බිරිඳ සමග නිදා ගන්න ක්‍රමය අනුව ආදරය ගැන කියවෙන රහස් මෙන්න.

අපි බොහෝ දෙනා හරිම දක්ෂයි හිතේ තියෙන හැඟීම් එලියට නොපෙන්වා තමන් ගැන වෙනස්ම ප්‍රතිරූපයක් මවා පාන්න. හැබැයි නින්දට ගියාම නම් තමන් නිදා ගෙන ඉන්න ඉරියව්ව මවා පාන්න කාටවත් පුළුවන් කමක් නැහැ. ඒ නිසා නිදා ගන්න ඉරියව්රෑ බලලා කෙනෙක්ගේ ඇතුලාන්තය කොයි වගේද කියන දේ පහසුවෙන් හඳුනා ගන්නට පුළුවන් බව පරීක්ෂණ වලින් පෙන්නුම් කරලා තියෙනවා.
ඉතින් ඔබත් ප්‍රේම සම්බන්ධයක් පවත්වා ගෙන යනවා නම්, විශේෂයෙන්ම ඒක අලුතින්ම පටන් ගත්තු සම්බන්ධයක් නම් තමන්ගේ සහකරු හෝ සහකාරිය ඇත්තටම හිතන විදිහ ගැන දැන ගන්න කැමති ඇති. මේ සිද්ධියේ ඇත්ත නැත්ත හොයන්න ලොව පුරා පර්යේෂකයන් හා මනෝ වෛද්‍යවරු කරපු විද්‍යාත්මක පරීක්ෂණයකින් ජෝඩුවක් නිදා ගන්න ඉරියව්ව හා ඒ අයගේ හැඟීම අතර තියෙන සම්බන්ධය ගැන හෙළි වෙලා තියෙන්නේ මේ වගේ කරුණු ටිකක්. ඔයාලත් කියවලා බලන්න මේක ඇත්තද කියලා.
1. විඳීම - ජෝඩුව එකිනෙකා දෙසට පිට හරව ගෙන නිදා ගන්නේ, හැබැයි පිටවල් එක මත එක තියා ගෙන
මේ රූපයේ දැක්වෙන ආකාරයට දෙන්නෙක් නිදා ගෙන ඉන්නවා නම් එකෙන් තහවුරු වෙනවා ඔවුන් දෙන්නා අතර තියෙන සම්බන්ධය බොහෝ ස්ථාවරයි සහ එකිනෙකා සමග සතුටින්, ආදරයෙන් වගේම විශ්වාසයෙනුත් කල් ගෙවනවා කියලා. මේ විදිහට නිදා ගන්න අය අනෙකා ගැන උවමනාවට වඩා හොයන්නේ නැහැ, නමුත් අවශ්‍ය අවස්ථා වලදී සහය ලබා දෙන්නට වග බලා ගන්නවා. අනිත් කෙනාගෙන් මොනවත් හංගන්නේ එහෙමත් නැති තරම්.
2. නිදහස - ජෝඩුව එකිනෙකාගෙන් වෙන්ව අනිත් කෙනාට පිට හරව ගෙනයි නිදා ගන්නේ
මේ පින්තූරයේ තියෙන විදිහට නිදා ගන්න දෙන්නෙකුගේ හිත් වල යම් ආකාරයක ස්වාධීන බවක් තියෙනවා. ඔවුන් එකිනෙකාට ගරු කරනවා වගේම විශ්වාසයත් තියා ගන්නවා වුනත් ගොඩක් වෙලාවට තමන්ගේ ජීවිතය ගැන තීරණ ගන්න එක තනිවම තමයි කරන්නේ. ඕනෑ එපා හැම දේම දෙන්නත් එක්ක කතා කරන්නේ නැහැ, ඔවුන්ගේ ජීවිතයේ ආදර සම්බන්ධයට අමතරව රැකියාව, මිතුරු කම් වගේ දේවල් වලටත් වැඩි තැනක් ලැඛෙන බව කියන්න පුළුවන්. අනිත් කෙනාව නිවැරදිව තේරුම් අරගෙන එයා කැමති විදිහට ඉන්න ඉඩ දෙන අය තමයි මේ විදිහේ ඉරියව්වකින් නිදා ගන්නේ.
3. හැඳි දෙකක් වගේ - පිරිමි කෙනා ගැහැණු කෙනාව ඇතුළතින් වැළඳ ගෙනයි නිදා ගන්නේ
මේ රූපය දැක්කම ටිකක් දුරට එක මත එක තියපු හැඳි දෙකක් වගේ නේද? මේ විදිහට නිදා ගන්න දෙන්නෙකුගෙන් පිරිමියා නිතරම තමන්ගේ ආදරවන්තියව ආරක්ෂා කර ගන්නත්, දෙන්නාගෙන් නායකත්වය ගන්නත් කටයුතු කරන බව පෙන්නුම් කරනවා. ඒ වගේම කාන්තාව ඔහුට අවනත වෙලා ඔහුගේ රැකවරණය යටතේ සතුටින් ජීවත් වෙනවා. මේ විදිහේ සම්බන්ධයක් බොහෝ දුරට ඉතා ස්ථාවරයි. දිගු කල් පවතින සතුටු දායක සම්බන්ධයක් කියලා කියන්නට පුළුවන්.
4. මුහුණට මුහුණ - දෙදෙනාම එකිනෙකා දෙසට හැරිලායි නිදා ගන්නේ
මේ විදිහට ඉන්න දෙන්නෙක් අතර රහස් තියෙන්න ඉඩකඩ අඩුයි. ඔවුන් දෙදෙනාම තමන්ගේ ජීවිතයේ එදිනෙදා සිද්ධ වෙන හැම දේම වගේ අනිත් කෙනාත් එක්ක කියනවා. මේ විදිහට නිදා ගන්න අය තමන් ආදරය කරන කෙනාව තමයි තමන්ගේ හොඳම යාළුවා විදිහට දකින්නේ, මේ නිසා අනිත් කෙනාත් එක්ක ඉඩ ලැඛෙන හැම වෙලාවකම කතා බහ කරන්න දෙන්නම හරි ආසයි. ඒ නිසා මේ වගේ දෙන්නෙක් ඉතාම කිට්ටු ආදර සම්බන්ධයක් තියා ගන්නවා, ඔවුන් දෙන්නා වෙන් කරන්නත් හරිම අපහසුයි.
5. ආදර ගැටය - මුහුණට මුහුණ හැරිලා අත් කකුල් එහෙමත් පටලා ගෙනයි නිදා ගන්නේ
මේ වගේ එකිනෙකා එක්ක වෙලිලා ඉන්න ජෝඩුවක් නිතරම ඉතා ශෘංගාරාත්මක ආදර සම්බන්ධයක් පවත්වා ගන්නවා. මේ විදිහට ටිකක් වෙලා ඉඳලා ටිකක් දෙපැත්තට වෙන එකෙන් පෙන්වන්නේ අනිත් කෙනාට ආදරය කරන අතරෙම පොඩි ස්වාධීනත්වයක් තියා ගන්නවා කියන එකයි. ඒත් දිගටම එකිනෙකා සමග තුරුළු වෙලා නිදා ගන්න එකෙන් අදහස් වෙන්නේ ඔවුන් දෙන්නටම දෙන්නා නැතිව බැහැ කියන එකයි. මේ සම්බන්ධයත් ස්ථාවර එකක්.
6. හැඳි දෙකක් වගේ - ගැහැණු කෙනා පිරිමියාව පිටතින් වැළඳ ගෙනයි නිදා ගන්නේ
ගැහැණු කෙනා ටිකක් දුරට පිරිමි කෙනාට නායකත්වය දීල ඔහුව පාලනය කරනවා. ඒ වගේම ගැහැණු කෙනා ඔහු නැති වෙයි කියන බයකුත් තියෙන කෙනෙක්. විශේෂයෙන්ම කඩවසම් හා සාමාන්‍ය ජීවිතයේදී චණ්ඩි ස්වභාවයකින් ඉන්න පිරිමි කෙනෙක් සමග කාන්තාවක් ඉන්න පෙළඹෙන්නේ මේ විදිහටයි. මේ සම්බන්ධය ස්ථාවර වුනත් ටිකක් අඬ දඹර එහෙමත් ඇති වෙන එකක්.
7.ප්‍රේමය ඉරියව්ව - ගැහැණු කෙනා පිරිමි කෙනාගේ පපුව උඩින් අත දාගෙන උරහිසට හිස තියා ගෙනයි නිදා ගන්නේ
ගොඩක් චිත්‍රපටි වල නිදා ගන්න එක පෙන්වන්නේ මේ විදිහට. මේ වගේ දෙන්නෙක් නිදා ගන්නේ සාමාන්‍යයෙන් අලුතින් පටන් ගත්තු ආදර සම්බන්ධයකදී තමයි. මේකත් ඉතා ආදර�ය වගේම ශෘංගාරාත්මක ඉරියව්වක්. දෙදෙනාම එකිනෙකාට බොහෝ සේ ආදරය කරන බව එයින් පෙනී යනවා. මෙහිදී විශේෂයෙන්ම කාන්තාව තම සහකරු ගැන විශාල ආදරයක් තියෙනවා වගේම ඔහු හිමි කර ගැනීම ගැන විශාල සතුටකිනුත් ඉන්න බව තමයි පෙන්නුම් කරන්නේ.
8. සුපිරි කාන්තාව - ගැහැණු කෙනා තරුවක හැඩයට නිදා ගැනීම හා පිරිමියා පසෙකින් සිටීම
මේ වගේ නිදා ගන්න දෙන්නෙක් ඉන්නවා නම් ඔවුන්ගෙන් කාන්තාව තමන්ට කැමති විදිහට ජීවත් වෙන බව තමයි පෙනෙන්නේ. විශේෂයෙන්ම පිරිමි කෙනා බොහෝ කාලයක් පස්සෙන් ඇවිත් හදා ගත්තු සම්බන්ධතාවයකදී ගැහැණු කෙනාට තවමත් සම්පුර්ණයෙන්ම ඔහුට නතු වෙන්න අකමැති වුනාම තමයි මෙහෙම වෙන්නේ. කාන්තාව තමන්ට කැමති විදිහේ ජීවිතයක් ගෙවන අතර පිරිමියා ඇය කැමති දේ කරමින් අවනතව ජීවත් වෙනවා. මේ වගේ සම්බන්ධයක් ඉක්මනින් බිඳ වැටෙන්න පුළුවන්, කාන්තාව වෙනත් අතක් බලා ගන්න ලොකු ඉඩක් තියෙනවා.
9. සුපිරි මිනිසා - පිරිමි කෙනා තරුවක හැඩයට නිදා ගැනීම හා ගැහැණු කෙනා පසෙකින් සිටීම
කලින් කියපු එකේ ගැහැණු කෙනා ගෙයි පිරිමි කෙනා ගෙයි චරිත දෙක මාරු වෙන එකයි මෙතැනදී වෙන්නේ. බොහෝ වෙලාවට ගැහැණු කෙනාගේ කැමැත්තට හදා ගත්තු සම්බන්ධයක්, නමුත් පිරිමි කෙනා ඒ ගැන සම්පුර්ණ තීරණයක් අරගෙන නැහැ. මේ නිසා ඔහු කැමතියි තමන්ට කැමති විදිහට අවශ්‍ය ඉඩ කඩ නිර්මාණය කර ගන්න. ගැහැණු කෙනාත් ඔහුව බලෙන් තමන්ගේ කර ගන්න උත්සාහ කරන්නේ නැතුව එයාගේ කාලය අරගෙන තමන්ට මීට වඩා කිට්ටු වෙයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා. පිරිමි කෙනා වෙනත් සම්බන්ධයක් ඇති කර ගන්න ඉඩක් තියෙන නිසා මේ විදිහේ සම්බන්ධයකුත් බිඳ වැටෙන්න තියෙන ඉඩ වැඩියි.
ඉතින් තේරෙනවා නේද දෙන්නෙක් ආදරය කරන විදිහ ගැන ඔවුන් නිදා ගන්න කොට ඉන්න විදියෙන් හඳුනා ගන්න පුළුවන් බව? දැන් මේක කියවලා සමහරු තමන් ඉන්න විදිහ වෙනස් කර ගන්නත් උත්සාහ කරයි. ඒත් කියන්න තියෙන්නේ නිදා ගන්න වෙලාවට ඔබේ යටි හිත ප්‍රධාන වෙන නිසා බොරුවට රඟ පාන්න උත්සාහ කරන එකේ තේරුමක් නැහැ කියලයි. ඇත්තටම ආදරය කරන්න පටන් ගත්තම ඉබේම අදාළ ඉරියව්වට ඔබ නිදා ගන්න විදිහ වෙනස් වේවි.
ඉතින් මේ සයිට් එක පුරා තියෙන තවත් මේ වගේ වැදගත් ලිපි කියවලා ඔබේ දැනුම වැඩි දියුණු කර ගන්න. මේ ලිපි ෂෙයාර් කරලා තමාගේ යාළුවෝ එහෙමත් දැනුවත් කරන්න අමතක කරන්න එපා. තමන්ගේ සහකරු, සහකාරියටත් මේක පෙන්වලා බලන්න ඔවුන් මොනවද කියන්නේ කියලත්. වඩා සාර්ථක සම්බන්ධයකට ඒක ගොඩක් වැදගත් වේවි
අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

No comments: