Header Ads

ඔබේ උදරයේ ඇති විෂ ඉවත් කර ගන්න තඹ බඳුනක දමන ලද ජලය පානය කරන්න.


ඔබේ උදරයේ ඇති විෂ ඉවත් කර ගන්න තඹ බඳුනක දමන ලද ජලය පානය කරන්න.
අති දියුණු තාක්ෂණයක් සහිත ලෝකයේ අද වන විට UV පෙරණ සහ RO පිරිසිදුකාරක සහිත ජල පෙරණයක් සොයාගැනීමට හැකියාව තිබෙනවාද? හොඳින් සිතා බලන්න. තඹ බඳුනක තැබූ ජලය පානය කිරීම ඇතැම් විට ඔබට ආදී කාලයේ ක්‍රියාවක් ලෙස හැඟෙනවා ඇති. කෙසේවෙතත් තඹ බඳුනක ගබඩා කරන ලද ජලය පානය කිරීම සම්බන්ධව පුරාණ ආයුර්වේද ග්‍රන්ථ වල සඳහන් වෙනවා. දැන් මෙම ක්‍රමය පිළිබඳව විද්‍යාත්මක පරීක්ෂණ කිහිපයක්ම සිදු කර තිබෙනවා. එම පරීක්ෂණ වලින් මෙම ක්‍රමයේ සෞඛ්‍යමය ප්‍රතිලාභ පිළිබඳව අනාවරණය වී තිබෙනවා.

තඹ බඳුනක ජලය ගබඩා කර තැබීමෙන් එම ජලය ස්වභාවික පිරිසිදුකාරක ක්‍රියාවලියකට ලක් වෙනවා. එමගින් ජලයේ සිටින දිලීර, බැක්ටීරියා, ඇල්ගී වැනි සියලුම ක්ෂුද්‍ර ජීවින් විනාශ වෙනවා. එමගින් ඔබ පානය කරන ජලයේ ඇති අසනිපකාරක ඉවත් වෙනවා. පානය කිරීම සඳහා ඉතාම සුදුසු තත්වයේ ජලය ලබාගැනීමට මෙම ක්‍රමය උපකාරී වෙනවා.

මීට අමතරව මේ ආකාරයට ජලය රැස් කර තැබීම පුරා  රැයක් හෝ අඩුම තරමින් පැය හතරක්  හෝ සිදු කරනවා නම් තඹ මුලද්‍රව්‍යයේ ඇති සිරුරට හිතකර වූ  කොටස් මෙම ජලයට උරා ගන්නවා. එමගින් මෙම ජලය පානය කිරීමෙන් සිරුරට හිතකර තඹ මුලද්‍රව්‍ය ප්‍රතිශතය ලබාගන්නත් පුළුවන්.

තඹ යනු ජිවය පවත්වාගැනීමට ඉතා වැදගත් වන අංශුමාත්‍ර මුලද්‍රව්‍යයක්. එයට ක්ෂුද්‍රජිවින් විනාශ කිරීමේ ශක්තිය පවතිනවා. එමෙන්ම හොඳ ප්‍රති ඔක්සිකාරකයක්, පිළිකා නාශකයක් මෙන්ම ශරීරයේ දාහය නිවාලන ගුණයන්ගෙනුත් පිරුණු ඔසුවක් ලෙසත් හඳුන්වන්න පුළුවන්. එමෙන්ම තඹ වල ශරීරයේ විෂ නසාලන ගුණයක්ද සහිතයි.

ශරීරයට අවශ්‍ය ඇතැම් මූලද්‍රවය සංස්ලේෂණය කරගැනීමේ හැකියාව මිනිස් සිරුරට හැකියාව පවතිනවා. නමුත් තඹ මූලද්‍රව්‍ය එලෙස සංස්ලේෂණය කරගැනීමට මිනිස් සිරුරට හැකියාවක් නැහැ. ඒ නිසා ආහාරමය වශයෙන් හෝ වෙනත් අයුරකින් තඹ මූලද්‍රව්‍ය ශරීරය තුළට ගැනීම අපි අනිවාර්යයෙන්ම කළ යුතුයි.

මේ ආකාරයට තඹ මුලද්‍රව්‍ය ලබාගත හැකි ආහාර ලෙස මුහුදු ආහාර, මාංශමය ආහාර, ධාන්‍ය වර්ග( විශේෂයෙන්ම මෑ ඇට) , මයිසුර් පරිප්පු, කජු වර්ග, චොකලට්, අල වර්ග සහ තද කොළ පැහැති එලවළු වර්ග හැඳින්විය හැකියි.

එමෙන්ම තඹ බඳුනක ගබඩා කරන ලද ජලය වීදුරු 2-3 අතර ප්‍රමාණයක් දිනකට පානය කිරීමද සිරුරට අවශ්‍ය තඹ ප්‍රමාණය ලබාගත හැකි තවත් ලේසි ක්‍රමයක්.

ආයුර්වේදයට අනුව තඹ මුලද්‍රව්‍ය සහිත ජලය උදෑසන හිස් බඩ පානය කිරීම මගින් ආයුර්වේදයේ සඳහන් ත්‍රිදෝෂයන් සමබර ලෙස පාලනය කිරීමට උදව් වෙනවා.( කාප, වාත සහ පිත්ත) එමෙන්ම මෙමගින් පරිවෘත්තිය ක්‍රියා ක්‍රමවත් වන අතර විවිධ අවයවයන්ගේ නිසි ක්‍රියාකාරිත්වයත් ඇති කරගන්න පුළුවන්.

තඹ බඳුනක ගබඩා කළ ජලය පානය කිරීමෙන් ලබාගත හැකි හොඳම සෞඛ්‍යමය ප්‍රතිලාභ ලබාගැනීමට ඔබත් සුදානම් ද?

1. ජලය මගින් ව්‍යාප්ත වන රෝග වළක්වාගැනීමට

ජලය මගින් ව්‍යාප්ත වන රෝග ගණනාවක් සඳහා හේතු වන බැක්ටීරියා විනාශ කිරීමට තඹ වලට හැකියාව පවතිනවා. විශේෂයෙන්ම E.coli සහ S. aureus වැනි බැක්ටීරියා නිසා වැළඳෙන පාචනය, අතීසාරය සහ සෙංගමාලය වැනි රෝගී තත්වයන් වැළඳීම මේ මගින් වළක්වාගන්න පුළුවන්.

2011 වසරේදී Southampton විශ්වවිද්‍යාලය මගින් පැවැත්වූ අධ්‍යයනයකදී එම පර්යේෂකයන් සොයාගත්තේ නව E. coli බැක්ටීරියාවන් මර්දනය කිරීම සඳහා පවතින හොඳම ප්‍රතිකර්මයන්ගෙන් එකක් ලෙස තඹ හඳුනාගත හැකි බවයි. එමෙන්ම අපවිත්‍ර වූ ජලය පිරිසිදුකරණයක් ලෙස හා රෝගකාරක විනාශකාරකයක් ලෙසත් තඹ යොදාගැනීම අතීතයේ පටන් සිදු කර තිබෙනවා.

ඉතින්, ඔබ පානයට ගන්නා ජලය අපවිත්‍ර බව ඔබට හැඟෙනවා නම් තඹ බඳුනක ගබඩා කර පානය කර බලන්න. එවිට ඔබට ඉතාම පිරිසුදු හා සෞඛ්‍යාරක්ෂිත ජලය පානය කිරීමට පුළුවන් වේවි.

