Header Ads

වකුගඩු රෝගයට හැදෙන්න කලින් මෙන්න මේ නිවැරදි පිළියම් ඔබ දැන්ම ඉදන් කරන්න පුරුදු වෙන්න.


වකුගඩු රෝගයට හැදෙන්න කලින් මෙන්න මේ නිවැරදි පිළියම් ඔබ දැන්ම ඉදන් කරන්න පුරුදු වෙන්න.
වකුගඩු රෝගය සෑදෙන්නේ කුමන හේතුවක්‌ නිසාද යන්න යෑයි කාලීනව ඉතා ඉහළ මට්‌ටමකින් සාකච්ඡාවට ගත යුතු ප්‍රශ්නයකි. කෘමිනාශක හා රසායනික ද්‍රව්‍ය ජලය හා මුසු වීමෙන් වකුගඩු රෝගය වැළඳීම පිළිබඳ අද ඉතාම ජනප්‍රිය මාතෘකාවක්‌ ලෙස කථා කරනු දක්‌නට ලැබේ. නමුත් හොඳින් විමසා බැලු විට පෙනෙන්නේ කෘමිනාශක හා රසායනික ද්‍රව්‍ය අඩංගු ජලය භාවිතා නොකරන නාගරික ජනයාටද මෙම රෝගය වැළඳී ඇති බවයි. එම නිසා අද සමාජයේ බහුලව දක්‌නට ලැබෙන මෙම වකුගඩු රෝගයට ප්‍රථිකාර කරනු ලබන සම්මානලාභී විද්‍යාපති වෛද්‍යකීර්ති පණ්‌ඩිත ර.මු. ධර්මදාස රන්පත වෙද මහතා සොයා, ඒ මහතා ප්‍රථිකාර කරනු ලබන පන්නිපිටියේ ගුවන් පාලම අසල බොරැල්ල පාරේ අංක 48 ඒ දරණ ස්‌ථානයට අපි ගියෙමු. මෙම ලිපිය ඒ මහතා සමග කරන ලද සාකච්ඡාවක්‌ ඇසුරෙන් සකසන ලදී.

වර්තමානයේ වකුගඩු රෝගය වැළඳී ඇතැයි හෝ වැළඳීමට ඉඩ ඇතැයි සිතිය හැකි රෝග ලක්‌ෂණ

විශේෂයෙන්ම සමේ රෝග - මෙහිදී සමේ ඕනෑම ස්‌ථානයක කැසීම, éයර ගැලීම, සමේ පැහැය වෙනස්‌ වීම (වර්ණක වෙනස්‌ වීම), සම මතුපිට ගෙඩි ගැසීම, හිසෙහි ගෙඩි ගැසීම හා කැසීම, ආහාර අසාත්මිකතා සළකා බැලේ.

උදරාබාධ - බඩ පුරවා දැමීම, ආහාර හරි හැටි ජීරණය නොවීම ආදිය වේ.

ප්‍රමේහ රෝග හා මුත්‍රා රෝග - මෙහිදී දීයවැඩියාව, සුද යැම, මුත්‍රා සම`ග ලේ යැම, මුත්‍රා ගල් ආදීය හේතු විය හැකිය.

කල්ගිය සන්ධි ආසාදන - මෙහිදී විශාල සන්ධි ඉදීමීම ආදිය

අක්‌මා රෝග

අම්ල පිත්තය - අම්ල පිත්ත රෝගයේ ප්‍රභේද හා එහි තීව්ර අවස්‌ථාවන් වකුගඩු රෝගයට හේතු විය හැකිය.

වකුගඩු රෝග වලට පලා වර්ග අගුණයි කියලා කියන්න හේතුව සලකා බලමු. ගමෙහිදී පලා වර්ග වල අඩංගු විටමින් වර්ග හා පොටෑසියම් ආදී ඛනිජ වර්ග හරිහැටි ජීර්ණය නොවී ලේ වලට එකතු වේ. එම ලේ සුද්ධ කිරීම ස`දහා වකුගඩුව ම`ගින් වැඩි වෙහෙසක්‌ ගැනීමට සිදුවේ. මෙයට ප්‍රධාන හේතුව පලාවර්ග ආමාශයේ හරිහැටි ජීර්ණය නොවීමයි. මෙහිදී අප විසින් සිදු කරනුයේ එම ජීර්ණය නොවු පලා වර්ග හා ආහාර හරිහැටි ජීර්ණය වීමට ඖෂධ යෙදීමයි. එම ජීර්ණ ක්‍රියාවලිය නිසියාකාරව සිදුවන විට එයින් ශරීරයට පෝෂණය ලබාදෙයි. සම්පූර්ණ ආහාර ජීර්ණ පද්ධතියම ක්‍රියාකාරී තත්ත්වයට පත් වේ. එයින් රක්‌තහීන තාවය දුරුවීම, ප්‍රතිශක්‌තී කරණය වර්ධනය වීම, මනා ධාතු පෝෂණයක්‌ සිදුවීම හො`ද මානසික හා ශාරීරික යෝග්‍යතාවයෙන් යුතු වීම ආදී මිනිසාගේ දෛනික පැවැත්මට උපකාරී වන බොහෝ කාරණා ඉෂ්ඨ සිද්ධ වේ. එනිසා අප කළ යුත්තේ ශරීරයට අත්‍යවශ්‍ය විටමින් වර්ග හා ඛනිජ වර්ග අඩංගු පලා වර්ග භාවිතයට ගැනීමෙන් වැලකීම නොවේ. එහෙම වළක්‌වන්න ගියොත් ඉදිරියේදී බොහෝ ආහාර එම රෝගියාට අහිමි කරන්න සිද්ධ වෙනවා. ඉහත කිවුවා වගේ අපේ වෛද්‍ය ක්‍රමයේ මුලින් ම කරන්නේ ගන්නා ආහාරය හොඳින් ජීරණයට ලක්‌ කිරීමයි. එහිදී අපේ පරම්පරා ගත වටිනා ඖෂධ වට්‌ටෝරු භාවිතා කිරීමයි. මොකද මේ ජීරණ ක්‍රියාවලිය අඩපණ වු කෙනෙකුගේ එය නැවත යථා තත්ත්වයට පත් කිරීම එතරම් පහසු කාරණයක්‌ නොවේ. එය ඖෂධ සංයෝගවල ඇති ප්‍රබල ශක්‌තීන් මත සිදු වන්නක්‌ මේ ස`දහා අප පරම්පරා සතු පෞරාණික ඖෂධ සංයෝග උපකාර කර ගන්නවා. නැතිනම් වකුගඩු ක්‍රියාකාරිත්වයට පමණක්‌ ගුණ ඇති ඒකීය බෙහෙත් වර්ග හෝ ඖෂධ ලබා දීලා මෙය සුව කරන්න පු`ඵවන් පහසු කටයුත්තක්‌ නොවේ. ආහාර ජීරණය අවසාන කොටසේ පෙරීමට තරම් අහිතකර කොටස්‌ නැත්නම් වකුගඩුවල කාර්ය භාරය ඉතාමත් පහසු වෙනවා. වකුගඩු හො`ඳින් ක්‍රියාකාරී තත්ත්වයට පත් කල හැකියිගමෙහිදී අපි රෝගියා පêක්‌ෂා කිêමෙන් තමයි අවසාන තීරණයට එළඹෙන්නේ. එහෙම නැත්නම් බෙහෙත් පංතියක්‌ පාවිච්චි කරන්න දීලා. ඊට පසු මෙහිදී මුලිකව කරන්නේ වකුගඩු වල පෙêමට බාධා කරන නොයෙකුත් ලේ විෂ වීමේ හේතූන් ඉවත් කිêමයි. මෙය රක්‌ත ශෝධනය ලෙස ව්‍යවහාර කරනවා. සාමාන්‍යයෙන් බොහෝ දෙනෙක්‌ දන්න කාරණයක්‌ තමයි සිංහල ආයුර්වේද බෙහෙත් මගින් හො`ඳින් ලේ පිරිසිදු වෙනවා කියන එක. හැබැයි මෙය නියම දොස්‌ කෝපය (වා, පිත්, සෙම්) පිළිබ`දව හො`ද අවබෝධයක්‌ ඇතිව යොදන්න ඕනි. මොනවා හරි එක ඖෂධයක හෝ ආහාරයක ලේ පිරිසිදු වීමේ ගුණය තියෙනවා කියලා එය දිගටම ගැනීම සැම දෙනාටම යෝග්‍ය නොවෙන්න පු`ඵවන්. මෙහිදී අප සතු ඉතාම අනර්ඝ රක්‌ත ශෝධක හා මුත්‍ර කාරක ඖෂධ සංයෝග භාවිතා කරනවා. ඊට අමතරව ඒ ස`දහා සුදුසු ආහාර පන්තියක්‌ තියෙනවා. බොහෝ ඖෂධ සංයෝග අප නිතර ගන්නා ආහාර වර්ගවල එකතුවක්‌ විය හැකිය. ඒවා ආයුර්වේද වට්‌ටෝරුවල බොහෝ විට අඩංගු වෙනවා. මෙහිදී අප නිතර දෙවේලේ නැත්නම් මු`ඵ ජීවිත කාලයම ගන්නා අබ, කහ, දුරු, මිරිස්‌ ආදී දහස්‌ ගණනක්‌ වු කුඵ බඩු වර්ග ගොටුකොළ, මුකුණුවැන්න, කී කිරිඳිය ආදී නොයෙක්‌ පලා වර්ග, හාල් වර්ග, අල වර්ග, පාන වර්ග යොදා ගෙන සාදන ඖෂධ සංයෝග කිසිම හේතුවක්‌ මත මිනිස්‌ සිරුරට අහිතකර වීමක්‌ වන්නේ නැත.

වකුගඩු රෝගයේ දක්‌නට ලැබෙන ප්‍රධාන රෝග ලක්‍ෂණය නම් තුනටියේ ඇතිවන දරුණු වේදනාවයි. තුනටිය දෙපැත්තේම වේදනාව ඇත්තේ නම් බොහෝවිට වකුගඩු ඉදිමීමට ලක්‌වි තිබිය හැක.



අනෙකුත් රෝග ලක්‍ෂණ
ඉදිමුම, හතිය, පිපාසය, උදරාබාධ, මුහුණේ පිපිහළු ගතිය

මුත්‍රා වේදනා සහගතව ටික ටික නිතර පිටවීම

දරුණු ලෙස ඇතිවන මළබද්ධය

මුත්‍රා සුදු පැහැති බිත්තර සුදු මදය වැනි දෙයක්‌ සමග පිටවීම

අණ්‌ඩකෝෂ දෙක උඩට ඇදී තිබීම

වේදනාව වකුගඩු ප්‍රදේශයේ සිට ඉකිලි දක්‌වා විහිදීම

වේදනාව ගෙන දෙන පැත්ත යටකරගෙන නිදා ගැනීම

කකුල් දෙකම හෝ කකුලක්‌ හෝ නමාගෙන උඩු අතට

වැතිරීම ආදිය වේ.

රෝගය පැරණිවත්ම පහත රෝග ලක්‍ෂණ දක්‌නට ලැබේ.

රෝගියා අතිශයින් දුර්වල වීම

මුත්‍රා කිරීමේදී ඇතිවන වේදනාව දරුණු වීම

මන්දාග්නිය (බඩගින්න මඳකම)

ඔක්‌කාරය හා බඩ දැඟලිල්ල

මුත්‍රා ලේ සමග පිටවීම නිසා මුලින් කළු පැහැයටද පසුව ප`ඩුවන් පැහැයටද පිටවීම ආéය වේ.

නොයෙක්‌ රෝග මූලයන් හේතුවෙන් ලේ අපිරිසිදු වීම දැනට සමාජයේ විශාල පිරිසක්‌ ගොදුරු වී සිටින කාරණයකි. එයට හොඳම නිදර්ශනය නම් සමේ රෝග අධික වීම දක්‌නට ලැබීමයි. මෙම සමේ රෝග නැවැත්වීම හෙවත් සමෙන්ම මෙය යටපත් කිරීම කෙතරම් දුරට යෝග්‍යදැයි මීළඟට පහදා දිය යුතු කාරණයයි. සම යනු ශරීරයේ තවත් එක්‌ බහිස්‍රාවීය කොටසකි. ඉවත් කළ යුතු විෂ වර්ග ඉවත් කිරීමේදී ශරීරය විසින් ගන්නා සුබදායි පිළිවෙතක්‌ නම් එයට සම භාවිතා කිරීමයි (සමේ රෝග ඇති වීම). විවිධ ආලේප ගැල්වීම මගින් කෙරෙනුයේ සමෙන් මෙම විෂ පිටවීම තාවකාලිකව නවතා දැමීමයි. ඊළඟට එම විෂ ද්‍රව්‍ය පිටකිරීමට යොදා ගැනෙනුයේ අනෙක්‌ බහිස්‍රාවීය පද්ධතිය වන වකුගඩුවයි. රක්‌තයේ අපිරිසිදු පදාර්ථ වැඩිවත්ම පෙරීමේ ක්‍රියාවට බාධා පැමිණ වකුගඩු අක්‍රිය වීම අනිවාර්යෙන්ම සිදුවන්නකි. එහිදී එම විෂ වූ රක්‌තය පිරිසිදු කිරීමට රක්‌ත ශෝධන, සංසෝදන (වමන, විරේචන ආදී), සමන (වා,පිත්,සෙම් දොස්‌ සමනය) සහ ශරීර වර්ධනය කිරීමේ ප්‍රතිකාර ක්‍රම භාවිතයෙන් ඉතා සාර්ථක ලෙස මෙම වකුගඩු රෝගය සුව කළ හැකියි.

පාරම්පරික ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමයේදී රක්‌ත ශෝධනය මගින් ශරීරයේ බහිස්‍රාවීය පද්ධති හොඳින් ක්‍රියාකාරී වීමට උපකාර කරයි. රක්‌තය පිරිසිදු වන තරමටම බහිස්‍රාවය පහසු වේ. එහිදී අනෙක්‌ ඉන්ද්‍රියන්ට මෙන්ම වකුගඩු ස`දහාද අමතර පීඩනයක්‌ ඇති නොවේ. මේ ස`දහා ඉතා අගනා ඖෂධ සංයෝග ආයුර්වේදයේ ඇත. පහසු ක්‍රමයට භාවිතයට ගත හැකි ලෙස සකස්‌ කර ඇත.

ඈත අතීතයේ අපගේ මුතුන් මිත්තන්, රජවරු, සිටුවරු භාවිතා කළ මෙම අගනා ඖෂධ නිසා බොහෝ රෝගවලින් ඔවුන් වැළකිනි. මුල්, මල්, කොළ, පොතු, ගෙඩි වලින් සමන්විත වූ සොබාධර්මයේ දායාදයක්‌ වන ආයූර්වේද ඖෂධවල අඩංගු වන්නේ අප ආහාරයට ගන්නා ශාකමය කොටස්‌ය. ඒවා කිසි දිනක සොබාදහමෙන් උපන් මිනිසාට අහිතකර වන්නේ නැත. ඒ හා බැඳී පවත්නා මිනිසා වෘංහනය කරමින්, ප්‍රීතිsමත් කරමින් තව තවත් නීරෝගි කර දීර්ඝායු වැඩිකරයි. සැපය සදයි.

රෝග මූලයන්ට ප්‍රතිකාර කිරීම, තම රටේ ඖෂධ එහි වැසියන්ට වඩා ගුණදෙන බව සහ ඒවා බැහැර කිරීමෙන් දැනට බෝවන රෝග මෙන් උත්සන්න වෙමින් පවතින බෝ නොවන රෝග බහුල වීම ආදිය ස`දහා හේතු වුයේ කුමක්‌ද ? ඒ පිළිබ`දව සිතා බැලිය යුතු කාලයයි මේ.

ගයාන් සමරසිංහ

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

 

No comments:

Powered by Blogger.