Header Ads

අංක විද්‍යාවෙන් නැතිවෙච්ච දෙයක් සොයාගන්න මෙන්න විශ්මිත ක්‍රමයක්


අංක විද්‍යාවෙන් නැතිවෙච්ච දෙයක් සොයාගන්න මෙන්න විශ්මිත ක්‍රමයක්



නිමිති බැලීම, අංජනම් එළි බැලීම ඕනිම නැහැ
නිසි අයුරින් භාවිත කරන්නේ නම් මෙයින් ලැඛෙන ප්‍රතිඵලය 90%ක් පමණ නිවැරැදි බව අත්දැක තිබේ.


භාණ්ඩයක් හදිසියේ නැති වූයේ නම් එයට කුමක් වූයේ දැයි දැනගැනීමට නිමිති බැලීම, අංජනම් එළි බැලීම මෙන්ම පළි ගැසීමද කිරීමට අපි පුරුදුව සිටිමු. ඒ සඳහා අංක විද්‍යාවේ පිහිට ලබාගත හැකි බව ඔබ නොදැන සිටින්නට ඇත. මෙය මුදල් අයකොට හෝ සත්‍යය පරීක්ෂා කිරීම සඳහා කරන්නේ නම් ප්‍රයෝජනයට ගත නොහැකි බව මුලින්ම සඳහන් කරමි.

ඔබේම හෝ ඔබ දන්නා හඳුනන අයකුගේ යම් භාණ්ඩයක් නැතිවීමෙන් පසුව සොයා ගැනීමට අපහසු වී නම් ඒ තැනැත්තාට ඔබ ඉදිරියේ නැඟෙනහිර දිශාව බලා වාඩි කරවා ගන්න. ඉන් පසුව ඉෂ්ට දේවතාවා සිහිපත් කොට කාරණය සත්‍ය ලෙස ඉටු වේවායි ප්‍රාර්ථනා කරමින් දෑස් පියාගෙන සිත එක`ග කොට ප්‍රශ්නය පිළිබඳව හොඳින් සිතන්න. කඩදාසියක් හා පෑනක් හෝ පැන්සලක් ගෙන සිතට එන ඉලක්කම් එහි සටහන් කරවා ගන්න. මේ ආකාරයෙන් 0 සිට 9 දක්වා වන සංඛ්‍යාවන්ගෙන් කැමැති ආකාරයට සටහන් කරගන්න. එක් අංකයක් දෙතුන්වරක් හෝ යෙදීමේ වරදක් නැත. අංක ලිවිය යුත්තේ සිතට නැගෙන ආකාරයට මිස පිළිවෙළින් නොවේ. දැන් ඒ අංක සියල්ල එකතු කොට එයට 1 (එකක්) එකතු කරන්න.

මේ උදාහරණය හොඳින් අවබෝධ කරගන්න.

ලියන ලද අංක 3, 8, 1, 5, 1, 2, 3, 7, 5 නම් සියල්ල එකතු කළ විට ලැඛෙන උත්තරය 35 වේ. පෙර සඳහන් කළ ආකාරයට එයට එකක් එකතු කළ පසුව උත්තරය 36කි.

දැන් පහත පෙනෙන පිළිතුරු අතරින් අංක 36ට හිමි කුමක් දැයි බලන්න.

එහි දහන් වන්නේ zඔබේ සේවකයාගෙන් විමසන්නZ යනුවෙනි. එසේනම් නැති වූ භාණ්ඩය පිළිබඳව සේවකයා හෝ වෙනත් වැඩ කරන පුද්ගලයකු දැන සිටියි.

ලැබුණු අංකය අනුව පිළිතුර මෙසේය

01. භාණ්ඩය කාමරයේ සුදු රෙද්දක් ඇති ස්ථානයක වැටී තිබේ.

02. මුළුතැන් ගෙයි උපකරණ ඇති ස්ථානයක එය තිබේ. සේවකයකු සිටින්නේ නම් ඔහුගේ උපකාර ලබාගැනීම සුදුසුය.

03. පොත් හෝ පුවත්පත් ඇති ස්ථානයේ නොතිබේ නම් මාර්ගේ වැටී ඇත.

04. භාණ්ඩය නැති වූයේ නැත. ඔබ තැබූ ස්ථානයේම එය තිබේ. යළි තැබූ ස්ථානය සිහිපත් කොට එහි බලන්න.

05. ඇඳුම් එල්ලන රාක්ක අසල සොයා බලන්න.

06. වැරැන්ඩාවේ, ඉස්තෝප්පුවේ හෝ තරප්පු පෙළ අසල හෝ නිවෙසේ යන එන තැනක තිබේ.

07. කාන්තාවක විසින් සොරකම් කරනු ලැබ ඇත.

08. ලාච්චුවල හෝ අල්මාරියේ සොයා බලන්න.

09. කලිසමේ හෝ කමිසයේ හෝ වෙනත් ඇඳුම්වල සාක්කු තුළ සොයා බලන්න.

10. කාමරයක තිබේ. සොයා බැලුවහොත් දැකගත හැකිය.

11. භාණ්ඩය නැති වී නැත. නාන ස්ථානයේ හෝ ඒ අවට ස්ථානයක තිබේ.

12. නැති වූ භාණ්ඩය ප්‍රවේසම් සිහිතව තිබේ. වැඩක යෙදී සිටි ස්ථානයේ බලන්න.

13. ඔබේ ඔරලෝසුව තැබූ ස්ථානය පරීක්ෂා කරන්න.

14. සොයා ගැනීමට අපහසුය. කුණු බාල්දියේ හෝ කුණු දමන ස්ථානයේ සොයා බලන්න.

15. අනවශ්‍ය ද්‍රව්‍ය හා උපකරණ තබන ස්ථානයේ සොයන්න.

16. බිරියගේ/ සැමියාගේ ආධාරය ඇතිව මුළුතැන් ගෙයි සොයා බලන්න. භාණ්ඩය හමුවේ.

17. අල්මාරි, ලාච්චු හා වටිනා භාණ්ඩ ආරක්ෂිතව තබන පෙට්ටි පරීක්ෂා කරන්න.

18. භාණ්ඩය ඇඳුම් අතර සැ`ගවී තිබේ.

19. අපරීක්ෂාකාරීව යම් ස්ථානයක තබා ඇත. වතුර ගලා යන කානු හා පාපිස්නා යට පරීක්ෂා කරන්න.

20. බෑග්, පෙට්ටි, ගමන් මලු ආදිය පිරික්සන්න.

21. කොරිඩෝව හා නිවෙසට ඉතා නොදුරින් ඇති කුඩා පාරවල් සෝදිසි කරන්න.

22. උස් ස්ථානයක භාණ්ඩය තිබේ.

23. නාන කාමරයේ, වැසිකිළියේ හෝ කිළිටි රෙදි අතර සොයා බලන්න.

24. භාණ්ඩය ආරක්ෂිතව තිබේ. පසුව හමුවනු ඇත.

25. ඉක්මනින් ඔබේ වටිනා ලියකියවිලි අතර බලන්න. එසේ නොකළහොත් නැවත ආපසු නොලැබේ.

26. පවුලේ සාමාජිකයකු විසින් ආරක්ෂිතව තබනු ලැබ ඇත. ඔවුන්ගෙන් විමසන්න.

27. ඔබේ වාහනයේ හෝ ගමන් කළ වාහනයක හෝ ගරාජයේ තිබේ.

28. භාණ්ඩය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති හෙයින් අදහස අත්හරින්න.

29. භාණ්ඩය දෙන ලද්දේ කාටදැයි අමතක වී තිබේ. නැවත සිහිපත් කරන්න.

30. දරුවන්ගෙන් විමසන්න. සමහර විට ඔවුන් ක්‍රීඩාව සඳහා එය ගන්නට ඇත.

31. නාන කාමරයේ හෝ බිම පිරිසුදු කරන ලද ස්ථානය සොයා බලන්න. එහි තිබී නැති වූ භාණ්ඩය හමුවේවි.

32. කොරිඩෝව හෝ කොරිඩෝවට පිවිසෙන මාර්ග පිරික්සන්න. එය වෙනත් ද්‍රව්‍යයක් සමග කලවම් වී තිබේ.

33. ඇඳුම්වල නැමි පරීක්ෂා කරන්න.

34. මුළුතැන් ගෙයි ළිප හෝ ඒ අවට සොයා බලන්න.

35. නැති වූ භාණ්ඩය නාන කාමරයට යාබද කාමරයේ තිබේ.

36. සේවකයන්ගෙන් හෝ නිවෙසහි නැවතී සිටි අයගෙන් විමසන්න.

37. මිදුලේ හෝ කාමරවල සොයන්න.

38. ජලය හෝ ද්‍රව අඩංගු භාජන තුළ සොයන්න.

39. ලාච්චුවක හෝ ද්‍රව අඩංගු භාජන තුළ සොයන්න.

40. පොත් හෝ ඇඳුම් අතරේ නැති වූ භාණ්ඩය පරීක්ෂා කරන්න.

41. තරප්පුවට යාබද ස්ථාන බලන්න. එය හමුවේවි.

42. සේවකයන්ගේ හෝ පදිංචි වෙනත් අයකු සතු භාණ්ඩ අතරේ සොයා බලන්න.

43. ගරාජයේ හෝ කුණු රොඩු දමන ස්ථානයක එම භාණ්ඩය තිබේ.

44. තෙල් වර්ග තබන ස්ථානය සෝදිසි කරන්න.

45. තේ කෝප්ප හෝ කාමර ඛෙදා ඇති ස්ථානවල බලන්න.

46. ඔබ සම`ග සේවය කරන අයගෙන් හෝ හවුල්කරුවන්ගෙන් විමසන්න.

47. සේවකයකු විසින් හෝ නිවෙසට පැමිණෙන තැනැත්තකු විසින් සොරකම් කර ඇත.

48. ළිඳ අසල හෝ ජලය ලබාගන්නා ස්ථානයේ භාණ්ඩය සොයා බලන්න.

49. නැති වූ භාණ්ඩය ඔබට ලැඛෙන්නේ නැත.

50. පෙට්ටි, කුඩා භාජන හෝ සූට්කේස් හෝ වැනි ස්ථාන පරීක්ෂා කොට උත්සාහ කරන්න.

51. නාන කාමරය හෝ නාන ස්ථානය අවට බලන්න.

52. බිරියගෙන් හෝ සැමියාගෙන් හෝ ඇගේ ඥාතීන්ගෙන් හෝ විමසන්න.

53. ඔබේ භාණ්ඩය යම් කිසිවකු විසින් සොරකම් කරනු ලැබ ඇත. ඔහු බිය ගැන්වීමෙන් එය ආපසු ලබාගත හැකිය.

54. ළමුන් ක්‍රීඩා කරන ස්ථානය සෝදිසි කරන්න. ඔබට භාණ්ඩය ආපසු ලැබේවි.

55. වතුර බැස යන කානු පරීක්ෂා කරන්න.

56. කලින් ගිය ස්ථානයකට නැවත ගොස් බලන්න.

57. ක්‍රීඩා කළ ස්ථානයේ හෝ උපකරණ හා ආයුධ තබා ඇති ස්ථානයේ සෝදිසි කරන්න.

58. භාණ්ඩය සොරකම් කිරීම සඳහා දෙදෙනකු හවුල් වී තිබේ. ආපසු ලබා ගැනීම දුෂ්කරය.

59. පවුලේ වැඩිමහල් පුද්ගලයාගෙන් විමසන්න.

60. එය කිසි දිනක ආපසු නොලැඛෙන හෙයින් අමතක කිරීම සුදුසුය.

61. බිත්තිය අසල හා ආලින්දයේ බලන්න.

62. නැති වූ භාණ්ඩය සොයා ගැනීම අපහසුය.

63. ඔබේ නැති වූ භාණ්ඩය යම්කිසි කාමරයක තිබේ. සොයා බැලුවහොත් ආපසු ලැඛෙනු ඇත.

64. ඔබේ භාණ්ඩය නැතිවී හෝ සොරකම් කරනු ලැබ ඇත. එහෙයින් අඳුරු ස්ථාන පරීක්ෂා කළහොත් ආපසු ලැබේවි.

65. නැතිවූ භාණ්ඩය සොයා ගැනීමට අපහසු වේ.

66. සේවකයන් දෙදෙනකු විසින් හෝ යම් කටයුත්තකට පැමිණි දෙදෙනකු විසින් සොරාගනු ලැබ ඇත. සොරාගේ අවයවයක ආබාධයක් තිබේ. ඔහුගෙන් විමසුවහොත් ආපසු ලබා ගත හැකිය.

67. නිවෙසෙහි සිටින කුඩා දරුවන්ගෙන් විමසන්න. භාණ්ඩය සොයාගැනීමට ඔවුන් උපකාර කරාවි.

68. මිදුලේ උස ස්ථානයක නැති වූ භාණ්ඩය තිබේ. වෙනත් අයකුගේ උපකාර ලබා ගන්න.

69. වත්තට ඇතුළුවන ප්‍රධාන ගේට්ටුව අවට සෝදිසි කරන්න. ඔබ මිතුරකුගේ හෝ ඥාතියකුගේ නිවෙසට යන ලද්දේ නම් ඒ නිවෙස්වල බලන්න. භාණ්ඩය ආපසු ලැබීමට බොහෝ ඉඩ ඇත.

70. ජලය ඇති ස්ථාන හා ඒ අසල පරීක්ෂා කරන්න.

71. මිදුලේ හෝ මේස මත බලන්න.

72. ජලය ඇතුළුවන හෝ පිටවන ස්ථාන අසල සොයා බලන්න.

73. නැති වූ භාණ්ඩය මේ වන විටත් ඔබේ නිවෙසින් බැහැර ගෙන ගොස් තිබේ. වහාම පොලිසියට පැමිණිලි කරන්න.

74. යම් පුද්ගලයකුට එම භාණ්ඩය හමුවී ඇත. සමහර විට ලැබීමට ඉඩ තිබේ. නොලැබී යන්නටත් පුළුවන.

75. වැඩුණු ළමයින් විසින් එය විනාශ කොට කඩා තිබේ. ආපසු ලැඛෙන්නේද ප්‍රයෝජනයට ගත නොහැකි ආකාරයෙනි.

76. මුළුතැන් ගෙය හා ගබඩා කාමරය පිරික්සන්න.

77. නිවෙසෙහි අවංක පුද්ගලයකු විසින් එය සොයා ගනු ලබයි.

78. නැති වූ භාණ්ඩය විනාශ කොට තිබේ. එහෙයින් සොයා ගැනීම අපහසුය. එහෙත් උත්සාහ කිරීමේ වරදක් නැත.

නිසි අයුරින් භාවිත කරන්නේ නම් මෙයින් ලැඛෙන ප්‍රතිඵලය 90%ක් පමණ නිවැරැදි බව අත්දැක තිබේ. ඔබේ සිතේ මතුවන සැකය පිළිතුර ලෙස ලැඛෙන්නට අවස්ථාව ඇති හෙයින් ඉහත පිළිතුරු කඩපාඩම් කිරීමෙන් වළකින්න. ප්‍රශ්නය අසන තැනැත්තාගේ සිතෙහි සැකයක් තිබේ නම් පිළිතුර එම සැකය වන හෙයින් ප්‍රශ්නය අසන විට අනුමාන පිළිතුරුවලින් සිත නිදහස්ව තැබීම ඉතා වැදගත්ය.


අතර්ජාලයෙන් උපුටා ගැනීමකි


No comments:

Powered by Blogger.