Header Ads

ඇසේ ඇතිවෙන නගනය ඉක්මනින් හොද කර ගන්න මේ ස්වභාවික ඔසුව හදාගන්න.


ඇසේ ඇතිවෙන නගනය ඉක්මනින් හොද කර ගන්න මේ ස්වභාවික ඔසුව හදාගන්න.

මුලින්ම ඔබ දැනගතයුතු කරුණ වනුයේ නගන යනු ඇසිපියෙහි කෙස්ගස මුල ඇතිවන ඉදිමුමකි. එය භයානක නොවුනත් වේදනාකාරී සහ කරදරකාරි වේ. නගන ඇතිවීමට හේතුව වනුයේ බැක්ටීරියා ආසදනයකි. මෙම ලිපියෙන් ස්වභාවිකව නගන වලට ප්‍රතිකාර කරන ආකාරය දැනගත හැක.

පිටින් එන නගන රතු සහ දැවිල්ල වන අතර අල්ලන විට තද ගතියෙන් යුක්තය. සාමාන්‍යයෙන් ඇසි පිල්ලමෙහි අග දාරයෙහි හටගනියි. එය ඉක්මනින්ම නැතිවිද යා හැක. ඊට අමතරව ඇසි පිල්ලමට හානිවී ඇති වේදනාකාරී ගැටිත්තක් හටගන්නා අවස්ථාද ඇත. ඇතුලතින් එන නගන ඇසි පිල්ලමට තරමක් ඇතුලතින් දැකගත හැකි අතර ඒවා සුවවීමට භාහිර නගන වලට සාපේක්ෂව වැඩි කාලයක් ගනී.

තදකිරිම, ඇතිල්ලීම, මිරිකා නගනය එලියට ගැනීමට උත්සහ කිරීම, හෝ කිසිම ආකාරයේ ඇසිපිල්ලමට හානි කිරීමක් නුසුදුසු. එය ඉබේම නැතිවි යාමට දිය යුතුය.

එය ඍජු ලෙස අසාදනය වුවක් නම් විෂබීජ නාශක ඛෙහෙත් බින්දු දැමීම සුදුසුවේ.

ඇස් ආලේපන පාවිච්චිය සුදුසු නොවේ එය තත්වය තවත් බරපතල කරයි.

සනීපාරක්ෂක ක්‍රම අනුගමනය කිරීම මෙන්ම අසාදිත ස්ථාන පිරිසිදුව තබා ගැනීම වැදගත්වේ.

උණුසුම් රෙදි කැබැල්ලකින් තද කිරීම රෝමකුප වල ඇති බද නැතිකිරීමට උදවුවේ.

 chamomile තේ වල අඩංගු මර්දනය කිරීමේ හැකියාව ඉදිමුම සහ වේදනාව අඩු කිරීමට උදවු වන අතර නගනයෙන් දියර ගැලීම නවතයි. chamomile තේ බැගයක් ගෙන උණු වතුරට දමා ස්වල්ප වෙලාවක් තබා එයින් ඉවත් කරගන්න. මෙය ටික වෙලාවක් තබා මිරිකිමකින් තොරව අසාදිත ස්ථානයේ තබන්න. බෑගය නිවුණු පසු ඉවත් කරගන්න. නැවත අවශ්‍ය වර ගණනක් එලෙසම සිදු කරන්න.

නගන වලට ප්‍රතිකාර

 කිකිළිය බිත්තරයක් දැමු විගසම උණුසුම් තත්වයෙන්ම නගනය ඇති ස්ථානයේ තබන්න.

 කොළ පැහැති ළුනු ගෙඩියේ කොළ එන ස්ථානයයෙන් දික් අතට කපන්න. එයින් එන යුෂ කෙලින්ම අසාදිත ස්ථානයේ ගලවන්න.

දාස්පෙතියා මල් පෙති තේ හැදී 1ක් වතුර කෝප්ප 1/4කට දමන්න. එය පෙරා පුළුන් කැබැල්ලක් ගෙන එයින් පොගවා අසාදිත ස්ථානයේ ගල්වන්න

– මින්ට් කොළ කිහිපයක් ගෙන කුඩුකර ඒවා කෙලින්ම නගනය මත තබන්න. මිනිත්තු 5ක් පමණ මෙසේ තබා මද උණු වතුරෙන් සෝදා හරින්න.

වලක්වා ගන්නා ක්‍රම

ඇස් රතු වේ හෝ ඉදිමි ඇති විට ඇතිල්ලීම සාමාන්‍ය සිද්ධියකි. කුඩා දරුවන් මහන්සි වූ විටද මෙසේ සිදු කරයි. නමුත් මෙය සිදු කිරීම නගනයේ භාහිර ස්වභාවය වෙනස් කිරීමට හේතුවේ.

ඇස් අසාදනයටත් බෝවීමටත් හේතුවන ඇස් ඇල්ලිමේ ආසාව වලක්වා ගත යුතුය. දැත් නිතරම පිරිසිදුව තබා ගැනීමටත් හොද සෞක්‍ය පුරුදු පුහුණු කිරීමත් නගන ඇතිවීම වැලක්වීමට හොද හේතුවක් වේ. සබන් පාවිච්චිකර සේදීම, ගෙදර ආ විගසත්, සෑම වැඩකටම පසුවත් සිදුකිරීම තැන්පත්වී ඇති බැක්ටීරියා ඉවත් කිරීමට පිටුවහලක්වේ.

විටමින් A ලබාගැනීම නගන ඇතිවීම වලක්වන තවත් ආකාරයකි. මෙයින් ශරීරයේ ප්‍රතිශක්තිය ඉහල දමයි. නමුත් අහාර උයන විටදී බොහෝ විට විටමින් A නැතිවන නිසා පිළියෙළ කිරීමේදී සැලකිලිමත් විය යුතුවේ. බිත්තර, කැරට්, වට්ටක්කා, තක්කාලි, නිවිති, ලැටිස් මෙවැනි අහර වලට උදාහරන වේ.



අතර්ජාලයෙන් උපුටා ගැනීමකි



No comments:

Powered by Blogger.