Header Ads

අනාගතේ බේරගන්න..අහවල් එකට “ගම්ම්රිස් පිඹින්න“


 අනාගතේ බේරගන්න..අහවල් එකට “ගම්ම්රිස් පිඹින්න“



අපි අද කථා කරන්න යන්නේ ටිකක් ආන්දෝලානාත්මක කථාවක්. ඒත් ප්‍රශ්න තියනවා නම් මම ඕනෙම ප්‍රශ්නෙකට පිළිතුරු දෙනවා.
අපි එහෙම නොකලොත් මේ වටිනා දේවල් කාලයත් සමඟ වැලලිලා යනවා නිසැකවම. මේ මාතෘකාවට අදාල ප්‍රකාශය ගොඩක් වෙලාවට ඔබ ගම්වලදි, කතාබහ වලි අහලා ඇති. ඒත් ගොඩක් අයට මේ කතාවේ නිවැරදි අර්ථය සහ වැදගත්කම

මෙන්න මේක තමයි මගේ අරමුන වෙන්නේ, අපි මේ සමාජය තුල අපේ දැනුම තියන විෂය හදුන්වා දෙන්න ඕනෙ. නමුත් ආයුර්වේදය වගේ විෂයක් ගත්තම ඒක විනාශ වෙලා තියන තරමට නැවත ගොඩ නඟන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ අපිට එනවා. මිනිසාට බැරි දෙයක් තියනවද? අපි කැලේ ගල් ගුහාවල ඉදල මේ තැනට දියුණු උනා නම් ඇයි අපිට බැරි මේක කරන්න. මම විශ්වාස කරනවා අපි සාකච්ඡා කරලා විවේචන වලට පිළිතුරු දීල තමයි ඉදිරියට යා යුත්තේ කියන එක.

දැන් අපි බලමු මොකක්ද මේ ගම්මිරිස් කථාව. මේක ලැජ්ජ හිතෙන කතාවක්වත්, කුණුහරුප කතාවක්වත් නෙවෙයි.

ඉස්සර (ගොඩක් කල් නෙමේ අපි කුඩා කාලෙත් මට මතකයි මෙහෙම කරනවා.)
ඉපදුණු ගමන් කුඩා පිරිමි දරුවො නාවද්දී ඔවුන්ගේ ලිංග ප්‍රදේශයට එම නාවන කෙනා, ගම්මිරිස් ඇට ටිකක් හපලා කටින් පිබිනවා.

නියමෙට තියෙන්න ඇති නේද???????? දුම් දානවා ඇති නේද..

ඒත් ඇයි මෙහෙම කරන්නේ.

ඔබ දන්නවද් ලෝකයේ තියන අද වැඩිපුරම වේගයෙන් පැතිරෙන මාරන්තික නොවන බෝ නොවන රෝග අතරින් එකක් වන පුරුෂ මඳසරුභාවය ගැන. මේක අද ඉතා වේගයෙන් පැතිරෙනවා පුරුෂයන් අතර. මේක නිසා ලක්ෂ ගාණක් පිරිමි බොහොම දුක්විඳිනවා.

මේ රෝගය ඇති කරන හේතූන් අතර එක් හේතුවක් තමයි, කුඩා පිරිමි ලදරුවන්ගේ කෝෂ තුලට වෘෂණ ඇතුළු නොවීම. (undescended testicles). මේ සාමාන්‍යයෙන් දැන්නම් බහුල රෝගයක් බවට පත්වෙලා ඉවරයි.

ඕනෙම පිරිමි දරුවෙක් උපදින විට එයාගේ වෘෂණ තියන්නේ උදර කුහරය තුල. ඉපදිලා යම් කාලයකදී වෘෂණ, "වෘෂණ කෝෂය" තුලට ඇතුලු විය යුතුයි. (යම් ප්‍රතිශතයකට ) එහෙම නොවීම අද ලෝකයට ප්‍රශ්නයක් වෙලා තියනවා. මේ වගේ අයට දරුවන් හැදීමේ හැකියාව අඩුයි. ඒ කියන්නේ ඉතින් පොඩිකාලෙම මේක හොඳකරගත්තේ නැතිනම් වැඩේ අමාරුයි.

