පුරුෂ වන්ධ්‍යාභාවයට බලපාන හේතු මෙන්න.ඉන් මිදීමට නම් මේ දේවල් කරන්න.

පරිණත තත්ත්වයේ සිටින යුවලක් පවුල් සැලසුම් ඖෂධ හා උපකරණ නොමැතිව ක්‍රමානුකූල සංසර්ගය සිදු කළද වසරක් යන තුරු ගැබ් නොගැනීම වන්ධ්‍යාභාවය(Infertility) ලෙස සරලව අර්ථ දැක්විය හැක. වන්ධ්‍යාභාවය සඳහා කාන්තාවන්ගේ දෝෂ නැතිනම් හේතු 30%ක්, පුරුෂයන්ගේ දෝෂ 30%ක්, දෙදෙනාගේම දෝෂ 30%ක් සහ නොදන්නා හේතු 10% ක් වශයෙන් හේතු බලපාන බව පර්යේෂණ මගින් තහවුරු කර ගෙන ඇත. එම නිසා ස්ත්‍රිය සේම පුරුෂයාද භේදයකින් තොරව සමසමව දරුඵල නොමැති විමේ තත්ත්වයට දායකත්වයක් නැතිනම් වගවීමක් දක්වන බව පෙනේ.
ආයුර්වේදයේ ලිංගික දුබලතා නිසා මෛථුන කාර්යයෙහි අසමත් වීම “පුරුෂ ක්ලීවත්වය” ලෙස හඳුන්වයි. එසේම ගුණාත්මක ශුක්‍රාණු නිපදවීමත් ඒවා යොනියේ තැන්පත් කිරීමත් යන කරුණු දෙක අසමර්ථ වීමෙන් “පුරුෂ වන්ධ්‍යාභාවය” ඇති වන බව දක්වයි.
ශුක්‍රාණු අල්පවීම (අල්ප ශුක්‍රතාවය/ක්ෂිණ ශුක්‍ර/Oligospermia) වන්ධ්‍යාභාවය සඳහා බලපාන ප්‍රධාන කරුණකි. වර්තමානයේ එය ඇති වීමට හේතූ ගණනාවක් බලපානු ලබයි. සමහර හේතූ අපේ ආහාර විහරණ වලින් ඇති වන අතර සමහර හේතු සහජ හේතු වේ.
• මත්පැන් හා දුම්වැටි භාවිතය
smokingමධ්‍යසාර මෙන්ම අධික ලෙස දුම් පානය සෘජුවම ශුක්‍රාණු නිපදවීම අඩාල වීමට බලපානු ලබයි. ඒ නිසා දරුසම්පත් අපේක්ෂා කරන්නේ නම් මත්පැන් හා දුම්වැටි භාවිතයෙන් ඈත් වීම අවධානම් තත්ත්වයෙන් මිදීමට අනුගමනය කල යුතු ක්‍රියාමාර්ගයක් වේ.
• බැරලෝහ වල බලපෑම
වල්නාශක, කෘමිනාශක සහ රසායනික පෙහෙරෙ වල ඇති බැරලෝහ (Heavy Metals) වර්ග ආසනික්, කැඩ්මියම්(Cadmium/ Arsenic) ශුක්‍රාණු අඩුවීමට බලපානු ලබයි. මේ නිසා වස විෂ නොයෙදූ ආහාර වැඩිපුර ආහාරයට ගැනීම ඉතා වැදගත්ය.
• කෘතිම ආහාර පාන භාවිතය අවම කිරීම සහ ස්වාභාවික ආහාරපාන වලට යොමුවීම
msg newකෘතිම ආහාර පාන වලින් බොහොමයක් වන්ධ්‍යාභාවය ඇති කිරිමට හේතු වේ. එම නිසා එම කෘතිම ආහාර පාන වලින් වැලකී ශුක්‍රාණු වඩන ස්වාභාවික ආහාර පාන වැඩිපුර ආහාරයට ගැනීමට හුරුවිය යුතුයි.
කෙසෙල් ගෙඩි, කොමඩු, අලිගැටපේර,කාමරංකා, රටඉඳි, කජු,නෙල්ලි, අමු තක්කාලි, රටකජු,වට්ටක්කා ඇට, කොට්ටම්බා ඇට, සුදුළුණු,වැල්පෙනෙල, හාතාවාරිය, උඳු වැනි එළවලු පළතුරු සහ ධාන්‍ය වර්ග මෙහිදි ප්‍රධානය. තවද කෘතිම රසකාරක අධික ලෙස යෙදූ ආහාර විශේෂයෙන්ම Monosodium Glutamate (E 621) යෙදූ ආහාර අල්ප ශුක්‍රතාවයට හේතූ වේ. ඒ නිසා මේවායින් ඇත් වී ස්වාභාවික කුළුබඩු යොදා ආහාර රසගන්වා ගැනීමට නැවතත් හුරුවිය යුතුය.
