Header Ads

ඔබේ සිරුරට අවශ්‍ය ප්‍රෝටීන් ප්‍රමාණය අඩු වෙලානම් මෙන්න මේ ලක්ෂණ ඔබට දැක ගන්නට පුළුවන්


ඔබේ සිරුරට අවශ්‍ය ප්‍රෝටීන් ප්‍රමාණය අඩු වෙලානම් මෙන්න මේ ලක්ෂණ ඔබට දැක ගන්නට පුළුවන්


ප්‍රෝටීන් නමැති පෝෂ්‍ය පදාර්ථය අපේ සිරුරේ පෝෂණයට ඉතාම වැදගත් වෙනවා. එමගින් ශරීරයට අවශ්‍ය ශක්තිය ලබාදෙන අතර ශරීරය ප්‍රකෘතිමත් කර තෘප්තිමත් භාවයක් ලබා දෙනවා. ප්‍රෝටින්වල ඇමයිනෝ අම්ල අඩංගු වන අතර පේෂී වර්ධනයට වැදගත් වෙනවා. මිනිස් සිරුරේ නිසි ක්‍රියාකාරීත්වය සඳහා ඇමයිනෝ අම්ල 20 න් 11 ක්ම මිනිස් සිරුර තුළම නිෂ්පාදනය කරගත යුතු වෙනවා. ඒ අනුව පැහැදිළි වනවා අනෙකුත් ඇමයිනෝ අම්ල 9 ම ආහාර මගින් සිරුර තුළට ලබාගත යුතු බව.


ඔබ පහත සඳහන් ලක්ෂණ සහිත අයෙක් නම් ඔබේ සිරුරට අවශ්‍ය ප්‍රෝටීන් ප්‍රමාණය ඔබ ලබාගන්නේ නැහැ. එම තත්වය දරුණු සෞඛ්‍ය අවදානමක් දක්වා දුර දිග යා හැකියි.


නිතරම පවතින කුසගින්න.


ඔබ ප්‍රමාණවත් ප්‍රෝටීන් ප්‍රමාණයක් ආහාරයට ගන්නේ නැත්නම් ඔබට නිරතුරුවම පවතින කුසගින්නක් දැනෙනවා ඇති. ඔබට සරින් සැරේ අහාර ගැනීමට මේ නිසා සිදු වනවා ඇති. මේ ආකාරයට ඔබ නිතර අහාර ගැනීමට ගියොත් වැඩි කල් නොගොස් අධික තරබාරුව ඇති වී විවිධ අපහසුතාවන්ට මුහුණ දීමට වේවි.


නිරන්තරව ඇති වන මස්පි~ු වේදනාව


ඔබේ මස්පි~ුවලට ඉතා තියුණු වේදනාවක් නිතර නිතර දැනෙනවාද?  එසේත් නැතහොත් ඔබේ මස්පි~ුවලට අධික වෙහෙසකාරී බවක් දැනෙනවාද? මෙයට හේතුව ප්‍රෝටීන් මදිකම නිසා මස්පි~ු අධික ලෙස වෙහෙසීම නිසා ඇති වන තත්වයයි.


තුවාල සුව වීමට කල් ගත වීම.


සිරුරේ නව සෛල නිර්මාණය වීමට හා සම පහසුවෙන් පුනර්ජනනය වීමට ප්‍රෝටීන් ඉතාම වැදගත් සාධකයක්. මේ නිසා ඔබට ප්‍රෝටීන් හිඟතාවයක් තියනවා නම් ඔබේ තුවාල සුව වීමට වැඩි කාලයක් ගත වේවි.


ඔබට පවතින්නේ පහසුවෙන් කැඩී යා හැකි හිසකෙස් හා නියපොතුද? කොරල සහිත සමක්ද?


හිසකෙස් ගැලවී යාම වැඩි නම්, නියපොතු නිතර කැඩී යනවානම්, ඒ වගේම සම කොරල සහිත හෝ හමයන තත්වයක් සහිත නම් ඔබේ සිරුරට අවශ්‍ය ප්‍රෝටීන් ප්‍රමාණය නොලැඛෙන බව ඔබට හොඳින් තහවුරු කර ගැනීමට පුළුවන්.


සිරුරේ දියරමය ස්වභාවය ඉහළ යාම.


සිරුරේ දියර මට්ටම වැඩි නම් ඔබේ වළලූ‍කර සහ පාදයට මහත් අපහසුවක් දැනෙනවා ඇති. ඇතැම්විට වේදනාවක්ද දැනෙනවා ඇති. මේ තත්වයට ප්‍රධාන හේතුවක් වන්නේ ප්‍රෝටීන් හිඟකමයි.


නිතර වැළඬෙන අසනීප තත්වය


නිසි ආකාරයෙන් ක්‍රියාත්මක වන ප්‍රතිශක්තිකරණ පද්ධතියකට ප්‍රධාන දායකත්වය සපයනුයේ ප්‍රෝටීන් පදාර්ථයි. ඒ අනුව ප්‍රෝටීන් පෝෂ්‍ය පදාර්ථ අඩුවීම මගින් වයිරස් සහ බැක්ටීරියා අසාදන වලට එරෙහිව ඔබේ සිරුරේ ක්‍රියාත්මක වන ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය අඩපණ වෙනවා.


ඔබේ මානසික ඒකාග්‍රතාවය අඩුවීම


නිතරම ඔබේ මානසික ඒකාග්‍රතාවය සහ මානසික සහනය අඩු වනවා නම්  එය ප්‍රෝටීන් ඌණතාවයේ ලක්ෂණයක් ලෙස හඳුන්වන්න පුළුවන්.


සිරුරට අවශ්‍ය ප්‍රෝටීන් ප්‍රමාණය ප්‍රමාණවත් නොවීම ඕනෑම පුද්ගලයෙකුට ඇති විය හැකියි. මේ තත්වය මගහරවා ගැනීම සඳහා පවතින විසඳුම වන්නේ සමබර හා යෝග්‍ය අහරවේලක් ලබාගැනීමයි. නිසි පෝෂණ සත්කාරයක් ලබාගැනීමට නම් ඔබේ සිරුරේ බරෙන් රාත්තලකට 0.36 ට ක් බැගින් වන ප්‍රෝටීන් ප්‍රමාණයක් දිනකට ලබාගත යුතු වනවා. ඒ අනුව රාත්තල් 150 ක් පමණ බරකින් යුතු පුද්ගලයෙකු දිනකට ප්‍රෝටීන් ග්‍රෑම් 55 ක ප්‍රමාණයක් අහරවේලට එකතු කරගත යුතුයි.


හොඳම ප්‍රෝටීන් අන්තර්ගත ආහාරයන් ලෙස හැඳින්විය හැක්කේ බිත්තර, මස්, ඕට්ස්, පලතුරු, එළවළු, සෝයා සහ කිරි වර්ගයි. ඒ වගේම ඔබට ප්‍රෝටීන් වැඩිපුර ලබාගත හැකි අතිරේක ආහාරමය ද්‍රවයයන්ද තෝරාගත හැකියි. ආහාරමය වශයෙන් ප්‍රෝටීන් වැඩිපුර ලබාගැනීමෙන් ඉතා සාර්ථකව ඔබේ ප්‍රෝටීන් ඌණතාවය මගහරවා ගැනීමට කටයුතු කිරීම ඔබේ සෞඛ්‍යයට ඉතාම හිතකරයි.



පරිවර්තනයඳ කවිඳු හේවාගීගනගේ

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
 





No comments:

Powered by Blogger.