2. ආහාර ජීර්ණ පද්ධතියේ සෞඛ්‍යාරක්ෂිත බව පවත්වාගැනීමට

ඔබ ආහාර ජීර්ණ පද්ධතියේ ආම්ලික ස්වභාවය එහෙමත් නැත්නම් පිත කියන තත්වයෙන් පීඩා විඳිනවාද? එහෙමත් නැත්නම් හැමතිස්සෙම බඩේ ගෑස් ද? එහෙමත් නැත්නම් මලබද්ධය හෝ ආහාර නොදිරවිම වැනි රෝගී තත්වයකින් පීඩා විඳිනවාද?  මේ තත්වයන්ගෙන් ඔබ මුදවාලීමට තඹ වලට හැකියාව පවතිනවා. ඔබේ උදරයේ ඇති විෂ ඉවත් කර උදරය ශුද්ද කිරීමටත් එමගින් අපද්‍රව්‍ය සහ හානිකර කොටස් නිසි ලෙස ඉවත් කිරීමටත් තඹ උදව් වෙනවා. එමෙන්ම තඹ මගින් වකුගඩු සහ අක්මාව ආශ්‍රිත ක්‍රියාවලීන් ක්‍රමවත් කරන අතර එමගින් ආහාර වල ඇති පෝෂණ ද්‍රව්‍ය නිසිලෙස අවශෝෂණය කරගැනීමටත් සහය ලබා දෙනවා.

තඹ මගින් උදරය ආශ්‍රිත ඕනෑම ආසාදනයකට සහනය ලබා දෙන බව අතීතයේ පටන් පිළිගෙන තිබෙනවා.

සෑම උදෑසනකම තඹ බඳුනේ ගබඩා කරන ලද වතුර වීදුරුවක් හිස්බඩ පානය කිරීමෙන් ඔබේ ආහාර ජිර්ණ පද්ධතිය ක්‍රමවත් ක්‍රියාකාරීත්වයකින් යුතුව පවත්වාගැනීමට හැකි වේවි.

3. ඔබේ සිරුරේ බර අඩු කර ගැනීමට

ඔබේ ආහාර ජීර්ණ පද්ධතියේ නිසි ක්‍රියාකාරීත්වයත් උදව් කරගෙන තඹ මුලද්‍රව්‍යයට ඔබේ සිරුර මහත් කරන මේද සෛල ඛණ්ඩනය කිරීමට සහ ඉවත්කිරීමට හැකියාව පවතිනවා. මේ නිසා ඔබට ඔබේ සිරුරේ හැඩය මනාව පවත්වාගැනීමටත් අනවශ්‍ය  මේදය ඉවත් කිරීමටත් හැකියාව ලැබෙනවා.

ඇත්ත වශයෙන්ම, ඔබේ සිරුරේ බර වැඩි කරන ඇල්කොහොල්, කැෆෙන් අඩංගු පාන වර්ග, සීනි සහිත පානයන් සහ සෝඩා වර්ග වෙනුවට තඹ බඳුනක ගබඩා කළ ජලය පානය කිරීම ඉතාම හිතකරයි.

කෙසේ වෙතත් ඔබේ බර අඩු කරගැනීමට ඔබේ සම්පුර්ණ ආහාර වේල් ගැන අවධානය යොමු කළ යුතු අතර සෞඛ්‍යයට හිතකර ව්‍යායාම කිරීමද කළ යුතුම වෙනවා.

4. හදවතේ ක්‍රියාකාරිත්වය මනාව පවත්වාගැනීමට

මෙම අංශුමාත්‍ර මුලද්‍රව්‍යය ඔබේ හෘදයේ කන්තුකවාහිනී පද්ධතියේ නිසි ක්‍රියාකාරිත්වයට උදව් වන අතර හෘදරෝග වළක්වාලන ප්‍රධාන සාධකයක් ලෙස ක්‍රියා කරනවා. ඒ වගේම තඹ මුලද්‍රව්‍යය මගින් ඔබේ රුධිර පීඩනය (Blood Pressure) නිසි ආකාරයට පවත්වාගන්නා අතර හදවත ගැහෙන රිද්මය නියමිත පරිදි පවත්වාගැනීමටත් උදව් වෙනවා. එමෙන්ම මෙමගින් සිරුරට අහිතකර කොලෙස්ටරෝල් සහ ට්‍රයිග්ලිසරයිඩ් මට්ටම අඩු කිරීමටත් දායක වෙනවා.