• නිසි ප්‍රමිතියෙන් තොර භාජන භාවිතය
ප්‍රමිතියෙන් තොර ප්ලාස්ටික් වැනි කෘතිම භාජන භාවිතා කිරීම ද පුරුෂ වන්ධ්‍යාභාවයට හේතු වේ. මේ නිසා ප්ලාස්ටික් භාජන ගැනීමේදී පහත සලකුණු ගැන අවධානය යොමු කිරීම වැදගත් වේ. එසේම ප්ලාස්ටික් වෙනුවට ස්වාභාවික මැටි, විදුරු ආදියෙන් නිශ්පාදනය කළ භාජන භාවිතා කිරීම ඉතාම ආරක්ෂිතය.
• ඇඳුම් වලින් වන බලපෑම
ඩෙනිම් වැනි ඝන රෙදි වලින් මැසූ කලිසම් නිතරම ඇඳගෙන සිටීමෙන් bags01.JPGවෘෂණ කෝෂ ආශ්‍රිතව උෂ්ණත්වය අස්වාභාවික ලෙස වැඩි වී ශුක්‍රාණු විනාශ වීමට එය හේතුවක් වේ. එසේම තද පැහැති තද යට ඇඳුම් ඇඳිමද ශුක්‍රාණු විනාශ වීමට හේතූ වේ. මේ නිසා මෙවැනි ඇඳුම් වලින් හැකිතාක් ඇත් වී ලා පැහැති ලිහිල් ඇඳුම් ඇඳිමට හුරුවිම සෞඛ්‍යාරක්ෂිතය.
• විශේෂිත වෘත්තීන් වල බලපෑම
සමහර රැකියා නිසාද අල්ප ශුක්‍රතාවය ඇති වේ.
දුර ගමන් රියදුරන්
බොයිලේරු ක්‍රියා කරවන්නන්
පෝරණු සහ බේකරි වල වැඩ කරන්නන්
හමුදා සේවයේ නිරතු අය(තද යට ඇඳුම් ඇඳිම නිසා)
රසායන ද්‍රව්‍ය වලට නිතර නිරාවරණය වන අය
අහිතකර කිරණ වලට නිතර නිරාවරණය වන අය
වැඩිපුර පාපැදි පදින අය
අශ්වයින් වැනි සතුන් පිට නිතර ගමන් කරනා අය
රියදුරන් නම් එක දිගට සේවයේ නොයෙදී කඩින් කඩ විවේක ලබා ගැනීමෙන්ද රසායනික ද්‍රව්‍ය සහ කිරණ වලට නිරාවරණය වන අය ඒ සඳහා විශේෂිත ඇඳුම් ආදිය නිසි ලෙස පැළඳිමෙන්ද යම්තාක් දුරකට හෝ සිදුවිය හැකි හානි වලින් මගහැරී සිටිය හැක. තවද රාත්රි නිදි වැරීමද, අධික ලෙස වෙහෙස වීමද, මානසික අසහනයෙන් ජීවත් වීමද, අල්ප ශුක්‍රතාවය ඇති වීමට හේතු වේ. ඒ නිසා අනවශ්‍ය ලෙස ශරීරයට වෙහෙස ලබා නොදී සිතේ සතුටින් සහ සැහැල්ලුවෙන් ජීවත් වීමට පුරුදු වීම ඉතාම වැදගත්ය. එපමණක් නොව නිතර උදර ප්‍රදේශයේ එක්ස් කිරණ ඡායාරූප (X-Ray) ගැනීම ශුක්‍රාණු විනාශ වීමට හේතු වේ. ඒ නිසා අත්‍යාවශ්‍ය කරුණකට හැර මෙම පෙදෙසේ අශ්‍රිතව නිතර නිතර එක්ස් කිරණ ඡායාරූප ගැනීමට යාම නොකළ යුතුය.
• ඇතැම් ඖෂධ වල බලපෑම
ඇතැම් ඖෂධ නිසාද ශුක්‍රාණු නිපදවීමට බාධා ගෙන දේ.
වලිප්පුව සඳහා දෙන සමහර ඖෂධ (Anticonvulsant drugs)
මානසික අවපීඩන ඖෂධ (Antidepressant drugs)
පිළිකා වලට භාවිතා කරන ඖෂධ (Drugs for Malignancies)
බඩවැල් වල අසාත්මිකතාවයන් සඳහා භාවිතා කරනා ඖෂධ (Used in Ulcerative colitis)
අධිරුධිර පීඩනය සඳහා යොදන ඇතැම් ඖෂධ (Drugs for Hypertension)
ඒ නිසා මෙවැනි රෝග සඳහා ප්‍රතිකාර ගැනීමේදී සුදුසුකම් ලත් වෛද්‍යවරයකුගෙන් ඖෂධ නිසි මාත්‍රාවෙන් ලබා ගැනීම සිදු කල යුතුය.
