Header Ads

පොල් වගාවට ජලය සපයන නිවැරදි ක්‍රමය මෙන්න.



පොල් වගාවට ජලය සපයන නිවැරදි ක්‍රමය මෙන්න.
පොල් වගාවේ ජල අවශ්‍යතා සඳහා භාවිත කළ හැකි ජල ප‍්‍රභවයන්
පොල්වගාව සඳහා ප‍්‍රධාන වශයෙන් හා සුළු වශයෙන් අවශ්‍ය වන පෝෂක වර්ග ප‍්‍රමාණයන්ට අමතරව ජලය මනාව ලබා දීමෙන් හොඳ පොල් පලදාවක් ලබා ගත හැකි බව පොල් පර්යේෂණ ආයතනය මඟින් කරන ලද පර්යේෂණවලින් සනාථ වී තිබේ. පීදුණු ගසක් සඳහා ජලය ලීටර් 40 - 60 ක් දිනකට අවශ්‍ය වන අතර, වියළි කලාපය හා අන්තර් මැදි කලාපයේ පොල් වගාව සඳහා විශේෂයෙන් ම වියළි කාලවලදී මෙලෙස ජලය ලබාදීීමෙන් හොඳ අස්වැන්නක් ලබාගත හැකි යි. පොල් පැළවලට අවශ්‍ය වන ජල ප‍්‍රමාණය වයස අනුව වෙනස් වේ. එනම්,  අවුරුදු 1            ලීටර් 12 අවුරුදු 1            ලීටර් 18 අවුරුදු 2         

  ලීටර් 28 අවුරුදු 3            ලීටර් 32 අවුරුදු 4-5        ලීටර් 36 ලෙස වේ.

පොල් ගසේ කි‍්‍රයාකාරි මූල කලාපයේ සිට, එනම් පොහොර කවයට මෙලෙස ජලය ලබාදීම හේතුවෙන් පොල් ගසකින් ලැබෙන වාර්ෂික පොල් අස්වැන්න ජලය නොයොදනවාට වඩා 50 - 60 % දක්වා වැඩි කැර ගත හැකි බව පොල් පර්යේෂණ අයතනයේ පාංශු හා ශාක පෝෂණ අංශය මඟින් කළ පර්යේෂණවලින් සනාථ වී තිබේ.
පොල් වගාව සඳහා ජල සම්පාදනය කිරීමට පෙර සැළකිය යුතු කරුණු කිහිපයක් තිබේ. ඒවා නම්
01. ආයෝජනය සහ ලාභදායිත්වය02. පොල් ගසේ කි‍්‍රයාකාරී මූල කලාපය (පොහොර කවය) (පොහොර කවය යනු ගසේ මුල සිට අඩි 6 ක් (මීටර් 1.5) දක්වා පිහිටි කවයකි) 3. පොල් ගසේ ජල අවශ්‍යතාවය04. ජලය සැපයිය යුතු වේගය05. ජලය සැපයිය යුතු කාලාන්තරය06. ජල සම්පත්වල සුලභතාව07. පාරිසරික තත්ත්ව08. සුදුසු ජල සම්පාදන ක‍්‍රම09. විදුලිබල පහසුකම් යානාදිය වේ.
මේවා අතරින් ජල සම්පාදන ය සඳහා යොදා ගත හැකි ජල සම්පත් ගැන සලකා බැලීම වඩාත් වැදගත් වේ. ජල සම්පත් ලෙස
01. ඇළ දොල ගංගා වැව් හා ජලාශ02. වාරි මාර්ග ඇළපද්ධති - උදා මහවැලි කලාපය03. කෘෂිකාර්මික ළිං04. ගැඹුරු නල ළිං (භූගත ජල ලබා ගැනීම සඳහා) යනාදිය භාවිතා කළ හැකිය.
මෙලෙස ජල සම්පත් කොතරම් තිබුණත් ඒවායේ සීමාකාරී සාධක කිහිපයක් ඇත. ඒවා මොනවාදැයි සලකා බලමු.
1. ඇළ දොල ගංගා වැව් හා ජලාශමේවායේ ඇති ජල ප‍්‍රමාණය ලැබෙන වර්ෂාව හා එම ප‍්‍රභවවල පරිමාව අතර රඳා පවතියි. මෙම ජලය වෙනත් බෝගවල ජල සම්පාදන කටයුතුවලට මෙන් ම වෙනත් නොයෙකුත් දේ සඳහා ද ලබා ගන්නා බැවින් පොල්ගස් සඳහා ජල සම්පාදනයට ලබාගත හැකි ජල ප‍්‍රමාණය සීමාසහිත වේ.
2. වාරි මාර්ග ඇළ පද්ධතිවිශේෂයෙන් ම මෙවැනි දෑ නොයෙකුත් ව්‍යාපෘති යටතේ සකස් කර ඇත. උදාහරණ ලෙස මහවැලි කලාපය, ගිංගඟ යෝජනා ක‍්‍රමය, ලුණුගම් වෙහෙර යෝජනා ක‍්‍රමය යනාදිය දැක්විය හැකිය. මේවායේ ඇති ජලය බොහෝ දුරට වෙනත් භෝග සඳහා ද යොදා ගන්නා නිසා පොල් ගස් සඳහා ජල සම්පාදනය කිරීමේදී මේ සම්බන්ධව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හෝ මහවැලි දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡා කර, කාලාන්තර වෙන් කැර ගත යුතුයි.
3. කෘෂිකාර්මික ළිංමේවා ඉතා විශාල විෂ්කම්භයකින් යුතුව හා විශාල පරිමාවකින් යුක්තව තනන ළිං වේ. වර්ෂා ජලයෙන් ලැබෙන ජලය වැඩි ප‍්‍රමාණයක් රඳවා ගැනීමට හැකිවන පරිදි මේවා සකස් කැර ඇති අතර, ප‍්‍රදේශයට ලැබෙන වර්ෂාපතනයට අනුව රඳවා ගතහැකි ජල ප‍්‍රමාණය තීරණය වේ.
4. ගැඹුරු නළ ළිංපසේ මතුපිට ජලයට හානි නොකර භූගත ජලය ලබා ගැනීම සඳහා තනන ළිං මේ ගණයට අයත් වේ.  ජනතාව අතර ප‍්‍රසිද්ධ මෙම ගැඹුරු නලි ළිං පරිමාවෙන් කුඩාය. මේවා තැනීම සඳහා අධික වියදමක් දැරිය යුතු අතර, ජලය නොකඩවා ලබා ගැනීමට හැකියාව ඇත.
භූගත ජලය ලබා ගැනීමේ හැකියාව ප‍්‍රදේශය අනුව
දැනට පොල් පර්යේෂණ ආයතනය මඟින් ජල සම්පත් මණ්ඩලය හා එක්ව  ලංකාවේ පොල් ති‍්‍රකෝණයට අයත් ප‍්‍රධාන දිස්ති‍්‍රක්ක දෙක වන පුත්තලම හා කුරුණෑගල යන දිස්ති‍්‍රක්කවල භූගත ජලය ව්‍යාප්ත වී ඇති ආකාරය පිළිබඳ සමීක්ෂණ කැර, ඒවා සිතියම් මඟින් ප‍්‍රකාශයට පත්කැර ඇති අතර, එම සිතියම් පොල් පර්යේෂණ ආයතනය සතුව පවතී. අධික වියදමක් දරා නල ළිං තැනීමට පෙර තම පොල් ඉඩම තිබෙන ප‍්‍රදේශයේ භූගත ජලය මනාව ව්‍යාප්ත වී ඇත්දැයි මූලික තක්සේරුවක් කර ගත හැකිය.මෙම ප‍්‍රදේශවල පවතින භූ ජල ධාරිතාව කලාප 5 කට බෙදා වෙන්කළ හැක



අතර්ජාලයෙන් උපුටා ගැනීමකි




No comments:

Powered by Blogger.