මේකෙදි කරන්නේ අවුරුදු හත වෙන්න කලින් කුඩා ශල්‍ය කර්මයක් කරලා වෘෂණ නියම පිහිටීමට ගැනීම. නමුත් නිසි විදියට මේ දේ නොකලොත් දරුවා පුරුෂ මඳසරුභාවයට පත් වීමේ ඉඩක් තියනවා. මේකෙ තියන අනතුර මෙතනින් නවතින් නැහැ. වැඩිහිටි වියට පැමිණිලාත් මෙහෙම තිබුනොත්, හෝමෝනවල ඇතිවන වෙනස්කම් නිසා ඔහු පූර්ණ නිසරුභාවයට උවත් පත් වීමට ඉඩ තිබෙනවා.

කෙසේ හෝ මේ තත්වයට ශල්‍ය කරමය සිදු නොකර සිටීමෙන් අනාගතයේ යම් දවසක ඔහුට පිළිකාවක් උවත් වැලදීමේ සම්භාවිතාවක් ඇති වෙනවා. මේක ඉතා නරක තත්වයක්.

නමුත් ඔබ දන්නවද අපේ පැරන්නෝ මේ දෙවල් දැනගෙන සිටියා විතරක් නෙමේ මෙවැනි තත්වවලට නිසි පිළියම් පවා දැන සිටියා.

ඔය ගම්මිරිස් පිඹීම තමයි පිලිතුර.

එතකොට කොහොමද එහෙම වෙන්නේ කියන ප්‍රශ්නේ දැන් අපිට එනවා එහෙම නේද?

ඔව් ඒක ඉතාම සරල තත්වයක් මම මෙහෙම කියන්නම්, ඔබ දන්නවද?

ගම්මිරිස් කියන්නේ ආයුර්වේද භාෂාවෙන් කියනවනම් ඉතා තීක්ෂ්ණ ද්‍රව්‍යයක් ඒ කියන්නේ උත්තේජක ගුණ මෙහි තියනවා. තවත් මෙහි තිබෙන විශේෂම ගුණයක් තමයි, ශරිරයේ තිබෙන පේශීවල සංකෝචන වාර ගනන වැඩි කිරීම හෙවත් වේගයෙන් පේශී ක්‍රියා කිරීමට සැලැස්වීම. මේ නිසා ගම්මිරිස් වලින් වෘෂණ කෝෂයේ පේශී වේගයෙන් කියාත්මක වීම නිසා ඇතිවන පීඩනය ( මේ වෙනකොට වෘෂණය හිස් කෝෂයක් පමනක් නිසා) මගින් අර උදර කුහරයේ තිබෙන වෘෂණ, වෘෂණ කෝෂය තුලට පැමිණීම වේගවත් කරනවා.

මේ විදියට දින ගනනාවක් කරත්දි මේ ක්‍රියාවම ලොකු උදව්වක් වෙනවා කෝෂය තුලට වෘෂණ ගමන් කිරීමට. ඒ කියන්නේ අර අපි කියපු රෝග තත්වය මඟහැරගන්න මේක උදව් වුනා කියන එක නේද?

අපි මේ දැණුම ඇයි දැන් පාවිච්චි නොකරන්නේ?

මේක කවද හරි සුද්දෝ පරීක්ෂන කරලා ගම්මිර්ස් ක්‍රීම් එකක් හදලා ලංකාවට එව්වොත් අපි පැනලා කරයි නේද?

එහෙනම් අපි මේවා සුද්දන්ට කියලා දෙමුද ඉක්මනට ?


එතකොට මේ ලෝකෙ මෙවැනි රෝග වලට උදව්වක් වෙයි නේද? අපේ පැරැන්නෝ වැඩකලේ ආවට ගියාට නෙවෙයි. ඉතින් ඒක නිසා ඕනම කෙල්ලෙක්ට අයිතියක් තියනවා බඳින්න කලින් මේ ගම්මිරිස් කතාව අහලා බලන්න. නැත්නම් ඉතින් අවුල්නේ..


අතර්ජාලයෙන් උපුටා ගැනීමකි



No comments:

Powered by Blogger.