• බෝ නොවන රෝග සහ අල්ප ශුක්‍රතාවය
1. මධුමේහය/දියවැඩියාව (Diabetes Mellitus)
2. අධික තරබාරුව (Obesity)
3. ශිරා ග්‍රන්ථි (Vericocele)
4. ප්‍රාප්තඵල කෝෂ (Hernia)
5. අර්බුද (Neoplasm’s)
මධුමේහය සහ අධික තරබාරුව නිසි ආහාර විහරණ වල පාලනයෙන් ද, ශිරා ග්‍රන්ථි සහ ප්‍රාප්තඵල කෝෂ අවස්ථාවන්හි දී සුදුසුකම් සහිත වෛද්‍යවරයෙකුට යොමු වි සුව කර ගැනීමෙන් ද එමගින් ඇතිවන්නා වු උපද්‍රව වලින් අත්මිදීමට හැකිවේ.
• ආසාදිත රෝග සහ අල්ප ශුක්‍රතාවය
කම්මුල්ගාය (Mumps) – අවුරුදු 10ට පසු ආසාදනයෙන් ශුක්‍රාණු නිපදවීඹ නවතී.
උපදංශ (Syphilis)
ගොනෝරියා (Gonorrhea)
ක්ෂය රෝගය (Tuberculosis)
තයිපොයිඩ් (Typhoid)
කුඩාකල කම්මුල්ගාය සැදුනු විට ඒ සඳහා නිසි ප්‍රතිකාර කිරිම ද, නිසිලෙස ලිංගික කටයුතු වල නිරත වීමෙන් සමාජ රෝගද වළක්වා ගත හැක.
• විශේෂිත හෝමෝන නිශ්පාදන ග්‍රන්ථි වල ක්‍රියාකාරිත්වය අඩාල වීම
1. තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වය අඩු වීම. (Hypothyroidism)
2. පිටියුටරි ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වය අඩු වීම. (Hypopitiutarism)
3. අධි වෘක්ක ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වය අඩු වීම. (Hypogonadism)
මේ නිසා මෙවැනි ගැටලුවක් ඇත්නම් වහාම පහසුකම් සහිත වෛද්‍යවරයෙකුට යොමු වී නිසි ප්‍රතිකාර ලබා ගැනීම කල යුතුය.
• ප්‍රවේණිය සමග එන වර්ණ දේහ විකෘතිතා
ජාන හා සම්බන්ධ Klinefelte’s syndrome/ prune Belly Syndrome වැනි රෝගාබාධ ද සමහර පුද්ගලයන්ගේ ප්‍රතිශක්තිය හා සම්බන්ධ ගැටලු ද මෙම ශුක්‍රාණු අඩු වීමට හේතු වේ. මෙවැන්නන් යථා තත්ත්වයට පත් කිරීම අසීරු වේ.
• ශුක්‍රාණු නිශ්පාදන ක්‍රියාවලිය (Spermatogenesis) නිසියාකාරව සිදු නොවීමට
වෘෂණ කෝෂ සම්බන්ධ සහජ හේතු (Congenital Factors)
පහලට නොපැමිණි වෘෂණ කෝෂ (Undescended testis)
සහජයෙන්ම මැලිව තිබීම (Atrophic testis)
වෘෂණ පරිනත වීම අඩාල වීම (Maturation arrest)
inpotenceමෙවැනි කරුණුද යථා තත්ත්වයට පත් කිරීම අසීරු වේ. දැනට සමාජය තුල ප්‍රචලිත බටහිර වෛද්‍ය ක්‍රමයේ මෙම අල්ප ශුක්‍රතාවය (Oligospermia) සඳහා නිශ්චිතවූත් සාර්ථකවූත් ප්‍රතිකාර නොමැත. නමුත් ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේ විශේෂයෙන්ම වාජිකරණ සහ රසායන තන්ත්‍ර වල මේ සම්බන්ධයෙන් සුවිශේෂි ප්‍රතිකාර දක්වා ඇත. ඖෂධීය ප්‍රතිකාර සමගම මේ සඳහා මානසික උපදේශනයද (Counseling) ඉතාම අත්‍යාවශ්‍ය වේ. ආයුර්වේදයට අනූව සිදුකරන සාර්ථක සම්පූර්ණ ප්‍රතිකාරය ශෝධන, ශමන සහ තර්පණ යන අංශ තුනක් යටතේ සිදුවේ. විශේෂයෙන්ම පුරුෂ වන්ධ්‍යාභාවයට ගොදුරු වන්නන්ගේ ප්‍රමාණය සමාජය තුලත් ලෝක මට්ටමින් ගත්තත් දිනෙන් දින ඉහල යමින් පවතින බැවින් නිවැරදිව මෙම තත්ත්වය අවබෝධ කරගෙන නිසි ප්‍රතිකාර වෙත යොමු වීම ඉතාම වැදගත්ය.
අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

No comments: