Header Ads

ඔබෙත් වකුගඩු නරක් වෙලා ද? මෙය හඳුනාගත හැකි රෝග ලක්ෂණ මෙන්න. ඔබත් අනිවාර්යෙන් දැනුවත් වෙන්න


 ඔබෙත් වකුගඩු නරක් වෙලා ද? මෙය හඳුනාගත හැකි රෝග ලක්ෂණ මෙන්න. ඔබත් අනිවාර්යෙන් දැනුවත් වෙන්න


වකුගඩු රෝග තර්ජනය අද මුළු ලොවටම එකසේ බලපා ඇති ගැටළුවකි. අප රටද ඉන් නිදහස් නොවේ. එබැවින් නිරන්තරයෙන් අපට ඒ පිළිබඳ සැලකිල්ලෙන් සිටීමට හා එය වළක්වා ගැනීමට අවශ්‍ය පියවර ගැනීමට සිදුවී තිබේ.


මේ අතර බහුලව අවධානයට ලක්වන්නේ වැඩිහිටියන් සම්බන්ධයෙන් වූ වකුගඩු රෝග පිළිබඳවය. එහිදී දැකිය හැකි පොදු රෝග ලක්ෂණ කිහිපයක් ඇත. එනම්, මුහුණ අතපය කකුල් ආදී ඉදිමීම, මුත‍්‍රා පෙන පෙන ගතියෙන් පිටවීම, මුත‍්‍රා සමග ලේ යෑම, කෑම අරුචිය, හතිය, අධික නිදිමත ගතිය, ඇග කැසීම ආදී තත්ත්ව දැකිය හැක. එවැනි ලක්ෂණ දිස්වෙනවා නම් වෛද්‍යවරයකු හමුවී ඹත‍ඍ මුත‍්‍රා පරීක්ෂණය, ක‍්‍රියටනීන් හා ස්කෑන් පරීක්ෂාවකට යොමුවීම වැදගත්ය. ඒ මගින් යම් ගැටලුකාරී තත්ත්වයක් ඇති නම් හඳුනාගැනීමට අවස්ථාව ඇත. ඒ ඔස්සේ අවශ්‍ය වන්නේ නම් වැඩිදුර පරීක්ෂණ හෝ ප‍්‍රතිකාරවලට යොමුකළ හැක.





වකුගඩු නරක්වීමට බලපාන සාධක අතර ප‍්‍රධාන තැනක් ගන්නේ දියවැඩියාව, අධික රුධිර පීඩනය, නෙෆ්රොටික් සින්ඩෝම් (එනම් මුත‍්‍රා සමග ඇල්බියුමින් පිටවීමෆ වැනි තත්ත්වයි. ඊට අමතරව වකුගඩුවල ගල් තිබීම, වේදනා නාශක හෝ වකුගඩුවලට අහිතකර ඖෂධ හෝ වෛද්‍ය අනුමැතියෙන් තොරව යම් ඖෂධ දීර්ඝකාලීනව භාවිතා කිරීම, සිරුරේ වෙනත් රෝගාබාධ එනම් සන්ධි රෝග ීඛෑ වැනි රෝග තත්ත්ව මගින්ද වකුගඩු වලට යම් අවස්ථාවල අහිතකර බලපෑම් ඇතිවිය හැක.


එසේම පරම්පරාගත වකුගඩු රෝග, පොලිසිස්ටික් කිඞ්නි ඩිසීස් වැනි රෝගද, හඳුනානොගත් වකුගඩු රෝගයද (රජරට වකුගඩු රෝගයෆ සර්ප දෂ්ටන ද යම් විටක බලපෑ හැක.


පරිස්සම් වෙන්න නම්

දියවැඩියාව, අධික රුධිර පීඩනය මනාව පාලනය කරගත යුතුමය, එසේම මේ රෝග සඳහා ඔබට වැඩි ප‍්‍රවනතාවක් ඇතැයි දැනෙනවා නම් ද ඒ පිළිබඳ සැලකිල්ලෙන් කටයුතු කළ යුතුමය. ප‍්‍රධානවම පැ‚රස, තෙල්, ලුණු සීමා කිරීම ඉතාමත් වැදගත්ය. මන්ද ඒ මාර්ගයෙන් ඇතිවිය හැකි විවිධ රෝගාබාධ වකුගඩු වලට අහිතකර අන්දමින් බලපෑම් කිරීමේ හැකියාව පවතින බැවිනි.


අවදානම් රෝග ලක්ෂණ කුමක් හෝ ඇත්නම්

අප පෙර සඳහන් කළ රෝග ලක්ෂණ එකක් හෝ කිහිපයක් හෝ ඇත්නම් ඉක්ම‚න් ළගම සිටින ඔබේ පවුලේ වෛද්‍යවරයා මුණගැසී උපදෙස් ලබාගැනීම වැදගත්ය. තවද ඔබේ පවුලේ පරම්පරාගත වකුගඩු රෝගය ඇත්නම් ද පෙර කී පරීක්ෂණ කරගැනීම වැදගත්ය.


වතුර

නීරෝගී පුද්ගලයකු නම් දිනකට ජලය ලීටර් 2 ඃ - 3 ක් පමණ පානය කිරීම සුදුසුය. වි‍ශේෂයෙන් රජරට ප‍්‍රදේශ ආශ‍්‍රිතව වෙසෙන පුද්ගලයින් පෙරාගත් පිරිසුදු ජලය පානය කිරීමට සැලකිලිමත්වීම බොහෝ වැදගත් වේ. එසේම කාබනික ලෙස වගාකරන ආහාරවලට හැකිතාක් යොමුවීමද මේ ගැටලුවට ඇති හොඳ විසඳුමකි. කාබනිකව වගාකරන ආහාරවලට වැඩි නැඹුරුවක් දක්වන අතරම නිතර නිතර භාවිතයට ගැනෙන කෘත‍්‍රිම හා ඩයි යෙදූ ආහාර පානයෙන් වැළකීමටද අවධානය යොමු කිරීම ද අතිශයින් වැදගත් සාධකයකි.


සමුද‍්‍රිකා වර්ණකුල ඳ කොළඹ යුධ හමුදා රෝහලේ, වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සංජය හෙයියන්තුඩුව


අන්තර්ජාලයෙන් උපුටා ගැනනීමකි





No comments:

Powered by Blogger.