Header Ads

මත්ද්‍රව්‍ය පිළිබඳ බෞද්ධ දර්ශනයෙන් හෙළිවෙන යතාර්ථය.

ආචාර්ය ඒ. ඒ. ජයන්ත ජයසිරි

ආචාර්ය චාමලී නාහල්ලගේ
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

මත්පැන් සහ මත්ද්‍රව්‍යවල උපත, එහි විකාශය සහ වර්ගීකරණය, ඉන් ඇති වන දුර්විපාක හෙළි කරන මේ ලිපිය ඒ පිළිබඳ ව ඇති බෞද්ධ ආකල්ප ද විස්තර කරයි. ‘ජර්නල් ඔෆ් සෝෂල් වර්ක් ඉන් ශ්‍රී ලංකා 2014’ සඟරාවෙන් උපුටාගැනිණ.

මත්ද්‍රව්‍ය දුර්භාවිතය මානව සමාජය තුළට මෑතක දී ඇතුළු වූවක් නො වේ. මානවයා ක්‍රමයෙන් පරිණාමයට පත් වූ දා පටන් මත්ද්‍රව්‍ය ද නොයෙක් ආකාරයෙන් මිනිස් සමාජයට ඇතුළු වී ඇත. ඓතිහාසික සාධක මගින් ද ආගමික තොරතුරු ආශ්‍රයෙන් ද විවිධ විද්‍යාත්මක පර්යේෂණ මගින් ද ඒ බැව් පැහැදිලි වේ. මත්පැන්, සුරාව, මීවිත යන නම්වලින් ද හඳුන්වනු ලැබේ. නිරුක්ති විද්‍යාවට අනුව ද මධ්‍යසාර භාවිතයෙහි ආරම්භය හෙළිදරව් කරගත හැකි ය.

සංස්කෘත භාෂාවෙහි ‘මධු’ යන්නෙන් ද, ගී‍්‍රක භාෂාවෙන් ‘මෙති’ යන වචනයෙන් ද අදහස් කැරෙන්නේ මී පැණි යොදා සකස් කරන ලද පානයකි. පාෂාණ යුගයේ දී භාවිත කළ මී පැණියෙන් සකස් කළ පානයෙහි නම වූයේ ද ‘මීඩ්’ ය. ඇන්ග්ලෝ සැක්සන්වරු භාවිත කළ වචනය ‘මෙඩෝ’ හෝ ‘මෙඩඩු’ විය. වේල්ස්හි එය ‘මෙඩි’ විය. ගී‍්‍රක බසින් හා සංස්කෘත බසින් ආ වචනවලින් අදහස් කරන ලද්දේ ‘මත් බව සපයා දෙන පානයක්’ බව යි.

වාර්තාගත කරුණු අනුව ක්‍රි.පූ. 6000 පමණ වන විට මිදිවලින් වයින් නිෂ්පාදනය මැද පෙරදිග රටවල ඇරඹී ඇත. පළමුවෙන් මිදි වගා කළ පුද්ගලයා ‘නෝවා’ යැ යි බයිබලයේ සඳහන් වේ. ඉතිහාසඥ එච්. ජී. වේල්ස්ට අනුව යුප්‍රටීස් හා ටයිගී‍්‍රස් ගංගා නිම්න ආශි‍්‍රත ව සුමේරියන් රාජ්‍යයේ නිපූර් නුවර ක්‍රි.පූ. 2000 දී පමණ වෛද්‍ය ප්‍රතිකාර සඳහා වයින් උපයෝගී කරගත් බව ඓතිහාසික මූලාශ්‍රයවලින් වාර්තා වේ. එමෙන් ම ක්‍රි.පූ. 6000 දී මෙසපොතේමියාවේ ද බීර හා සමාන වූ මත්පැන් වර්ගයක් භාවිතයේ පැවති බව සඳහන් වේ. තව ද කැස්පියන් මුහුද අසබඩ ජීවත් වූ ආදිකාලීන පර්සියානුවන් විසින් වයින් නිෂ්පාදනය කළ බවත්, ක්‍රි.පූ. 300ටත් පෙර පමණ එම කර්මාන්තය ඊජිප්තුව කරා පැතිර ගිය බවත් අනාවරණය වී ඇත. ඊජිප්තුවේ තිබෙන පැරණි ම පිරමීඩවල ඇඳ තිබෙන බිතුසිතුවම් අනුව අඩු තරමින් ක්‍රි.පූ. 2000 දී පමණ එම රටේ වයින් භාවිතය පැවතුණු බව සිතිය හැකි ය. මේ අනුව ලෝකයේ මුලින් ම සොයාගනු ලැබූ මත්පැන් වර්ග බීර සහ වයින් බව පැවසේ.

