පේර වල සැගවුන අපි නොදන්න විශ්මිත රහස් මෙන්න.

පේර වර්ග විශාල ප‍්‍රමාණයක් ඇති අතර මෙම ශාකයේ මව්බිම වූයේ නිවර්තන කලාපීය අමෙරිකාවයි. මුහුදු මට්ටමේ සිට මීටර් 1500 දක්වා වූ ප‍්‍රදේශවල පැතිර පවතින පේර ගස අප රටට ලන්දේසීන් පැමි‚ යුගයේ තිබූ බව හෙන්රි ටී‍්‍රමන් මහතා සඳහන් කරන අතර කි‍්‍ර.පූ. 1818 පේරාදෙ‚ය හා හග්ගල යන උද්භිද උද්‍යානවල වගාකර තිබූ බව එච්.ඇස්. මැක් මිලන් මහතා සිය පොත්වල සඳහන් කර තිබේ. අප රට තුළ කඳුකර කැලෑබඳව ඇඹුල්පේර නම් කුඩා පේර වර්ගද මධ්‍යම ප‍්‍රමාණයේ හා ලොකු වශයෙන්වූ පේර වර්ගද ඇති අතර ගෙඩියේ මැද කොටස සුදු පාටින් හා රෝස පාටින් යුක්තය.තෙත් කලාපයේ මෙන්ම වියළි කලාපයේ පේර ගස නියගයටද ඔරොත්තු දෙන පුදුමාකාර ශක්තියක් ඇත. ගෙඩි කුඩා අවදියේ පොත්ත ඝන වන අතර ඉදීමට මාස 4 ක් පමණ ගතවෙමින් මොලොක් භාවයට පත්වේ. සාමාන්‍යයෙන් වර්ෂයකට අවස්ථා දෙකකදී ගෙඩි හටගන්නා අතර අපේ‍්‍රල් මැයි වශයෙන් හා ඔක්තෝම්බර් නොවැම්බර් වශයෙන් ඵලදාව හටගනු ලබයි.මෙම පලතුරුවල බහුලව සී විටමින් ඇති අතර කැල්සියම් පොස්පරස් හා සීනි මේදය අන්තර්ගතව ඇති අතර ඉදුනු පේර ග‍්‍රෑම් 100 යක සී විටමින් මිලිග‍්‍රෑම් 100 - 120 ක් පමණ අඩංගු වෙයි. දොඩම්වල ඇත්තේද මිලිග‍්‍රෑම් 30 - 70 පමණය. මින් පැහැදිලි වන්නේ පේර ශරීර ශක්තිය උදෙසා අපට විශාල දායකත්වයක් ලබා දෙන බවයි. බොහෝ දෙනා අමුවෙන් කෑමට ප‍්‍රියකරන අතර ඉදුනු පේර මගින් ජෑම් සෑදීම හා ජෙලි සෑදීම බීම වර්ග නිෂ්පාදනය කරනු ලබති
ජයසේන දෙදිවලගේ
අන්තර්ජාලයෙන් උපුටා ගැනීමකි

No comments: