ලිංගික ආශාව නැතිවන්නේ අනාගාමී වූ පසුවයි ලිංගිකත්වය පිළිබඳ බෞද්ධ දර්ශනයෙන් හෙළිවෙන රහස්.

පුරුෂයකු හා ස්ත්‍රියක අතර ඇති සම්බන්ධතාවය අතිශයින් ස්වභාවිකය. බෞද්ධ දර්ශනයේ පුරුෂයකු ස්ත්‍රිය කෙරේ ඇති ආකර්ෂණය සමාන කර ඇත්තේ වසුපැටියකු කිරිබීම උදෙසා එලදෙන වෙත දිවයන අවස්ථාවටයි. මේ අනුව පැහැදිලිව පෙනී යනුයේ මෙය ස්වාභාවික, යථාර්ථවාදී,සාමාන්‍ය ක්‍රියාදාමයක් බවයි. අප නිවන් මාර්ගය සඳහා යාමේදී අවස්ථා හතරක් සමුවේ. සෝවාන් ඵලය, සකෘදාගාමිඵලය, අනාගාමිඵලය සහ අවසන් වශයෙන් නිර්වානයයි. මෙම අවස්ථාවන් වන්නේ මානසික තත්ත්වයන්ය. ලිංගික ආශාවන් සකෘදිගාමි ඵලයේදී මදවී අවම වී අනාගාමිඵලය ලැබීමේදී පමණක් සම්පූර්ණයෙන් නැතිවී යයි.
මෙයින්ම පෙනීයන්නේ ලිංගික ආකර්ෂණය, ලිංගිකත්වය පිළිබඳ තන්හාව මුළුමනින්ම නැතිවී යන්නේ අනාගාමි ඵලයේදි බවයි. අනාගාමි ඵලය ලැබූ අයකු නිර්වාන ඵලය නොලබා මියගියහොත් උත්පත්තිය ලබන්නේ බ්‍රහ්ම ලෝකයේ ය. බ්‍රහ්ම ලෝකය හඳුන්වන්නේ “සිත මිස කය නැති බඹ ලොව හතරක්” යනුවෙනි. එසේ නම් බ්‍රහ්ම ලෝකයේ කය නැත. කය නැතිනම් රාග සිතිවිලි, ලිංගික සිතිවිලි මතු නොවේ. බ්‍රහ්ම ලෝකයට පත්වූ අනාගාමි අයකු එතැනින් චුතවී නැවත උපදින්නේ නැත. මේ අනුව පැහැදිලිව පෙනී යන සත්‍ය වන්නේ ලිංගික ආශාවන්, වෙනත් ලෙස පැවසී නම් රාගය, රතිය අවසන් වන්නේ නිර්වානයට ඉතාම ආසන්න අවස්ථාවේදී බවයි. මේ අනුව බෞද්ධ දර්ශනයේදී, බුදුන් වහන්සේ ලිංගික ආකර්ෂණයට ලබා දී ඇත්තේ අතිශයින් යථාර්ථවාදි ප්‍රවේශයකි.
භික්‍ෂුවට, භික්‍ෂුනියකට ලිංගිකව සංසර්ගයේ යෙදීමට තබා ස්වයං වින්දනය (Masterbation) පවා තහනම්ය. පැවිද්දකු සහ ගිහියකු අතර ඇති ප්‍රධාන වෙනස ලිංගික ක්‍රියාවේ යෙදීමේ තහනමයි. ගිහියකුට සාමාන්‍යයෙන් මෙවැනි තහනමක්, බාධාවක් නොමැත. පන්සිල්වලට අයත්වන්නේ කාමයේ හැසිරීම පිළිබඳ මුළුමනින් බාධාවක් තහනමක් නොවේ. කාමයෙහි වරදවා හැසිරීමයි. වරදවා හැසිරීම මීට පෙර ලිපියේදී විග්‍රහකළ පරිදි විවාහක අයකුගේ බිරිඳ හෝ ස්වාමියා භාරකරුවකු යටතේ ඇති කුඩා දරුවකු, උන්මන්තකයෙකු සිරකරුවකු වැනි අය සමග ලිංගිකව හැසිරීම “වරදක්” ලෙස සලකයි.
පොහොයදා වැනි විශේෂ අවස්ථාවලදි පමණක් ගිහියකු සමාදන්වන අටසිල්වල තුන්වන ශික්‍ෂාපදය වන්නේ “අබ්‍රහ්මචාරිව“ සිටීමයි. එනම් ලිංගික ක්‍රියාවෙන් සහමුලින්ම වැළකී සිටීමයි. මෙවැනි අධිගික්‍ෂාවකදි පමණක් ගිහි අයකු ස්වකැමැත්තෙන්, ස්වේච්ඡාවෙන් ලිංගික ක්‍රියාවෙන් බැහැර වන බවට පොරොන්දුවක් ගනී. එය අප විසින්ම ඇති කරනා ස්වයං පාලනයක් මිස ඉහළින් පැනවෙන නීතියක් නොවේ. නමත් භික්‍ෂුවකට එය විනය නීතියකි. එය කඩකළ නොහැක.
භික්‍ෂුවක් ලිංගිකව කාන්තාවක් සමග ලිංගිකව හැසිරීම පාරාජිකාවකි. වැඳිරියක් සමග භික්‍ෂුවක් ආහාර දී ලිංගිකව හැසුරුණු අවස්ථාවේ විනය නීතියක් පනවමින් බුදුන් වහන්සේ ලිංගික සංසර්ගය මිනිසකු සමඟ පමණක් නොව සතකු සමඟ පවා තහනම් කිරීමට පියවර ගත්තේ ය. පාරාජිකා හතරෙන් එකක් වන මෙම පාරාජිකාව නිසා භික්‍ෂුවකගේ උපසම්පදා තත්ත්වය එනයින්ම නැතිවී යයි. අහෝසි වේ. ඒ අනුව පැහැදිලිව පෙනී යන යථාර්ථය නම් භික්‍ෂුවකට ලිංගිකව හැසිරීම සපුරා තහනම් කටයුත්තක් බවයි.
* එසේ නම් ගිහියන් හට ලිංගිකව හැසිරීම බෞද්ධ දර්ශනය මගින් දිරිගන්වනවාද?
නැත. ලිංගිකව හැසිරීම යනු ඇලීමකි. (attach) එලෙසම අද පවතින ලිංගික අපරාධ ලෙස බැලීමේදී පෙනී යන්නේ එය ගැටීමක් බවයි. මිනීමැරීම් අද සිදුවන්නේ එක්කෝ දේශපාලනය, එක්කෝ දේපල සඳහා ය. බොහෝ මිනීමැරීම් සිදුවන්නේ ලිංගික ආකර්ෂණය නැතිනම් රාගය හෝ තන්හාව නිසාය. මිනිසුන් වෙනත් අයකු සමග ලිංගිකව හැසිරීමට තම ස්වාමි පුරුෂයා මරා දමයි. එක් මිනීමැරුම් නඩුවක බිරිඳක් තම සොර සැමියාට නිවසට ඇතුළුවීමට ඉඩදී, ස්වාමිපුරුෂයා නිදා සිටි ඇඳ මත මරා දමා, ඉන්පසුව එම ඇඳ මතම සොරසැමියා සමඟ ලිංගිකව හැසිරී තිබුණු අවස්ථාවක් විය.
කාන්තා මෘත ශරීරවලට පවා නිදහසක් නැත. කාන්තා මෘත ශරීර සමග ලිංගිකව හැසුරුණු පුද්ගලයින් පිළිබඳ වාර්තා වූ අවස්ථාද විය. එතරම් ලිංගික ආකර්ෂණය විකෘතිය දක්වාද විහිදෙන අවස්ථා ඇත. තම පෙම්වතිය තමා අතහැර වෙනත් අයකු සමග පෙම් සබඳතාවයක් ඇරඹූ විට ඇයට පිහියෙන් ඇන මරා දැමූ විශ්වවිද්‍යාලයක ශිෂ්‍යයකු වරදකරු වී සිරගත විය. දිනපතා පුවත්පතක අනිවාර්යෙන්ම මෙවැනි සිද්ධීන් වාර්තාගතවීම දෛනිකව සිදුවන බව පෙනී යයි.
බෞද්ධ දර්ශනය යනු ඇලීම, ගැටීමෙන් මෑත් වීමයි. සියලු දෙයම අනිත්‍ය නිසා ඇලීම් හෝ ගැටීම් කළ යුතු නැත. වෙනස් වන දෙයකට ඇලීම් හෝ ගැටීම් නිසා අනිවාර්යයෙන්ම ඇති වන්නේ දුකක්මය. ඒ නිසා කළ යුතු එකම දෙය නම් අතහැරීමය. නෙක්කම්මය. එසේ නම් කිසිසේත් ගිහියන් හට ලිංගිකව හැසිරීම බෞද්ධ දර්ශනය දිරි ගන්වන්නේ නැත. එය ක්‍රම ක්‍රමයෙන් විදර්ශනා, භාවනාව තුළින් ප්‍රඥාව වඩා අවම කළ යුතු දෙයකි. අනාගාමි ඵලය ලබන තෙක් අප වීර්යයෙන් යුතුව මෙම ගමන යා යුතුයි.
එසේ නම් ගිහියන් වන අපට බුදුන්වහන්සේ තහනමක් නොයොදයි. අපට ගත හැකි මාර්ගය ගතයුතු තීරණය සූත්‍ර මගින් පහදා දෙයි. ගණිකාවන් සමග - දිගින් දිගටම හැසිරීම පිරිහීමේ කරුණක් බව පරාභව සූත්‍රය මගින් බුදුන්වහන්සේ පැහැදිලිව දක්වයි. තම මිතුරකුගේ බිරිඳ හෝ සැමියා සමග ලිංගිකව හැසිරුණු අයකු “වසලයකු” ලෙස සලකන බව වසල සූත්‍රය මගින් බුදුන්වහන්සේ පැහැදිලි කරයි. මෙම කරුණු කොතරම් සත්‍යද? ප්‍රායෝගිකද? හේතු - ඵල දහමට එනම් ස්වභාව ධර්මයට කොතරම් අනුගතද? යන ප්‍රශ්නවලට පිළිතුර ඉතා පැහැදිලිය. “ඔව්” යන්න පමණි. එසේනම් අනාගාමි ඵලය ලැබීම දක්වා ලිංගික ආශාව ඉවත් කිරීමේ ගමනේ සාර්ථක ප්‍රතිඵල නෙලාගන්නාතෙක්, සාර්ථක සමාජය පිළිගන්නා චරිතයක් ලෙස ජීවත්වීමට, ගෞරවනීය ලෙස ජීවත්වීමට, සතුටින් ජීවත්වීමට බෞද්ධ දර්ශනය අපට මග පෙන්වයි. විකල්ප හඳුන්වාදෙයි. තෝරාගැනීමේ මනාපය අපිටමයි. ඒ අනුව ලැබෙන ප්‍රතිඵලයද අපිට මිස අන් අයට නොවේ. පිරිහෙන්නේද, වසලයකු ලෙස සමාජය සලකන්නේ ද වැරැදි විකල්පය තෝරාගත් අපිටමය.
* අපරාධ නීතිය සමලිංගික අය වෙත දක්වන ආකල්පය කුමක්ද?
විරුද්ධ ලිංගිකව හැසිරෙන්නන් අතර ඉහත දැක්වූ ලෙස ආකර්ෂණය ස්වභාවිකය. එහෙත් සම ලිංගිකයින් අතර ලිංගිකව හැසිරීම්ද සිදුවේ. පිරිමි දෙදෙනකු (gay) කාන්තාවන් දෙදෙනකු (Lesbian) - හා ද්විලිංගික (bi Sexual) එනම් දෙවර්ගයම සමග ලිංගිකව හැසිරෙන අයද සමාජයේ සිටී.
ශ්‍රී ලංකාවේ දන්ඩ නීති සංග්‍රහයහි 365,365 ඒ වගන්තිය මෙයට අදාළ වේ. 365 වගන්තිය විස්තර කරන්නේ “අස්වාභාවික ක්‍රියා (unnatural ofenu) යනුවෙනි. මෙහිදී තහනම් වන්නේ “ස්වභාව ධර්මයට පටහැනි ලිංගික සංසර්ගයයි” (Carnal intercourse against order of Nature) එහි පැහැදිලි කිරීමේදී ප්‍රවිශ්ට කිරීම (Penltration) මෙම වරද සඳහා සෑහේ. “ස්වභාව ධර්මයට පටහැනි ලිංගික සංසර්ගය” යන වචනය අප නීතියේ අර්ථ විවරණය කොට නැත.
එසේනම් අප හට එය අර්ථ විවරණය කිරීමට සාමාන්‍ය ව්‍යවහාරයන් පාවිච්චි කිරීමට සිදුවේ. යෝනිමාර්ග සංසර්ගය ස්වභාවික ලෙස අර්ථ විවරණය වන්නේ ඒ අනුව දරුවන් පිලිසිදෙන නිසාත් එය ස්වභාවික ක්‍රියාවක් නිසාත්ය. එසේ නම් මුඛ සංසර්ගය (oral sex) , ගුද මාර්ග සංසර්ගය (Anal intercourse) ස්වභාව ධර්මයට පටහැනි යැයි තර්ක කළ හැක. එහෙත් මෙවැනි ක්‍රියා විවාහක පුරුෂයකු සහ බිරිඳක් අතර ඇති විය හැකි අතර විශේෂයෙන් මුඛ සංසර්ගය පූර්ව ලිංගික සංසර්ගයට පෙර කළ යුතු, ක්‍රියාවක් ලෙස කාම සූත්‍ර වැනි හින්දු ශාස්ත්‍රයන් යෝජනා කරයි. එසේ නම් මෙවැනි ක්‍රියා අස්වාභාවික ලෙස සැලකීම කියා නීතිය ක්‍රියාත්මක කිරීමට යෑමේදී බලවත් ගැටලු වලට මුහුණ දීමට සිදුවේ.
මක්නිසාදයත් එසේ හැසිරෙන විවාහක යුවළක් පවා දණ්ඩ නීති සංග්‍රහය යටතේ වරදකරුවන හෙයිනි. 365 වගන්තිය දැක්වෙන්නේ ඕනෑම පුරුෂයකු, ස්ත්‍රියක හා සත්ත්වයකු සමග ස්වභාවික නොවන ලිංගික ක්‍රියාවන් වරදක් බවය. සත්ත්වයකු සමග මිනිසකු හැසිරීම ස්වාභාවික නොවන බවට පැහැදිලිව තර්ක කළ හැක. ඊටත් වඩා සත්ත්වයකු එසේ හැසිරෙද්දී තමන්ගේ කැමැත්ත (Consent) ලිංගික සංසර්ගය සඳහා දීමක් සිදු නොවේ. දරුවකු සමග ලිංගිකව හැසිරීම මුළුමනින්ම තහනම් බව මීට පෙර අප සාකච්ඡාකොට ඇත. නමුත් කැමැත්ත ලැබූ වැඩිහිටි දෙදෙනකු අතර කාමරයක සිදුවන ලිංගික ක්‍රියා පාලනය කිරීමට යාම ගැටලු සහගතය. මක්නිසාදයත් එසේ හැසිරෙන අය නීතිය ඉදිරියට ගෙන ඒමට ප්‍රායෝගිකව නොහැක. මක්නිසාදයත් එය සමාජගත නොවන නිසාය.
එසේ නම් 365 වගන්තිය නීති පොතේ තිබුණත් වැඩිහිටියන් අතර 365 වගන්තියට අදාළ ක්‍රියා සෑම තත්ත්පරයකම දසදහස් ගණනින් සිදුවේ. එසේ නම් නීතිය විහිළුවක් බවට පත්වේ. මේ අනුව දණ්ඩ නීති සංග්‍රහයේ 365 වගන්තිය ක්‍රියාත්මක කිරීම කෘතිමය. එසේම ක්‍රියාත්මක නොවන බෙලහීන වගන්තියකි.
එසේම දණ්ඩ නීති සංග්‍රහයේ 365 අ වගන්තිය ඕනම පුද්ගලයින් අතර දැඩි අශෝභන ක්‍රියා (Acts of gross indecency) තහනම් කරයි. එහිදීද අශෝභන ක්‍රියා අර්ථ විවරණය කර නැත. මෙය බලවත් ව්‍යාකූලත්වයක් දරන අවස්ථාවකි. එය ප්‍රසිද්ධ තැනක සිදුවන්නේ නම් තහනම් කළ යුතු බවට කිසිම තර්කයක් නැත. එහෙත් මෙම වගන්තිය පුද්ගලිකව (Private) කරන අශෝභන ක්‍රියා තහනම් කරයි. ඕනෑම ලිංගික ක්‍රියාවක් ප්‍රසිද්ධියේ, ජනතාව ඉදිරියේ කළහොත් “අශෝභන” බවට කිසිදු තර්කයක් නැත. එසේ වුවද පුද්ගලිකව කරන ක්‍රියාවක් “අශෝභන” ලෙස අර්ථ විවරණය කිරීමට උත්සහ දැරීම කෘතිමය, ගැටලු සහගතය.
උදාහරණයක් ලෙස කාන්තාවන් දෙදෙනකු අතර ඇතිවන ලිංගික ක්‍රියා වෙන වෙනම ගතහොත් ඉන් එකිනෙකක්, සාමාන්‍යයෙන් පුරුෂයකු සහ ස්ත්‍රියක් අතරද සිදුවේ. එසේ නම් එම එකිනෙක ක්‍රියාවන් වෙන වෙනම ගෙන ඒවා “අශෝභන ක්‍රියා” ලෙස සමලිංගිකයන්ට පමණක් යොදමින් විරුද්ධ ලිංගිකයන්ට පාවිච්චි නොකිරීම ගැටලු සහගතය. එසේම නීතිය සියලු දෙනාටම පොදු විය යුතුය. සමාන විය යුතුය යන සිද්ධාන්තය බිඳ වැටේ.
මේ අනුව දන්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365 අ වගන්තිය කෘතිමය, නීතියේ සමානාත්මක වීම, පැහැදිලි ස්ථාවරත්වය යන වැදගත් සිද්ධාන්ත උල්ලංඝනය කරයි. මේ නිසා සමලිංගික ක්‍රියා පිළිබඳ පාවිච්චි කළ හැකි නීතිය ගැටලු සහගතය. ඇත්ත වශයෙන්ම මාගේ අවුරුදු 30ක නෛතික ජීවිතයේ එලෙස චෝදනා ලැබූ අයකු අද වෙනතෙක් සමු වී නොමැත.
එහෙත් බෞද්ධ දර්ශනය ස්වභාවිකය. හේතු - ඵල දහමට අනුගතය. චේතනාව හෙවත් මානසික ධාතුව වැදගත්ම සාධකයයි. ඊළඟ ලිපියෙන් ඒ පිළිබඳ බෞද්ධ දර්ශනය විග්‍රහ කරමු. එවිට නීතිය මෙන් නොව බෞද්ධ දර්ශනය කොතරම් ප්‍රායෝගිකද, යථාර්ථවාදීද, ප්‍රගතිශීලීද යන්න වැටහෙනු ඇත.
සාකච්ඡා කළේ - අයන්ති විතාන
අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

No comments: