Header Ads

ඔබටට දරුවෙක් ලැබෙන්න නම් ඉන්නේ මෙන්න මේ ටික දැන්ම සූදානම් කරගන්න.



 ඔබට දරුවෙක් ලැබෙන්න නම් ඉන්නේ මෙන්න මේ ටික දැන්ම සූදානම් කරගන්න.





දරුවෙක් ලැබෙන්නට ඉන්නවනම් ප්‍රධානම දේ බය නොවෙන එක. ඕක සාමාන්‍ය දෙයක්. තම සංහතිය පැවැත්ම වෙනුවෙන් සිදුවන ස්වභාවික දෙයක්. ඒත් ඒ කාරණාව සාමාන්‍ය විදියට සිද්ධ වෙන්න නම් අපි සූදානම් විය යුතු පිළිවෙතක් තියෙනවා. ‍අනිවා මේ කියන්න යන්නෙ හොස්පිට්ල් එකට යද්දි ගෙනියන්න ඕන කරන දේවල්.
1. ඔෆිස් එකටයි ගෙදරටයි බෑග් දෙකක්


ඔෆිස් එකටයි ගෙදරටයි බෑග් දෙකක් හදන එක වටිනවා. අම්මා ඔෆිස් යන කෙනෙක් නම් හදිසියේ අමාරු වුනොත් මේ ක්‍රමවේදය වැදගත්. අපි මේ පල්ලෙහා කියල තියෙන බෑග්වලින් ලොකු එකක් හදලා ගෙදර තියාගන්න ගමන්ම පොඩි එකක් ඔෆිස් එකෙන් ගෙනිහින් තියන්න. ඔෆිස් එකේදි අමාරු වුනොත් ඇඩ්මිට් වෙලා දවසක් දෙකක් යනකං ඒකෙන් කවර් කරගන්න පුළුවන් එතකොට.
2. හදිස්සියට යන්න වාහනයක්.


ගෙදර ඉන්නවානම් හදිසි අවස්ථාවක වාහනයක් ගෙන්නගන්න පුළුවන් විදියක් සෙට් කරලා තියාගන්න එක හොඳයි.
3. හොස්පිටල් එකේ ක්ලිනික් කාඩ් එක


මෙය නොමැතිනම් රෝහලට ඇතුළු කරගැනීමේදී යම් යම් ගැටළුකාරී තත්ත්වවලට මුහුණ දීමට සිදුවේ.


4. ගත්තු රිපෝට්


පෙර වෛද්‍ය වාර්ථා තිබීම තත්ත්වය වඩා පහසු කරවයි.
5. අම්මගේ ජාතික හැඳුනුම්පත හෝ උප්පැන්න

6. බෑග් බෑග් බෑග්


මුලින් බෑග් දෙකක් හදාගන්න කිවුව එකෙන් මේ කියන්නෙ ගෙදරට තියාගන්න කිවුව ලොකු බෑග් එක හදාගන්න විදිය. මේකට අනුව හිතලා ගෙදර එක ලෑස්ති කරගන්න. මේකෙදි මූලිකව බෑග් තුනක් ඕන. එකක් අම්මගේ ලේබර් රූම් එකට ගෙනියන්න. අනික අම්මට දරුව හම්බුනාට පස්සෙ වෝඩ් එකට. අනිත් එක දරුවගේ බෑග් එක. හැමඑකේම අම්මගෙ නම(රෝහලේ ලියාපදිංචි වුනු නම) ගහන්න.

මේ ලේබර් රූම් එකට ගෙනියන ලොකු බෑග් එකට

අම්මාට

චීත්ත දෙකයි
බෙඩ් ජැකට් දෙකයි
ෂොපින් බෑග් දෙකක්
ඉනට බඳින රෙදි පටි දෙකක්
සනීපාරක්ෂක තුවා පැකට් 1ක් (ලූප් සහිත)
කොන්ඩෙට වූල් බෑන්ඩ් දෙකක් (කරල් දෙකට ගොතන්න)
තේ, පිටි, සීනි, බිස්කට්

බබාට

චූටි ෂර්ට් දෙකක්
බබාගෙ නැපි දෙකක්
ෆ්ලැනල් රෙද්දක් (බබාව ඔතන්න)
තොප්පියක් (ෆ්ලැනල් නම් හොඳයි)
නැපි කටු
පෙකනි කට්ටක්

මේ හොස්පිටල් එකේ වෝඩ් ගෙනියන අනිත් බෑග් එක

අම්මාට සහ බබාට බඩු වෙනම ගෙනිච්චොත් ලේසියි. මේ තියෙන්නෙ ගෙනියන්න තියෙන ඔක්කොම බඩු ටික.

රේසර් එක
වස්ති බෝතලය
සෙරෙප්පු දෙකක්
පිඟානක්, කෝප්පයක්, හැන්දක්
වතුර බෝතලයක්
උණුවතුර ෆ්ලාස්ක් එකක්
තේ හදාගන්න බඩු ටිකක්
බෙඩ් ජැකට් දෙකයි
චීත්ත දෙකයි
සනීපාරක්ෂක තුවා (ලූප් සහිත)
රෙදි පටි
බබාට නෙට් එකක්
සබන් කැටයක්, ටූත් බ්‍රෂ්, ටූත් පේස්ට්, බේසමක්, තුවායක්
බ්ලැන්කට් එකක්
බේබි ෂර්ට් පහක්
නැපි පහක්
ෂොපින් බෑග්
ෆ්ලැනල් රෙදි
බබාට අත්මේස්, කකුල් මේස්
කොට්ටයක්, බෙඩ් ෂීට් එකක්
ස්නානය කිරීමට අවශය ද්‍රව්‍ය
පිරිසිදු කපු රෙදි කැබැල්ලක් (දරු ප්‍රසූතියෙන් පසු ඇතිවන තුවාල ස්නානයෙන් පසු තෙත මාත්තු කිරීමට)

බබාගෙ බඩු බබා හම්බුනාට පස්සෙ ගෙදර කට්ටියට ගේන්න කියලා දන්වනවානම් හොඳයි. එය ඉඩපහසුව සලසා ගැනීමට සහ ඔබ කැපවීමෙන් සෝදා පිරිසිදු කළ භාන්ඩ අන්සතු නොවීමටත් වැදගත්.

අනිවාර්යයෙන් බබාගෙ බඩු හෝදලා ඉර අවුවේ වේලලා අයන් කරන්න පුළුවන් ටික අයන් කරලම අරගන්න.




                                 අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
                                  




 

No comments:

Powered by Blogger.