Header Ads

කොලෙස්ටරෝල් පාලනයටත්, හෘද රෝග වළක්වාලීමටත්, ආතරයිටිස් දියවැඩියා රෝගය පාලනයට මෙන්න ළුණු වලින් විශ්මිත ඔසුවක්.


කොලෙස්ටරෝල් පාලනයටත්, හෘද රෝග වළක්වාලීමටත්, ආතරයිටිස් දියවැඩියා රෝගය පාලනයට මෙන්න ළුණු වලින් විශ්මිත ඔසුවක්.


ළුණු යනු බොහෝ සෞඛ්‍ය ගැටලූ‍වලට ස්වභාවික ප්‍රතිකාරයකි. දැඩි වමනය තත්වයට ඉතාම හොඳ ප්‍රතිකර්මය වන්නේ රතු ළුණුය.  එමෙන්ම ප්‍රතිශක්තිකරණ පද්ධතිය වැඩිදියුණු  කළ හැකි සාමාන්‍ය ප්‍රතිජීවකයක් ලෙසද එය සැලකේ.


ළුණු Aකකසමප කුලයට අයත් වන අතර මේ කුලයේ ශාකවල සල්ෆර් මුලද්‍රව්‍යය ස්වාභාවිකවම අඩංගු වේ. මේ නිසා ප්‍රතිජීවක සහ විෂබිජනාශක ගුණයන්ගෙන් පරිපුර්ණ ආහාරයක් ලෙස ළුණු හඳුන්වන්න පුළුවන්. රතුළුණු ප්‍රතිඔක්සිකාරක ගුණයෙන්ද ඉහළ වන අතර මේ නිසාම ශරීරයට ආගන්තුක විෂබීජ වැනි ද්‍රව්‍යයන් සමග සටන් කිරීමට හැකියාව ලබාදෙනවා.


තවද රතුළුණු යුෂවල ඇති සෙම තත්වය ඉවත් කරන ගුණය නිසා ශ්වසන අපහසුතාවලට ද ඉතා හොඳ ප්‍රතිකාරයක් ලෙස සැලකේ. එපමණක් නොව කොලෙස්ටරෝල් තත්වය පාලනය කිරීමට, හෘදරෝග වළක්වාලීමට, ආතරයිටිස්  මෙන්ම දියවැඩියා රෝගය පාලනය කිරීමට ද රතුළුණුවල ඇති ත‍ක්ඩදබදසා හාසල්ෆර් සංයෝගයන් වැදගත් වෙනවා. මේ නිසා වසර දහස් ගණනක සිට පිළිගත් ඖෂධයක් ලෙස රතුළුණු,  ප්‍රතිකාරයන් සඳහා භාවිත කර තිඛෙනවා.




ළුණු භාවිත කළ හැකි ක්‍රම


හෘද සංකුලතාවයන් වලින් මිදීම සඳහා - රතුළුණු ගෙඩියක් පොල්තෙල් සමග අඹරා ගන්න. පසුව එම මිශ්‍රණය පපුවේ ආලේප කර, පසුව අත්පිස්නාවකින් වසන්න. ඉන් පසුව එයට උඩින් කමිසයක් හෝ වෙනත් ඇඳුමක් වුව ද ඇඳගත හැකිය.


උදර වේදනාවන් සඳහා (කුඩා දරුවන්ගේ උදරාබද සඳහා වෙරෝකියානු ඉන්දීය වට්ටෝරුවක්) - කපාගත් ළුණු ස්වල්පයක් වතුරත් සමග උණුකර නටවාගන්න. පසුව එම මිශ්‍රණය නිවෙන්නට හැර වතුර බේරාගන්න. එම බේරාගත් වතුරෙන් තේ හැඳි එක බැගින් සෑම පැයකටම වරක් දරුවාට පොවන්න. මෙම ප්‍රතිකාරය දරුවාට සහනයක් ලැබූ බව පෙන්වන තෙක් සිදු කළ යුතුය.


කන් කැක්කුම/ ආසාදනය - හීනියට කපාගත් රතුළුණු ස්වල්පයක් තුනී මේස්එකකට දමා එම මේස්එක පොට්ටනියක් මෙන් හොඳින් ගැට ගසන්න. පසුව එය අසාදනය වූ කණ මත තබා මේස් එක නොවැටෙන සේ හිස්වස්මකට අමුණා හිස්වැස්ම දමාගෙන සිටින්න. වේදනාව අඩු වූ පසු ඉවත් කරන්න.


කැපුම් - ළුණුවල ඇති පාරදෘශ්‍ය තුනී පටලය නිසා සමේ ඇතිවන කැපුමකින් ලේ වහනය වීම ඉතා ඉක්මනින් නවත්වනවා. එමෙන්ම එය තුවාලයට විෂබීජනාශකයක් ලෙස ද ක්‍රියා කරනවා.