මද්‍යසාර නිෂ්පාදනය සඳහා අමුද්‍රව්‍ය වන ජලය, තාපය, සීනි සහ ඊස්ට් මීට වසර මිලියන දෙසීයකට පෙර සිට මිහිපිට පැවති බව සොයාගෙන ඇත. එබැවින් පාෂාණ යුගයේ ආරම්භයේ සිට ම මිනිසා මධ්‍යසාර හඳුනාගෙන සිටි බව පැහැදිලි වේ. එම මධ්‍යසාර පසු ව විවිධ නම්වලින් හා විවිධ ස්වරූපයෙන් විකාශනය වන්නට

ඇත. දුරාතීතයේ පටන් ලංකාවේ භාවිත කළ මත්පැන් වර්ගය වූයේ ‘රා’ ය. වර්තමානයේ ද මෙය තල් රා, පොල් රා, කිතුල් රා යනාදි වශයෙන් බෙහෙවින් දක්නට ලැබේ. එහෙත් 1820 දී බ්‍රිතාන්‍ය්‍ය ආණ්ඩුකාර එඩ්වඩ් බාන්ස් රා නිෂ්පාදනයට නීති එකතු කිරීමත් සමඟ රා නිපදවීම විශාල වශයෙන් පහළ වැටී ඇති අතර, එමගින් ස්වදේශීය ජනතාව ක්‍රමයෙන් සැර අධික විදේශීය මත්පැන් වර්ග භාවිතයට පෙලඹුණ බව පිළිගැනේ. 1505 දී පෘතුගීසි ආගමනයෙන් ඇරඹි අධිරාජ්‍යවාදයත් සමඟ මෙරට ඇති වූ සමාජ, ආර්ථික, සංස්කෘතික පරිසරයේ වෙනස් වීමත් සමග ම මෙරට මත්පැන් පරිභෝජන රටාව බෙහෙවින් ඉහළ අගයක් ගත් බව විද්වතුන්ගේ මතය යි. එසේ ම බටහිර ජාතීන් ඔවුන්ගේ අභිලාෂයන් ඉටු කරගැනීම සඳහා රජයේ අභ්‍යන්තර රහස් අනාවරණය කරගන්නා යතුරක් ලෙස ‘මත්පැන්’ ප්‍රයෝජනයට ගත් අවස්ථා ඓතිහාසික මූලාශ්‍රයවල සඳහන් වේ.

මත්ද්‍රව්‍ය දුර්භාවිතයට ද දීර්ඝ ඉතිහාසයක් පවතින බව පෙනේ. ප්‍රාග් කොලොම්බියානු ශිෂ්ටාචාරයේ එන විස්තරවලට අනුව මැක්සිකෝ ඉන්දීයයන් තම දිගු ගමන්වල දී ‘පොයොටල්’ නම් ද්‍රව්‍යයක් තම ශක්තිය වර්ධන කරගැනීමට යොදාගත් බව අනාවරණය වී ඇත. බොලීවියානු, පීරු, ඉක්වදෝර සහ කොලොම්බියානු රටවල අය සහ ඉන්දීය කඳුවැටිය ආශ්‍රිත ප්‍රදේශවල ජීවත් වූ ඉන්දීයයයෝ තම කුසගින්න සහ විඩාව සංසිඳුවාගැනීම සඳහා එරික්‍රොක්සිකෝකා නමැති ගසේ කොළ සැපීමට පුරුදු ව සිටි බව සඳහන් වේ. මෙසේ ක්‍රමයෙන් ප්‍රචලිත වෙමින් පැවත ආ මත්ද්‍රව්‍ය වර්ගයන් දෙවන ලෝක සංග්‍රාමයේ දී සොල්දාදුවන්ට ඔරොත්තු දිය හැකි පරිදි විවිධ උත්තේජකයන් ලෙස ලබා දී ඇත. එසේ ම වියට්නාම් - අමෙරිකානු යුද සමයේ දී අමෙරිකානු සොල්දාදුවන්ට ‘කැනබිස්’ සහ ‘සයික්‍රොටාසික’ විශාල වශයෙන් ලබා දී ඇතැයි විශ්වාස කැරේ.

නූතන බටහිර වෛද්‍ය විද්‍යාවේ පියා ලෙස සැලකෙන හිපොක්‍රටීස් ‘හෂීස්’, ‘හෙරෝයින්’ නිෂ්පාදනයට ගන්නා මූලද්‍රව්‍ය වන කංසා සහ අබිං දෙවර්ගයේ වටිනාකම පිළිබඳ ව සඳහන් කොට තිබේ. ක්‍රි.පූ. පහේ දී පමණ ගංජා පැළෑටියෙන් සකස් කරගත් ඖෂධ නිර්වින්දනයක් ලෙස චීනයේ භාවිත කර ඇති බව දැක්වේ. දකුණු අමරිකාවේ වුසූ රතු ඉන්දීයයන් වෙහෙස නිවාගැනීමටත් සෙම්ප්‍රතිශ්‍යාව සඳහා ප්‍රතිකාර ලෙසත් ‘කෝකා’ කොළ සැපීමට පුරුදු ව සිට ඇත්තේ ක්‍රි.පූ. 1500 පමණ පෙර කාලයේ සිට බව දැක්වේ. මුල් කාලීන ව මත්ද්‍රව්‍ය වෙළෙඳපොළ ආරම්භ වී ඇත්තේ සුළු වශයෙනි. 1920 දශකයේ දී නිව්යෝර්ක් නගරයේ දී යුදෙව් ජාතිකයන් ආරම්භ කළ ලුසියානු ජෙනොවිස් නම් සමුපකාර ව්‍යාපාරය මෙහි දී වැදගත් ය. එවකට සිසිලි දූපත්වල පැවති විටෝ පෙනවිස් නම් සංවිධානය විසින් නිව්යෝර්ක් වරායට නීති විරෝධී ව හෙරොයින් ගෙන ඒම සිදු කරන ලදි. මත්ද්‍රව්‍ය නීත්‍යනුකූල ව පාලනයක් යටතට පත් වූයේ විසිවැනි සියවසේ මුල් භාගයේ සිට ය. අමෙරිකාවේ එය ආරම්භ වූයේ 1914 දී ය. මීට ප්‍රථම අබිං, කොකේන්, කෝකා සහ මරිජුවානා නීති විරෝධී ලෙස සලකනු නොලැබී ය.

මත්ද්‍රව්‍ය දුර්භාවිතය වර්ධනය වීමත් සමඟම විවිධ රටවල් මත්ද්‍රව්‍ය නීති විරෝධී බවට පත් කැරෙන විවිධ අණ-පනත් ක්‍රියාත්මක කර තිබේ. මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූවන් විවිධ අපරාධවල නියැලීම හා මත්ද්‍රව්‍ය ඇසුරෙන් ඇති වූ කළුකඩ වෙළෙඳාම අවම කිරීම සඳහා 1914 දී “ඩ්චපපඪඵධද ඊචය ධට 1914 චදඤ ඕඥභපඥචභ ධට ව්චපජධබඪජඵ (1930 - 1968)” යන නීති පද්ධතිය ඇති කරන ලදි. එහි දී මත්ද්‍රව්‍ය වර්ග නිෂ්පාදනය, අපනයනයට අවසර ලත් වෙළෙඳසල්වලට හා වෛද්‍යවරුන්ට අවස්ථාව හිමි වී තිබේ. වෛද්‍යවරුන්ට පමණක් ඖෂධ අවශ්‍යතා සඳහා මත්ද්‍රව්‍ය පරිහරණය කිරීමට සහ නියම කිරීම නෛතික අවසරය දෙන ලදි.

මත්ද්‍රව්‍ය මනසට බලපෑම් කරන ද්‍රව්‍යයක් ලෙස හඳුනාගෙන තිබේ. මත්ද්‍රව්‍ය ගන්නා පුද්ගලයා ඒ ඒ මානසික අවස්ථා, හැඟීම්, භාවයන්, සිතුවිලි වෙනස් කිරීමට භාවිත කරන ද්‍රව්‍යයකි. මෙම ද්‍රව්‍යයන් භාවිතයෙන් පසු ව ඇති කරනු ලබන මානසික යැපීම නිසා නැවතත් එය භාවිත කිරීමට පෙලඹවීමක් ඇති කරයි. සංවේදීතාව, මනෝභාවය, චර්යාව හා මනස සම්බන්ධ ක්‍රියාවලිය වෙනස් කිරීමේ හැකියාවක් බොහෝ මත්ද්‍රව්‍යවල පවතින බැවින් මනෝ සක්‍රිය මත්ද්‍රව්‍ය වශයෙන් හඳුන්වනු ලැබේ. දෛනික ජීවිතයේ නොයෙක් කටුක අවස්ථාවන්ට මුහුණ දෙන පුද්ගලයන් මෙන් ම නොයෙක් ජයග්‍රහණ ලබාගන්නා අය ද වෙහෙස දුරු කරගැනීමට, සතුට ලබාගැනීමට මත්ද්‍රව්‍ය භාවිත කරති. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීමට කරදරකාරි ස්වභාවය, අසහනය, පවුල් බිඳවැටීම් ආදි සාධක ද හේතු වන බව සමාජ මනෝවිද්‍යාත්මක අදහස යි.

පුද්ගලයකුගේ සාමාන්‍ය ශාරීරික පැවැත්ම හා කාර්යයන් යම් තත්ත්වයකට පත් කිරීමේ හැකියාවක් ඇති රසායනික ද්‍රව්‍යයක් ලෙස මත්ද්‍රව්‍ය හැඳින්විය හැකි අතර, සමහර රෝගවලට ප්‍රතිකාර වශයෙන් භාවිත කරන පෙනිසිලින්, ඇස්පි‍්‍රන්, ඉන්සියුලින්, එස්ට්‍රෝජන් සහ සමහර අවස්ථාවල භාවිත කරන විටමින් වර්ග ද මත් ඖෂධ ගණයට අයත් යැ යි පිළිගැනේ. පුද්ගලයාගේ ශාරීරික හා මානසික ගති-පැවතුම්වල යම්කිසි වෙනසක් ඇති කරන රසායනික ද්‍රව්‍යයක් වන මත්ද්‍රව්‍ය භාවිතය මොළය ආශි‍්‍රත ක්‍රියාකාරිත්වයට බෙහෙවින් බලපාන බව පිළිගැනේ. මත්ද්‍රව්‍ය අක්මාවට විෂ විය හැකි අතර, පිළිකාකාරක යැ යි සැලකේ. මත්ද්‍රව්‍ය මගින් මොළය තුළ කොතරම් ව්‍යාකුලත්වයක් ඇති කරන්නේ ද කිව හොත්: ඒ හේතුවෙන් කෙනකුට කාලය, දුර ප්‍රමාණය වෙහෙස ගැන අවබෝධය නැති වේ. එසේ ම මොළයේ සෛල විනාශ වීමෙන් උන්මාදය වැනි මානසික රෝග, සිරෝසිස් වැනි රෝග ද, හෘදයාබාධ වැනි මාරාන්තික රෝග ද, ආහාර ජීර්ණ පද්ධතියේ නොයෙකුත් රෝගාබාධ ද ඇති වේ. මත්පැන්, මත්ද්‍රව්‍ය භාවිතය නිසා ඇති වන රෝගාබාධ 350ක් හඳුනාගෙන ඇති අතර, සෑම මත්ද්‍රව්‍යයක් ම පුද්ගලයාගේ සිතුම්-පැතුම්, හැඟීම් හා හැසිරීම් රටාව විකෘති කරන බව පිළිගැනීම යි.

යම් පුද්ගලයකු විසින් මද්‍යසාර පානය කරනු ලබන විට මුඛයේදීම දිය වී, ශරීරය පුරා ව්‍යාප්ත වීම ඇරඹේ. මද්‍යසාර 20%ක් ආමාශයෙන් ද, 80%ක් අතුණුබහන්වලින් ද අවශෝෂණය කරගනු ලැබේ. මද්‍යසාර අණු ඉතා කුඩා නිසා ශරීරයේ සෑම සෛලයක් ම හා සම්බන්ධ වේ. අක්මාව තුළ පරිවෘත්තියට භාජනය නොවූ මද්‍යසාර හෘදය මගින් රුධිරය සමඟ ඇත. දුරාතීතයේ පටන් ලංකාවේ භාවිත කළ මත්පැන් වර්ගය වූයේ ‘රා’ ය. වර්තමානයේ ද මෙය තල් රා, පොල් රා, කිතුල් රා යනාදි වශයෙන් බෙහෙවින් දක්නට ලැබේ. එහෙත් 1820 දී බ්‍රිතාන්‍ය්‍ය ආණ්ඩුකාර එඩ්වඩ් බාන්ස් රා නිෂ්පාදනයට නීති එකතු කිරීමත් සමඟ රා නිපදවීම විශාල වශයෙන් පහළ වැටී ඇති අතර, එමගින් ස්වදේශීය ජනතාව ක්‍රමයෙන් සැර අධික විදේශීය මත්පැන් වර්ග භාවිතයට පෙලඹුණ බව පිළිගැනේ. 1505 දී පෘතුගීසි ආගමනයෙන් ඇරඹි අධිරාජ්‍යවාදයත් සමඟ මෙරට ඇති වූ සමාජ, ආර්ථික, සංස්කෘතික පරිසරයේ වෙනස් වීමත් සමග ම මෙරට මත්පැන් පරිභෝජන රටාව බෙහෙවින් ඉහළ අගයක් ගත් බව විද්වතුන්ගේ මතය යි. එසේ ම බටහිර ජාතීන් ඔවුන්ගේ අභිලාෂයන් ඉටු කරගැනීම සඳහා රජයේ අභ්‍යන්තර රහස් අනාවරණය කරගන්නා යතුරක් ලෙස ‘මත්පැන්’ ප්‍රයෝජනයට ගත් අවස්ථා ඓතිහාසික මූලාශ්‍රයවල සඳහන් වේ.

මත්ද්‍රව්‍ය දුර්භාවිතය වර්ධනය වීමත් සමඟම විවිධ රටවල් මත්ද්‍රව්‍ය නීති විරෝධී බවට පත් කැරෙන විවිධ අණ-පනත් ක්‍රියාත්මක කර තිබේ. මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වූවන් විවිධ අපරාධවල නියැලීම හා මත්ද්‍රව්‍ය ඇසුරෙන් ඇති වූ කළුකඩ වෙළෙඳාම අවම කිරීම සඳහා 1914 දී “Harrison Tax of 1914 and Beureau of Narcotics (1930 - 1968)යන නීති පද්ධතිය ඇති කරන ලදි. එහි දී මත්ද්‍රව්‍ය වර්ග නිෂ්පාදනය, අපනයනයට අවසර ලත් වෙළෙඳසල්වලට හා වෛද්‍යවරුන්ට අවස්ථාව හිමි වී තිබේ. වෛද්‍යවරුන්ට පමණක් ඖෂධ අවශ්‍යතා සඳහා මත්ද්‍රව්‍ය පරිහරණය කිරීමට සහ නියම කිරීම නෛතික අවසරය දෙන ලදි.

යම් පුද්ගලයකු විසින් මද්‍යසාර පානය කරනු ලබන විට මුඛයේදීම දිය වී, ශරීරය පුරා ව්‍යාප්ත වීම ඇරඹේ. මද්‍යසාර 20%ක් ආමාශයෙන් ද, 80%ක් අතුණුබහන්වලින් ද අවශෝෂණය කරගනු ලැබේ. මද්‍යසාර අණු ඉතා කුඩා නිසා ශරීරයේ සෑම සෛලයක් ම හා සම්බන්ධ වේ. අක්මාව තුළ පරිවෘත්තියට භාජනය නොවූ මද්‍යසාර හෘදය මගින් රුධිරය සමඟ ගමන් කරයි. රුධිරය මගින් මද්‍යසාර ශරීරයේ සියලු අංශ කරා ගමන් කර, වඩාත් සංවේදී ඉන්ද්‍රියයක් වන මොළය කෙරෙහි බලපායි. මද්‍යසාර බලපාන මොළයේ පළමු කොටස නම් මස්තිෂ්කය යි. මස්තිෂ්කබාහිකය යනු මොළයේ ඇති වඩාත් ම පිටත කොටස වන අතර, එය හැඟීමට, දැනීමට කථා කිරීමට හා තීරණ ගැනීමට විශේෂිත වූ කොටස යි. එබැවින් දොඩමලු වන ස්වභාවයටත් වැරදි තීරණ ගැනීමටත් පෙලඹේ; ශරීරය අකාර්යක්ෂම භාවයට හේතු වේ. රුධිරයේ මද්‍යසාර මට්ටම 0.4% දක්වා වැඩි වුව හොත් මරණයට පත් විය හැකි ය.

ශ්‍රී ලංකාවේ විවිධ ආයතන මගින් රජයේ අනුමැතිය මත නිෂ්පාදනය කරනු ලබන විවිධ මද්‍යසාර ප්‍රමාණයක් අඩංගු මත්පැන් වර්ග කීපයක් හඳුනාගත හැකි ය. එනම් අතිවිශේෂ හා මොලෑෂස් අරක්කු, පදම් කළ අරක්කු, මිශි‍්‍රත අරක්කු, දේශීය නිෂ්පාදිත, විදේශවල නිෂ්පාදිත ස්පී‍්‍රතු, හා ස්වභාවය වෙනස් කළ ස්පී‍්‍රතු නිෂ්පාදන වශයෙනි. මේ සියලු මත්පැන් වර්ග රජයේ හා පෞද්ගලික මට්ටමේ ආයතන පනහකට අධික ප්‍රමාණයක නිෂ්පාදනය කරනු ලබන බව සුරාබදු කොමසාරිස් ජනරාල් පාලන වාර්තාවල දැක්වේ.

රජයේ අනුමැතිය නැති ව නීති විරෝධී ලෙස නිෂ්පාදනය කරනු ලබන ‘මත්පැන්’ වර්ග ද තිබේ. ඒවා ව්‍යවහාරයේ පවතින්නේ ‘කසිප්පු’ ලෙස ය. මෙම හොර මත්පැන් කටුකම්බි, සුදුවා, කෂ්ටා, වල් ෆැන්ටා, සැටලයිට්, හැළි අරක්කු ආදි වශයෙන් හඳුන්වනු ලැබේ. මෙම මූලය ‘ගෝඩා’ යනුවෙන් හඳුන්වනු ලබන අතර, ව්‍යවහාරයේ දී ‘කාඩිය’ යනුවෙන් ද හැඳින්වේ. නීති විරෝධී මත්පැන් නිෂ්පාදන ක්‍රියාවලියට ‘සාලංගය’ යන වචනය භාවිත කළ ද ග්‍රාමීය ව්‍යවහාරයේ දී එයට ‘වාඩිය’ යනුවෙන් ද ව්‍යවහාර කැරේ. උදාහරණ ලෙස මුට්ටි වාඩිය, කොච්චි වාඩිය, බැරල් වාඩිය ආදිය පෙන්වා දිය හැකි ය. මේ කසිප්පු නිෂ්පාදනය සඳහා කුණු වූ පලතුරු, මීයන්, ගෙම්බන්, කැරපොත්තන්, මූත්‍ර, අසූචි ආදිය මෙන් ම ඉතා භයානක කෘමිනාශක වර්ග ද යූරියා පොහොර වැනි දෑ ද භාවිතයට ගන්නා බව මහාචාර්ය නන්දසේන රත්නපාල මහතා පවසයි. නීති විරෝධී මත්පැන් ගොන්නට රා ද ඇතුළත් වේ. පෙර රා මැදීම සඳහා අවසර ලබා දුන්නේ එම රා ස්කාගාර, රා බෝතල් නිෂ්පාදනාගාර හා රා කැන්ටින්වලට ලබා දීම සඳහා පමණි. නීත්‍යනුකූල ලෙස භාවිත නොවන විට රා ද නීති විරෝධි ගණයට වැටේ.

