්වල්පයක් අඹරා ඒ ද්‍රාවණය ඛෙල්ලේ වේදනාව දැනෙන, හරවන්නට නොහැකි පැත්තෙ ආලේප කරන්න. එමඟින් ඉක්මන් සුවයක් ඔබට දැනේවි. අස්ථී කැඞී බිඳී ගොස් සුවවන විට ඇතැම් අවස්ථාවල ඒ ස්ථානය ගල් වෙනවා. තද වෙනවා. එය නැවතත් බුරුල් කිරීමට බඳින පත්තුවටත් දියලබු ඖෂධය භාවිත කරනවා.



අස්ථී බිඳී ගිය තැන් තද වුණාම එය නැවතත් බුරුල් කිරීමට දිය ලබු මද, කැකුළු සහල්, අමු කහ සමව ගෙන අඹරා ඒ ද්‍රාවණය ආලේප කිරීමෙන් අස්ථී බිඳී ගිය තැන් මෙලෙක් කරන්න පුළුවන්. ඒ වගේම දිය ලබු මද සහ ළපටි පුවක් මල්, කැකුළු හාල්, පොල් කිරෙන් අඹරා ආලේප කිරීමෙනුත් අස්ථී තද වීම් බුරුල් කරන්න පුළුවන්.

අපේ දේශීය වෙදකමේ වගේම —යුනානි වෙදකමේත්˜ දිය ලබු ඖෂධය බහුල වශයෙන් ලෙඩ රෝග සුවයට යොදා ගන්නවා. යුනානි වෙදකමට අනුව ක්‍ෂය රෝගය, හෘද රෝගය සුව කරන්නත් දිය ලබු ඖෂධය ආහාරයක් ලෙස ගැනීම වැදගත්. ඊට අමතරව රක්ත ශෝධනයට (ලේ පිරිසුදු කිරීමට) ඉතාමත් සුදුසු ඖෂධයක් තමයි දිය ලබු කියන්නේ.


දිය ලබු කොළවලින් රසවත් ආහාරයක් සාදා ගන්නා ආකාරය මම ඔබට කියන්නම්. කඩල පිටි ස්වල්පයක් අරගෙන එයට පොල් තෙල් ස්වල්පයක් මිශ‍්‍රකර හොඳින් කවලම් කර ගන්න (උකු ද්‍රාවණයක් ලෙස). ඉන් පසු පිරිසුදු කර ගත් ලබු කොළ කිහිපයක දෙපස අර උකු ද්‍රාවණය මඳක් ගනකමට ආලේප කරන්න. එය ආලේප කර කොළය හතරට නවාගෙන ඒවා වණ්ඩුවේ තම්බා ගන්න.


වණ්ඩුවේ තම්බා ගත් ඒ ආහාරය ගැඹුරු තෙලේ බැදගෙන හෝ කිරි හොද්දක් සමඟ නටවා හෝ ආහාරයට ගන්න පුළුවන්. ඇත්තටම මෙය මස් වගේ ඉතාම රසවත් ආහාරයක්. ඒ වගේම ගුණයෙනුත් අනූනයි. මුත‍්‍රාශයේ ගල් ඇති අයට මේ රසවත් ආහාරය ඖෂධීය ගුණ ලැබීමටත් භාවිත කරන්න පුළුවන්. මේ ආහාරයට මුත‍්‍රා ගල් දිය කිරීමේ හැකියාවක් පවතිනවා.


යුනානි වෙදකමේ රක්ත ශෝධනය හෙවත් ලේ පිරිසුදු කිරීමට ඇති —ෂර්බති උෂ්බා˜ ඖෂධය වෙළෙඳපොළ තුළත් පවතිනවා.

ඇත්තටම දිය ලබු කියන්නේ මිනිසාට නිරෝගී බව ළඟා කරන දිව්‍යමය ඖෂධයක්.

—ජ්‍යෙෂ්ඨ කථීකාචාරිනී එස්. කේ. එම්. කේ. හැරපත්දෙ‚ය මහත්මිය සමඟ කළ සංවාදයක් ඇසුරිනි˜.



අතර්ජාලයෙන් උපුටා ගැනීමකි




No comments:

Powered by Blogger.