කැස්ස - තරමක් ලොකු ළුණු ගෙඩියක් පොතු ඇර දෙකට කපන්න. කපාගත් ළුණුවල කැපුණු මුහුණත්වල දුඹුරු සීනි මේස හැන්දක් බැගින් ආලේප කර පැයක් පමණ තබාගන්න. සීනි උරාගත් රසවත් ළුණු කැබලි දවසට දෙවරක් බැගින් ආහාරයට ගනිමෙන් කැස්ස සඳහා සුවයක් ලැඛෙනු ඇත.


උණ - ළුණු ගෙඩියක් තුනී පෙතිවලට කපාගන්න. ඒ අතරතුර යටිපතුල පොල් තෙල් වලින් පිරිමදින්න. පසුව කලින් කපාගත් ළුණු පෙත්තක් යටිපතුලේ කවාකාර පෙදෙසේ තබා හොඳින් සිටින සේ බැඳගන්න. අනතුරුව ළුණු පෙත්ත තැබූ යටිපතුල සහිත කකුලට මේස් එකක් දමා පුරා රයක් තිඛෙන්නට හරින්න. එමගින් ශරීරයේ ඇති විෂ සහ රෝගකාරක ළුණු පෙත්තට ඇදගැනීමට ඉඩ ලැබේ.


අවට වාතය පිරිසිදු කිරීමට - වයිරස් සහ බැක්ටීරියා සහිත වාතය පිරිසිදු කිරීම සඳහා නිවසේ තැනින් තැන තැටිවලට හෝ පිඟන් වලට ළුණු පෙති දමා තබන්න.


වමනය සඳහා - ලොකු ළුණු ගෙඩියක් ඉතා කුඩා කුඩු බවට පත්කරගන්න (ග්‍රේට් කරගන්න). එසේ කුඩු බවට පත් කරගත් ළුණු ටික දුහුල් කපු රෙද්දක ඔතා යුෂ බවට පත්වන තෙක් හොඳින් මිරිකාගන්න. මෙම යුෂ වලින් තේ හැඳි දෙකක් පානය කර විනාඩි 5 ක් සිටින්න. පසුව සීතකළ පෙපර්මින්ට් යුෂ තේ හැඳි දෙකක් පානය කරන්න. නැවතත් විනාඩි පහක් සිටින්න. රෝග ලක්ෂණ ඉවත්ව යනතෙක් මේ ආකාරයට මාරුවෙන් මාරුවට ළුණු යුෂ සහ පෙපර්මින්ට් යුෂ පානය කරන්න. වමනය තත්වය ඉතා ඉක්ම‚න් පහව යනු ඇති අතර ඔක්කාරය විනාඩි 15 ක් ඇතුළත ඉවත්ව යනු ඇත.


ළුණුවල ඇති අනෙකුත් ප්‍රයෝජන


මකුණන් විකර්ෂණය කිරීම සඳහා කැපු ළුණු ගෙඩියක් ඇෙඟ් ආලේප කරන්න.


ළුණු යුෂ තැවරීම ඔබේ හිසකෙස් වර්ධනය වැඩි කිරීමට හේතු වනු ඇත.


කාවන් වැනි කෘමින් විකර්ෂණය කිරීමට ළුණු යුෂ වැදගත් වනු ඇත.


රත්කරන ලද හා ශීතකරන ලද ළුණු යුෂ ඉසීමෙන් පැළෑටිවල සිටින පළිබෝධ ඉවත් කළ හැක.


යකඩ මල බැඳීම වැලැක්වීම සඳහා යකඩ මත ළුණු පෙත්තක් ඇතිල්ලීම කළ හැකිය.


තඹ සහ වීදුරු භාණ්ඩ ඔපදැමීම සඳහා ළුණු පෙත්තකින් අතුල්ලන්න.


සමේ දුඹුරු ලප මතුවීම වැලැක්වීමට කැපු ළුණු කෑල්ලක් සමේ ආලේප කරන්න.


ස්වදේශික ඇමරිකානුවන් විසින් වසර සිය ගණනක සිට සෙම්ප්‍රතිශ්‍යාව සහ උණ තත්වය සඳහා ප්‍රතිකාරයක් ලෙස ළුණු භාවිත කර ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය පවා ළුණුවලට කැස්ස, සෙම හිරවීම, බ්‍රොන්කයිටිස් සහ ශ්වසන ආසාදනයන් සුවපත් කිරීමට ඇති ශක්‍යතාවය පිළිගෙන ඇත.


ඉහත සඳහන්ව ඇති පරිදි අසනීපයන් ගණනාවක් සඳහා සුවය සැලසීම සඳහා ළුණුවලට ඇති හැකියාව වසර සිය ගණනක සිට තහවුරු වී ඇත. යහපත් සෞඛ්‍ය තත්වයක් පවත්වාගැනීම සඳහා ඉහත සඳහන් කළ ස්වභාවික ප්‍රතිකර්මයන් ඔබට රෝගයක් වැළඳුණුවිට හෝ වෙනත් අවශ්‍යතාවයන් වලට හෝ අනිවාර්යයෙන්ම භාවිත කරන්න.


පරිවර්තනයඳ කවිඳු හේවාගීගනගේ

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
 







No comments:

Powered by Blogger.