බෞද්ධ සාහිත්‍යයට අනුව ‘සුරා’ උපත කියවෙන්නේ කුම්භ ජාතකය පදනම් කොටගෙන ය. විශාඛා මහා උපාසිකාවගේ යෙහෙළියන් වූ සුරාපානය කළ පන්සියයක් ස්ත්‍රීන් අරබයා මේ ජාතකය වදාළ සේක. එය සැකෙවින් මෙසේ ය: සැවැත් නුවර ජනයා සුරා බී මත් ව නටන, ගයන, වයන, සැණකෙළියක් පැවැත්තේ ය. විශාඛාවගේ යෙහෙළියෝ පන්සියයක් තම ස්වාමීන්වරුන් එසේ සැණකෙළියෙහි යෙදී මුවෙහි තැබූ පමණින් මත් කර ලන සැර ශ්‍රාවයන් මිල දී ගෙන බී නැටීමට, ගැයීමට, වැයීමට කැමැත්ත ඇති ව විශාඛාව ඇමතූ හ. විශාඛාවගේ පිළිතුර වූයේ සුරාවෙහි ඇති බලවත් දෝෂ දන්නා බැවින් තමා සුරා පානය නොකරන බව යි. පෙරවරුවේ බුදුන් ප්‍රමුඛ මහා සඟරුවනට දන් දී සවස සුවඳ දුම්, තෙල්, මල් ගෙන එම පන්සියයක් ස්ත්‍රීන් ද කැටුව ඇය ජේතවනාරාමයට ගියා ය. විශාඛාව බුදුරදුන් පුදා එකත්පසෙක සිටින අතර, යෙහෙළියෝ ගෙනැවිත් තිබූ සුරාව පානය කළහ; ඉතා සැර මත්වතුරින් බොහෝ සේ මත් ව බුදුරදුන් හමුවේ මාර දූවරුන් මෙන් නටන්නට ගයන්නට පටන් ගත්හ; කෙස්වැටි අල්ලා දබර කළහ; මහත් සේ අත්පුඩි ගසමින් කොක් හඬලා සිනාසෙන්නට වූ හ. එම විප්‍රකාර දුටු බුදු හිමි එම අඥාන ස්ත්‍රීන් බිය ගන්වා, උන්ට නුවණ දෙනු පිණිස සිය ශරීරයෙන් ඉතා බලවත් රශ්මි කදම්බයක් ඔවුන් වෙත විහිදුවා හළ සේක. ඉන් එම ස්ත්‍රීන්ගේ ඇස් නිලංකාර වූයෙන් මහා ඇඳිරි නරකාදියට පත් වූ සෙයක් හැඟිණි. මර බය නිසා උන්ගේ සුරා මත යථා පරිදි අතුරුදන් විය. ඒ ස්ත්‍රීහු පියවි සිහිය ලබා තැන්පත් ව හිඳගත් විට උන් සසරෙහි කලකිරවන ආකාරයෙන් බණක් බුදුරදුන් විසින් දේශනා කළහ. ධර්මාවබෝධයෙන් පන්සියයක් ස්ත්‍රීහු සෝවාන් වූ හ. ඉක්බිති ව මේ හිරි ඔතප් නස්නා වූ සුරාපානය කවරදා කෙසේ ආරම්භ වී දැ යි විශාඛාව බුදුරදුන්ගෙන් විචාළා ය. එම ඉල්ලීම පිළිගත් බුදුරදුන් කුම්භ ජාතකය වදාළහ.

දඹදිව කසීරට ‘සුරා’ නම් වැද්දෙක් බෙහෙත් බඩු සොයනු පිණිස හිමාල වනයට ගිය බවත් එහි දී අතු බල තුනක් ඇති මහා වෘක්ෂයක මහා හැළියක් තරම් වූ පාත්‍රයක් බඳු වළක් ඇති බවත් දැක ඇත. ඒ මහා ගස වටා සැදුණු අරළු, බුළු, නෙල්ලි, මොර, මසන්, ගම්මිරිස් ආදි ගස්වල හටගත් ගෙඩි බෙහෙවින් පතිත විය. එසේ ම ගිරවුන් විසින් කා-දමන ස්වංජාත හැල් අනුභව කරන විට යට කී වළට වැටේ. වළෙහි ජලය අව්වට කැකෑරී ඒ දියරය රත් වී පැසී ගිය කල එහි මද්‍යසාර උපන්නේ ය. එම දියරය පානය කිරීමෙන් ගිරා, පරෙවි, සැලළිහිණි ආදි පක්ෂීහු මත් වී බිම වැටෙති. වඳුරෝ ද එම පැන් බී මත් ව විප්‍රකාර කරමින් දුව-පනිති; රා මත අඩු වූ කල ඉවත් ව යති.

වනයට පැමිණි වැදි පුත්‍රයා ද ඉන් පැන් පානය කළේ ය. මත් වී ඇද-වැටෙන වලිකුකුළු, වටු, දියකාවන් මරා ගින්නේ පුලුස්සා කෑ ය. නුදුරු අසපුවක වාසය කරන ‘වරුණ’ තාපසයාට ද එය පිළිගන්වන ලදි. මෙසේ ඒ සුරා නම් වැද්දා සහ වරුණ නම් තාපසයා මුලින් ම එය රස බැලූ මනුෂ්‍යයන් වූයෙන් එම පැනට ‘සුරා’ හෙවත් ‘වරුණ’ යන නාමයන් ලැබුණි. පසු ව මෙම පානය බ්‍රහ්මදත්ත රජුට ද පිළිගන්වන ලදි. එය නිමා වූයෙන් නුවර තුළ දී ම සුරාව නිපදවූ හ. පසු කලෙක සෙසු මනුෂ්‍යයෝ ද තමන් ම නිපදවා පානය කරන්නටත්, අලෙවි කරන්නටත් වූ හ. මෙසේ සුරා පානය මුළු රටේ ම පැතිරයෑම නිසා රටේ ගොවිතැන් කර්මාන්ත, වෙළෙඳාම්, නිෂ්පාදනය හා ගමනාගමනය ආදි සියලු කටයුතුවලට බාධා ඇති විය. සැවැත් නුවර සංඝමිත්ත රජු ද සුරාවට ඇබ්බැහි වීමෙන් දඹදිව සිදු වන මහා විනාශය වළක්වා ලීම පිණිස සක් දෙවිඳු කළ කාර්යභාරය මෙම ජාතකකථාවෙහි දැක්වේ.

මෙහි දී සක් දෙවිඳු සුරාවෙහි දෝෂ රැසක් ගෙනහැර පායි. ඒවා වත්මන් සමාජයට ද ඉතා වැදගත් බව පෙනේ. එය සැකෙවින් මෙසේ දැක්විය හැකි ය:

සුරාපානය කළ තැනැත්තා සම භූමියෙහි පවා යාගත නොහැකි ව පය පැකිළ වැටෙයි; පියාපත් නැති වුව ද අහසට නැගෙන්නට උත්සාහ කරයි. ප්‍රපාත මඩගොහොරු, දිය කඩිති, කසළ ගොම හා මළ මූත්‍ර පිරි වළවලට ද ඇද-වැටෙයි; නොකළ යුතු දේ කරයි; අඩ නිරුවතින් මහමග යයි; අසභ්‍ය වදන් හා පුරසාරම් - වහසි කියයි; සියොලඟ දැවිලි ඇත්තා සේ දඟලයි; බලු, කැනහිල්, සර්ප ආදීන් මගහැර යා නොහැකිව උන් විසින් සපාකනු ලබයි; ඉබේ පහ වුණු මළ-මූත්‍ර සහ වමනය වැකුණු සිරුර ඇති ව අන්‍යයන්ට පිළිකුල් දනවමින් හැසිරෙයි; ලොව කාටත් වඩා උසස් ම උත්තම වෙමි යි කටමැත දොඩයි; ලොව පොහොසතා, නායකයා මම කිය යි; මැති ඇමැති යුවරාජ මහාරාජ ජනනායක ආදීන් සමඟ සමීප සබඳතා ඇත්තෙක්මි යැ යි මැත දොඩයි; සුළඟ සමඟ පවා කලහ කරයි; සිරුරට අත තැබුව හොත් ලොව සුන්නත්දූලි කරමි’ යි මැත දොඩයි; නිර්ථක හිස් බස් ම කියයි; දොඩමලු වෙයි; එමගින් රහස් හෙළි කරයි. තම කුල ගෞරවය නසාගනියි; දෙමව්පියන්ට පවා නොසැබි පරුෂ වදනින් බනියි; ගෞරවයෙන් සැලකිය යුතු නැදෑ, සුළුමව්, සොහොයුරි, ඇදුරු බිරිය, ස්වාමියාගේ බිරිය, භික්ෂුණීන් ආදීන් සමීපයට බොහෝ සෙයින් ළං ව රාගික බැලුම් ඇති ව අතින් අල්ලයි; සරාගි බස් කියයි; ඔවුන්ගේ නින්දාවට සහ ඒ අයගේ ස්වාමි පුත්‍ර, සොහොයුරු, ඥාතිවර ආදීන්ගේ ගුටි-බැට පාපහර හා පොලු-මුගුරු ප්‍රහාරයට ලක් වෙයි.

සුරාපානය කළ ස්ත්‍රීන් නා නා විප්‍රකාර හැසිරීම් ඇති ව අන්‍යයන්ගේ හිනාවට පරිහාසයට අගෞරවයට ලක් වෙයි. ගෙයි වැඩට සිටින දාසයා, රථාචාර්යා ආදීන් දැක, මොහු මාගේ සැමියා යැ යි සිතා ළං වෙයි.

සුරාපානය කළ ස්ත්‍රී-පුරුෂ හැම ශ්‍රමණ බ්‍රහ්මණ ආදීන්ට ගරු-සරු නො කරති; නොහොබිනා බසින් ආමන්ත්‍රණය කරති; අතින් අල්ලති. සුරාපානය කරන්නා නිරන්තරයෙන් ම සිත, කය, වචන යන තිදොරින් ම පව් කරයි. අශික්ෂිත සිතිවිලි, අයෝග්‍ය කටයුතු බොරු බස්, කේළාම් ආදියෙන් දූෂිත වෙයි; කර්මාන්ත, රැකියා, ගොවිතැන්, වෙළෙඳාම් ආදි ජීවිකා මාර්ග අතපසු කර දමයි; ඒවා කරතත් නොකළ යුතු සේ ම කරයි; රෝගී ව අකාලයේ මිය යයි.

සුරාපානය කළ තැනැත්තා කටට ආ දේ කියා නොසැබි සේ පොදු ස්ථානවල හැසිර නීතියේ රැහැනට හසු වෙයි; සුරා බී නොකල්හි වීථි සංචාරය කිරීමෙන් සොරකම්, මැරකම්, ආදිය කරන ලදැ යි නිස්කාරණයේ චෝදනා ලබා ආරක්ෂක නිලධාරීන්ට අසු වී දුකට පත් වේ; සුරාවෙන් මත් ව තමන්ට කිසි සේත් නොගැළපෙන කසළ ශෝධකයන් හා චණ්ඩාලයන් ආදීන් එක් ව උන් සමඟ කා-බී උන්ගේ තිප්පොළවලට වැටී නිදයි; අඹුදරුවන් පිස තැබූ ආහාර පවා කාගත නොහැකි ව නිරාහාර ව වැද හෙව නිදා දුර්වල වෙයි. අමාරුවෙන් යමක් කෑව ද වමනය කරයි.

සුරාපානය කළ කුල දෙටුවන් ගෙදර රැඳී නොසිට ඉබාගාතේ යන විට ගෙයි සිටින අඹුදරු ආදි වූ ආරක්ෂාව ලැබිය යුතු ඇත්තෝ අනාරක්ෂිත ව සල්ලාලයන් හා සොරුන් ආදීන්ට ගොදුරු වෙති. අනාරක්ෂිත වූ ගෙට පනින කොල්ලකරුවෝ වස්තුව රැගෙන පලා යති. සුරා බී මත් ව හාම්පුතුන් මන්ත්‍රීන් අමාත්‍යයන් සේනාපතීන් නීතිය රකිනා ආරක්ෂක නිලධාරීන් ආදීන්ට නොමනා සේ, අගෞරව වන සේ, ආමන්ත්‍රණය කොට රැකියා සහ වෘත්තීන් අහිමි කරගැනීම සතුරන් හදාගැනීම හා පහර කෑම ආදියට ලක් වේ.

බෞද්ධ ඉගැන්වීම්වලට අනුව මත්පැන් මත්ද්‍රව්‍ය ගැනීමෙන් වැළකී සිටීම මංගල කාරණයකි. ගිහි විනයේ දී මේ බව මුලින් ම සඳහන් වන්නේ පංච ශීලයෙහි ය. මත් වීමට හා සිහි විකල් වීමට කාරණ වූ මත්ද්‍රව්‍ය මත්පැන් රහසේ ගැනීමෙන් වැළකීම ශික්ෂා පදයෙන් පනවා ඇත.

බෞද්ධ සාහිත්‍යයෙහි සුරාව පානය කිරීමෙන් අත් වන විපාක අටක් දක්වා තිබේ: එනම්: 1. නරකාදියෙහි ඉපදීමට හේතුව වේ, 2. තිරිසන් සතුන් වී උපදී, 3. ප්‍රේතයන් වශයෙන් උපදී, 4. මිනිසකු වශයෙන් ඉපදුණේ වී නම් උමතු ස්වභාවයක් ගනියි, 5. ලජ්ජා නැත්තකු බවට පත් වේ, 6. දිළින්දකු මෙන් ජීවත් වීමට සිදු වේ, 7. නොයෙකුත් ව්‍යසන රෝග ඇති වේ, 8. විරූප ශරීර ඇති ව ඉපදීමට සිදු වේ.

මත්පැන් පානයෙන් වැළකී සිටීමෙන් ආනිසංස තිහක් ලැබේ යැ යි සැලකේ:

1. කරන කටයුත්තක් පිළිබඳ වැටහීම, 2. සිහි කල්පනාව ඇත්තකු වීම, 3. උම්මත්තක නොවී ඉපදීම, 4. ඥානවන්තයකු වීම, 5. අලස නොවීම, 6. නොහික්මුණු ක්‍රියා නොකිරීම, 7. කෙළතොලු නොවීම, 8. මත් වූ ස්වභාවයක් නැති බව, 9. විහරණ ඇත්තකු වීම, 10. මෝහයෙන් මුළා නොවීම, 11. තැති ගැනුණු තැනැත්තෙකු නොවීම, 12. එකට එක නොකිරීම, 13. ඊර්ෂ්‍යා නොකිරීම, 14. සත්‍ය වචන කථා කිරීම, 15. පරුෂ වචන කථා නොකරන්නකු වීම, 16. අලස බවින් තොර ව කටයුතු කිරීම, 17. කළ ගුණ දන්නකු වීම, 18. ප්‍රත්‍යුපකාර කරන්නකු වීම, 19. මසුරු මල නැත්තකු වීම, 20. ත්‍යාගවන්තයකු වීම, 21. සිල්වතකු වීම, 22. ඍජු ගති ඇත්තකු වීම, 23. ක්‍රෝධ නොකරන අයකු වීම, 24. ගුණවත් අයකු වීම, 25. පව් කිරීමට බිය ඇත්තකු වීම, 26. ඍජු අදහස් ඇත්තකු වීම, 27. මහා ප්‍රඥාවන්තයකු වීම, 28. චිත්ත ශක්තියක් ඇත්තකු වීම, 29. දාර්ශනික අදහස් ඇති පණ්ඩිතයකු වීම. 30. අර්ථය අනර්ථය වැටහෙන හසළ බුද්ධියක් ඇති කෙනකු වීම ආදි වශයෙනි.

මේ සියලු කරුණුවලින් පැහැදිලි ව ම ගම්‍ය වන්නේ මත්ද්‍රව්‍ය වනාහි අපගේ ශරීරයට පමණක් නො ව, මනසට ද හානිකර විපත්ති ඇති කරවන ද්‍රව්‍යයක් බව යි.

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

No comments:

Powered by Blogger.