2005 දී European Heart Journal හි අධ්‍යයනයකින් සනාථ කර තිබුනේ මිනිස් සිරුරේ යහපැවැත්මට මෙන්ම සමස්ත හදවත් සෞඛ්‍යය නිසි ආකාරයෙන් පවත්වා ගැනීමට තඹ උදව් වන බවයි.

ඒ වගේම තඹ මගින් ඔබේ හදවතේ ධමනි ආශ්‍රිතව අමතර ද්‍රව්‍ය තැන්පත්වීම වළකාලමින් හදවත පුරා රුධිර සංසරණය ක්‍රමවත් කරනවා. අනෙක් අතට තඹ හිඟ වීමෙන් ඔබට කොලෙස්ටරෝල්, රුධිර පීඩනය, homocysteine තත්වය සහ යුරික් ඇසිඩ් තත්වය වැඩි වෙන්න පුළුවන්.

ඔබත්  හෘද රෝග අවදානමකින් පසු වෙනවා නම් ඔබේ හදවත් සෞඛ්‍යය වැඩි කරගැනීමට තඹ බඳුනක ගබඩා කළ ජලය පානය කරන්න අදම පටන් ගන්න.

5. සෞඛ්‍යාරක්ෂිත සමක් ලබාගැනීමට

ඔබේ ඇස්වල වර්ණය, හිසකෙස් සහ සමේ වර්ණය නිර්ණය කරන මෙලනින් නිපදවීම සඳහා දායක වන ප්‍රධාන සංඝටකය වන්නේ තඹයි. හිරු කිරණින් ආරක්ෂා වීමට සහ තුවාල ඉක්මණින් සුව වීම සඳහාත් සමේ ලප කැළැල් ඉවත් කිරීම සඳහාත් මෙලනින් දායක වෙනවා.

එමෙන්ම සමේ ඉහළ ස්ථරයේ සෛල අලුතින් නිපදවීම සඳහාත් එමගින් ඔබේ සම සිනිඳු හා කැළැල් වලින් තොර කිරීමටත් දායක වෙනවා.

ඇත්තෙන්ම තඹ සහිත ජලය පානය කිරීමෙන් ඔබේ සමේ සුදු ලප ඉවත් කරගැනීමටත් පුළුවන්.

6. සිරුරේ ලේ අඩුකම වළක්වාලීම සඳහා

ඔබේ සිරුරට යකඩ අවශෝෂණය කරගැනීම සඳහා තඹ මුලද්‍රව්‍යය උපකාරී වන අතර එමගින් ඔබට නීරක්තිය හෙවත් ලේ අඩුකම වැළඳීම වළක්වාවී. ඇනිමියාව හෙවත් නීරක්තිය පවතින විට ඔබේ රුධිරයේ රතු රුධිරාණු ප්‍රමාණය අඩු වන අතර රුධිරයේ තිබිය යුතු හිමොග්ලොබින් ප්‍රමාණය සාමාන්‍ය මට්ටමට වඩා අඩු වෙනවා.

සිරුරේ දුර්වලකම, වෙහෙසකාරීබව, අසාමාන්‍ය සහ ඉක්මන් හෘද ස්පන්දනය සහ සුදුමැලි සම මෙම රෝගී තත්වයේ රෝග ලක්ෂණ වෙනවා.

ඔබට නීරක්තිය පවතිනවා යැයි සිතෙනවා නම් යකඩ බහුල අහාර ගැනීම හෝ ඔබේ වෛද්‍යවරයා නිර්දේශ කරන යකඩ අතිරේකයන් ගැනීම සිදු කරන්න පුළුවන්. ඒ වගේම තඹ බඳුනක ගබඩා කළ ජලය පානය කිරීම මගින් ඔබ ලබාගත යුතු තඹ ප්‍රමාණය වැඩි කරගැනීමද යකඩ අවශෝෂණය වැඩි කරගැනීමට හොඳ ක්‍රමයක් ලෙස හඳුනාගන්න පුළුවන්.


අතර්ජාලයෙන් උපුටා ගැනීමකි



No comments:

Powered by Blogger.