Header Ads

පර වූ අදුරු මුහුණට නව ආලෝකයක් ගේන්න ඔබත් කැමතිද?එහෙනම් මෙන්න මේ දේවල් කරන්න.



පර වූ අදුරු මුහුණට නව ආලෝකයක් ගේන්න ඔබත් කැමතිද?එහෙනම් මෙන්න මේ දේවල් කරන්න.

ස්ක්‍රබ් යනු  සම මත මැරුණු පරවූ සම ඉවත් කරන රූපලාවන්‍ය  සත්කාරයට වේ.  අප සමෙහි සය්ල දිනපතා මිය යනබව ඔබ දන්නවා.

එසේ මිය යන  සය්ල සම මත රැදී තිබුනහොත් සිදුවන්නේ මුහුණ මලානික ස්වරුපයක් ගැනීමය. ඔබේ මුහුණේ අදුරු ස්වබාවයට හේතුවද මෙය විය හැක.



රූපලාවන්‍ය කලාවේදී ස්ක්‍රබ් ට්‍රීට්මන්ට් එක සොයා ගනු ලැබුවේ මේ නිසාය.ස්ක්‍රබ් එකකින් සමෙහි මැරුණු හා පිච්චුනු සය්ල කොටස් ඉවත් කිරීම පහසුවෙන්ම සිදු කිරීමට හැක.මේ සදහා වෙළදපොලෙහි ඕනා තරම් ස්ක්‍රබ් වර්ග තිබෙනවා.නමුත් මේවායේ  ප්‍රථිපල ඉතාම අඩුවෙන් ලබාදෙන්නේ. නමුත් මේ සදහා හොදම විසදුමක් තිබෙනවා. ලොකු වියදමකින් තොරව  ගෙදරදීම මේ ස්ක්‍රබ් එක හදාගන්න පුළුවන්.



ස්ක්‍රබ් කිරීම දිනපතාම සිදු නොකළ යුතු දෙයක්.එසේ කලහොත් අපගේ සමට හානි වීම සිදුවිය හැකිය. ස්ක්‍රබ් කිරීම සතියකට වතාවක් සිදු කිරීම ප්‍රමාණවත් වේ.මෙය ඔබ මතක තබා ගත යුතුය.



ස්ක්‍රබ් එක සාදාගැනීමට අවශ්‍ය ද්‍රව්‍ය  :
    

01.හාල් හුන්ඩු බාගයක්

02:මී පැණි මේස හැදී 2ක්

03:තේ පැකට් දෙකක් දමා සාදාගත් තේ වතුර කෝප්ප බාගයක්  images (9)

 

    ස්ක්‍රබ් ආලේපනය සාදාගන්න ආකාරය :
1:හාල් ටික ගෙන තරමක් කෑලි හිටින සේ කොටා ගන්න.ඇගිලි වලට කෑලි ගතිය තේරෙන්න තිබිය යුතුය.සම්පුර්ණයෙන්ම කුඩු කරන්න එපා.

2:දැන් මෙසේ කොටගත් හාල් වලට මී පැණි සහ තේ වතුර දමා ආලේපනය සාදාගන්න.

3:මුහුණ පැය කාලක් ස්ටීම් කරන්න.නිවසේ ස්ටීමරයක් නැතිනම් උණු වතුර සාස්පනක් ගෙන එයට මුහුණ හොදින් අල්ලා මුහුණ ස්ටීම් කරන්න.මෙය කල යුතුමය .

4:දැන් මුහුණ හොදින් පිරිසිදු තුවායක් ගෙන පිරිසිදු කර ස්ක්‍රබ් ආලේපනය හොදින් මුහුණේ සම මතත් බෙල්ලෙත් ගලවන්න.

5:විනාඩි 5ක් පමණ තිබෙන්නට හරින්න.

6:දැන් හොදින් අත් දෙක සෝදාගෙන මුහුණ කවාකාරව ආලේපනය යොදාගෙන පිරිමදින්න.උඩු අතට මෙය සිදු කල යුතුය.මුහුණේ අදුරු පැහැ තැන් වල හොදින් මෙය සිදුකරන්න.ආලේපනය මෙහිදී ගැලවී යා හැකිය.ආලේපනය අලුතින් ගෙන එවිට මෙය සිදු කරන්න.

7:මෙසේ පැය බාගයක් ස්ක්‍රබ් කරන්න.

8:විනාඩි හතළිහකට පසුව සිතල වතුරින් මුහුණ මෘදුව සෝදන්න.මොය්ස්චරය්සින් ක්‍රීම් ටිකක් ආලේප කරන්න.



සැලකිය යුතු වේ.

            ස්ටීම් නොකර ස්ක්‍රබ් නොකළ යුතුය.හාල් තරමක් තුනී කෑලි සිටින සේ කොටා ගන්න.මාස දෙකකින් ඔබට ඔබේ මුහුණට ආ අලුත් එළිය දැක ගත හැක.




No comments:

Powered by Blogger.